විශ්වයේ භාෂාවන් පිළිබඳ ප‍්‍රංශය සිදුකළ පරීක්ෂණ වාර්තාවකට අනුව වර්තමාන ලෝකයේ ඇති භාෂාවන් පිළිබඳ අගනා දත්තයන් පේලි ගත කොට එළිදක්වා ඇත. ඒ අනුව දැනට භාෂාවන් 6000ක් පමණ ලෝකයේ භාවිතාවේ.
ඒ අතරින් භාෂාවන් 10ක් 20ක් අතර ප‍්‍රමාණයක් භාවිතා වන්නේ ඉතාමත්ම අල්ප වශයෙන් වන අතර වසරකට වරක් එම භාෂාවන් ද භාවිතයෙන් අතුරුදහන් වේ. නිව්ගිනියාවේ වැසියන් අතර භාෂාවන් 800 පමණ ඇති නමුදු භාවිතා වන්නේ ඉතාම අල්පයකි. ඇමසෝන් වනාන්තරය ආශ‍්‍රිත ජීවත් වන ජනයාගේ භාෂාවන්ද එසේමය. කතාව විනා ලිවීමක් එම භාෂාවන්ට ඇත්තේම නැත. එවැනි භාෂාවකට දීර්ඝ කාලයක් පැවැතීමේ හැකියාවක් නොමැත.
ඉහත වාර්තා වලට අනුව මළ භාෂාවන් ලෙස හඳුනාගත් භාෂාවන් ලෝකයේ බොහෝමයක් ඇත. උදාහරණ ලෙස දූපත් 17508 කින් සැදුණු ඉන්දුනීසියාවේ භාෂාවන් 722කි. නයිජීරියාවේ 500කි. ඉන්දියාවේ භාෂාවන් 400ක් පමණ ඇතත්භාවිතා වන්නේ 22ක් පමණය. මෙක්සිකෝ වල 297 කි. චීනයේ 295 කි. කොන්ගෝවේ 214 කි. කැමරූන් වල 279ක් (බාමූන්, ටිකාර්, බැන්කොන්, බනෙන්, එටොන්, එවොන්ඩෝ, ඩුආලා, බසා, යබාසි, ඞීබොම් ආදි ලෙස) ඇත්තේය.
එවැනි භාෂාවන්ගේ අතුරුදහන් වීමේ වේගය ඉහළය. මේ දක්වා හඳුනා නොගත් භාෂාවන් ඇමසන් වනාන්තර ආශ‍්‍රිතව සොයා ගැනීමටද හැකිවී තිබේ.
කෙසේ නමුදු ලෝක ජනගහනයෙන් 90%ක් වැසියෝ ප‍්‍රධාන භාෂාවන් සියයක් පමණ භාවිතා කරති. කියවීම, ලිවීම, සටහන් තැබීම ආදියෙන් ඉහත භාෂාවන් පෝෂණයවී ඇත්තේය. ලෝකයේ වැඩි දෙනෙක් කථා කරන භාෂාව ලෙස චීනයේ ප‍්‍රධාන භාෂාව වූ මැන්ඩරින් භාෂාව ප‍්‍රථම ස්ථානය හිමිකර ගන්නා අතරම එය 1.3 බිලියන් යැයි ගණනය කර ඇත්තේය. අනුපිළිවෙලින් ඉංග‍්‍රීසි භාෂාව 1.2 බිලියන්, ස්පාඤ්ඤ භාෂාව දශ ලක්ෂ 485, හින්දි භාෂාව දශ ලක්ෂ 450, හා ප‍්‍රංශ භාෂාව දශ ලක්ෂ 274ක් ලෙස ශ්‍රේණි ගත කොට ඇත්තේය.
නිතරම භාවිතා වන ප‍්‍රධාන භාෂා සියයකට අමතරව භාෂාවන් 5900ක් පමණ ඇත්තේ වී නමුදු එහි එක් භාෂාවක් අනුපාතයක් ලෙස භාවිතා වන්නේ 118 දෙනෙක් අතර බව ඉහත වාර්තාවන් වල සදහන්වේ. එම භාෂාවන් ඉතා වේගයෙන් අතුරුදහන්වීමේ ප්‍රවණතාවයක් ඇත.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
‘එක ලෝකයයි : භාෂා 6000යි‘
විමලා වරකාගොඩ Monday, 26 October 2015 12:44 PM
අපේ රටේ වැඩ වන ආකාරයට නම් ;ඉදිරියේදී සිංහල භාෂාවත් අතුරුදහන් ගණයට අයත් වේවි (බ)
උදය Thursday, 29 October 2015 04:03 AM
මම දැක තිබෙන අකුරු වලින් වඩාත්ම රවුම් අකාරයේ ලස්සන අකුරු තමයි සිංහල අකුරු. සමහරවිට පුස්කොළ වල ඉරි සහිත අකුරු ලිව්වොත් ඒවා ඉරෙන නිසාද දන්නෙ නැහැ අකුරු රවුම් වුණේ. දන්නා කෙනෙක් ඉන්නවා නම් විස්තර කරන්න. (නි)
සමන් රොහාන් රණසිංහ Tuesday, 27 October 2015 11:00 PM
සෑම මනුෂ්‍යයෙක්ම තම ජීවිතයේ අත්දැකීම් ලබන්නට නම්, තම රට දේ සිරි සැප දේ කියලා තම මව්බිමේ සංස්කෘතියත් එක්ක තම මව්බිමේ ජීවත්වෙන්න ඕනෑ. (නි)
සමන් රොහාන් රණසිංහ Tuesday, 27 October 2015 10:18 PM
ලෝකයේ මොන හාෂාව ගත්තත්, ලොකයේ ශක්තිමත් භාෂාව වන්නේ ශ්‍රී ලංකාවේ සිංහල භාෂාව බව මගේ හැඟීමයි. (නි)
ඩිලාල් Tuesday, 27 October 2015 05:49 AM
මුලිම භාෂාව ඇතිවුයේ ගින්දර සොයාගත්තට පසු ගින්දර ගැන විස්තර කිරීමට බව පැවසෙනවා .ගින්දර එදා නව සොයාගැනීමක්(රේ).
මැටිපහන Tuesday, 27 October 2015 05:10 AM
සිංහල භාෂාව නැතිවී යාම ස්ථිරයි. ඒක සතුටට කාරණයක් හෝ දුකට කාරණයක් නොවෙයි. අපි ගෝලීය ලෙස සිතිය යුතුයි. ඔය ලොකුම භාෂා පවා දිනෙන් දින වෙනස් වෙනවා. (නි)
ටෙන්සිල් Tuesday, 27 October 2015 05:13 AM
හොඳ ලිපියක් (නි)
ඉන්දු Tuesday, 27 October 2015 03:42 AM
හොඳ ලිපියක් (නි)
පිටිගල මිලානෝ Monday, 26 October 2015 04:39 PM
මා මිත්‍ර සුනිල්ගේ තවත් හරබර එළිදරව්වක්. සිල්වා, ශුද්ධ මාගධී භාෂාව හුදෙක් දේශනයන් සඳහා භාවිතාවුවක් වන අතර අක්ෂර වලින් තොරවුවකි. බුද්ධ දේශනාවට අනුව මෙය ආභස්සර බ්‍රහ්ම ලෝකයේ සිට පැමිණි මිනිසාගේ ඇතිවීමේ සිට පැවතුන භාෂාවකි. (නි)
රදේ-බර්ලින් Monday, 26 October 2015 02:18 PM
සුනිල් මහතා අර්ථවත්, කාලෝචිත ඒ වගේම කෙටි හොඳ ලිපි ලියන්නෙක්. භාෂාවේ උපත ගැන උනන්දුවක් දැක්වූ බැබිලෝනියන් රජ කෙනෙක් බබෙක් ඉපදුන ගමන්ම මවගෙන් ඈත්කොට තබා මව් කිරි දී දරුවා වැඩෙනකොට පළමුවෙන්ම නගන ශබ්දය අහන්න සලස්වල තියෙනවා. ඒ බබාගෙන් පළමුවෙන්ම නැගී ඇති ශබ්දය "පාන්" යන වචනය වේ. පෘතුගීසි හා ස්පාඤ්ඤ භාෂාවලින් ද "පාන්" කියන්නේ "පාන්" වලටම තමා. ඒ අනුව ලෝකේ පැරණිම වචනය වී ඇත්තේ "පාන්" බව කියති. කොහොම නමුත් භාෂාවක් කියන්නේ දොරක් ඇර ගැනීමට ඇති යතුරක් පමණි. (බ)
සේන Sunday, 25 October 2015 03:36 PM
පුවතින් දෙන තොරතුරද හරි ග්‍රැපික් සටහනද හරි? (අ)
සුමේද ලියනගේ ස්වීඩන් Monday, 26 October 2015 08:33 AM
සුනිල් මහත්මයා දැනුම බෙදා දෙනවා .හොඳ පුණ්‍ය කර්මයක් . ඔබතුමාට ස්තුතියි ! (බ)
අමිල Monday, 26 October 2015 08:02 AM
සම්පත්, යන්නේ කොහෙද මල්ලේ පොල්. මාතෘකාවට අදාළව ඔබගේ අදහස් ඉදිපත් කරන්න, මෝඩකම ලෝකයට නොපෙන්වා. (නි)
තිලක් ගමගේ Monday, 26 October 2015 07:52 AM
සිල්වා මහතාගේ අදහස හරි. (ර)
සම්පත් Monday, 26 October 2015 05:29 AM
සිල්වා මහත්තයා අතීතයේ නෙමේ වර්තමානේ ජීවත් වෙන්න පුරුදු වෙන්න. ඔච්චර දුකනම් ඔයාගේ වසගමට හෙළ හෝ සින්හල නමක් දාගන්න. සිල්වා කියන්නේ පරදේසක්කාර නමක්. ..(රේ)
බණ්ඩාර Monday, 26 October 2015 05:03 AM
අතීතයේ මොනවා වුවද අපි අද ජීවත්වන වර්තමානයට හැඩගැසිය යුතුයි. (නි)
ගාමිණී Monday, 26 October 2015 03:24 AM
භාෂාව කොහොම ආරම්භ වුණාද කියලා තවම කවුරුවත් හොයාගෙන නැහැනේ (නි)
යොහාන් Monday, 26 October 2015 03:07 AM
හොඳ ලිපියක් (නි)
සිල්වා Sunday, 25 October 2015 04:28 PM
හෙළ මගාදී භාෂාව ලෝකේ පැරණිම භාෂාව සහ බුදුන් වහන්සේ ධර්මය දෙශනා කර ඇතේ හෙළ මගාදී බසින් ! මුල්ම අකුරු නිර්මාණය වී ඇත්තේ මේ බසින්......(රේ)