එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී හා එක්සත් ජාතිීන්ගේ ආරක්ෂක කවුන්සිලයේදී දිගටම ශී‍්‍රලංකාවට සහය දීමට චීනය සූදානමින් සිටින්නේයැයි එරට නියෝජ්‍ය විදේශ අමාත්‍ය ලියු සෙන්මින් මහතා ජනපති මහින්ද රාජපක්ෂ මහතා සමග පසුගියදා අරලියගහ මන්දිරයේදී පැවති හමුවකදී පැවසීය.
චීනය ශී‍්‍ර ලංකාවේ මිතුරෙකු ලෙස දිගටම කටයුතු කරනු ඇතැයි ඔහු කීය.
පසුගිය මාර්තු මාසයේදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී ශී‍්‍ර ලංකාවට එරෙහිව ඉදිරිපත් කෙරුණු යෝජනාවලියට විපක්ෂව සහයදීම සම්බන්ධයෙන් චීනයට ස්තුතිවන්ත වන බව හමුවේදී ජනපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
තවද චීනය මූලිකත්වය ගෙන ශී‍්‍රලංකාවේ කි‍්‍රයාත්මක කර ඇති ව්‍යාපෘතීන්ගේ ප‍්‍රගතිය හා ඒවායේ කි‍්‍රයාකාරීත්වය සම්බන්ධයෙන් තම ප‍්‍රසාදයද ජනපතිවරයා පළ කර සිටියේය.
චීන ආයෝජකයින්ට ශී‍්‍රලංකාව විවෘතව ඇතැයි ජනපතිවරයා සදහන් කළේය.
ශී‍්‍ර ලංකාව හා චීනය අතර ද්විපාර්ශවික සබදතා තවදුරටත් වැඩිදියුණු කර ගැනීමට අවස්ථා තිබෙන බව ලියු සෙන්මින් මහතා පැවසීය.ශී‍්‍ර ලංකාවේ සිදුකෙරෙන යටිතල පහසුකම් සංවර්ධනය කිරීම්,අධිවේගී මාර්ග ඉදිකිරීම්,දුම්රිය මාර්ග ඉදිකිරීම් වැනි සංවර්ධන කටයුතු වලට තවදුරටත් දායක වීමට චීනය අපේක්ෂාවෙන් සිටින බවද හෙතෙම කීය.
චීනයට ශී‍්‍ර ලංකාව යනු ‘‘හොද මිතුරෙකු,හොද අසල්වැසියෙකු හා හොද සහයෙකු‘‘ යැයි ලියු සෙන්මින් මහතා ශී‍්‍ර ලංකාව හදුන්වාදුන්නේය.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
‘චීනය සැමදා ලංකාව සමගයි‘
සුරංග Tuesday, 29 April 2014 03:40 PM
ඉන්දියාවට වඩා චීනය කොයිතරම් හොදද (දී)
පිටිගල Tuesday, 29 April 2014 06:57 PM
අපිව තවත් බය වෙනවානේ. එතකොට අපේ දරු මුණුබුරොත් චීන ණයකාරයෝ වේවිද? (නි)
අරුණ Tuesday, 29 April 2014 07:22 PM
වීන්නු ක්‍රිකට් ගහන්නේ නැති නිසා රට දියුණු වේවි (නි)
කමල් Tuesday, 29 April 2014 08:58 PM
ප්‍රවේසමෙන් වැඩි සෙනෙහෙ දබරෙට තමයි . (දී)
එල්. Wednesday, 30 April 2014 07:50 AM
පිටිගල මොන වගේ මෝඩයෙක්ද මන්දා? (නි)
ලංකාතිලක Wednesday, 30 April 2014 12:29 PM
චීනය ගැන බිය වන්නේ ගොඩක් අය කරුණු නොදැන. චීනය අතීතයේ සිටම ලංකාවට උදව් කළේ අපට අනාගතයට වැඩක් වෙන දේවල්. තවමත් එහෙමයි. (ස)
ඉසුරන්දි Wednesday, 30 April 2014 06:10 PM
රාජතාන්ත්‍රික වශයෙන් චීනය ලංකාවට දක්වන සහයෝගය අපි අගය කළයුතුයි. ඉන්දියාව කලාපයේ බලවතා වුණාට අපිට කරන තරමක් කරන්නේ කෙනෙහිලිකම්නේ. (නි)