ළමා අයිතිවාසිකම් වෙනුවෙන් හඬ නැගූ 14 හැවිරිදි පාකිස්තාන ජාතික දැරියක තලේබාන් සටන්කාමීන් කළ වෙඩි තැබීමකින් පෙරේදා (9) බරපතළ තුවාල ලැබුවාය.
වෛද්‍යවරු ප්‍රකාශ කළේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින මලාලා යූසාෆ්සා නමැති එම දැරියගේ තත්ත්වය අවදානම් බවය. වෙඩි ප්‍රහාරය එල්ල වී ඇත්තේ ඇගේ හිසටය.
පාකිස්තානයේ ස්වාත් නිම්නයේ දරු දැරියන්ට අධ්‍යාපනය ලැබීමට ඇති අයිතිය වෙනුවෙන් ඇය 2007 වසරේ සිට හඬක් නගා ඇති අතර එම නිසාම ඇය පාකිස්තාන ජනතාවගේ ද ආදරය දිනා ගැනීමට සමත් වූවාය.
පසුගිය වසරේ පාකිස්තාන රජයේ සාම ත්‍යාගයෙන් ද ඇය පිදුම් ලැබුවාය. එම වසරේම ජාත්‍යන්තර ළමා සාම ත්‍යාගය වෙනුවෙන් ද ඇගේ නම යෝජනා විය.
ස්වාත් නිම්නයේ දරු දැරියන්ට, විශේෂයෙන් දැරියන්ට අධ්‍යාපනය ලබා ගැනීම ෂරියා නීතිය යටතේ තලේබාන් සංවිධානය තහනම් කර තිබුණි. තලේබාන් සටන්කාමීන් ස්වාත් නිම්නයේ සිය අණසක පැතිරවූයේ 2007 වසරේ සිට 2009 තෙක් කාලයේය. 2009 වසරේ දී ඔවුන් පන්නා දැමීමට පාකිස්තාන රජයේ හමුදා සමත් විය.
පාකිස්තාන ආරක්ෂක අංශ මැදිහත් වී තුවාල ලැබූ මලාලා යූසාෆ්සා ගුවන් මගින් පෙෂවෝර් නුවර සයිඩු ෂරීෆ් හමුදා රෝහලට රැුගෙන යෑමට කටයුතු කළේය.
ඇය සමඟ සිටි ඇගේ යෙහෙළියන් දෙදෙනකුත් තලේබාන් තුවක්කුකරුවන් වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබූ බව වාර්තා විය.
යූසාෆ්සාට එල්ල වූ ප්‍රහාරය ම්ලේච්ඡු සහ තිරිසන් කි්රයාවක් යැයි ඇමෙරිකා රජය පවසා ඇත. බටහිර රටවල් රැසක් ද තලේබාන් සටන්කාමීන්ගේ එම කුරිරු කි‍්‍රයාව හෙළා දැක ඇතැයි ද වාර්තා වේ.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ළමා අයිතීන් වෙනුවෙන් හඬ නැගූ පාකිස්තාන දැරියට වෙඩි ප්‍රහාරයක්
ලලිත් Thursday, 11 October 2012 02:27 PM
බල ලෝභීන් දන්නේ නෑ අවසානේ මොකද්ද කියලා (ස)
ලාල් Thursday, 11 October 2012 05:56 PM
ලංකාවටත් මේ නීති ඉල්ලයිද දන්නේ නැහැ ඉස්සරහට..!(නු)
තුවාන් ෂෙරෆ් Thursday, 11 October 2012 06:00 PM
අල්කයිඩා ත්රස්තවාදීන් ඉක්මනින්ම මුලිනුපුටා දමන්න ඕන..!(නු)
චන්ද්‍රසිරි Thursday, 11 October 2012 07:41 PM
ත්‍රස්තවාදය මුලිනුපුටා දමන්න ඕනෑ. (නි)
වෙනුර Thursday, 11 October 2012 10:42 PM
මේවා අල්ලා දෙවියන්ගේ නීති නෙමෙයි. මේ සියල්ල අන්තවාදීන් විසින් හදාගත් නීතියි. (නි)