ආජන්ටිනාවට අයත් බි්රතාන්ය පාලනයට නතු ෆෝක්ලන්ත දුපත් සම්බන්ධයෙන් පවතින අර්බුදයට මැදිහත් වී ඒ ගැන ලෝක ප්‍රජාව දැනුම්වත් කරන්නැයි ආජන්ටිනා ජනපතිනී කි‍්‍රස්ටීනා ෆර්නැන්ඬේස් ඊයේ (15) නව පාප්තුමන්ගෙන් ඉල්ලා සිටියාය.
නව පාප්තුමා ආජන්ටිනා ජාතිකයෙකි. එතුමන් පාප් ධුරයට පත්වීමට පෙර ආජන්ටිනාවේ බුවනෝස් අයර්ස් නුවර අගරදගුරු ලෙස කටයුතු කළේය.
ෆෝක්ලන්ත දුපත් සම්බන්ධයෙන් පසුගියදා ජනමත විචාරණයක් පැවැත්විණි. ජනමත විචාරණය පැවැත්වූයේ ෆෝක්ලන්ත දුපත් බි්රතාන්ය පාලනය යටතේ පැවැතිය යුතුද නැද්ද යන්න විමසා බැලීමටය.
ෆෝක්ලන්ත දුපත් වාසීන්ගෙන් අතිබහුතරය බි්රතාන්ය ජාතිකයන් වන අතර පැවැති ජනමත විචාරයෙන් බි්රතාන්ය පාලනය තව දුරටත් අවශ්‍ය බව ඔවුහු පැවැසූහ. එය ආජන්ටිනා රජයේ නොසතුටට මෙන්ම විරෝධයට හේතුවක් ද විය.
ආජන්ටිනා රජය සමඟ නිරන්තරයෙන් මත ගැටුම් ඇති කරගත් තැනැත්තකු ලෙස නව පාප්තුමන් ප්රකටය. ආජන්ටිනා ජනපතිනී කි‍්‍රස්ටිනා ෆර්නෑන්ඬේස් පවසා ඇත්තේ එතුමන් පෙරැළිකාරී චරිතයක් කියාය. තව නොබෝ දිනකින් පැවැත්වෙන පදවිප්‍රාප්ති උත්සවයට ද තමා ද සහභාගී වීමට සූදානමින් සිටින බව සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් ජනපතිනිය වැඩි දුරටත් කියා ඇත.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ෆෝක්ලන්ත අර්බුදයට මැදිහත් වෙන්න ආජන්ටිනා ජනපති පාප්තුමන්ට කියයි
ප්‍රසන්න Saturday, 16 March 2013 10:40 AM
ඔන්න පටන් ගත්ත! පුදනකොටම කාපි යකා කිව්වලු (ස)