X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 18 වන සිකුරාදා


‘දරුවාට පරිගණකයක් දී නිකම් බලා ඉන්න එපා’

"බාල අපරාධ හෝ අපචාර වලදී දෙමාපියන්ට එහි වගකීමෙන් මිදෙන්නට පුළුවන් කමක් නැතැයි" මුරුන්ගස්යායේ ඥානිස්සර නාහිමි කියති.

"ශ්‍රී ලංකාවේ කුඩා දරුවන් හිංසනයට ලක්වීම මෙන්ම බාල පරම්පරාව විවිධ අපචාරයන්ට යොමුවීමේ ප්‍රවනතාව දිනෙන් දින ඉහළ යන බවක් පෙනෙන්නේ යැයිද බාල අපරාධ හෝ අපචාර සිදුවන අවස්ථා වලදී දෙමාපියන්ට දරුවන් එවැනි විනාශකාරී අවස්ථාවන්ට මුහුණ දීමෙන් වළක්වාලීමේ වගකීමෙන් මිදෙන්නට පුළුවන් කමක් නැති බවද " ජර්මනියේ ශ්‍රී ලංකා මහා විහාරය ආරම්භ කොට වසරක් පිරිම නිමිත්තෙන් පැවැත්වුණු ලැබූ දහම් සභාවේදී ප්‍රංශයේ ප්‍රධාන අධිකරණ සංඝනායක, පැරිස් නුවර ජේතවන විහාරාධිපති මුරුන්ගස්යායේ ඥානිස්සර හිමියෝ අවධාරණය කර සිටියහ.

තම දරුවාට පරිගණකයක් ඒසේත් නැත්නම් ඒ හා සමාන වෙනත් ඉලෙක්ට්‍රොනික මෙවලමක් ලබාදීමෙන් දරුවාගේ බොහෝ අවශ්‍යතා සම්පුර්ණ කර දුන්නේ යැයි සිතා සතුටට පත්වන දෙමාපියන්ගේ යුගයක් නිර්මාණය වී ඇති බවත්, එමගින්සිදුවීමට ඉඩ ඇති බරපතල ඛේදවාචක පිළිබඳව අවධාරණය නොකිරීම කණගාටුදායක බවත්, ගෙදර බුදුන් ලෙස  පිදුම් ලැබූ මෑණිවරුන් සහ පියවරුන් තම දරුවන්ට නිසි මඟ පෙන්වීම සහ රැකවරණය මනා අවබෝධයකින් හා සිහිකල්පනාවකින් සිදු කරන්නේ නම් අප රටේ සිදු වෙමින් පවතින ශෝචනිය තත්ත්වයන් මඟ හරවා ගතහැකි බවත්" උන්වහන්සේ පැහැදිලි කර සිටියහ. විශේෂයෙන් යුරෝපයේ ජිවත්වන ශ්‍රී ලාංකික දෙමාපියන් ද තම දරුවන්ට අයාලේ යන්නට ඉඩ නොදී ලාංකීය උරුමයන් හා සිංහලකමේ අගය වටහාගෙන හදා වඩා ගත යුතු බවද උන්වහන්සේ අවධාරණය කළහ.

ජර්මනියේ ශ්‍රී ලංකා මහා විහාරයට වසරක් පිරිම නිමිත්තෙන් ධර්ම දේශනාවක්ද පැවැත්විණි. ස්කැන්ඩිනේවියා  රටවල ප්‍රධාන සංඝ නායක ස්වීඩනයේ ස්ටොක්හෝම් බෞද්ධ විහාරාධිපති   කිරිඳිගල්ලේ ධම්මරතන  හිමියෝ සිංහල බසින් හා යුරෝපා සංඝපති ඔස්ට්‍රියාවේ වියනා බෞද්ධ විහාරාධිපති මහාචාර්ය විජයරාජපුර ශීලවංශ හිමි ජර්මන් බසින්ද ධර්ම දේශනා පැවැත්වුහ.

මෙම පිංකමේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගි වූ ජර්මනියේ ශ්‍රී ලංකා තානාපති කරුණාසේන අමුණුගම මහතා මෙවැනි ආගමික හා සංස්කෘතික උත්සවයන්හි කාලින වැදගත්කම සභාවට පෙන්වා දෙමින් මව්බිමෙන් බැහැරව විවිධ බාධක මැද්දේ ථෙරවාද බුදුදහම බටහිර ප්‍රචලිත කරවීම සඳහා රත්මලේ පුඤ්ඤරතන හිමියන් ප්‍රධාන මහ සඟ රුවන ඉටුකරන සේවාව අගය කළ යුතු බව පැවසිය.

මව්පිය වන්දනා කාව්‍යමය ධර්ම දේශනාව වැල්ලව ලුනුකඩවැල්ල රජ මහා විහාරයේ භාරකාර කාව්‍ය ශ්‍රී කිරිඳිගල්ලේ ඥානරතන හිමියෝ පැවැත්වුහ.

පැරිස් නුවර ධම්මචක්ක විහාරාධිපති කෝ.ආනන්ද හිමියන් මුලසුන හෙබවූ මෙම පින්කම් මාලාවේ පිළිගැනීමේ කතාව විහාරාධිපති රත්මලේ පුඤ්ඤරතන හිමියන් විසින් සිදුකැරිණි. අතර ජර්මන් ජාතික මොක්ඛිත හිමියන් "තමන්ගේ ජිවිතයේ ලද වටිනාම දායාදය වන්නේ නිර්මල ථෙරවාද බුදුදහම " බව සඳහන් කරමින් ධර්ම දේශනාවක් කළහ.

විහාර සංගමයේ සභාපති ගිනෝ ලයිනවෙබර් ස්තුති කතාව පැවැත්විය.

පින්කමේ වැඩකටයුතු විහාරවාසී පුංචිවැව සිරිනන්ද හිමියෝ ද හා තරංග විජේකෝන් මහතා මෙහෙය වුහ. මහෙලි හා තමොලි දිසානායක දියණියෝ විසින් මනහර නර්තන අංගයක් ඉදිරිපත් කළහ.

ජර්මනියේ මෙන්ම යුරෝපයේ රටවල් හතකින් මහා සංඝ රත්නය මෙම පිංකම සඳහා වැඩමකර සිටි අතර ශ්‍රී ලාංකික සහ ජර්මන් ජාතික සැදැහැවත්හු විශාල පිරිසක්ද ඒ සඳහා සහභාගී වුහ.

11219511_10207825326496168_3085731137380590063_n[1] IMG_1090[1] IMG_1098[1]

 



අදහස් (0)

‘දරුවාට පරිගණකයක් දී නිකම් බලා ඉන්න එපා’

විජිත් Saturday, 10 October 2015 09:53 AM

නිරන්තරයෙන්ම සිරගෙවල් ආශ්‍රිතව ධර්මය දේශනා කිරීමෙන් ඉතා ඉහල මට්ටමින් සාර්ථක ප්‍රතිඵල නෙලාගත හැකිබව තහවුරු වී තිබෙනවා. වෙසක් පෝයට විතරක් සමාජයේ නොමග ගිය පුද්ගලයන්ට ධර්මය දේශනා කරලා ඵලක් වන්නේ නැහැ. (ර)

:       0       0

නදීකා Tuesday, 13 October 2015 05:49 PM

හොඳ ලිපියක් (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site