දකුණුදිග බ්‍රසීලයේ මත්කුඩු කල්ලි සාමාජිකයන් පිරිසක් අල්ලා ගැනීමට එරට පොලිසිය සමත් වුණු අතර, එම පිරිස බිම දිගා වී පොලිසියට යටත් වෙද්දී ඔවුන් සමඟ සිටි බල්ලා ද බිම දිගා වී පොලිසියට යටත් විය.
කොකේන් මත්කුඩු ජාවාරම්කරුවන් අල්ලා ගැනුණේ සැන්ටා කැටරිනා ප්‍රාන්තයෙනි.
යටත් වුණු බල්ලා ජාවාරම් කල්ලියේ ආරක්ෂාක සාමාජිකයා වූ බව ඩේලිමේල් පුවත් සේවය වාර්තා කර ඇත. ජාවාරම්කරුවන් සමඟ බල්ලා ද අත්අඩංගුවට ගැනිණ.
බ්‍රසීලියාහිදීය (ඩේලිමේල්)
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
හෙරොයින් ජාවාරමුන් සමඟ බල්ලෙකුත් සැකපිට
කෙවින් Friday, 10 April 2015 04:33 AM
මිනිසාගේ හොඳම මිතුරා, දුක සැප දෙකේදීම ඔබ එකවාගෙයි කියා ඔප්පු කර පෙන්නුවා. (ම)
චන්ද්‍ර වීරසිංහ Wednesday, 15 April 2015 09:04 PM
මේ බලු මහතාට විලි වසා ගැනීමට වස්ත්‍රයක් සපයා දෙන ලෙස බ්‍රසීල රජයෙන් අපි ඉල්ලා සිටිමු !! (නි)
රාජා Sunday, 12 April 2015 01:46 AM
බල්ලෝ මිනිසුන්ට බයවුණාම වඳින ඉරියව්වයි වැඩියෙන් කරන්නේ. බලු ෆයිට් වලදී නම් පැරදුනාම බඩ උඩදානවා. හැබැයි ඉස්සරහ අත් ඔහොම නැහැ. මේ ඉරියව්ව බොහොම වෙලාවට පෙනෙන්නේ හොඳට කාලා නිදියන බල්ලන්ගෙන්. ඇත්ත වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. හැබැයි හරිම ලස්සනයි (නි)
දිනේෂ් Sunday, 12 April 2015 12:15 AM
බල්ලාටත් ඇඳුමක් ඇන්ඳුවා නම් තමයි ලස්සන. (නි)
පුබුදු Saturday, 11 April 2015 12:54 PM
බල්ලටත් වැරැද්ද තේරිලානේ. උෟ ඉන්න විදියෙන්ම එ්ක පෙනෙනවා. ආදරෙන් හිටියොත් මේ සත්තු දුකේදීත් පිහිට වනවා (බ)
කුමාරි Saturday, 11 April 2015 12:16 PM
මට ගිරාපෝතකයින්ගේ කතා වස්තුව මතක් උනා.(බ)
චන්ද්‍ර වීරසිංහ Saturday, 11 April 2015 08:44 AM
බල්ලාට එරෙහිව චෝදනා ගොනුකිරීම බලු නීතිය අනුව නොකරන්නේ නම් අහිංසක බල්ලාට අගතියක් සිදුවන බව මම තරයේ ප්‍රකාශ කරන්නෙමි (නි)
උදේශ් Saturday, 11 April 2015 08:24 AM
තිරිසන් සතුන් වැරදි වලට යොදාගැනීම, පුහුණු කිරීම, දෙලොව විපාකදෙන පාපයක් (නි)
දුමින්ද Saturday, 11 April 2015 04:51 AM
නුඹට වුණ විපත - නිසා පාප මිතුරු ඇසුර (නි)
චන්ද්‍ර වීරසිංහ Saturday, 11 April 2015 03:57 AM
පිටිගල, එහෙත් එහෙමද? මෙහෙත් එහෙමමනේ !! (නි)
පිටිගල Friday, 10 April 2015 03:29 PM
එහෙත් නීතිය බල්ලට ගිහිල්ලා නම් බල්ලා වැරදිකරු වෙලා මිනිස්සු ටික නිදහස්වෙයි. (නි)
ලසන්ත Friday, 10 April 2015 03:18 PM
බල්ලාව දාන බන්ධනාගාරය මොකක්ද? (නි)
නෙත්මි Friday, 10 April 2015 05:55 AM
අසරණ බලු යාලුවේ, නුඹ නිදහස් වේවා! (බ)
කරුණාදාස Wednesday, 08 April 2015 06:45 PM
හරිම සුන්දර ඡායාරූපයක් (නි)
තරූ Friday, 10 April 2015 02:45 AM
අනේ පවු බලු යාළුවා! (නි)
රාජා Thursday, 09 April 2015 07:30 PM
පව් බලු කුක්කා! (නි)
චාමි Thursday, 09 April 2015 07:04 PM
අන්න බල්ලෝ! ඒකට ලංකාවෙ බල්ලෝ? කන්න දීපු එකාවමයි කන්නේ (නි)
කැළුම් Thursday, 09 April 2015 10:17 AM
දුකකදී මිතුරන් ඇත නොහරින කාලගුණ දන්නා සත්වයෙක් (ම)
නිෂාර්ඩ් Thursday, 09 April 2015 09:57 AM
බල්ලා වෙනුවෙන් පෙනී සිටින්නට බලු නීතිඥයෙක් ගන්ට වෙයි. (බ)
සමිර Thursday, 09 April 2015 08:06 AM
බල්ලන්ට ඉතින් නඩු දාන්න බෑනේ.(බ)
සමන් රත්නප්‍රිය Thursday, 09 April 2015 07:52 AM
මොනවා වුණත් මේ අහිංසක බලුරාළට නිදහස ලැබේවා!!! (නි)
වරුණ Thursday, 09 April 2015 06:37 AM
බ්‍රසිලේ එහෙම උනත් ලංකාවේ මෙහෙම වෙන්නේ නැහැ කියලා තමා කියන්න තියෙන්නේ..(ම)
රූපවතී Thursday, 09 April 2015 06:27 AM
බල්ලත් හොදට කුඩු බිස්නස් කරලා තියනවා වගේ ? පව් අසරණ බලු රාළ! (නි)
මොවින්ද Thursday, 09 April 2015 06:14 AM
බල්ලන්ටත් ගිය කලක් කිව්වාලු. (ම)
ඉනෝකා Thursday, 09 April 2015 03:33 AM
අනේ පව්! අහිංසක බලු රාළ. මොනවා වුණත් ලස්සන පින්තූරයක්. බල්ලන්ටත් තේරෙනවා හරි වැරදී. අනේ පව්..මට නම් ඌ ගැන දුකයි (නි)
ෂෙරිෆ් Wednesday, 08 April 2015 06:45 PM
නෙයිනගේ සුදුව මතක්වුණෘ මට (නි)