X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 21 වන සඳුදා


‘කළු කෙල්ල‘ පැරීසියේදී හමු වුණෙමි

ජනප‍්‍රිය පොප් සංගීත කන්ඩායම් අතර ”ත‍්‍රී සිස්ටර් ” සංගීත කන්ඩායමට හිමි වන්නේ සුවිශේෂී ස්ථානයකි. එම කණ්ඩායම එකම පවුලේ සහෝදරියන් තිදෙනකුගේ එකතුවෙන් බිහි වූවකි. ගායනයට උපන් හැකියාවක් තිබූ මෙම සහෝදරියන් අතරින් ඉන්ද්‍රානි පෙරේරා එකල ශ්‍රී ලංකාවේ ජනප‍්‍රියම ගායිකාවක් වුවාය. පැරීසියේ කලාකරුවන් සුරැකීමේ එකමුතුව විසින් ප‍්‍රණාම නමින් පැවැත්වූ සංගීත ප‍්‍රසංඟයට අනිල් භාරති, උපාලි කන්නන්ගර සමග ඇය සහභාගීවූ අතරතුර පුවත්පත් සාකච්ඡාවකට මෙලෙස එක් වුවාය.

ප‍්‍රශ්නය:

ප‍්‍රංශයේ අගනුවර පැරීසිය ලෝකයේ කලාගාරයක් ලෙස හදුන්වනවා. සංගීතය, නාට්‍ය, සිනමාව, සාහිත්‍ය, චිත‍්‍ර ශිල්පය, ඔපෙරාව ආදි ලෙස සියලූම දෙයින් සැමදා පිරුණූ නගරයක්. ඔබගේ සමකාලීන බටහිර සුපුසිද්ධ ගායක ගායිකාවෝ සෑම සති අන්තයකම පැරීසියේ ප‍්‍රසංඟ වලට සහභාගි වෙනවා. පැරීසිය සංගීතයෙන් මුසපත්වූ නගරයක්. ශ්‍රී ලංකාවේ ජනප‍්‍රිය ගායිකා ඉන්ද්‍රාණි පෙරේරා එම නගරයේ සංගීත ප‍්‍රසංගයකට සහභාගි වෙනවා. මේගැන ඔබගේ අදහස කුමක්ද?

පිළිතුර:

මට විශාල සතුටක් දැනෙනවා. විශේෂයෙන් මම, අනිල් භාරති, උපාලි කන්නන්ගරත් මෙම ප‍්‍රසංඟයට තෝරා ගෙන ආරාධනා කිරීම ගැන ප‍්‍රථමයෙන් ජගත්, කිෂාණි වික‍්‍රමආරච්චි යුවලටත් මාව රැක බලා ගත් සුජිත් ෆොන්සේකා යුවළටත් මම ස්තුතිය පුද කරනවා. ඒ වගේම අපේ පැරණි ගීත රස විඳින රසික රසිකාවෝ පිරිසක් පැරීසියේ ජීවත් වෙන එක ගැන සතුටු වෙනවා. ඒ වගේම ඔබ සඳහන් කළ පරිදි පැරීසිය වගේ නගරයකදී ගී ගැයීමට ලැබීමත් අපේ භාග්‍යයක් හා වාසනාවක් ලෙසත් සලකනවා.

ප‍්‍රශ්නය:

ඔබ මින් පෙර 1987දී පමණ පැරීසියේ සංගීත සැඳෑවකට සහභාගිවී තිබෙනවා. දශක තුනකට පමණ පසු ඔබ නැවතත් පැරීසියේ සංගීත ප‍්‍රසංඟයකට සහභාගි වන අතර මෙම ප‍්‍රසංඟයේ අරමුණ අසරණ පැරණි කලාකරුවන්ට උපකාර කිරීමයි. මෙම අවස්ථාව ඔබ විස්තර කරන්නේ කෙසේද?

පිළිතුර:

ඒ ගැන මම ආඩම්බර වෙනවා. පැරීසියේ කලාකරුවන් සුරැකීමේ එකමුතුව ආරම්භ කළ මෙම සත් ක‍්‍රියාව ඇත්තටම හොඳ ක‍්‍රියාවක්. ඒ ඇසුරෙන් අපේ පැරණි අසරණ කලාකරුවන්ට උපකාර කිරීමට සංවිධානය වූ මෙම ප‍්‍රසංඟයට සහාභාගි වීමට ලැබීමත් භාග්‍යයක් කොට සලකනවා. එවැනි පුණ්‍ය කර්මයක් සිදුකරන මෙම ප‍්‍රසංගයට සහභාගී වීමට ලැබීම ගැන අපි සියලූ දෙනා සතුටු වෙන අතරම මෙම ප‍්‍රසංඟය ඉතාමත්ම ඉහළින් පැවැත් වීමට අපේ පූර්ණ සහයෝගය ලබා දෙනවා.

ප‍්‍රශ්නය:

ඔබගේ සංගීත දිවිය ගැන අතීත ආවර්ජනයක් සිදු කළොත්, අප අතරින් වෙන්වූ අසහාය ගායක කැලැරන්ස් විජේවර්ධන අමතක නොවන සුවිශේෂී පුද්ගලයෙක්. එම අතීතය මතක් කරල දෙනවද?

පිළිතුර:

මම මුලින්ම බටහිර සංගීතයට හා එම ගී ගැයීමටයි ප‍්‍රිය කළේ. ඒ අතරේ1969 දී මගේ පාසැල් මිතුරියක් ඇනස්ලි මාලේවනට මා හඳුන්වා දුන්නා. ඇය ඇනස්ලිගේ ඥාති සොයුරියක්. ඇනස්ලි ගෙන් මම කැලැරන්ස් විජේවර්ධන හඳුනා ගත්තා. පසුව කැලැරන්ස් විසින් ලියා සංගීතය එක් කළ දිල්හානී දුවනී ගීතය වික‍්‍රමසූරිය මහතාගේ සූර්ය රෙකෝඞ් බාර් එකේදි පටිගත කළා. එය තමයි මගේ සංගීත දිවියේ ආරම්භය. ඉන් පසු ඇනස්ලි විසින් මා මූන්ස්ටෝන්ස් සංගීත කණ්ඩායමට හඳුන්වා දුන්නා. එදා කැලැරන්ස් විසින් ලබා දුන් දිල්හානී ගීතයත් සමග අද දක්වා මගේ සංගීත දිවිය ඔපවත් කිරීමට එය මහත් රුකුලක් වුණා. ඒ ගැන අදටත් මගේ ගෞරවය කැලැරන්ස් විජේවර්ධනට හිමි වෙනවා.

ප‍්‍රශ්නය:

70,80 දශකයේ ශ්‍රීලංකාවේ එළිමහන් ප‍්‍රසංඟ වේදිකාව නොයෙලින් හොන්ටර්, ලතා වල්පොල, එච්.ආර් ජෝතිපාල, ඩෙස්මන් සිල්වා, රාජ් සෙනෙවිරත්න, කැලැරන්ස් විජේවර්ධන, එම්.එස් ප‍්‍රනාන්දු, ජෙට් ලයිනර්ස්, ඇපල් ග‍්‍රීන්, ගැලැක්සි, ජිප්සීස්, එක්ස්පෙරිමන්ට් ආදි වෙනත් බොහෝ ගායක ගායිකාවන්, සංගීත කණ්ඩායම් සමග ඔබද එම ප‍්‍රසංඟ වේදිකාව ආලෝකමත් කිරීමට දායක වුණා. එදා සහ අද ශ්‍රී ලංකාවේ සංගීත ක්‍ෂේත‍්‍රය සසඳන්නේ කෙසේද?

පිළිතුර:

කාලයක් යන කොට මම එළිමහන් ප‍්‍රසංඟ වලින් ඈත් වුණා. නමුත් අද එම ප‍්‍රසංඟ වේදිකාව ඉතා හොඳින් වැඩි දියුණු වෙලා තිබෙනවා. එදා අපි ගීත පටිගත කරන කාලේ මෙවැනි තාක්ෂණයක් තිබුනේ නැහැ. කට හඬ පවා  වෙනස් කළ හැකි තාක්ෂණයක් අද අපට ලැබී තිබෙනවා. නමුත් අද බිහිවෙන ගීත රසික හදවත් වල රැඳෙන්නේ බොහෝම සුළුවෙන්. එදා ගීත අදටත් රසික හදවත දිනා ගෙන තිබෙනවා. එම ගීත තවමත් මතකයේ තිබෙනවා. 1969 දී අපි ගීත හතරයි පටිගත කළේ. ඒවා බොහෝම ප‍්‍රවේශමෙන් හිතල බලලා හොඳ කල්පනාවෙන් තමයි පටිගත කළේ. පේ‍්‍රමකීර්ති ද අල්විස්, කැලැරන්ස් විජේවර්ධන, කරුණාරත්න අබේසේකර, කේ. ඩී. කේ. ධර්මවර්ධන ආදීන් එම ගීත නිර්මාණයටත් මිල්ටන් පීරිස්, අර්නස්ට් සොයිසා, මිල්රෝයි ධර්මරත්න, සරත් දසනායක, ස්ටැන්ලි පීරිස්, පැට්‍රික් දෙනිපිටිය, වික්ටර් දළුගම ආදීන් එම ගීත වලට සංගීතයෙන් දායක වුණා. ඉතින් එදා සහ අද අතර නවීන තාක්ෂණයත් සමග අපේ සංගීත ක්‍ෂේත‍්‍රය හොඳ දියුණුවක් ලබා ගෙන තිබෙනවා. හොඳ සංගීත කණ්ඩායම් බිහිවෙලා තිබෙනවා. ගායිකාවක් ලෙස ඒ ගැන මම සතුටු වෙනවා. අද වගේ නොවේ, ඒ කාලේ ප‍්‍රසංගයකදී අපිට ලැබුණේ රුපියල් 150 ක් 200 ක් වගේ මුදලක්. ඒ අතින් අද ගායක ගායිකාවෝ හරි වාසනාවන්තයි.

ප‍්‍රශ්නය:

මෑත කාලයේ ඔබගේ නවතම ගී ඇසීමට අපට අවස්ථාවක් නොතිබුන තරම්. ඒ මන්ද?

පිළිතුර:

ඇයි නැත්තේ ? මේ ළඟදිත් මම ගීතයකට දායක වුණා. ගීතයේ නම

‘සුළඟ ඇයි ඔබ‘ දිල්ෂාන් තමයි ඒ ගීතය නිර්මාණය කළේ. ඔහුගේ වයස අවුරුදු 6ක දියණිය ඩෙංගු රෝගයෙන් මිය ගියා. ඉතින් ඒ දරුවා වෙනුවෙන් ගීතයක් නිර්මාණය කරලා පද රචනය, තනුව, සංගීතය ඔක්කොම දිල්ෂාන් විසින් සිදු කරලා ගායනයට මාව තෝරා ගත්තා. ඉදිරියේදි එම ”සුළඟ ඇයි ඔබ ” කියන ගීතය එළිදක්වනවා.

එම සී ඩි තැටියෙන් ලැබෙන ආදායම අසරණ දුප්පත් දරුවන් වෙනුවෙන් යෙදවීමට අපි බලාපොරොත්තු වෙනවා.

ප‍්‍රශ්නය:

ඔබගේ ත‍්‍රී සිස්ටර් කණ්ඩායම හා ඔබගේ පවුලේ විස්තර කෙසේද?

පිළිතුර:

මට ළමයි දෙදෙනෙක් ඉන්නවා. ඔවුන් විවාහකයි. පුතා නුවර ඉන්නවා. දුව පිට රටක ඉන්නවා. අක්කා මිය ගියාට පසු අපේ සංගීත කණ්ඩායමට විරාමයක් දුන්නා. මමයි සැමියයි රාජගිරියේ ජීවත් වෙනවා.

මෙම ප‍්‍රසංගයේ අරමුණ අසරණ පැරණි කලාකරුවන්ට හැකි පමණින් උපකාර කිරීමයි. මෙලෙස අසරණවී ඇත්තේ පැරණි කලාකරුවා මිස වර්තමාන ඩිජිටල් කලාකරුවන් නොවේ. එබැවින් ඔබ සහභාගිවූ මෙම ප‍්‍රසංගය ඔවුන් වෙනුවෙන් බැවින්, එය විශාල පින්කමක් වෙනවා. එබැවින් ඔබේ පැරිස් සංචාරය පින් රැස්කර ගත් සංචාරයක් ලෙස හැදින්වීම යෝග්‍යවේ. එයට පැමිණි ඉන්ද්‍රාණි අක්කා ඇතුළු අනෙකුත් කලා ශිල්පීන්ටද ස්තුතිය පුද කරනවා. දීර්ඝායුෂ ලැබේවා!

Indrani_2016393 Indrani_20163932 Indrani_20163933 Indrani_20163934

 

 

 

 



අදහස් (0)

‘කළු කෙල්ල‘ පැරීසියේදී හමු වුණෙමි

මිලාන් Wednesday, 09 March 2016 04:22 PM

පැරිසිය කලාවේ, සංගීතයේ, ඔපෙරාවේ කෙලි මඩලක් බව කවුරුත් අහල තියෙන නමුත් ලංකාවේ එක්කෙනෙක්වත් මම නම් දැකලා නැහැ මේවාට සහභාගී වෙනවා. පැරිසියේ මොන්පර්නාස් පැත්තේ තියෙන එක කොමඩි නාට්‍ය ශාලාවකට ගිය කෙනෙක් නැතුව ඇති. හැබැයි ඊට එහා තියෙන හැටනමය ශාලාවට නම් යන ලංකික අය ඉන්නවා. මිලානෝ තත්වයත් මෙසේමයි. ලෝක ප්‍රසිද්ධ ස්කාලා ඔපෙරා ශාලාවට දර්ශනයක් බලන්න ගිය එක ලාංකිකයෙක් ගැන මම දන්නේ නැහැ. අපේ අය කලාව කියලා හඳුන්වන්නේ ලංකාවේ සංගීත කණ්ඩායම් ගෙනල්ල අනවසරයෙන් ගහන ලාංකික කලා ශිල්පීන්ගේ ගීත වලට බීලා නටන එක. අනවසරයෙන් මේ රටවලදී කියන සසර වසනතුරු ගීතයටත් බීලා නටන අයයි මේ රටවල ඉන්නේ. (බ)

:       0       0

සුදන්තක මිලානෝ Wednesday, 09 March 2016 04:57 PM

පිටිගලගේ අදහස කෙසේවෙතත් ලංකාවේ සංගීතයක් පවත්වන කිසිම ශාලාවක් නැවත ලංකාවේ වැඩකට නම් ලැබෙන්නේ නැහැ. මා සංගීත දර්ශනයක් සංවිධානය කළ එක ශාලාවක තිබුණු වටිනා දොරරෙදි සිගරට් වලින් පුළුස්සලා තිබුනා. එහි කළමනාකරු මේවා පෙන්වනවිට පොළොව පලාගෙන යන්න සිතුනා (නි)

:       0       0

ප්‍රභෝදා ප්‍රංශය Wednesday, 09 March 2016 05:18 PM

මිලාන්, හොඳ කතාවක්. ඇත්ත ඕකයි. පැරිසිය කියන්නේ කලාවේ නිධානයක්. නමුත් මෙහෙ ඉන්න කට්ටියට ඕනෑ හොඳට බීලා නටලා එන්න. මහා පුදුම මානසිකත්වයක් තියෙන කට්ටියක් මෙහෙ ඉන්නේ. (නි)

:       0       0

තුෂාර Thursday, 10 March 2016 06:30 AM

පිටිගල මිලානෝ නමින් අදහස් දක්වන ඔබ,නියම නමින්ම අදහස් දක්වන්නේ. නම් මැනවයි සිතමි.බොහෝ දෙනෙකුට ඇත්ත තිත්ත උනත් නිර්බයවම ඒවා පවසන්නේත් කිහිප දෙනෙකුන් පමණක් බැවින්. (ර)

:       0       0

සෙන්ජී Thursday, 10 March 2016 06:59 AM

ප්‍රන්ශයේ විතරක් නෙවෙයී. ලංකාවෙත් තත්වය ඕකමයී. සංගීතය කියන්නේ බීලා නටන එක. ඒ ගැන කතා කලොත් ඒ අය බයියෝ. බොන්නෝ කලා විශාරදයෝ. (ර)

:       0       0

සේරම් පැරිස් Thursday, 10 March 2016 10:11 AM

කෙල්ල කළු උනාට සුදු දත් සමග ලස්සන ගායනය , මම එදා වශී වෙලා සිටියේ. (ර)

:       0       0

මහින්ද - ඉතාලි Thursday, 10 March 2016 11:57 AM

ඇත්තටම ආසයි ඉතාමත් ලස්සන වටිනා පින්තූර ටිකක්. කාට වුණත් මෙයාව මතක් වුණාට ගොඩක් පින් (බ)

:       0       0

හිරාන් Thursday, 10 March 2016 12:06 PM

අපේ අයට කලාව කියන්නේ වෙරි මරගාතේ ඕනෑම සිංදුවකට නටන එක. එවිට ලෝකයේ සිටින ලොකුම කළා කාරයොත් ඔවුන්මයි. (හේ)

:       0       0

රෝෂාන් Thursday, 10 March 2016 03:40 PM

සුදන්තකගේ කතාව මම පිලිගන්නවා....(හේ)

:       0       0

අනිල් Friday, 11 March 2016 02:22 AM

බොන කෙනා කොහෙත් බොනවා, නොබොන කෙනා බලාගෙන ඉන්නවා. බුද්ධිමතා නරඹනවා. කවුරු මොනවා කිව්වත් හොඳ ආරම්භයක්. ජයවේවා! (නි)

:       0       0

අනුර Friday, 11 March 2016 08:44 AM

පැරිස් වල පෙන්නපු ඇති සාර්ථක සංගීත සංදර්ශනයක් ..(ම)

:       0       0

සුජිත් Friday, 11 March 2016 08:46 AM

මෙතෙක් පැරිස් වල කරපු ලස්සන ම සංගීත රාත්‍රිය. (ම)

:       0       0

රන්ජිත් Friday, 11 March 2016 08:49 AM

ඉතා හොද ලස්සන සාර්ථක ශෝ එකක් ..(ම)

:       0       0

මාලනී Friday, 11 March 2016 07:21 PM

සංදර්ශන කරන කටිටිය හොඳ සංදර්ශනයක් කරන්න හිතනවා නම් මෙයාලගෙන් පොඩ්ඩක් අහලා බලන්න. ලැජ්ජා වෙන්න අවශ්‍ය නැහැනේ. (නි)

:       0       0

විමල් පැරිස් Friday, 11 March 2016 07:26 PM

අවුරුදු ගණනකින් හොඳ සංගීතයක් පැරිස් වල දකින්න ලැබුනා. සංවිධායක මණ්ඩලයට ස්තුතියි! (නි)

:       0       0

රන්ජිත් Friday, 11 March 2016 07:28 PM

කරනවා නම් කරන්න ඕනෑ මේ වගේ ලස්සන වැඩක් තමයි. බොරු වැඩ වලට අපි කැමති නැහැ. (නි)

:       0       0

කෝසල Friday, 11 March 2016 07:31 PM

අපරාධ, දූෂණ ගැනම හැමදාම කියවන අපිට මෙහෙම ලිපි දකින්න ලැබීමත් සතුටක් (නි)

:       0       0

ගෝමස් Friday, 11 March 2016 07:34 PM

ඉතා හොඳ ලිපියක්. මෙවන් ලිපි තවත් පළකරන්න. (නි)

:       0       0

නලින් යහම්පත් Friday, 11 March 2016 07:46 PM

මේ තාක් ප්‍රංශයට පැමිණි අය දන්නේ නැහැ පෙර පැවති සංගීත සංදර්ශන ගැන. 1976 සිට මෙහි ලාංකික සංගීත සංදර්ශන පවත්වනවා මම දුටුවා. සිදුවූ දේවල් මෙහි ලිවීමෙන් පලක් නැත (නි)

:       0       0

අනුර Saturday, 12 March 2016 03:59 AM

දක්වා ඇති අදහස් අනුව මේවාට හේතුව නම් පවත්නා නිදහස් අධ්‍යාපන ක්‍රමය තුළ උසස් අධ්‍යාපනය ලබන්නේ සීමිත පිරිසක් පමණක් වීමයි. මෙවන් වටපිටාවක විශ්ව දැනුම සීමාවී සමාජය නොදියුණු වේ. ඔවුන්ගෙන් උසස් මනසක් බලාපොරොත්තු විය නොහැක. එකම විසඳුම වෙනත් රටකට පැන ගැනීමය. (නි)

:       0       0

අනිල් Saturday, 12 March 2016 08:34 AM

ඉතා හොඳ ලස්සන සංවිධානාත්මක වැදගත් සංගීත සංදර්ශනයක්. අපි ගොඩක් සතුටුවුණා. ස්තුතියි! (නි)

:       0       0

සුසිත් Saturday, 12 March 2016 08:37 AM

සංගීතය නම් සුපිරියි. මෙන්න පැරිසියේ දක්ෂ වැඩකරුවෝ. නියමයි (නි)

:       0       0

ජගත් Saturday, 12 March 2016 08:41 AM

මේ වගේ ලස්සන මිහිරි වින්දනයක් ලබන්න සමහරුන් කැමති නැහැ. එවන් අය ගැන දුකයි (නි)

:       0       0

සුජිත් Saturday, 12 March 2016 08:44 AM

“මම, මගේ, මට“ කියලා හිතන්නේ නැතුව දැන්වත් කවුරුත් පොදු හැඟීමෙන් හිතන්න පුරුදුවෙන්න (නි)

:       0       0

කෝසල Saturday, 12 March 2016 08:39 AM

මම ගොඩක් දේවල් පැරිස් වල බලා තිබෙනවා. නමුත් මේක ගොඩක් ලස්සනයි (නි)

:       0       0

විජිත් Saturday, 12 March 2016 08:43 AM

පැරිස් වල සැඟවුණ දක්ෂයින් දැන් තමයි එළියට ආවේ. හරි සතුටුයි (නි)

:       0       0

රන්දික Saturday, 12 March 2016 08:47 AM

ඔබ පළකරන ලිපි සියල්ල අපි නොවරදවා කියවනවා. කරුණාකර තව තව ලිපි ලියන්න. අපි බලාසිටිමු (නි)

:       0       0

චරිත් සේරසිංහ Sunday, 13 March 2016 10:47 AM

නයි කයිද රෝස් පාන් කිව්වලු , ප්‍රතිචාර දුටුවම දුකක් සිතෙනවා (බ)

:       0       0

සුසිත් Sunday, 13 March 2016 01:28 PM

නියම වැ ඩක් (බ)

:       0       0

වසන්ති Sunday, 13 March 2016 01:21 PM

ගොඩක් ලස්සනයි ..(බ)

:       0       0

කුමාර Sunday, 13 March 2016 01:31 PM

අායිමත් මේ වගේ ලස්සන දෙයක් කරන්න අපි එනවා බලන්න .(බ)

:       0       0

අමල් Sunday, 13 March 2016 01:34 PM

ලස්සන උතුම් වැඩක් අපි ගොඩක් සතුටු වුණා ස්තුතියි .!! (බ)

:       0       0

අජිත් Sunday, 13 March 2016 01:37 PM

පැරිස් වල කරපු ලස්සන සංගීත රාත්‍රියක් ගොඩක් සතුටුයි ..(බ)

:       0       0

විමල් Sunday, 13 March 2016 01:30 PM

ගොඩක් ලස්සනයි ස්තුතියි ..!! (බ)

:       0       0

කල්පනී Sunday, 13 March 2016 01:33 PM

කාලෙකින් ලස්සන සින්දු ටිකක් ඇහුවා අායිමත් එකක් කරන්න අපි එනවා බලන්න ..!! (බ)

:       0       0

රවී Sunday, 13 March 2016 01:48 PM

ඔබගේ ලිපි කියවා අපි බොහෝදේ දැනගත්තා තවතව ලිපි ලියන්න ඔබට ශක්තිය ලැබේවා ..(බ)

:       0       0

කපිල Sunday, 13 March 2016 02:32 PM

හොද පරමාර්ථයෙන් කරන ඕනම දෙයක් සාර්ථක වේ ..(බ)

:       0       0

සමන් Sunday, 13 March 2016 02:33 PM

පිරිසිදු චේතනා ගෙනදේ වාසනා .!! (බ)

:       0       0

ජගත් Sunday, 13 March 2016 02:27 PM

ඉදිරියටත් මෙවන් ලස්සන හොද දේවල් කරන්න දෙන්න ඔබගේ සහය .(බ)

:       0       0

ඇන්ජලි Sunday, 13 March 2016 04:03 PM

ගොඩක් ලස්සනයි .අපි බැලුවා (බ)

:       0       0

මාලා Sunday, 13 March 2016 04:05 PM

ලස්සන සින්දු කලකින් ඇසුවා (බ)

:       0       0

නිල්මිණි Sunday, 13 March 2016 04:07 PM

හරිම ලස්සනයි හරි ආසයි ..අායිමත් බලන්න (බ)

:       0       0

කිත්සිරි Sunday, 13 March 2016 04:16 PM

අනිල් බාරති ගේ සින්දු වලට අපි හරි ආසයි .(බ)

:       0       0

රන්ජිත් Sunday, 13 March 2016 04:22 PM

ඔක්තෝම්බර්, නොවැමිබර් වල අපි පැරිස් වල දැවැන්ත නිර්මාණයක් කරන්න බලාපොරොත්තු වෙනවා. අපිට උදවු කරන්න (නි)

:       0       0

සමන් Sunday, 13 March 2016 04:15 PM

අනේ ඇත්තටම මේ වගේ සන්දර්ශනයක් ආයෙත් කරන්නකෝ. අපි එනවා (නි)

:       0       0

නිලන්ති Sunday, 13 March 2016 04:18 PM

හරි සතුටුයි අපිට. හරිම ලස්සනයි (නි)

:       0       0

තමරා Sunday, 13 March 2016 04:29 PM

පරණ සින්දු හරි රසවත්. ඒවා අහන්න ආසයි (නි)

:       0       0

අනිල් Sunday, 13 March 2016 04:33 PM

සිහිවටන ඉතා රසවත්. ඒ වගේම ලස්සනයි. (නි)

:       0       0

මිලානෝ Sunday, 13 March 2016 10:49 PM

ප්‍රංශයේ සිංහලයන්ගේ අදහස් හරිම කෘත්‍රිමයි. සමිති අතර තරඟය නිසා එකම කට්ටියක් ලියනවා.(අ)

:       0       0

ජයලත් Monday, 14 March 2016 08:39 AM

මිලානෝ.. .හොද දේට හොදයි කියන එක ඔයාට ඇයි ඉවසන්න බැරිනම් නොබලා ඉන්න (බ)

:       0       0

චතුරංග Monday, 14 March 2016 08:42 AM

මිලාන් කවුරු ලියුවත් ලියල තියෙන්නේ ඇත්ත (බ)

:       0       0

ජගත් Monday, 14 March 2016 08:52 AM

මිලාන් .....ඉරිසියයිද ? (බ)

:       0       0

රන්ජිත් Monday, 14 March 2016 11:49 AM

මිලානෝ ..පැරිස් වල සිංහ හම් පෙරේගත් නාකි කොටළුවන් ගේ නිර්වත හෙළිවන දින වැඩි ඇතක නැත . (අ)

:       0       0

රොහාන් Monday, 14 March 2016 11:45 AM

මිලාන් මතකයේ තියාගන්න පෙරවදන ....උ ඩ පැ න්නොත් බිම වැටේ හිස් මිනිසුන් ..(බ)

:       0       0

රන්ජිත් පැරිස් Monday, 14 March 2016 11:55 AM

මිලාන් .ඔයා කියන්න .. හොද දේ අගයකරන්න මෝඩකම කුහකකකම යටිපුට්ටු කම වතුර යටින් ගින්දර ගෙනියන වැඩ පිට සමිති ඇතුලෙ කොටවන වැඩ දැන්වත් නවත්වනු ..(බ)

:       0       0

අයිවන් Monday, 14 March 2016 12:12 PM

මිලාන් අහන්න ..මම , මගේ ,මට , මමයි මේකේ කෙරුම , කියල හිතල පැරිස් වල ජිවත් වන උදවිය කරන කටයුතු එලිවනකොට ඒ ජාමෙටයි හොද හොද සෙල්ලම් ..(බ)

:       0       0

නිලුකා Monday, 14 March 2016 12:06 PM

මේවා දකිනකොට පණ පලයන් ගිය සුමානේ ..(බ)

:       0       0

නදිසා පැරිස් Monday, 14 March 2016 12:18 PM

මිලානෝ ..මුනට හිනාවන, මුනිච්චාවට කතාකරන මිනිස්සු නෙමෙයි පැරිස් වල ඉන්නේ .(අ)

:       0       0

ජානක Monday, 14 March 2016 12:32 PM

මිලාන් ...කන්න දීපු අත හපා කන උදවියට මොකද වෙන්නේ කියලා මිලාන් අපි නරඹමු ..!! (බ)

:       0       0

ගුණවර්ධන Monday, 14 March 2016 02:10 PM

මේ වගේ අපේ ලාංකික කලාව පැරිසියේදී පැවැත්තු එක ගැන අහල සතුටු වෙනවා මේවා අපිට උරුම වුන දේවල් සැමට ජය පතනවා , නෙදර්ලන්තයේ නම් මේවා දකින්නට නැහැ .(බ)

:       0       0

ලේක්කෝ ගලබඩ Monday, 14 March 2016 03:05 PM

මිලානෝ පිටිගල ඔයා මිලානෝ වල වැඩක් බලාගෙන ඉන්න ප්‍රංශේ අය ඒගොල්ලන්ගේ දේවල් ගැන බලාගනියි. පුලුවන්නම් මෙහෙ සමිතිවල ගින්දර නිවන්න.(අ)

:       0       0

ඔසී සියබලාපේ Monday, 14 March 2016 05:46 PM

දැන් පැරීසියේ පාර අයිනේ පඳුරකට පයින් ගහපුවම එකමුතු දහයක් පහළොවක් විතර විසිවෙනවා . (ර)

:       0       0

මිලානෝ Monday, 14 March 2016 10:41 PM

ලේක්කෝ ගලබඩ, මම දැන් අවුරුදු කීපයක ඉඳලා මෙල්බර්න් නගරයේ ඉන්න බව ඔබත් දන්නා එකේ මම කොහොමද මෙහෙ ඉඳලා ගලබඩගේ ගිනි නිවන්නේ? (නි)

:       0       0

රන්ජිත් Wednesday, 16 March 2016 12:04 PM

මිලාන් ...ඉදිරියේදී අපි පැරිස් වල නියම වැඩ ගොඩක් කරන්න සුදානම් ... මිස් ශ්‍රී ලංකා ලෝකයේ ලස්සනම ශ්‍රී ලංකා යුවතිය . .තෝරන තරගය අපි අපේ සංගමයෙන් කරන්න බලාපොරොත්තු වෙනවා 2016 යේ ඔක්තෝම්බර් ; නොවැම්බර් ; වල අපිට ඔක්කොමලා උදව් කරන්න (බ)

:       0       0

අජිත් පැරිසිය Wednesday, 16 March 2016 03:30 PM

දැන් පැරීසියේ මිස් ශ්‍රී ලංකා තරඟ කියක් තියෙනවද ? මිස් ශ්‍රී ලංකාවත් විකුණගෙන කන වැඩ පිළිවෙලක් වගේ .(බ)

:       0       0

සුසන්ත පැරිස් Wednesday, 16 March 2016 06:09 PM

අජිත් පැරිස්, මෙයාලා හරි දක්ෂයි. පැරිස් වල වාර්තාවක් තියයි වගේ. (නි)

:       0       0

සුජීවා Wednesday, 16 March 2016 06:03 PM

සංවිධායක මණ්ඩලයට සියල්ල කරන්න ශක්තිය ලැබේවා! (නි)

:       0       0

නිමල් Wednesday, 16 March 2016 08:47 PM

රොහාන්, ඉදිරියේදී පැරිස්වල පඳුරකට පය වැදුනොත් මිස් ශ්‍රී ලංකා සංදර්ශන කරන සංවිධාන කීයක් විසිවේද? (නි)

:       0       0

ගුණපාල Wednesday, 16 March 2016 08:42 PM

අජිත් පැරිස්, දැන් පැරිස් වලට හැදිලා තියෙන්නේ මිස් ශ්‍රී ලංකා අජීරණයනේ (නි)

:       0       0

නිලන්ති Wednesday, 16 March 2016 08:47 PM

අජිත් පැරිස්, මීයක් කඩන්නේ අත ලෙවකන්නද? (නි)

:       0       0

ප්‍රියන්ත Thursday, 17 March 2016 12:15 PM

රොහාන් .මේවා ඔක්කොම බොරු වැඩ (හේ)

:       0       0

විමල් Thursday, 17 March 2016 12:19 PM

නිලන්ති .. ඔබ හරි (හේ)

:       0       0

අයිවන් Thursday, 17 March 2016 12:37 PM

අජිත් පැරිස් ...බලන්නකෝ ලංකාවේ වත් මෙහෙම සංගීත සන්දර්සන තිබේද ? පැරිස් වල එක සතියට 2 යි මාසේට 10යි ඕවා බලන්න යන්න මිනිස්සුන්ට කොහොන්ද ඔච්චර සල්ලි.. (හේ)

:       0       0

බටගල Thursday, 17 March 2016 05:35 PM

මෙවන් ප්‍රවෘත්තියකට ඇති ප්‍රතිචාර තොගයෙන්ම මෙවන් පුවත් වලට ඇති ජනතා කැමැත්ත තේරුම්ගත හැක (නි)

:       0       0

කුමාර පැරිස් Friday, 18 March 2016 12:51 PM

වැ ඩේනම් නියමයි හැ බයි සද්ද මදි ..(අ)

:       0       0

ජයලත් Friday, 18 March 2016 12:58 PM

පැරිස් ඉතිහාසයේ 11600 කට වැඩි පිරිසක් කියවපු එකම ප්‍රවෘත්ති ඉතාවිශාල ප්‍රමාණයක් ගුණ .අගුණ ලියපු නිවුුස් එක හරි සතුටුයි ..(අ)

:       0       0

රන්දික පැරිස් Friday, 18 March 2016 01:02 PM

මේවගේ ලස්සන සංගීතයක් පැරිස් වලයින්න අපිට ආයි කවදා ලැබේද .???(අ)

:       0       0

කමුර්දින් Friday, 18 March 2016 01:08 PM

නිවෙදන කටයුතු කරනකොට නිවේදකයා මගේ පපුවට ඩො .ඩො .ඩො . ගාල වදිනවා නියමයි ..(අ)

:       0       0

ගාමිණි Friday, 18 March 2016 01:11 PM

කරනවා නම් කරන්න මේ වගේ සංගීතයක්... කරපු අයගෙන් ඇසුවනම් දැනගන්න පුළුවන් ...(අ)

:       0       0

ගයාන් පැරිස් Friday, 18 March 2016 09:19 PM

නිවේදකගේ නිවේදන හරිම ලස්සනයි. ගැඹුරු අර්ථ හරි පැහැදිලියි. නියමයි (නි)

:       0       0

ජගත් Friday, 18 March 2016 09:21 PM

කරනවානම් කරන්න මේ වගේ වැඩක් පුලුවන් නම් (නි)

:       0       0

රන්ජිත් Friday, 18 March 2016 09:31 PM

සංගීත කරන්න දන්නේ නැත්නම් අහන්න. අපි කියා දෙන්නම්. ලැජ්ජාවෙන්න එපා (නි)

:       0       0

නිමල් පැරිස් Friday, 18 March 2016 09:37 PM

අපිට පස්සේ කළ සංගීතයට මොකද වුණේ? (නි)

:       0       0

ජගත් වික්‍රමාරච්චි Friday, 18 March 2016 11:56 PM

අදහස් දැක්වූ සැමට ප්‍රණාමය පුදමි. මෙය ලියපු සුනිල් ආනන්දටත් අපේ ආචාරය! අපි ගත් උත්සාහයේ ප්‍රතිපල අහනකොට හරි සතුටුයි. ලොකු උත්සාහයක් ගත්තා පවතින රැල්ලෙන් මිදිලා ප්‍රසංගය කලාත්මක නිවැරදි මාවතට ගන්න. එ්ත් පරණ කුණු රසටම හුරු උදවිය මේක බලන්න ආවේ නැහැ. නිහඩ වර්ජනයක් දියත් කළ උදවිය හිතුවා මේ ප්‍රසංගය කොටඋඩ යයි කියලා. නමුත් ඉතාමත් වැදගත් මිනිසුන්ගෙන් ශාලාව පිරුනා. හොඳ දේ හඳුනාගත හැකි මිනිසුන් පැරිසියේ ඉන්න බව අපි තේරුම් ගතයුතුයි. (නි)

:       0       0

ජගත් වික්‍රමාරච්චි Saturday, 19 March 2016 12:34 AM

ලංකාදීපයේ පළවූ අදහස් උදහස් අගයමි නිරතුරු. අපි ගත් උත්සාහයේ ප්‍රතිඵල ගැන කතාකරන එක සතුටක්. අපිට ඕනෑ වුණේ මේ කලාවට නිගරුවෙන ප්‍රසංග රටාව මොහොතකට නතර කරලා කලාත්මක් මාවත පෙන්නා දෙන්න. එ්ක අපි කළා. හැබැයි කුණු රසටම ආසා බොහෝ උදවිය මේක මඟඇරලා නිහඬ වර්ජනයක් දියත් කළා කියලයි ආරංචිය. අද ප්‍රතිඵල දකිනවිට එයාලට ලජ්ජාත් ඇති. අපේ උත්සාහය සාර්ථකයි. (නි)

:       0       0

ඉන්දික පැරිස් Saturday, 19 March 2016 07:50 AM

ජගත් වික්‍රමාරච්ච්, නිහඬ වර්ජනය දියත් කළේ කවුද කියලා අපි දන්නවා. ඔබතුමා හරි (නි)

:       0       0

රන්ජිත් පැරිස් Saturday, 19 March 2016 07:55 AM

ජගත් වික්‍රමාරච්චි, ඔබ හරි. ඔබට‍ හා ඔබගේ පරමාර්ථයට ජයවේවා! (නි)

:       0       0

ජයන්ත පැරිස් Saturday, 19 March 2016 08:05 AM

ජගත් වික්‍රමාරච්ච්, ඔබතුමා කෙළින් වැඩකරන, කෙළින් කතාකරන මහතකු බව පැරිස් වල ඉන්න කවුරුත් දන්නවා. ඔබතුමා සමඟ අපි ඉන්නවා ඉදිරියට (නි)

:       0       0

නිමල් පැරිස් Saturday, 19 March 2016 08:16 AM

ජගත් වික්‍රමාරච්ච්, පැරිස් වල ලංකාවට සුබසාධනය කරන්න සංවිධානයක් තියෙනවා නේද? එ්කේ කටයුතු කොහොමද? (නි)

:       0       0

සුජීවා Saturday, 19 March 2016 08:22 AM

ජගත් අයියා, ඔයා කියන කතාව හරි. අපිත් දන්නවා. අපි නිහඬවෙලා බලාගෙන ඉඳිමු (නි)

:       0       0

රුච්ර පැරිස් Saturday, 19 March 2016 09:18 AM

ඉතා ලස්සනයි. අතිසාර්ථක සංගීත සංදර්ශනයක් අපි බැලුවා (නි)

:       0       0

නිල්මිණි පැරිස් Saturday, 19 March 2016 09:37 AM

ජගත් අයියේ, ඔයා නිවේදන කටයුතු කරනකොට ඔයාගේ වදන් මිහිරි, පැහැදිලි, වචන, හඬ අහන්න අපි හරි කැමතියි (නි)

:       0       0

සුජීවා පැරිස් Saturday, 19 March 2016 09:43 AM

ජගත් අයියේ, පැරිසියේ සංගීත සංදර්ශන නිවේදකයන් අතර අපි ඔයාට ලබා දෙන්නේ අංක 1. ඔබ ඉතා දක්ෂයි. ජයවේවා! (නි)

:       0       0

කමනි පැරිස් Saturday, 19 March 2016 10:44 AM

ජගත්, අගුණ අඩුයි, ගුණ වැඩියි. ඔයාලගේ සංදර්ශනයට අපිට සතුටුයි. ස්තුතියි! (නි)

:       0       0

අනුර Saturday, 19 March 2016 01:42 PM

ජගත් මල්ලි, ඉදිරියේදී පැරිස් ලංකා සුබසාධන සංගමය එක්ක එකතුවෙලා කටයුතු කළා නම් හොඳයි නේද? (නි)

:       0       0

සමන් පැරිස් Saturday, 19 March 2016 02:08 PM

ඉතා හොඳ සංදර්ශනයක්. අපිත් බැලුවා. නියමයි (නි)

:       0       0

නිමල් පැරිස් Sunday, 20 March 2016 01:10 PM

ජගත් මල්ලි, පැරිස් සුබසාධන සංගමය සමඟ එකතුවෙන්න කලින් දෙවරක් හිතන්න (නි)

:       0       0

රුචිර පැරිස් Sunday, 20 March 2016 07:35 PM

ජගත් අයියේ, පැරිස් සුබසාධනය කියන්නේ කාගේ සුබසාධනයද? (නි)

:       0       0

රත්නසිරි පැරිස් Sunday, 20 March 2016 07:38 PM

ජගත් මල්ලි, ඔයාලාගේ වැඩේ නම් නියමයි. ජයවේවා! (නි)

:       0       0

සුමිත් පැරිස් Sunday, 20 March 2016 07:41 PM

ජගත් අයියේ, ආයෙත් හොඳ සංගීතයක් කරන්නේ කවදාද? කියන්න. අපි එනවා බලන්න (නි)

:       0       0

පෙරේරා Sunday, 20 March 2016 07:44 PM

ජගත් පුතා, අපි එදා ගොඩක් සතුටුවුණා. ඔයාට ගොඩාක් පිං! (නි)

:       0       0

අල්විස් Sunday, 20 March 2016 07:47 PM

මට දැනටත් එදා අහපු සින්දු ඇහෙනවා. සතුටුයි. (නි)

:       0       0

රෝහිනී පැරිස් Sunday, 20 March 2016 08:23 PM

ජගත් මහත්තයෝ, ඔබතුමා නිවේදන කරන ආකාරය ඉතා ඉහළයි (නි)

:       0       0

විමලනාත් Monday, 21 March 2016 07:53 AM

ජගත් මල්ලි, මම ඊයේ රෑ හීනෙනුත් ඔයාලගේ ප්‍රසංගය දැක්කා (නි)

:       0       0

ජානක Monday, 21 March 2016 07:55 AM

ඔයාලගේ ප්‍රසංගයේ සින්දු මට තවමත් ඇහෙනවා වගෙයි (නි)

:       0       0

සුසිත් පැරිස් Monday, 21 March 2016 08:15 AM

ජගත් මහත්තයේ මබතුමා පැරිස් ඉන්න ලාංකිකයින්ට ලොකු පම්පතක්. (ර)

:       0       0

මහේෂ් පැරිස් Monday, 21 March 2016 08:56 AM

ජගත් වික්‍රමාආරච්චි ... නිහඩ නෙමෙයි සද්දෙට තමයි ඒ වර්ජනය කළේ , වර්ජනය අසාර්ථකයි ... .සංගීතය ,පරමාර්ථය ,සාර්ථකයි... දුක සුබසාදනය කියාගත් සංගමයක සබාපති මුල් වීමයි (බ)

:       0       0

ජගත් පැරිස් Monday, 21 March 2016 08:58 AM

සුබ සාධනය කියන නමේ තේරුම දන්නවාද ..? (බ)

:       0       0

සිල්වා පැරිස් Monday, 21 March 2016 02:19 PM

ජගත් මල්ලි.. ඔබ දක්ෂ කළා කරුවෙක් ඒ බව ඔබ ඔප්පු කළා. (ර)

:       0       0

පුෂ්පසිරි පැරිස් Monday, 21 March 2016 02:22 PM

කාලෙකින් දුටු ඉතා හොද නිර්මාණයක් සතුටුයි. (ර)

:       0       0

නිර්මාල් පැරිස් Monday, 21 March 2016 02:25 PM

කවූරුකලත් හොදදේ අගය කලයුතුයි ලොබ නැතිව.. මෙය හොද නිමයුමක්. (ර)

:       0       0

දිනන්ති පැරිස් Tuesday, 22 March 2016 01:33 PM

ඉදිරියටත් හොඳ නිමැයුමක් එළිදක්වන්න. අපි සැදී පැහැදී බලාසිටිමු (නි)

:       0       0

කමනි පැරිස් Tuesday, 22 March 2016 01:35 PM

හොඳ දේ කවුරු කළත් හොඳයි. මේක ඉතා ලස්සනයි (නි)

:       0       0

අමර පැරිස් Tuesday, 22 March 2016 01:37 PM

ලස්සන සංගීත සංදර්ශනයක් අපිට දකින්න ලැබුනා. ස්තුතියි! (නි)

:       0       0

සුජිත් පැරිස් Tuesday, 22 March 2016 04:59 PM

ජගත් මල්ලි, ඔයා ඇත්තටම පැරිස් වල ඉන්න හොඳ දක්ෂ කලාකරුවෙක්, නිර්මාණකරුවෙක්, නිවේදකයෙක්, සංවිධායකවරයෙක්. ඒ බව ඔබ පැරිස් ලාංකිකයන්ට පසක්කළා (නි)

:       0       0

රන්ජිත් පැරිස් Tuesday, 22 March 2016 05:03 PM

ජගත් මල්ලි, ඔයා පැරිස් වල ඉන්න. අපිට සම්පතක්. ඔබ රැකගැනීම අපේ වගකීමයි (නි)

:       0       0

ඉසුරු ආරච්චිගේ Tuesday, 22 March 2016 06:53 PM

ජගත් මල්ලි, ඔයාගේ මේ උතුම් කටයුත්තට පැමිණීමට එරෙහිව වර්ජනයක් දියත් කළා කියලා ඔයා ලියලා තියෙනවා. ඒ කතාව ඇත්තටම ඇත්තක්ද? (නි)

:       0       0

ජගත් වික්‍රමාරච්චි Tuesday, 22 March 2016 11:23 PM

අපි අද හෙටම අපේ ආදරණිය රංගධරයා වෙත මුදල් පරිත්‍යාගය ලබාදෙනවා. බර්ටි ගුණතිලක මහතා වෙනුවෙන් යමක් කිරීමේ ශක්තිය ලබාදුන් ඔයාලා ඔක්කොටම මේ පින අනුමෝදන් වෙනවා. අපේ පළමු උත්සාහය මෙතරම් අගය කිරීමකට ලක්වීම ඉදිරියේදී තව හොඳ වැඩකට අපිව තල්ලු කිරීමක් බව අමතක නොකරන්න. අපිව හඳුනාගත් කීපදෙනෙක් හරි ප්‍රංශයේ සිටීම සතුටක්. (නි)

:       0       0

ඉසුරි පැරිස් Wednesday, 23 March 2016 09:00 AM

ජගත් වික්‍රමාරච්ච් .කීප දෙනෙක් කියලා කටවරද්ද ගන්න එපා එදා සංගීත සන්දර්ශනයට 350ක් 400 ක් විතර පිරිසක් හිටියා මම සියැසින් දුටුවා ඉදිරියටම යන්න අපි ඔබ සමගයි ..(බ)

:       0       0

අල්විස් පැරිස් Wednesday, 23 March 2016 09:02 AM

ජගත් මල්ලි... කීපදෙනෙක් නොව අපි සියලුදෙනා ඔබසමගයි ජයවේවා .(අ)

:       0       0

සිල්වා පැරිස් Wednesday, 23 March 2016 09:09 AM

ජගත් ඔයා. කෙලින් කතාකරන, කෙලින් වැ ඩකරන වැදගත් මහත්තයෙක් ඔයාට ජයනියතයි .ඉදිරියටම යන්න .(අ)

:       0       0

රන්ජිත් පැරිස් Wednesday, 23 March 2016 10:45 AM

ජගත් මල්ලි ..බියනොවන්න වර්ජන කරු හෙළිකරන්න රටට දැනගන්න (බ)

:       0       0

අයිවන් පැරිස් Wednesday, 23 March 2016 12:01 PM

ජගත් මල්ලි .. බයවෙන්න එපා වර්ජනකරුගේ නම කියන්න අපි දැනගන්න ආසයි ..අපි ඉන්නවා ඔයා සමග (බ)

:       0       0

ගාමිණි පැරිස් Wednesday, 23 March 2016 12:05 PM

ජගත් ඔයා ගේ පිංකමට අපිටත් දායක වීමට ලැබිම්ම ගැන අපි සතුටු වෙනවා (බ)

:       0       0

චතුරංග පැරිස් Wednesday, 23 March 2016 01:15 PM

ජගත් වික්‍රමාරච්ච් යනු පැරිස් ජිවත් වෙන දක්ෂ කලාකරුවකු බව දැනටම ත් මුළු ලොවම පිළිගෙන අවසන් ..(බ)

:       0       0

චන්දන පැරිස් Wednesday, 23 March 2016 05:09 PM

ජගත්.. වර්ජනකරු හෙළිකරන්න බියද .? (බ)

:       0       0

කුමාරි පැරිස් Wednesday, 23 March 2016 05:11 PM

ජගත් ඇත්ත කියන්න පොලවේ හිටගන්න බයවෙන්න එපා ..(බ)

:       0       0

නිල්මිණි පැරිස් Wednesday, 23 March 2016 05:14 PM

ජගත් වර්ජන කතාව බොරුවක්ද කියා මට සැකයි (බ)

:       0       0

ඉන්දික පැරිස් Thursday, 24 March 2016 08:30 AM

ජයවේවා ......ජයවේවා.........ජයවේවා........ (ම)

:       0       0

කසුන් පැරිස් Thursday, 24 March 2016 10:50 AM

පැරිස් දෙවනක් කල ජගත්ට ජයවේවා..! (ර)

:       0       0

ඉස්මි පැරිස් Thursday, 24 March 2016 10:54 AM

පැරිස් සංගීත යේධයා... ජගත් ඔබවේ .. (ර)

:       0       0

නාලනී පැරිස් Thursday, 24 March 2016 04:55 PM

මේ වගේ ලස්සන සංගීතයක් අායෙත් කවදාද කරන්නේ කියන්න (නි)

:       0       0

පබා පැරිස් Thursday, 24 March 2016 04:58 PM

කාලෙකින් දුටු ලස්සන සංගීත රාත්‍රියක්. හරි ලස්සනයි (නි)

:       0       0

අල්විස් පැරිස් Thursday, 24 March 2016 06:09 PM

හරි සතුටුයි. ජයවේවා! (නි)

:       0       0

කරුණා පැරිස් Thursday, 24 March 2016 06:11 PM

අපිට හරිම සතුටුයි. මෙය ඉතා ලස්සනයි (නි)

:       0       0

අල්පොන්සු පැරිස් Thursday, 24 March 2016 06:13 PM

ජය ..ජය...ජය...ජයවේවා ජගත්! (නි)

:       0       0

සේන පැරිස් Friday, 25 March 2016 06:59 AM

පැරිස්වල ඉන්න ලාංකිකයන් සතුටු කරන්න රජෙක් පහළ වේවා .ජගත් ඔබට ජයවේවා ..(බ)

:       0       0

කොඩිකාර පැරිස් Friday, 25 March 2016 07:02 AM

ජගත්... ලස්සනදේ ලස්සනයි ඔබට ස්තුතියි ..(බ)

:       0       0

මංගලිකා පැරිස් Friday, 25 March 2016 07:04 AM

ජගත් ....ඔයාට සුබ අනාගතයක් ජයවේවා (බ)

:       0       0

අල්විස් පැරිස් Friday, 25 March 2016 07:06 AM

ජගත්.... ඔය ගමන යහ පාලනයට අත් වැලක් වේවා ..(බ)

:       0       0

ආනන්ද පැරිස් Friday, 25 March 2016 08:40 AM

ජගත්, ඇත්තටම ඔබ කලාවට රජෙක් (නි)

:       0       0

තරිදු පැරිස් Friday, 25 March 2016 08:43 AM

ජගත් අයියා, ඔබගේ දක්ෂකම් පැරිස් ඉන්න අපිට වටිනවා (නි)

:       0       0

රන්ජිත් පැරිස් Friday, 25 March 2016 08:45 AM

දක්ෂ කලාකරුවන්ට ඊර්ෂ්‍යා කරන්න එපා (නි)

:       0       0

සුසන්ත පැරිස් Friday, 25 March 2016 08:50 AM

ජගත් මල්ලි... තව ලස්සන දෙයක් කරන්න පැරිස් වල ඉන්න අපි සෝරෝම උදවු කරනවා ඔයාට (අ)

:       0       0

ගයන්ත පැරිස් Friday, 25 March 2016 08:51 AM

ජගත් පුතේ ඔයාට ජයවේවා.(අ)

:       0       0

සාගල පැරිස් Friday, 25 March 2016 10:53 AM

අහනවනම් ඔන්න සින්දු හරි මිහිරියි ..(ම)

:       0       0

සුමේද පැරිස් Friday, 25 March 2016 12:45 PM

ජගත්, ඔබ මාධ්‍යවේදියෙක්, ගුරුවරයෙක්, ලේකඛයෙක්, නිවේදකයෙක්, නළුවෙක්, වාදකයෙක්, ගායකයෙක්, කැමරා ශිල්පියෙක්. ඔබ ඇත්තයම නියම කලාකරුවෙක්, දක්ෂයෙක්. ඔබට ජය! (නි)

:       0       0

සිල්වා පැරිස් Friday, 25 March 2016 02:06 PM

ජගත් මල්ලි නියම වැඩකාරයෙක්. අපිට සතුටුයි (නි)

:       0       0

පෙරේරා පැරිස් Friday, 25 March 2016 02:09 PM

ජගත් මල්ලි, ඔයා කළ සංගීතය අපට කිසිදා අමතක නොවේ (නි)

:       0       0

රුචිර පැරිස් Friday, 25 March 2016 04:52 PM

ජගත් මහත්තයා ඉඳලා ඉඳලා පැරිසිය දෙවනත් කළා නේද? නියමයි (නි)

:       0       0

වින්දන පැරිස් Friday, 25 March 2016 05:01 PM

පැරිස් වල ආන්දෝලනාත්මක කතාව ජගත්ලාගේ සංගීතයි. ඇත්තෙන්ම හොඳයි තමයි. (නි)

:       0       0

නීල් පැරිස් Saturday, 26 March 2016 08:24 AM

ජගත් පුතා.... ගැන අපිට ලොකු ආඩම්බරයක් හිතෙනවා (බ)

:       0       0

අතුල පැරිස් Saturday, 26 March 2016 08:27 AM

ජගත් අයියේ .....ඉදිරියටම යන්න අපි ඔබ සමගයි සුබ අනාගතයක් ..(බ)

:       0       0

රෝෂන් පැරිස් Saturday, 26 March 2016 08:30 AM

මේවා දකිනකොට හරි සතුටුයි යහපාලනයක්, ජගත් ට සුබ අනාගතයක් (බ)

:       0       0

සුජිත් පැරිස් Saturday, 26 March 2016 08:34 AM

ජගත් ඔයා එකයි කළේ පැරිස් සෙනග උමතුවෙලා දෙක කළානම් හිතාගන්න බෑ .(බ)

:       0       0

ජගත් පැරිස් Saturday, 26 March 2016 08:36 AM

මේවා දකිනකොට සතුටුයි .ජයවේවා (බ)

:       0       0

කමල් පැරිස් Saturday, 26 March 2016 08:39 AM

වැඩේ නියමයි ජයවේවා ..(බ)

:       0       0

රේසන් පැරිස් Saturday, 26 March 2016 09:48 AM

ජගත් ඔබට සුබ අනාගතයක් .(බ)

:       0       0

චන්න පැරිස් Saturday, 26 March 2016 09:51 AM

ජගත්... සෙනග හිටියනේ ලාබේ කොහොමද ...? (බ)

:       0       0

සමන්ත පැරිස් Sunday, 27 March 2016 07:06 AM

ජගත් ඔබ කැමැති යහපාලනයට ද.? සුබ අනාගතයට ද? විප්ලවයට ද .? (ර)

:       0       0

රොහාන් Sunday, 27 March 2016 07:10 AM

ජගත් ඔබතුමා පැරිස් වල සංගීත විප්ලවයක් කළා .ඔබතුමාගේ සේවය කලාව තුල අමරණීයයි. (ර)

:       0       0

ඉසුරු පැරිස් Sunday, 27 March 2016 07:15 AM

ජගත් මල්ලි එක පුන්සදින් දුරුවේ ලොව ගණ අදුරු, තරු අහසේ ඇත වැඩක් වේද ...? (ර)

:       0       0

රන්ජිත් පැරිස් Sunday, 27 March 2016 03:37 PM

පැරිස් වල ...ජිප්සීස් ,භාතිය සන්තුස් ,.ටැලන්සෝ ,.මිස් ශ්‍රී ලංකා ,.මිස් යුරෝප් ,. සියල්ල ජගත් ඔබ පරාද කළා ඔබට ප්‍රතිචාර 156 ඉක්මවා යනවා ජයවේවා (බ)

:       0       0

සුජිත් පැරිස් Sunday, 27 March 2016 03:41 PM

බුදු අම්මේ මෙතරම් ප්‍රතිචාර පැරිස් වල ලැබුණු පළමු වතාව. සියලු දෙනාට ස්තුතියි ..(බ)

:       0       0

ඉරාන් පැරිස් Sunday, 27 March 2016 03:44 PM

බර්ටි ගේ වාසනාව ....ජගත් ගේ ප්‍රචාර.. .පැරිස් වල වෙනසක් (බ)

:       0       0

චතුරංග පැරිස් Sunday, 27 March 2016 03:46 PM

නරඹන්න පැමිනි නරඹන්න නොපැමිණි සියලු දෙනාටම ස්තුතියි ...පිං.....(බ)

:       0       0

සුමේද පැරිස් Sunday, 27 March 2016 05:50 PM

ජගත් .. සමහර පැරිස් වල සංගම් ලංකාවට උදවු කරනවා කියලා බෙරිහන් දිදී මිනිස්සු අදිනවලු. නමුත් අපි අපේ සංගමේ එහෙම කරන්නේ නෑ. (ස)

:       0       0

විමල් පැරිස් Sunday, 27 March 2016 05:55 PM

ජගත් මල්ලි ....මිනිස්සු අදිනවා සල්ලි බෙදාගන්න බැරිව රන්ඩූ කරනවා. මෙනවද මේ පැරිස් වල වැඩ ලැජ්ජයි ......!! (ස)

:       0       0

ලෙස්ලි පැරිස් Sunday, 27 March 2016 05:57 PM

ජගත් මිතුරාණනි ඔබට ඉදිරියටත් ජය සිකුරුයි .....(ස)

:       0       0

මදුර පැරිස් Monday, 28 March 2016 07:23 AM

සමන්ත පැරිස්, ජගත් කැමති සුබ අනාගතයකට එයා යින්නේ අපි සමගයි එකනේ එදා අපි කට්ටිය බැහැලා උපරිමයෙන්ම කටයුතු කලේ. (ර)

:       0       0

අජන්තා පැරිස් Monday, 28 March 2016 10:51 AM

ජගත්... ඔබගේ දස්කම් විස්කම් අපි දුටුවා ඔබගේ , සැලසුම් , නිර්මාණ ,සංවිධානය ඉතා ඉහලයි අති සාර්ථක සංගීත සංදර්ශනයක් අපි නැරඹුවා රසවින්දා ස්තුතියි ....(බ)

:       0       0

ලක්මාල් පැරිස් Monday, 28 March 2016 11:18 AM

ජගත් ...ඔබයි පැරිස් වල ඉන්න එකම එක ජගතා....(බ)

:       0       0

රන්ජිත් පැරිස් Monday, 28 March 2016 11:48 AM

ජගත් මහත්තයෝ...... පැරිස් වල කරපු උත්සවයක් ලංකාදීප එසැණ පුවතෙන් වැ ඩිම පිරිසක් කියවපු නරඹපු පුවත මේ. දැනට 12,125. කියවා නරඹා ඇත ..මෙය විශේෂ අවස්ථාවකි ..(බ)

:       0       0

ඉසුරු පැරිස් Monday, 28 March 2016 11:59 AM

ජගත්, පැරිස් වල ගිනිසිළුව ඔබයි. නරබා ඇත, 12,227 ක් පතිචාර 157, යි මේක පැරිස් වල වාර්තාවක්. (ර)

:       0       0

සිල්වා පැරිස් Monday, 28 March 2016 12:15 PM

ජගත් ..මම දැ න් පැරිස් ඇවිත් අවුරුදු 38 ක් වෙනවා මේ වැනි ප්‍රතිචාර ,159,ලැබුණු පළමු අවස්ථාව (බ)

:       0       0

හිරුනිකා පැරිස් Monday, 28 March 2016 01:23 PM

කළු කෙල්ලට පැරිස් වලින් ඇති දැවැන්ත ප්තිචාරයක් ගෞරවයක් 161 පතිචාර බැබෙනකොට 12,329 ක් නරබන කොට කාටද ආඩම්බර... (ර)

:       0       0

නිරන්ජන් පැරිස් Monday, 28 March 2016 05:16 PM

ජගත් පැරිස් වල ඉන්න උත්සව කඩාකප්පල් කරන අයට හිතන්න වේවි. 12,329 ක් බලනකොට, 161ක් ප්‍රතිචාර ලියනකොට පැරිස් ජනමතය . (ස)

:       0       0

තිස්ස පැරිස් Monday, 28 March 2016 05:19 PM

මේ වගේ ප්‍රතිචාර ලැබුණු තවත් සංගීත සන්දර්ශනයක් තවත් අද වෙනතුරු පැරිස් වල කරලා නෑ ...(ස)

:       0       0

ඉනොකා පැරිස් Tuesday, 29 March 2016 10:27 AM

ජගත් අයියා ලොකු පිංකමක් ඔයා කලේ අසරණ කළාකරුවන්ට. (ර)

:       0       0

රන්ජිත් පැරිස් Tuesday, 29 March 2016 01:39 PM

මේවගේ සංගීත සන්දර්ශන පැරිස් වල කරනවානම් ශාලා වේලෙන්නෙත් නැ . පාඩු වෙන්නෙත් නැ...(බ)

:       0       0

සුජිත් පැරිස් Tuesday, 29 March 2016 01:50 PM

අඩු තරමේ ,12,743 දෙනකු මෙම නිවේදනය බලපු එකම කෝටියක් .වටී (බ)

:       0       0

චතුරංග පැරිස් Tuesday, 29 March 2016 01:54 PM

169 ක් ප්‍රතිචාර වල වැඩි හරියක් ලියල තියෙන්නේ ගුණ ඒ කියන්නේ සංගීතය සාර්ථකයි ..(බ)

:       0       0

දිනේෂ් පැරිස් Tuesday, 29 March 2016 02:07 PM

ජගත් අයියා මේක ආශ්චර්යයක් ද ...මෙතරම් ප්‍රතිචාර (බ)

:       0       0

ඔස්මන් පැරිස් Tuesday, 29 March 2016 02:15 PM

පැරිස් වල ගී ගයපු . කළු කෙල්ලගෙයි . කළු කොල්ලේ දෙන්නගෙයි .වාසනාව ....වාසනාව දොර ඇරලා බලනවා පැරිසියම දෙවනත් කෙරුනා (බ)

:       0       0

රමේෂ් පැරිස් Tuesday, 29 March 2016 02:23 PM

කළු කෙල්ල පැරිස් වල සුදුඅසුපිට නැගලම යනවා ප්‍රතිචාර .12,907.යි (බ)

:       0       0

ධර්මසිරි Tuesday, 29 March 2016 02:32 PM

මිනිස්සු හොරෙන් අදින්නේ නැතිව මේ වගේ ලස්සන සන්දර්ශනයක් කරන්නකෝ කවුරුත් ...(බ)

:       0       0

අයිවන් Tuesday, 29 March 2016 05:29 PM

ධර්මසිරි ..පැරිස් වල තියන සංවිධාන ලංකාවට උදව් කරන සංවිධාන ඔයා ඔය කියන්නේ මිනිස්සු අදිනවා කියලා . ඇමරිකාවේ සංවිධාන වෙන්න ඇති ..(බ)

:       0       0

දිනේසා Tuesday, 29 March 2016 08:50 PM

කළු කෙල්ලේ ...., එදා තරම් මාගේ සිතේ රැඳුනේ නැහැ තව දවසක්. ඒ රාත්‍රිය එතරම් සුන්දරයි (නි)

:       0       0

ඉසුරි Wednesday, 30 March 2016 07:19 AM

ධර්මසිරි ...ඔබහරි මිනිස්සු අදින ජාවාරම හැම තැනම (බ)

:       0       0

හෙන්ස්ලි Wednesday, 30 March 2016 07:23 AM

අනිල් බාරති .... ගායකයාගේ එදා කටහඩ ඒ වගේමයි අදත් ..(බ)

:       0       0

රන්දික Wednesday, 30 March 2016 07:29 AM

උපාලි කන්නන්ගර.... 70 - 80 දශකයේ සුපස්ටා සංගීත කණ්ඩායමේ දක්ෂ ගිටාර් වාදකයෙක්. එයාගේ සින්දු හරිම ලස්සනයි (නි)

:       0       0

ඉමස් Wednesday, 30 March 2016 07:39 AM

ජගත් මල්ලි, මේක මෙච්චර ගානක් බැලුවා කියන්නේ පැරණි ගීතවල රසයට මිනිස්සු තවමත් ආසයි කියන එකයි (නි)

:       0       0

අයිවන් පැරිස් Wednesday, 30 March 2016 05:02 PM

ධර්මසිරි... පොඩ්ඩක් බලාගෙන ඉන්නකෝ ඉදිරියේදී බල්ලා මල්ලෙන් එලියට පනියි. (ර)

:       0       0

දිල්හානි පැරිස් Wednesday, 30 March 2016 06:43 PM

මේ තිදෙනා ගේම සින්දු නියමයි අපි ගොඩක් සතුටු වුණා .....(ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site