දරුවන් කුඩාවියේදී ජංගම දුරකථන හා පරිගණක ක්‍රීඩා වැනි දේ හා පමණට වඩා රූපවාහිනිය නැරඹීමෙන් ඈත්කළ යුතු බව බ්‍රිතාන්‍යය මනෝවිද්‍යාඥයෝ කණ්ඩායමක් කියති.
දරුවන්ට කම්මැලි දැනේ යැයි කියා බොහෝ දෙමව්පියන් ජංගම දුරකථන,පරිගණක හෝ රූපවාහිනී ඔවුන්ට නිදහසේ පරිහරණය කිරීමට අවස්ථාව ලබාදී තිබීම විශේෂයෙන් හඳුනාගෙන ඇති පර්යේෂක පිරිස ඇත්තටම සිදුවිය යුත්තේ දරුවන්ට කම්මැලි දැනීමට ඉඩ හැරීම බව පවසති.
කරන්නට දෙයක් නොමැතිව සිටිනා විට ඔවුන්ගේ මොළයන් වැඩෙහි යෙදීමට නිරායාසයෙන්ම යොමුවන බවත් නිර්මාණශීලී දෙයක් කිරීමට දරුවා යොමුවන්නේ එවිට බවත් ඔවුහු පෙන්වා දෙති.
එසේ නොමැතිව දරුවා කම්මැලි යැයි පැවසූ සැනෙන ජංගම දුරකථනය, පරිගණකය හෝ රූපවාහිනිය භාවිතා කිරීමේ අවස්ථාව ලබාදීමෙන් සිදුවන්නේ මේ නිර්මාණශීලීත්වයට ඇති ඉඩ ඇහිරීම බව ඔවුහු කියති.
වර්තමානයේ කාර්යබහුලත්වය හමුවේ බොහෝ දෙමව්පියන්ට මෙවැනි දේ වලට හුරුවීමට සිදුව තිබීම ඇත්තක් වුවත් විද්‍යුත් උපකරණයක් දරුවාගේ අතට දෙනවාට වඩා ඔවුන්ම තම දරුවා සමග දවසකට කෙටිකාලයක් හෝ ගතකළ යුතුවීම දරුවාගේ බුද්ධි වර්ධනයට මෙන්ම අනාගතයටත් වැදගත්වන බව පර්යේෂක පිරිස අවධාරණය කරති.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
‘අත් හලෝව‘ පරිගණක සෙල්ලම්
සරත් Thursday, 18 December 2014 06:38 AM
හරියටම හරි. මගේ ගෙදර අවුරුද 5 ක පමණ සිට රුපවාහිනියක් නැහැ. (හේ)
බන්දුල ද සිල්වා Thursday, 18 December 2014 02:06 PM
අපේ දරුවන්ගේ ළමා ලෝකය උදුරාගත් සයිබර් තාක්ෂණය ඔවුන් මානසිකව පමණක් නොව ශාරීරිකවද, රෝගීන් බවට පත්කර ඇත. අලුත් නිර්මාණ තුළින් නැවතත් දරුවන් ළමා කෙළි ලොවට රැගෙන යනවා මිස මෙයට වෙනත් විකල්ප නැති බව පෙනේ. (නි)
දනුෂ්ක Friday, 19 December 2014 08:16 AM
මේ දේවල් ළමයින්ව විනාශ කරනවා.(හේ)
ඉසිරංගී Monday, 22 December 2014 04:02 AM
ළමයින් ස්වභාව ධර්මය සමග එ්ක කළ යුතුයි (බ)