1996 වසරේ සිට පුරා දශක දෙකකට ආසන්න කාලයක් ජර්මනියේ වැඩ වෙසෙමින් නිර්මල ථේරවාදී බුදු සමය යුරෝපය පුරා ප්‍රචලිත කිරීමට නොමද වෙහෙසක් දරන, එරට ප්‍රකට භාවනා උපදේශකයන් වහන්සේ නමක් හා ශ්‍රේෂ්ඨ සමාජ සේවකයන් වහන්සේ නමක් ලෙස ද කටයුතු කරන ආචාර්ය රත්මලේ පුඤ්ඤරතන හිමියන් විසින් සිදු කරනු ලබන ලෝක, ශාසනික, ආගමික හා ජාතික සේවාවන් අගය කිරීමක් ලෙස මල්වතු මහාවිහාරයීය මහානායක, අනුනායක හිමිවරු ප්‍රමුඛ කාරක සංඝ සභාව මගින් උන්වහන්සේ වෙත ජර්මනියේ ප්‍රධාන අධිකරණ සංඝ නායක තනතුර පිරිනමා ඇත. ජනවාරි.21 වැනිදා මල්වතු මහාවිහාරයීය මංගල උපෝසථාගාරයේදී ඒ පිළිබඳ අක්ත්‍ර පත්‍ර පිළිගැන්වීම සිදුකිරීමට නියමිතය.
අල්පේච්ඡ බවින් හා අනතිමානී ගුණයෙන් තම පැවිදි දිවිය ආලෝකමත් කරගත්, ස්වාර්ථයට වඩා පරාර්ථයෙහි යෙදෙන, දේශීය වශයෙන් හා විදේශීය වශයෙන් බුදු සසුනේ ව්‍යාප්තිය හා චිරස්ථිතිය සඳහා කටයුතු කරන සංඝ සෝභන ගුණයන්ගෙන් සමන්විත ඉතා විරළ ගණයේ ධර්මදූතයන් වහන්සේ නමක් ලෙස රත්මලේ පුඤ්ඤරතන හිමියන් හැඳින්විය හැකිය.
වාරියපොළ, රත්මලේ නම් සුන්දර ග්‍රාමයෙහි වෙසෙන විජේසිංහ මුදියන්සේලාගේ මුදියන්සේ හා රණසිංහ ආරච්චිලාගේ කරුණාවතී යන දම්පතීන්ට දාව 1964 ජනවාරි මස 26 වන දින මෙලොව එළිය දුටු උන්වහන්සේ 1979 මැයි මස 10 වන දින රත්මලේ පුඤ්ඤරතන යන නමින් පැවිදි බිමට පත් වූයේ රත්මලේ ශ්‍රී ගුණරතන, පල්ලව දම්පිටියේ චන්දජෝති හා රත්මලේ සෝමරතන යන මහා නාහිමිවරුන්ගේ ආචාර්ය උපාධ්‍යාකත්වයෙනි.
වාරණ මංලගිරි පිරවෙණෙන්, දොරනෑගොඩ සදානන්ද පිරිවෙණෙන් හා මරදාන ශ්‍රී ලංකා විද්‍යාලයෙන් උගතමනා බණ දහම් සහිතව මූලික හා ද්විතීක අධ්‍යාපනය ලබා 1990 ජුනි මස 23 වන දින මල්වතු මහාවිහාරයීය මංගල උපෝසථාගාරයේදී අධිශිල සංඛ්‍යාත උපසම්පදාවට පත් උන්වහන්සේ, පිළිවෙලින් 1990 දී කැලණිය විශ්ව විද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී උපාධියත්, 1993 දී ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධියත්, 1999 ජර්මනියේ ගොතේ උසස් අධ්‍යාපන ආයතනයෙන් ජර්මන් භාෂාව පිළිබඳ ඩිප්ලෝමාවත්, 2014 දී ඇමරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියා ප්‍රාන්තයේ "ග්ලෝබල් යුනිවර්සිටි ඔෆ් ලයිෆ් ලෝන්ග් ලර්නින්" සරසවියෙන් ආචාර්ය උපාධියත් හිමිකර ගැනීමට සමත් වූහ.
විදේශ ධර්මදූත සේවාව හා සමාජයීය සේවාව
පුඤ්ඤරතන හිමියන්ගේ විදේශ ධර්මදූත සේවාව ඇරඹෙන්නේ 1996 වසරේ දී ඓතිහාසික බර්ලින් විහාරස්ථානයෙනි. නේවාසික භික්ෂුවක් ලෙස එහි වැඩමකළ උන්වහන්සේ 1998 දී එහි විහාරාධිපති පදවියට පත් වී, 2005 වසර දක්වාම එහි වැඩ වසමින් විශාල ආගමික සේවාවක් සිදු කිරීමට සමත් වූ අතර, 2002 වර්ෂයේ දී බර්ලින් ප්‍රාන්තයේ රජයේ පාසල්වල ඉගැන්වෙන විෂය මාලාවන් අතරට බුද්ධ ධර්මය විෂයය ද ඇතුළත් කරවා ගැනීමට හැකිවීම උන්වහන්සේ අතින් සිදුවූ ප්‍රමුඛ සේවාවකි.
2005 වර්ෂයේ සිට මේ දක්වා ජර්මනියේ මයින්ස් නුවර "යොහනස් ගුටෙන්බර්ග්" සරසවියේ ඉන්දියානු දර්ශන අංශයේ කථිකාචාර්යවරයකු වශයෙන් ද කටයුතු කරන රත්මලේ පුඤ්ඤරතන හිමියෝ, 2007 වසරේදී ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ ජර්මන් ආයතනය ආරම්භ කොට එහි ආයතනාධිපති වශයෙන් කටයුතු කරමින් මේ දක්වා ම වාර්ෂිකව ජර්මන් ජාතික සිසුන් ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ විභාග සඳහා ඉදිරිපත් කරති.
ජර්මන් ජනරජයේ ලියාපදිංචි සමාජ සංවිධානයක් ලෙස හා ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු පනතකින් සම්මත ස්වේච්ඡා සංවිධානයක් ලෙස 2014 වර්ෂයේ දී "කරුණා සමාධි" සංවිධානය උන්වහන්සේ විසින් පිහිටුවාගන්නේ තම ආගමික, ජාතික හා සමාජයීය සේවාවන් තව තවත් පුළුල් ලෙස ක්‍රියාත්මක කිරීමට හැකි වන පරිදිය. ශ්‍රී ලංකාව පුරා විසිරී සිටින, ඉගනුමට දක්ෂතා ඇති, එහෙත් ආර්ථික අපහසුතාවලින් පෙලෙන දුවා දරුවන්ට තම අධ්‍යාපන කටයුතු සාර්ථක ලෙස කරගෙන යාම සඳහා මුල්‍යමය හා ද්‍රව්‍යමය ආධාර සැපයීම, පෙර පාසල් හා වෘත්තීය අධ්‍යාපනය සඳහා ද්‍රව්‍යමය හා මුල්‍යමය වශයෙන් ආධාර ලබා දීම, ආගමික, සංස්කෘතික, සෞඛ්‍ය හා සමාජ සුභසාධනය යන අංශයන්හි සංවර්ධනය සඳහා දායක වීම මෙම සංවිධානය මගින් සිදු කෙරෙන සේවාවන් අතුරින් කිහිපයකි.
2005 වර්ෂයේ සිට ජර්මනියේ ෆ්රෑන්ක්ෆර්ට් නඟරයෙහි "බුද්ධ ප්‍රඥා" විහාරයෙහි සහ 2009 සිට සිඩ්ල්බෘනන්හි "බුදු මග" විහාරයෙහි ආගමික කටයුතු පිළිබඳ අධ්‍යක්ෂවරයා ලෙස හා නියෝජ්‍ය විහාරාධිපතීන් වහන්සේ ලෙස කටයුතු කළ උන්වහන්සේ විසින් ශ්‍රී සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය සඳහා මෑතක දී සිදු කළ සුවිශේෂී කටයුත්ත නම් ජර්මනියේ උතුරු ප්‍රදේශයේ පරිසර හිතකාමී රමණිය නගරයක් ලෙස ප්‍රකට ශේනවඩින්ගන්හි වර්ග මීටර 1200 ක පමණ භූමි භාගයකින් යුක්තවූ බෝකෙන්බර්ගර් යන ස්ථානයේ නව නිවහන "ශ්‍රී ලංකා මහා විහාරය" නමින් ආරම්භ කොට එහි ආගමික කටයුතු කරගෙන යාමයි.
බුරුමය, වියට්නාමය, තායිවානය, ඉන්දියාව, මැලේසියාව, සිංගප්පූරුව, චෙකොස්ලෝවැකියාව, අයර්ලන්තය, මහා බ්‍රිතාන්‍යය වැනි රටවල පැවති ජාත්‍යන්තර සමුළු රාශියක් නියෝජනය කර ඇති පුඤ්ඤරතන හිමියෝ ජර්මනියට අමතරව ප්‍රංශය, ඔස්ට්‍රියාව, ස්විට්සර්ලන්තය සහ ඉතාලිය යන රටවල ද ධර්ම දූතයන් වහන්සේ නමක් ලෙස කටයුතු කරති.
ආගමික හා සමාජයීය සේවාවන් අතරතුර ශාස්ත්‍රීය සේවාව ද අමතක නොකළ උන්වහන්සේ, ශ්‍රී ධීරානන්ද ප්‍රභා, රස බණ කතා, සිත නිවන බණ කතා, විතාරන්දෙණියෙන් එක්සත් ජනපදයට, සම්මා වාචා, ධම්ම නදී හා ධර්මදූත යන කෘතීන් ලියා පළ කළහ.
මීට අමතරව තම ආගමික, ජාතික හා සමාජයීය සේවාවන් සාර්ථක ලෙස පවත්වාගෙනයාම සඳහා හැකියාවන්ගෙන් හා සුදුසුකම්වලින් සමන්විත පැවිදි හා ගිහි ශිෂ්‍ය සමූහයක් බිහිකිරීමට ද උන්වහන්සේ කටයුතු කර ඇත. ඒ අතර උනගලාවේ උපරතන (ජර්මනිය) කිරම චන්දරතන, (ජර්මනිය) මහදමනේ ජනානන්ද (ජර්මනිය) අස්සජි (ජර්මනිය) පුංචිවැවේ සිරිනන්ද (ජර්මනිය) ගාලේකොලුවේ විජිත, මැදගම්පිටියේ සුමංගල යන උපසම්පදා ලාභී ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා ප්‍රධානවේ.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ෆ්රෑන්ක්ෆර්ට් විහාරාධිපති හිමිට සංඝනායක පදවියක්
පුජ්‍ය ඉලුක්පිටියේ පන්නාසේකර නාහිමි Wednesday, 13 January 2016 01:31 PM
පුජකෝ ලභතේ පුජන්. වන්දකෝ පටි වන්දනන්. යන වදන සනාථ කරමින් ලැබිය යුත්තට සියල්ල ලැබී ඇත. උත්සාහය සහ අප්‍රතිගත උනන්දුව මත මේ සියල්ල උන් වහන්සේගේ ස්වාධීන උත්සාහය මත සිදු කරගත් බව ම හොදින් දනී. උන්වහන්සේගේ පිහිටට සිටියේ උන්වහන්සේගේ කර්ම ශක්තිය පමණි. රත්මලේ පුඤ්ඤරතන නාහිමියනි ඔබ වහන්සේට දීර්ඝායුස වේවා.! (ර)
දේදුනුපිටියේ උපනන්ද හිමි (ඇමෙරිකා එක්සත් ජනපදය) Wednesday, 13 January 2016 06:52 PM
ලෝක පූජිත, නිහතමානී, පුජනීය රත්මලේ ශ්‍රී පුඤ්ඤරතන නායක ස්වාමීන් වහන්සේට දිගාසිරි පතමු. (නි)