ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රෝස් ඇඩ්හොම් ගෙබි්‍රයේසිස් යළිත් වරක් අවධාරණය කළේය.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා මෙසේ අවාධාරණය කළේ නිව්යෝක් නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියට සහභාගී වීමට පැමිණි අවස්ථාවේදී මාධ්‍යවේදීන් ඒ ගැන විමසූ අවස්ථාවේදීය.
මීට සතියකට පෙර, ජිනීවා නුවර, ලෝක සෞඛ්‍ය සංවිධාන මූලස්ථානයේ දී ගෙබි්‍රයේසිස් මාධ්‍ය හමුවක් කැඳවමින් කියා සිටියේ ‘කොවිඩ් 19’ වසංගතයේ අවසානයට පැමිණ ඇති බවය.
ඉන් දින කීපයක් ගතවෙද්දී ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් එරට රූපවාහිනී දේශපාලන වැඩසටහනකට එක් වෙමින් කියා සිටියේ ඇමෙරිකාවේ ‘කොවිඩ් 19’ වසංගතය අවසන් වී ඇති බවය. මෙය ඇමෙරිකන් සෞඛ්‍ය බලධාරීන්ගේ පමණක් නොව, ලෝක සෞඛ්‍ය සංවිධානයේ ද මවිතයට හේතුවක් විය.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ගෙබි්‍රයේසිස් නිව්යෝක් නුවරදී මාධ්‍යවේදීන් හමුවේ පැහැදිලි කළේ ‘කොවිඩ් 19’ වසංගතය දැන්ම අවසන් නොවනු ඇති බවත්, වසංගතය සම්බන්ධයෙන් පනවා ඇති හදිසි තත්ත්වය තව දුරටත් ක්‍රියාත්මක වනු ඇති බවත්ය.
(රොයිටර්)
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
‘කොවිඩ් 19’ දැන්ම අවසන් වෙන්නේ නෑ