X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 11 වන සිකුරාදා


හොඳයි නරකයි දෙකම එක පෙත්තේ

හෘදයාබාධ ඇතිවීම වළක්වාගැනීමට භාවිතයට ගන්නා ඇස්ප්‍රීන්ම හෘදයාබාධ වැළැදීමටත් සාධකයක් වන බව ඇමරිකාවේ හාර්වර්ඩ් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයෝ පිරිසක් කියති.

ඇස්ප්‍රීන් ලොව ලක්ෂ ගණනක් දෙනා භාවිතයට ගන්නා ඖෂධයකි.එයින් මිනිස් සිරුරේ ඇති හෝමෝන කාණ්ඩයක් නිපදවීම පාලනය කරයි.

මෙම හෝමෝන කාණ්ඩය ආතතිය උද්දීපනය කිරීමට හේතු වන්නේ යැයි සොයාගෙන තිබේ.විද්‍යාඥයින් පවසන ආකාරයට ආතතිය හෘදයාබාධ ඇතිවීමේ අවධානම ඉහළ නංවන්නකි.

මෙනිසා හෘදයාබාධ අවධානම ඇති පුද්ගලයින්ට ඇස්ප්‍රීන් වෛද්‍යවරුන්ම නිර්දේශ කරන්නකි.

පර්යේෂකයින් පවසන්නේ මෙසේ ඇස්ප්‍රීන් හෘදයාබාධ අවධානම ඇති සෑම පුද්ගලයෙකුටම නිර්දේශ කිරීම සුදුසු නොවන්නේයැයි තම පර්යේෂණයෙන් සොයාගැනීමට හැකිවූ බවයි.

ඔවුන් පවසන ආකාරයට ඇතැම් පුද්ගලයින්ට ආතතිය උද්දීපනය කරනා හොමෝනයන් පාලනය කරන ජානයක් උත්පත්තියෙන්ම පිහිටා ඇත.මෙවන් පුද්ගලයින්ට ඇස්ප්‍රීන් ලබාදීම සුදුසු නොවන බව ඔවුහු කියති.

මෙම ජානය පවතින පුද්ගලයින්ට හෘදයාබාධ වැළැදීමේ අවධානම සියයට 35 ක් පමණ වන බවත් නමුත් මෙවන් පුද්ගලයෙක් ඇස්ප්‍රීන් භාවිතයට ගත්විගස මෙම ස්වභාවික ආරක්ෂක ක්‍රියාවලිය බිදවැටී හෘදයාබාධ වැළැදීමේ අවධානම සියයට 85 ක් පමණ දක්වා ඉහළ යන බවත් විද්‍යාඥ පිරිස පවසති.

මෙනිසා ඇස්ප්‍රීන් ලබාදීමට ප්‍රථමයෙන් එකී ජානය පිහිටා ඇත්දැයි මුල් කොටම සොයාබැලිය යුතුව ඇතැයි ඔවුන්ගේ අදහසයි.

මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකිරීමට නියමිතය.

හෘද රෝග අවධානමක් ඇති පුද්ගලයින්ට දැනට සිදුකෙරෙන්නාක් මෙන් නිකන්ම ඇස්ප්‍රීන් දෙනවාට වඩා විධිමත් ක්‍රියාපිටිපාටියකට ඔවුන්ව අධ්‍යනය කර සුදුසු නම් පමණක් ඇස්ප්‍රීන් ලබාදීමේ ක්‍රමවේදයක් ඇති කළ යුතුව ඇතැයි වෛද්‍ය විශේෂඥයින් පවා පිළිගන්නකි.



අදහස් (0)

හොඳයි නරකයි දෙකම එක පෙත්තේ

මාලි Tuesday, 29 July 2014 02:53 AM

බටහිර වෛද්‍ය විද්‍යාව ඔහොම තමයි ඕක හොද බිස්නස් එකක් විතරයි (නදී)

:       0       0

නැනී Tuesday, 29 July 2014 04:20 AM

මාලි, ඔබ හරියටම හරි. බටහිර බෙහෙත් වලින් රෝග සුව වෙනවා නොවෙයි. යටපත් කරනවා පමණයි. ඔය හදන්නේ තව අලුත් බෙහෙතක් මාර්කට් එකට දාන්න හදන පොතක්.(නදී)

:       0       0

ජයත් Wednesday, 30 July 2014 07:18 AM

ඔව් මාලි බටහිර විද්‍යාවට බැන අඬ ගහන එකත් සමහරුන්ගේ හොඳ බිස්නස් එකක් තමයි. නමුත් ඔයත් ඇතුළුව එයාල හැමෝම මේ ලෝකේ තාමත් ජීවත් වෙන්නේ බටහිර විද්‍යාවේ දැනුමෙන් ඒක අකමැත්තෙන් හරි පිළිගන්න වෙනවා. කාටකාටත් නැතුව ලෙඩක් හැදුනම නාත දෙවියෝ බෙහෙත් දෙන්නේ නැහැ දීලත් නැහැ (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site