X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 08 වන අඟහරුවාදා


හොර වැඩේ ලේසි නෑ

ඇමරිකාවේ රහස් තොරතුරු ඒජන්සිය දිනකට ජංගම දුරකථන කෝටි 500 කින් පමණ ලැඛෙන තොරතුරු එකතු කරන බව රහස්‍ය වාර්තාවක් ඔස්සේ කරළියට පැමිණ ඇත.

මෙම වාර්තා පසුගිය සමයේ මහත් ආන්දෝලනයකට තුඩු දුන් ඇමරිකා රහස් තොරතුරු ඒජන්සියේ සේවය කළ එඩ්වඩ් ස්නොව්ඩන්ගේ හෙළිදරව් කිරීම් හා සම්බන්ධය. රහස් තොරතුරු ඒජන්සිය මෙකී දුරකථන තොරතුරු එක්රැස් කරන්නේ කොතැන සිටද,ඒ සදහා භාවිතා කරන තාක්ෂණය කවරේද යන්න ගැනත් තොරතුරු එම වාර්තා වල සදහන් යැයි පැවසේ.

ඩිජිටල් ලෝකයේ කවර හෝ තොරතුරු හුවමාරු කර ගැනීමේ ක්‍රමවේදයක් භාවිතා කරන ඕනෑම පුද්ගලයෙකු තමන්ගේ අනන්‍යතාවය තැන් තැන්හි රදවා යනු ලබයි.ඇතැම් විට ඒවා ඉතා කුඩා ප්‍රමාණයේ තොරතුරු ගොනු විය හැක.රහස් තොරතුරු ඒජන්සිය සිදුකරන්නේ මෙම තොරතුරු ගොනු විශ්ලේෂණය කොට අදාළ පුද්ගලයාගේ සියලූම ක්‍රියාකාරකම් දක්වා කරුණු අනාවරණය කර ගැනීම බව මෙම වාර්තා වල සදහන් යැයි කියැවේ.

මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කර ඇති රහස් තොරතුරු ඒජන්සිය මෙසේ දුරකථන ඔස්සේ ලබාගැනෙන තොරතුරු එක්රැස් කරන්නේයැයි පිළිගෙන ඇත.නමුත් ඒසේ ඔවුන් එක් රැස් කරන්නේ ඇමරිකාවට පැමිණෙන විදේශිකයින්ගේ මිස ඇමරිකා ජාතිකයන්ගේ තොරතුරු නොවන බවත් පවසා තිබේ.

ත්‍රස්ත ක්‍රියාවන් වලට වැට බැදීමට මීට වඩා සුදුසු ක්‍රමවේදයක් නොමැති බව ඔවුන්ගේ අදහසයි.

මේ සම්බන්ධයෙන් ප්‍රකාශ නිකුත් කර ඇති මානව හිමිකම් සංවිධාන රහස් තොරතුරු ඒජන්සියේ මෙම ක්‍රියාදාමය දැඩිසේ හෙළා දැක ඇත.



අදහස් (0)

හොර වැඩේ ලේසි නෑ

චින්තක Thursday, 05 December 2013 12:57 PM

එහෙම කරපු එක හරි. (ස)

:       0       0

මධු Thursday, 05 December 2013 01:47 PM

හොඳයි ! නැත්තම් ත්‍රස්තවාදීන් මට්ටු කරන්න බෑ.ඇමරිකාවට ජය ! (ස)

:       0       0

ජෝන් Thursday, 05 December 2013 04:35 PM

ඇමෙරිකාවට ජය වේවා. (ස)

:       0       0

සකුරු Thursday, 05 December 2013 09:14 PM

ත්‍රස්තවාදීන් මට්ටු කරන්න කියලා මිනිස්සු බය කරගන කරන්නේ එයාලට කැමති නැති හැමෝගෙම විස්තර හොයන එකයි. ඊට පස්සේ රහසින් අනතුරු කරවනවා. ලංකාවේ නම් අපේ කාටහරි කීයක් හරි දුන්නම ඕනේ දෙයක් කරයි තමන්ගේම අයට. (දිල්)

:       0       0

පද්ම Friday, 06 December 2013 12:42 AM

ඔහේට එන ලංකාවේ හොර දේශපාලක හිවල්ලු ගැන හොද අවධානයෙන් ඉන්න... වේදිකාවේ ඇමරිකාවට නැතිවෙන්න බැණ බැණ හිටපු මිනිස්සු මෙන්න බෙහෙත් ගන්නත් ඇමරිකා ගිහින්. බලනකොට අපේ සල්ලි වලින් ගිහින් තියෙන්නේත්. (නි)

:       0       0

ශාන් Friday, 06 December 2013 02:36 AM

මේක තමන්ගේ ආරක්ෂාවට වාසියට කරන දෙයක් මිසක් අනුන්ට වාසියක් නොවේ. කරුණාකර බුද්ධිමත්ව හිතන්න. හැමදම රට ගැන හිතන්න (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site