"ඉතාලියේ නාපොලි නඟර වාසී ශ්‍රී ලාංකික ප්‍රජාවට ඇතිවන අනවරත හිරිහැර දිනෙන් දින වර්ධනය වන බවත් ඉතාලි ජාතික ඇතැම් තරුණ කල්ලි හුදු විනෝදය පිණිස හුදකලා ව හමුවන ශ්‍රී ලාංකිකයනට පහරදීම, මංකොල්ල කෑම,සොරකම් කිරීම සිදුකරන බවත්එම කල්ලිවලට ඇති බිය නිසා කිසිවකු හෝ පොලිසියට පැමිණිලි කිරිමට ඉදිරිපත් නොවන නිසා මෙයට කඩිනම් පියවරක් ගත යුතු ව තිබෙන බවත් නාපොලියේ ශ්‍රී ලංකා කොන්සල්වර නීතිවේදී සල්වතොරේ පුල්යසේ පවසයි.
සිය ලේකම් චන්ද්‍රසිරි නානායක්කාර , කාර්ය මණ්ඩලයේ ශාන්ත ජයවික්‍රම යන මහත්වරුද කරුණු පහදුවට එක් වූහ .
කොන්සල්වර නීතිවේදී සල්වතොරේ පුල්යෙසේ මෙසේ ද ප්‍රකාශ කෙළේ ය.
"මේ අනදරය දිගු කලක සිට ම සිදුවන්නක් . ඒත් මෑතක සිට එම තත්ත්වයේ දැඩි ප්‍රවර්ධනයක් දක්නට ලැබෙනවා. සනිතා ප්‍රදේශය , රෝම පාර හෙවත් ටෝලේඩෝ පාර ප්‍රදේශය , කවෝර් ප්‍රදේශය , මස්සීනි චතුරශ්‍ර ප්‍රදේශය ඈ තැන්වලිනුය් මේ අභාග්‍ය සිදුවීම් වැඩිපුර වාර්තා වන්නේ. එම කල්ලිවලට ඇති බිය නිසා කිසිවකු විසින් හෝ ආරක්ෂක අංශවලට පැමිණිලිකිරිමට ඉදිරිපත් වන්නේ නැහැ . මේ ගැටළුවට ගතයුතු පියවර ගැන සාකච්ඡා කරනු පිණිස නාපොලි නගරාධිපතිවරයා මුණගැසී පිළියම් සෙවීම අප විසින් සිදුකරනු ලැබුණා . නාපොලි කම්පානියා නගරාධිපති ලුවිජි දී මජෙස්ට්‍ර්ස් හමුවී කරුණු පහදුවක් අප විසින් සිදුකරනු ලැබුණා .එම හමුව සඳහා නාපොලි නඟර වාසී ශ්‍රී ලාංකික
නියෝජිත පිරිසක් ද සහභාගී වුණා . කරුණු පහදුවේ මුලික අරමුණ වූයේ ශ්‍රී ලාංකික නාපොලි නඟරවාසි ජනතාව ගේ අරක්ෂාවය් .දෙවන කරුණ වූ යේ ශ්‍රී ලාංකික නාපොලි නඟරවාසි ජනතාව ගේ සංස්කෘතික උලෙළු සඳහා පරිශ්‍ර පහසුකම් සහ ශාලා පහසුකම් නගරසභාවේ අනුග්‍රහයෙන් පහසු ගෙවීම් ඇතිව සපයාගැනීම ය."
" මේ දෙපස් හමුවට නාපොලි නාගරික මන්ත්‍රී ෆ්‍රන්චෙස්කෝ වෙර්නෙත්ති මහතා ද එක්වුණා . ශ්‍රී ලාංකික ප්‍රජාවට පමණක් නොව සියලු ම සුළු ජනවර්ග සඳහා උපරිම ආරක්ෂාවක් සලසා දෙනු පිණිස ආරක්ෂක අංශවලින් ඉල්ලා සිටීමට ද අභ්‍යන්තර කටයුතු පිලිබඳ අමාත්‍යවරයාණන් දනුම්වත්කර නිසි පියවර අයැදීමට ද නගරාධිපති ලුවිජි දී මජෙස්ට්‍ර්ස් මහතා එකඟ වුණා .එ පමණක් ද නොව ශ්‍රී ලාංකික නාපොලි නඟරවාසි ජනතාව ගේ සංස්කෘතික උලෙළු සඳහා පරිශ්‍ර පහසුකම් සහ ශාලා පහසුකම් නගර සභාවේ අනුග්‍රහයෙන් පහසු ගෙවීම් ඇතිව ලබාදීමට ද ගිවිසියා . නඟරාධිපති හමුවේ නියෝජිත පිරිසට නපොලියේ නවජේසු පුදබිම් දෙව් මැඳුරේ ඇන්තනි වීරසිංහ පියතුමන් ද චන්ද්‍රසිරි නානායක්කාර ,ශාන්ත ජයවික්‍රම ,නිශාන්ත සෙනරත් ,රාජා ප්‍රනාන්දු ,සුරේනි කළුගමගේ යන මහත්ම මහත්මීහු ද සහභාගී වූහ .
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
‘ඉතාලියේ ලාංකිකයන්ට හිරිහැර‘
ලක්මාල් Tuesday, 26 April 2016 05:02 AM
ලංකාවේ හිටියත් අපි කරන්නේ සුද්දාට වහල් සේවයක නොවේද? (නි)
චාමර Thursday, 28 April 2016 05:54 PM
මෙම ප්‍රශ්නය විසදන්න ගොඩක් අමාරු දෙයක්. (ර)
කරුණාපාල Thursday, 28 April 2016 09:11 AM
ඉස්සර ලංකාවේ මිනිස්සු ඉතාලියට ගියේ තමන්ගේ පාඩුවේ රැකියාවක් කරලා කීයක් හරි හම්බ කර ගන්න. මුල් කාලයේ ඉතාලියට ගිය ශ්‍රී ලාංකිකයින්ව ඉතාලි ජාතිකයින් සාදරයෙන් පිළිගත්තා, ඔවුන්ට ගරුකලා. ඒ ඔවුන් ඉතාලි සමාජය හා බද්ධ වීමට තරම් සුදුසු ජාතියක් ලෙස ඔවුනට හැඟුණ නිසාවෙන්න ඇති. එත්, කාලයක් ගත වෙද්දී ලංකාවේ විවිධ ප්‍රදේශවලින් පැමිණි සමහරු ඒ තත්වය වෙනස් කළා., (හේ)
අචිර Thursday, 28 April 2016 02:26 AM
මම හිතුවේ මැදපෙරදිග විතරයි කරදර කියල බලනකොට ඉතාලියේත් කරදර අපේ අයගේ වැරදි වෙන්න ඇති තැනට සුදුසු විදිහට ජීවත් වෙන්න දන්නේ නැහැ (බ)
රනා Wednesday, 27 April 2016 07:24 AM
මෑතක සිදුවුණු යුද සංක්‍රමණ නිසා ඉතාලිය ප්‍රංශය වැනි රටවල් වලට අපේ මොහමඩ්ලගේ කට්ටිය ගොඩ පිටින් ගියා. ඉතින් මේ මොහමඩ්ලගේ කට්ටිය කරන්නේ යන තැන එයාලගේ කල්චර් එකේ විදියට වෙනස් කරන්ඩ නේ. ඉතින් ඕවට යකා නැගල ඉන්න ඉතාලි මිනිස්සු දකින දකින පිට රටවල් වලින් අාපු උදවියට ගහන්ඩ අරන්. මේ සියලු දේට හේතුව මොහමඩ්ම තමා ඉතින්. (බ)
ලක්මාල් Wednesday, 27 April 2016 01:47 AM
මොහොමඩ්, මෝඩ කතා කියන්න එපා (නි)
රංජිත් මංජුල වර්ණසුරිය Tuesday, 26 April 2016 12:25 PM
මම ඉන්නේ නාපොලි ඉතාලි ජාතිකයෝ හරි සුහද ශීලි මිනිස්සු ලංකාවේ මිනිස්සු කොටන ගියත් මෙහෙමනේ... (ර)
මංජු Tuesday, 26 April 2016 09:45 AM
කෝ ඒකාබද්ද කට්ටිය? (ර)
කරූ Tuesday, 26 April 2016 09:33 AM
ලෝකයේ කොතන බැලුවත් ලංකාවේ මිනිස්ස්නුන්ට ඉතාමත් කරදරයි විශේසයෙන්ම මැදපෙරදිග රටවල්වල... (ර)
මොහොමඩ් Monday, 25 April 2016 02:39 PM
ඉතාලි අයට ලංකාවේ අය විකාරකාරයෝ වගේ පේනවා ඇති. සමහරවිට ලංකාවෙන් ගිය අයට ගුටිකන මුහුනු ඇති. (බ)
ලක් Tuesday, 26 April 2016 04:57 AM
ලංකාවේ සමහරුන්ට සල්ලියි බෝතලෙයි ලැබෙනවා නම් එච්චරයි (නි)
ගමගේ Tuesday, 26 April 2016 12:21 AM
ඔය වහල් ජාවාරමේ අංගයක්. ඒක නිසා ඔබට උඩ ඉන්න දෙවියන්ගේ පිහිටයි. වෙන මොනවා කියන්නද? (නි)
සමන් Monday, 25 April 2016 06:43 PM
කෝ අපේ පිටිගල මහතා? මේ වෙන දේවල් ගැන තවම ප්‍රකාශයක් නිකුත්කළේ නැහැනේ. (නි)
ගාමිණී Monday, 25 April 2016 06:06 PM
ඕව කලින් නම් තිබුනේ නැහැ ඉතාලි ජාතිකයන් හරිම සුහදශීලි ජාතියක්. (ර)
අකිල මිලාන් Monday, 25 April 2016 03:36 PM
මොහොමඩ්,ඒකද ඔයගොල්ලන්ගේ අය මෙහෙ මුණු වහගෙන යන්නේ? (බ)
පරණගම ප්‍රියන්ත Monday, 25 April 2016 03:35 PM
ඉදිරියේදී මුළු යුරෝපයේම ජාතිවාදී කලබල ඇතිවේවි (බ)
අතුල Monday, 25 April 2016 02:55 PM
අයියෝ වෙන්නප්පුවෙන් ගිය වැඩකාරයෝන්ටත් ගහනවද? (බ)