X Advertisement
IMG-LOGO

2025 ජුනි මස 29 වන ඉරිදා


ෆෝක්ලන්ත වැසියෝ බි‍්‍රතාන්‍ය පාලනය අනුමත කරති

ආර්ජන්ටිනාව ආසන්නයේ පිහිටි ෆෝක්ලන්ත දූපත තව දුරටත් බි‍්‍රතාන්‍ය පාලනය යටතේ තබා ගන්නේද යන්න පිළිබඳව පැවැති ජන මත විචාරණයකදී එරට වැසියන්ගෙන් සියයට 99.8කට වැඩි පිරිසක් ඊට කැමැත්ත පළ කර ඇති බව වාර්තා වේ.
දෙදිනක් පුරා පැවැති මෙම ජන මත විචාරණයේදී 2,563ක් පමණ වන ෆෝක්ලන්ත දූපත් වාසීන්ගෙන් 1,672 දෙනකු ඡන්දය ප‍්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා සිටි අතර ඉන් 1,517 දෙනෙක් තමන් තවදුරටත් බි‍්‍රතාන්‍ය පාලනය යටතේ සිටීමට කැමති බව ප‍්‍රකාශ කර ඇත.
‘‘ෆෝක්ලන්ත වැසියන් බි‍්‍රතාන්‍යය යටතේ රැඳී සිටීමට කැමැත්ත පළ කර තිබෙනවා. එනිසා ආර්ජන්ටිනාව ඇතුළු සෑම රටක්ම ඊට ගරුකළ යුතුයි.’’ යනුවෙන් බි‍්‍රතාන්‍ය අගමැති ඬේවිඞ් කැමරුන් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
1982 වසරේදී ආර්ජන්ටිනාව මෙම දූපත ආක‍්‍රමණය කිරීම නිසා බි‍්‍රතාන්‍ය හමුදා සමඟ යුද්ධයක් හට ගත්තේය. ආර්ජන්ටිනා වෙරළේ සිට කිලෝමීටර් 400ක් ඔබ්බෙන් පිහිටි මෙම දූපතට අයිතිවාසිකම් කීමට ආර්ජන්ටිනාව කිහිප වතාවක් උත්සාහ ගැනීම නිසා බි‍්‍රතාන්‍ය හා ආර්ජන්ටිනාව අතර මත භේදාත්මක තත්ත්වයක් පැන නැඟුණි.



අදහස් (0)

ෆෝක්ලන්ත වැසියෝ බි‍්‍රතාන්‍ය පාලනය අනුමත කරති

සිල්වා Wednesday, 13 March 2013 04:28 PM

මේ තීරුවට ලියා ඇති අයගැන ඉතා කණගාටුයි.සුද්දා අපරට තුල ඇතිකල බෙදුම්වාදී අරගලය තවත් වසර ගණනාවකටවත් නිමක් නැතිබව පෙනේ.දැනටත් එය පෝෂණය කරන්නේද ඔවුන්මයි.අපේ නායකයන්ගේ වැරදි ඇති නමුත් සුද්දාගේ අතපල්ලෙන් වැටී ජීවත්වීමට ඇති කැමැත්ත මෙහි ලියා ඇති අදහස්වලින් පැහැදිලියි.සුද්දා සමග රට වෙනුවෙන් සටන්කර මියගිය අපේ වීරවරුන්ට කරන අවමාණයකි.(ස)

:       0       0

රීටා Wednesday, 13 March 2013 11:11 AM

සුද්දන්ගේ රටවල් දියුණු හම සුදු නිසා නෙවෙයි. හොරකම, වංචාව, කම්මැලිකම නැති නිසයි (ස)

:       0       0

සේන Wednesday, 13 March 2013 11:07 AM

දැන් පේනවා නේද අපිට වෙලා තියෙන දේ? (නි)

:       0       0

නිමල් Wednesday, 13 March 2013 11:08 AM

මෙම දූපතේ ඉන්නා බුද්ධිමත් ජනතාවට මාගේ ප්‍රණාමය! (නි)

:       0       0

චූලා Wednesday, 13 March 2013 11:39 AM

මැරුණත් අපි තමයි "උතුම් " කියන අය මේක හොඳින් කියවන්න (ස)

:       0       0

ජීවන් Wednesday, 13 March 2013 11:54 AM

කුලවාදේ නැති කරපු ‍සුද්ද යටතේ අපි හිටියා නම් පන්ති‍භේධය, නිලධාරී වාදය අද ලංකාවේ නෑ (ස)

:       0       0

අමිල Wednesday, 13 March 2013 11:59 AM

හිරු නොබසින අධිරාජ්‍යය (දී)

:       0       0

මුරුගන් Wednesday, 13 March 2013 12:06 PM

අපේ රටේ හුගක් දේශපාලඥයින්ටත් බටහිර රටවල පුරවැසිකම තිබෙනවා (නි)

:       0       0

මහේෂ් Wednesday, 13 March 2013 12:29 PM

එහෙනම් කමක් නැහැ

:       0       0

කපිල Wednesday, 13 March 2013 12:57 PM

තමන්ට සුදුසුයි නම අපිට මොකෝ (දී)

:       0       0

සම්පත් Wednesday, 13 March 2013 02:28 PM

සුද්දා මේචචර දියුණූ වෙලා තියෙන්නේ අපි වගේ රටවල් අවුරුදු ගාණක් හුරගෙන කාලයි. (නි)

:       0       0

රුචිර Wednesday, 13 March 2013 04:08 PM

ජිවත් වෙන්න තමයි මේ ඔක්කොම (දී)

:       0       0

පාර්වතී Wednesday, 13 March 2013 11:10 AM

අපි ඉතින් කරන්නේ හැමදාම රැවටෙන එකනේ (නි)

:       0       0

සිල්වා Wednesday, 13 March 2013 05:22 PM

1982දී එකල ආජන්ටීන් නායක ලියෝ පෝල් ගල්තිර් සමග යුධවදි සුද්දා දිනුවේ නැහැ.වෙනත් ක්‍රමයකට සමථයකට පත්වුනා පමණයි.ප්‍රංශ රජය ප්‍රහාරක යානා ලබාදී ආජන්ටීනාවට සහයදී ඇත.ලොව පොඩි රටවල් සූරාකන්නෝ සුද්දොයි. (ස)

:       0       0

ජීවන්ත Wednesday, 13 March 2013 07:06 PM

සිල්වාට පිස්සු (අ)

:       0       0

විජේ Wednesday, 13 March 2013 07:26 PM

ඇයි සිල්වා මහත්තයෝ, දැන් අපි කන්නේ ‍බොන‍්නේ අදින්නේ සුද්දගේ බඩු නෙමෙයිද? (නි)

:       0       0

කරු Wednesday, 13 March 2013 07:48 PM

ඒ කාලේ හිටිය අය සුද්දෝ හොඳ නෑ කියලා එළවගත්තා. (අ)

:       0       0

සිල්වා, පැරිස් Wednesday, 13 March 2013 08:47 PM

චූලා,මේ ඔක්කොම කලු මිනිසුන්ගේ රටවල් කෝ අද ඒමිනිසුන්. සුද්දා දිගටම හිටියානම් අද චූලත් නහැ මමත් නැහැ.අපේ අය කලු අය තරම් මෝඩ නැති නිසා අපට කියා රටක් අද ඉතිරිව තිබේ.ඉහත කී රටවල් මෙන් අපරටද සුද්දන්ගේ රටක් කිරීමට බැරිවීමේ පලිය තමා එයාලා අද අපෙන් ගන්නේ. (ස)

:       0       0

සෑම් Wednesday, 13 March 2013 10:27 PM

සිල්වාගේ කීම මම කිසිසේත්ම අනුමත කරන්නෙ නැහැ. (නි)

:       0       0

සිල්වා Wednesday, 13 March 2013 11:00 PM

රට වැසියන්ට හොදයි නම් එච්චරයි (දී)

:       0       0

ශාන්ත Wednesday, 13 March 2013 11:39 PM

අපේ පැරැන්නො තමන් උපයගත් දෙයක් කාලා දුකසේ සිටියත් ස්වාධීනකම අගය කළා. මට දුකයි මේ ප්‍රවෘත්තියට අදහස් දක්වා ඇති හුඟ දෙනෙක් ගැන. (නි)

:       0       0

නීලා Wednesday, 13 March 2013 11:49 PM

එතකොට සිල්වා අපි අරාබියට කාන්තාවෙ යවන එක නම්බුද? (නි)

:       0       0

පද්මා Thursday, 14 March 2013 12:14 AM

ඒ කාලේ අපි සුද්දන්ව එළවා ගත්තා. දැන් බෝට්ටු වලින් අපි සුද්දෝ ළගට යනවා. (නි)

:       0       0

රානි Wednesday, 13 March 2013 10:18 AM

වැරදිලා තියෙයි (දී)

:       0       0

පාර්වතී Wednesday, 13 March 2013 09:58 AM

ලොකුගේ නියම කතාව ඒකනම් (ස)

:       0       0

ශීලා Wednesday, 13 March 2013 10:04 AM

අපේ ඊනියා දේශප්‍රේමීන්ට රිදේවිද ? (ස)

:       0       0

සුබසිංහ Wednesday, 13 March 2013 10:05 AM

අපිටත් මෙහෙම දෙයක් තිබුණානම් මාත් අනුමත කරනවා (ස)

:       0       0

සුරේන්ද්‍ර Wednesday, 13 March 2013 10:01 AM

අනේ වාසනාවන් (දී)

:       0       0

මාලිංග Wednesday, 13 March 2013 10:03 AM

වැඩි දෙනෙක්ගේ කැමැත්ත (දී)

:       0       0

විරසිංහ Wednesday, 13 March 2013 10:03 AM

සුද්ද ය‍ටතේ අපි හිටියනම් රස්සාවක් ගන්න කාගෙවත් පස්සේ යන්න ඕන වෙන එකක් නෑ (ස)

:       0       0

නීලා Wednesday, 13 March 2013 10:09 AM

කෝ සේනාව (ස)

:       0       0

නිමල් Wednesday, 13 March 2013 10:09 AM

මෙන්න මේකයි යථාර්තය ...මේක ලංකාවේ අද තිබ්බොත් අපේ අයත් ඔක්කොම ඡන්දේ දෙනවා (ස)

:       0       0

රූපා Wednesday, 13 March 2013 10:10 AM

බොරු ජාති වාදියෝ , දේශප්‍රේමියෝ කෝ (ස)

:       0       0

රංග Wednesday, 13 March 2013 10:11 AM

තවත් රාජ්‍යක පිහිට මොකටද (දී)

:       0       0

ලාල් Wednesday, 13 March 2013 10:09 AM

හොදයි.... හොදයි (දී)

:       0       0

‍ලොකුගේ Wednesday, 13 March 2013 09:45 AM

බ්‍රිතාන්‍ය වැසියෙකුට ලෝකයේ ඇති පිළිගනිම , රැකියා අවස්ථා , ‍ගෞරවය ගැන දන්නා ඕනෑම උගත් මිනිසෙක් බ්‍රිතාන්‍ය පුරවැසිබාවය නැතිකරගන්නේ නැ. මෙයයි ලොවේ සත්‍ය (ස)

:       0       0

ජීවා Wednesday, 13 March 2013 10:19 AM

අධිරාජ්‍ය වාදී කුමන්ත්‍රණයක් (දී)

:       0       0

ජානක Wednesday, 13 March 2013 10:17 AM

ස්වාධින රටක් නැද්ද ඒ ගොල්ලන්ට (දී)

:       0       0

චූලා Wednesday, 13 March 2013 10:19 AM

සුද්දන් නිදහස නොදුන් හැම රටක්ම දියුණුයි. ඕස්ට්‍රේලියාව, දකුණු අප්‍රිකාව, ඇමරිකාව, කැනඩාව, නවසීලන්තය...... (ස)

:       0       0

ලසිත Wednesday, 13 March 2013 10:21 AM

ඒ ගොල්ලන්ට හොදයිනම් එච්චරයි (දී)

:       0       0

සකු Wednesday, 13 March 2013 10:22 AM

අනේ හොදයි (දී)

:       0       0

රත්නපාල සුභසිංහ Wednesday, 13 March 2013 10:32 AM

ලංකාවට මෙහෙම වෙන බව දන්නවනම් එදා සුද්දව බලෙන් හරි නවත්වගන්න තිබුණා. (දී)

:       0       0

නිලන්ත Wednesday, 13 March 2013 10:51 AM

අනේ හොදයි ඇත්තට (දී)

:       0       0

ලසන්ත Wednesday, 13 March 2013 10:52 AM

එකා බද්ද රටවල් (දී)

:       0       0

නන්දන Wednesday, 13 March 2013 10:57 AM

මේ මිනිසුන් අරන් ඇති තීරණය බුද්ධිමත් එකකි. (නි)

:       0       0

ශීලා Wednesday, 13 March 2013 11:03 AM

හොද නීතියක් ඇති රටක් වගෙයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site