පසුගිය 7 වැනිදා බොකෝ හරාම් අන්තවාදීන් නයිජීරියාවේ බාගා හා ඩොරොන් බාහා නගර වල සිදුකළ මහා සංහාරයෙන් මියගිය සංඛ්‍යාව 2500 ක් පමණ විය හැකි බව ඇම්නෙස්ටි ජාත්‍යන්තරය කියයි.
එම සංවිධානය බාගා හා ඩොරොන් බාහා ප්‍රදේශ දැක්වෙන චන්ද්‍රිකා ඡායාරූපයන් දෙකක් නිකුත් කර තිබෙන අතර ඉන් එකක ජනවාරි 2 වැනිදා එම නගර දිස්වූ ආකාරයත් අනෙකේ ජනවාරි මස 7 වැනිදායින් පසු එම නගර දිස්වූ ආකාරයත් දැක්වේ.
ජනවාරි 2 වැනිදා ඡායාරූපයේ රත් පැහැ තිත්, එනම් අධෝරක්ත කිරණ ආධාරයෙන් තහවුරු කරගත් ප්‍රාණීන් රාශියක් දැකගත හැකිය.නමුත් ජනවාරි මස 7 වැනිදායින් පසු ගෙන තිබෙන ඡායාරූපයේ එවන් තිත් කිසිවක්ම නැති ගානය
බොකෝ හරාම් අන්තවාදියෝ සිදුකර ඇති විනාශයේ තරම මින් හොදින් පැහැදිලි වන බව ඇම්නස්ටි ජාත්‍යන්තරය පවසයි.
බාගා හා ඩොරොන් බාගා පවතිනුයේ බෝකෝ හරාම් පාලනය යටතේ පවතින ප්‍රදේශයක වීම නිසා එම නගර වලට ළඟාවීමද දුෂ්කර වී තිබේ.
සංහාරයෙන් බේරාගෙන පලාවිත් තිබෙන කිහිපදෙනෙකු නයිජීරියා ආරක්ෂක අංශ වෙත භාරවී තිබෙන අතර ඔවුන් පවසන ආකාරයට එක්වනම නගරයට කඩා වැදුණු අන්තවාදියෝ වෙඩි පිට වෙඩි තබමින් උමතුවෙන් මෙන් හැසිර ඇත.
නගර වැසියන් මැස්සන් මෙන් මැරුණු බව එම බිහිසුණු සිදුවීම විස්තර කරනා දිවි ගලවාගත් පුද්ගලයෙකු පවසයි.
ඇතැම් වැසියන් බෝට්ටු වල නැගී ගග තරණය කර දිවි ගලවාගැනීමට උත්සාහ කළත් ඒවාටද අන්තවාදීන් වෙඩි ප්‍රහාර එල්ල කර විනාශ කළ බව ඔහු කියයි.
නයිජීරියාවට පිළිලයක් වී ඇති බොකෝ හරාම් අන්තවාදීන් මේ දක්වාම මර්දනය කිරීමට නොහැකිව ඇත්තේ නයිජීරියා ආරක්ෂක අංශ වල උදාසීන භාවය නිසායැයි නිතර චෝදනා නැගෙන්නකි. එහි අසත්‍යතාවක්ද නොමැත්තේ මුල් කාලයේම නයිජීරියා ආරක්ෂක අංශ අන්තවාදී ප්‍රහාර වලට දැඩිව ප්‍රතිචාර දැක්වූයේ නම් නියපොත්තෙන් කඩන්නට හැකිව තිබූ දෙය පොරොවෙන් කැපිය යුතු තත්ත්වයක් දක්වා වර්ධනය වීම වළක්වාගත හැකිව තිබුණු නිසාවෙන්ය.
බොකෝ හරාම් අන්තර්ජාතික අවධානය දිනාගත්තේ පසුගිය වසරේ අප්‍රේල් මාසයේදී පාසැල් දැරියන් 300 දෙනෙක් පමණ පැහැර ගැනීමත් සමගය.ඉන් දැරියන් කිහිපදෙනෙක් පැන ඒමට සමත්ව තිබෙතත් වැඩි දෙනෙක් තවමත් සිටින්නේ අන්තවාදී ග්‍රහණයේය.
බොහෝ හරාම් නායකයා අබුබක්කාර් ෂෙක්කු නම් නයිජීරියා ජාතිකයෙකු ලෙස හඳුනාගෙන තිබෙන අතර ඇමරිකා රජය ඔහු සම්බන්ධ තොරතුරක් ලබාදෙන්නකුට ඩොලර් ලක්ෂ 70 ක ත්‍යාගයක් ලබාදෙන බවටද නිවේදනය කර තිබේ.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
‘නයිජීරියා ත්‍රස්තයෝ 2500ක් මරා දමති‘
දුමින්ද Friday, 16 January 2015 07:23 AM
කොසොල් රජුගේ සිහින පරිදි ධර්මය යට ගොස් අධර්මය රජ කරයි. (ස)
කමල් Saturday, 17 January 2015 05:53 AM
ත්‍රසිතවාදීන් නම් රටක නැති වෙන තරමට හොදයි (දිල්)
සන්වන්නි Saturday, 17 January 2015 04:19 PM
සංඛ්‍යා වෙනස් උනත් 2009 මැයි 18 ට පෙර ලංකාවෙත් මේ වගේම තමයි. (නදී)
සමන් Sunday, 18 January 2015 10:51 AM
සන්වන්නි ලංකාවෙ නම් මෙහෙම වෙලා නෑ. ඔය ඕකම කියන කවුරුත් කොලඹ බෝම්බ වලින් මැරුණු ඒවා, කැබිතිගොල්ලෑවේ සිද්දිය මායිම් ගම්වල මරපුවා ගැන කතාවත් කරන්නේ නෑ. මොකද පිට රටවල සල්ලි එන්නේ නෑ නේ (නදී)
ජස්ටින් Monday, 19 January 2015 07:25 AM
බෝකොහරම් කියන්නේ ගූඩ් ලක් ජෝනතන්ගේම හමුදාවක්. නය්ජීරියාවේ 48:52 ක්‍රිස්තියානි මුස්ලිම් ඉන්නවා. ඉදිරියේ එන ඡන්දෙ දිනන්න තමා මේ හමුදාව හදල තියෙන්නේ. උතුරේ මුස්ලිම් අයට ඡන්දෙ දාන්න එන්න බයයි. ඒ ඡන්ද ටික කට් කරාම උඩින් දිනුම්. එක ගලෙන් අඹ ගොඩක්. ඡන්දෙත් දිනලා මුස්ලිමුත් මරල බහුජාතියත් වෙන්න පුළුවන්. මේ සැලසුම ඊශ්‍රායල් රටෙන් ගත්ත එකක්. උන්ට ඕන ලෝක පාලකයන් වෙන්න අනිත් උන් මරල රටවල් විනාශ කරලා (බ)
සහන් Tuesday, 20 January 2015 02:12 AM
ගොඩක් දේවල් අපිටත් හරි ඉක්මනින් අමතකවෙනවා. 90 දශකයෙන් පස්සේ ඉපදුණූ ළමයි ඒවා දන්නේත් නැහැ. ඒවා කියලා දෙන වැඩිහිටියන්ට ඇහුම්කන් දෙන්න උවමනාවකුත් නැහැ. ඉතිහාසය හදාරලා ඒවා ඉගෙනගන්නෙත් නැහැ. ෆේස්බූක් වලින් පෙනෙන දේ විතරයි දන්නේ (නි)
චන්දිම Thursday, 29 January 2015 02:23 AM
ලංකාවේ අනාගතය ගැනත් ලොකු බයක් දැනෙනවා..... (නි)