X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


‘එකම රටක සැවොම සමගියෙන්‘

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන බලයට පත්වී  වසරක් සම්පුර්ණ වීමේ අවස්ථාව වෙනුවෙන් පසුගිය දොළොස් මාසය තුළ ශ්‍රී ලංකාවේ සිදුවූ දේශපාලන හා සමාජ විපර්යාසයන් පිළිබඳව අදහස් දැක්වූ මහා බ්‍රිතාන්‍යයේ එක්සත් ජාතික පක්ෂ ශාඛාවේ සභාපති හර්ෂ සිරිවර්ධන " පසුගිය වසරේ ජනවාරි 8 වනදින ශ්‍රී ලංකාවේ සිදුවූ දේශපාලන වෙනස පසුබිම්ව එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයන්ගේ මුලිකත්වයෙන් බිහිවූ නව රජය මඟින් ශ්‍රී ලංකාවේ ජනතාවට අහිමිව තිබු ප්‍රජාත්‍රන්තවාදී අයිති වාසිකම් යලිත් තහවුරු කිරීමට හැකිවී තිබෙන බව පැවසුවේය.

එමෙන්ම සියලු ජාතින්හට එක්ව ජීවත්වීමේ සංහිඳියාව මෙම ආණ්ඩුව විසින් ආරම්භ කර ඇති අතර නිදහසේ තම අදහස් ප්‍රකාශ කිරීමේ හැකියාව තහවුරු කර ඇති බවත්, සියලුම විදේශ රටවල් සමඟ සුහද තාවය වර්ධනය කරගනිමින් සියලුම ජාතීන්ගේ සමඟිය තහවුරු කරගනිමින් දුෂණය පිටුදකිමින් ජනතා අභිලාෂයන්ට අනුකුලව සංවර්ධන ක්‍රියාදාමයන් ගෙනයාම සඳහා 2016 සිට ආරම්භ කිරීමට යන ඉදිරි වැඩපිළිවෙලට පක්ෂ ජාති භේදයකින් තොරව සියලුමදෙනා සහයෝගය ලබාදිය යුතු බවත් ඔහු පැවසුවේය. 

මේ අතර බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලාංකික සංසදය වෙනුවෙන් අදහස් දක්වමින් එහි සභාපති ජනක අලහප්පෙරුම පැවසුවේ "ලංකාව එකම රටක් එකම ජාතියක් ලෙස ත්‍රස්තවාදයෙන්, බියෙන් සැකෙන් තොර  නිදහස් නිවහල් රටක් ලෙස සියලුම ජන වර්ග වලට සතුටින් සාමයෙන් ජීවත්වීමේ අයිතිය වෙනුවෙන් ඇප කැපව සටන් වැදුණු තම සංගමය කිසි අවස්ථාවක පක්ෂ දේශපාලනයේ නිරත නොවුණු‘ බවයි.

සැමදා තම පැතුම වුයේ එකම රටක සියලුම ජනතාව සතුටින් සමගියෙන් සමාදානයෙන් සිටිනු දැකීම බවත්  එය උදා කර දීමට වර්තමාන මෛත්‍රිපාල සිරිසේන ජනාධිපති  සහ රනිල් වික්‍රමසිංහ අගමැති  ප්‍රමුඛ රජයට හැකි වේවායි ප්‍රර්ථනා කරන බවත් ඔහු කීවේය.



අදහස් (0)

‘එකම රටක සැවොම සමගියෙන්‘

පුක්කුස ලන්ඩන් Friday, 08 January 2016 09:54 AM

ලුලා නැති වලේ කණයා පණ්ඩිතයා කිව්වලු. (ම)

:       0       0

චාමර Friday, 08 January 2016 12:19 PM

මහින්ද මහතාගේ නායකත්වයෙන් ලබාගත් සාමය අඛණ්ඩව ඉදිරියට ගෙනයාම පවතින ආණ්ඩුවේ වගකීමයි. පටු දේශපාලන වාසි කරා නොගොස් 30 වසරක ඔඩු දිවූ ජනවාර්ගික යුද්ධ නැවත ඇති නොවීම සදහා අප සැම වගකීමෙන් කටයුතු කළ යුතුයි. මිතුරු වෙසින් එන සතුරු බලවේග අවබෝද කරගැනීමට දේශපාලකයින්ට හා නායකයන්ට හැකිවේවා (හේ)

:       0       0

දිල්ශාන් Friday, 08 January 2016 01:17 PM

අනේ ඔවු හරියට සිරියාවේ මිනිස්සු වගේ සමගියෙන් ඉන්නවා.(හේ)

:       0       0

ටෙරන්ස් Saturday, 09 January 2016 08:38 PM

චාමර හරි (නි)

:       0       0

මහින්ද Sunday, 10 January 2016 04:22 AM

දැන් ඔබතුමා මොනවා කිවුවත් රට කුරිරු යුද්ධයෙන් බේරාගත්තේ කවුද කියන එක අපිට අමතක වෙලා නැහැ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site