හෝමූස් සමුද්‍ර සන්ධියේ යළිත් වරක් නාවික අභ්‍යාසයක් පැවැත්වීමට තමන් සූදානම් යැයි ඉරාන විප්ලවීය හමුදාව පවසයි.
‘ෆජා 91’ නමින් නම් කළ එම යුද අභ්‍යාසය අද ආරම්භ කිරීමට නියමිත බවත් එය සිව් දිනක් තිස්සේ පැවැත්වෙනු ඇති බවත් ඉරාන විප්ලවීය හමුදාවේ අද්මිරාල් අලීසාර් නසේරී මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් පැවැසීය.
යුද නැව් සහ සබ්මැරීන යොදා ගනිමින් මිසයිල ආරක්ෂක පද්ධතිවල කි‍්‍රයාකාරිත්වය සිදුවන අයුරු අත්හදා බැලීම මෙම යුද අභ්‍යාසයේ අරමුණ යැයි ඉරාන රජය ද පවසා ඇත.
ඉරානය ඇතුළු මැදපෙරදිග රටවල් තෙල් අපනයනය කරන්නේ හෝමූස්’ සමුද්‍ර සන්ධිය හරහාය. ලෝකයේ තෙල් ප‍්‍රවාහන කටයුතුවලින් වැඩි ප‍්‍රමාණයක් සිදුවන්නේ එම සමුද්‍ර සන්ධිය හරහා වීම නිසා එය ලොව ප‍්‍රධාන පෙළේ තෙල් ප‍්‍රවාහන මාර්ගයක් ලෙස ද සැලකෙයි.
ඉරානය පිහිටා ඇත්තේ, ඕමාන් බොක්කත් පර්සියානු බොක්කත් අතර පිහිටි හෝමූස් සමුද්‍ර සන්ධියට උතුරින්ය. හෝමූස් සමුද්‍ර සන්ධියේ දකුණින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයත්, ඕමානයත් පිහිටයි. සමුද්‍ර සන්ධියෙහි පටුම කොටස කි.මී. 54 කි. ඉරානය තර්ජනය කරන්නේ ඔවුන්ගේ නාවික හමුදාව යොදා එම කි.මී. 54 ක් පළල කොටස හරස් කරමින් සමුද්‍ර සන්ධිය වසා දැමීමට තමන්ට ශක්තියක් ඇති බවය. ඇමෙරිකාව ප‍්‍රමුඛ බටහිර රටවලට තම ශක්තිය පෙන්විය හැකි ඉරානයේ අවසන් තුරුම්පුව වන්නේ ද මෙයයි.
පර්සියානු බොක්කේ තෙල් නිෂ්පාදන රටවලට අයත් නැව් ජාත්‍යන්තර මුහුදු සීමාවට පිවිසෙන්නේ මේ කලාපය හරහා වන බැවින් හෝමූස් සමුද්‍ර සන්ධිය තෙල් වෙළඳාම සම්බන්ධයෙන් ඉතා වැදගත් තැනක් ගනියි.
ඉරානය මීට පෙර ද හෝමූස් සමුද්‍ර සන්ධියේ යුද අභ්‍යාස පවත්වා ඇත. ඒ පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදීය. ‘වෙලායෙට් ඊ 90’ යනුවෙන් නම් කළ එම නාවික අභ්‍යාසය ඇරැුඹුණේ ඉකුත් වසරේ දෙසැම්බර් 24 වැනිදාය. එය දින 10 ක් තිස්සේ පැවැත්විණි. ඊට ඉරාන විප්ලවීය හමුදාව ද සම්බන්ධ විය. එහිදී දිගු සහ කෙටි දුර මිසයිල පවා අත්හදා බැලූ බව ඉරාන නාවික හමුදාව පැවැසීය.
ඇමෙරිකාව, බි‍්‍රතාන්‍යය සහ ඊශ‍්‍රායලය එක් වී ඉරානයට චෝදනා කරන්නේ ඉරානය ඔවුන්ගේ න්‍යෂ්ටික වැඩසටහනට මුවා වී පරමාණු බෝම්බ නිපදවන බවය.
එම අවස්ථාවේදී ඇමෙරිකාව සහ ඇමෙරිකාවේ හිතවතා සහ ‘මැදපෙරදිග පොලිස්කාරයා’ යනුවෙන් ද හැඳින්වෙන ඊශ‍්‍රායලය මැසිවිලි නගන්න වූයේ හෝමූස් සමුද්‍ර සන්ධියේ නැව් ගමනාගමනයට එයින් බාධා එල්ල වූ බවය.
එම බාධා නැවැත්වීමට තමා මැදිහත් වන බව ඇමෙරිකාව පැවැසීම ඉරාන විප්ලවීය හමුදාවේ දැඩි විරෝධයට හේතුවක් විය. ඉරානය, සමුද්‍ර සන්ධිය වසා දැමුවහොත් ඉරාන හමුදාවට පහර දී අඩපණ කිරීමට තම පස්වැනි බල ඇණිය සීරුවෙන් තැබීමට ද ඇමෙරිකාව පියවර ගත්තේය.
හෙට දිනයේ ආරම්භ වීමට නියමිත යුද අභ්‍යාසය සම්බන්ධයෙන් ද ඇමෙරිකාව ඊශ‍්‍රායලය ඇතුළු රටවලින් ඉරානය දැඩි විරෝධයක් එල්ල වනු ඇත.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
හෝමූස් සමුද්‍ර සන්ධියේ නාවික අභ්‍යාසයකට ඉරානය සූදානම්
රියාස් Friday, 28 December 2012 11:40 AM
යුද අභ්‍යාසය සාර්ථක වේවා (ස)
නිත්‍යා Friday, 28 December 2012 11:45 AM
යුධ ගිනි නිවේව ! (ස)
නසාර් Friday, 28 December 2012 02:43 PM
ලෝක විනාසය තමයි මේ සිදුවෙන්න හදන්නේ (ස)
බන්ඩාර Friday, 28 December 2012 03:02 PM
ඉරානයට දෙවි පිහිටයි (ස)
සිල්වා Friday, 28 December 2012 03:32 PM
ඇමෙරිකන් කොල්ලකාරයාට හොද පාඩමක්(ස)
මුතුකුඩ Friday, 28 December 2012 08:00 PM
කොහොම වෙතත් අනාගත ලෝක යුද්ධයකට ඔබ සියලු දෙනා සූදානම් වන්න. මේ එහි පෙරහුරුවක් පමණි. (නි)
ධනුෂ්ක Saturday, 29 December 2012 02:06 AM
යුදෙව්වො කවදා හරි ඉරාණයෙන් තමයි පාඩමක් ඉගෙන ගන්නෙ..!(නු)
මධු Saturday, 29 December 2012 02:44 AM
කුමක් හෝ දෙයක් ඉතා ආසන්නයි වගේ. (නි)
සදුන් Saturday, 29 December 2012 02:49 AM
ඊශ්‍රායල් වලින් කෑමක් අවශ්‍ය වෙලා වගෙයි. (නි)
තරුෂ Saturday, 29 December 2012 02:18 PM
කොහොම උනත් ඉරානයට වඩා ඇමරිකාව හොඳයි සැම දෙයක් දෙසම උපේක්ශාවෙන් බලන්නටයි අපේ බුදුන් අපට වදාල දහම (ස)
රත්නායක Saturday, 29 December 2012 10:19 PM
ඉරානය මොනවා කියලා කරන්නද? (නි)
පුබුදු Sunday, 30 December 2012 09:39 AM
තරුෂ හරි. (නි)
ලැක් Sunday, 30 December 2012 11:57 AM
යුදෙව්වන් සැකසහිතව ජීවත්වෙන බවයි මේකෙන් පෙනෙන්නේ. (නි)
මාර්ක් Sunday, 30 December 2012 12:12 PM
ඇයි අපේ ලංකාවේ අය මෙච්චරටම ඇමරිකාවට කැමති? (නි)
සිල්වා Sunday, 30 December 2012 01:58 PM
ධනුෂ්ක, ඔබ නිවැරදියි. සමහර අය ඊශ්‍රායලය ගැන ලොකුවට හිතාගන ඉන්නේ. (නි)
ලාල් Sunday, 30 December 2012 06:38 PM
ඉරානය ළගදීම ඇමරිකාවෙන් පාඩමක් ඉගෙනගන්නා හැටියකුයි තිබෙන්නේ. (නි)