ජීවය ඇතිවීමට ජලය පැවතීම අත්‍යාවශ්‍ය වන්නේ නැතැයිද එනිසා පිටසක්වල ජීවයක් සෙවීමේදී එම සෙවුම් කටයුතු ජලය ඇති ග්‍රහලෝක වලට පමණක් සීමා කරගැනීම නොකළ යුතු යැයිද සඳහන් කරමින බ්‍රිතාන්‍යය විද්‍යාඥයෝ පිරිසක් නව මතයක් ඉදිරිපත් කරති.
ජීවය පැවතීමට ජලය අත්‍යාවශ්‍ය වන්නේද මැයෙන් අධ්‍යනයක් සිදුකර ඇති ඔවුන් සොයාගෙන තිබෙන්නේ ජලය නොමැති ඇතැම් අවස්ථාවන්හි පවා ජීවය ඇතිව තිබෙන බවයි.
ජීවය ඇතිවීමට අවශ්‍ය වන එන්සයිම ක්‍රියාවලීන් සිදුවීමට මාධ්‍යය සපයන්නේ ජලයයි.
එම අධ්‍යනයට අනුව ඉතා අධික උෂ්ණත්වයක් හා අධික පීඩනයක් යටතේ කාබන් මූලද්‍රව්‍යයට ජලය වෙනුවට ආදේශයක් ලෙස ක්‍රියා කරමින් ජීවය ඇතිවීමට පදනම ඇතිකළ හැකි බව සඳහන්ය.
ඉහළ උෂ්ණත්වයන් හා ඉහළ පීඩනයන් හිදී කාබන් වලට වායුමය ගුණත් ද්‍රවමය ගුණත් එකසේ ලැබේ.
අධ්‍යනය සිදුකර ඇති විද්‍යාඥයින්ට අනුව මෙසේ කාබන් සම්පූර්ණයෙන්ම වායුවක් හෝ සම්පූර්ණයෙන්ම ද්‍රවයක් හෝ නොවන අවස්ථාවේදී එයට ජීවය ඇතිවීමේ ක්‍රියාවලියට එක්වීමේ හැකියාව පවතී.
මේ සම්බන්ධයෙන් තවත් පර්යේෂණ කටයුතු සිදුකිරීමට නියමිතය.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
‘පණ තියෙන්න වතුරම ඕනෑ නැහැ‘
ඉසුරන්දි -දෝහා Sunday, 23 November 2014 05:15 AM
බලමුකෝ තව ඉස්සරහට .(හේ)
උදාර Thursday, 27 November 2014 09:57 AM
දේව මැවීමේ සංකල්පයට අනුව ජලය තිබුන බවට සාක්ෂි ඇත.(හේ)
ශෙහාන් Thursday, 27 November 2014 05:50 AM
අපට වතුර නැතිව ජීවත් වෙන්න බැරි උනාට.....වෙනත් ලෝක වල පණ තියෙන්න වතුරම ඕන නැති වෙන්න පුළුවන් අපි දන්නේ තම අපේ ලෝකේ ගෙන විතරනේ....සමහර විට ඒ ලෝක වල ජීවිය පවතින්න වෙනත් දේවල් තිබෙන්න පුළුවන් අපි දන්නේ නැති (අ)
කුසුම් Wednesday, 26 November 2014 07:49 PM
එයාලට ඕනෑ දුප්පත් අපේ මුදල් මොනවටහරි යොදවන්නද? (නි)
ගීත් Wednesday, 26 November 2014 12:55 PM
වතුර නැතිව ජීවත් වෙයිද කියලා බලන්නකෝ දවසක් ඉදලා.(හේ)
ජෙසිකා - සයිප්‍රස් Wednesday, 26 November 2014 10:23 AM
අනේ මන්ද . ඉන්න ලෝකේ හරියට ජිවත් වෙන්න දන්නේ නැති අය , තවත් ලෝකවල් හොයන යනවා ඒවත් කුණු කරන්න. (හේ)
රත්නායක Tuesday, 25 November 2014 07:16 AM
අනේ මන්දා කවුරු ඇත්ත කියනවද කියලා (දී)
ඩී.තිලකසිරි Monday, 24 November 2014 12:13 PM
විද්යාව යනු අද කියනදේ හෙට වෙනස් වන දෙයකි. ලෝකය දෙවියෙක් මැව්වා නම් ඵයාටම කියලා බොහෝ දේ මණුස්සයන්ට උවමනා ලෙස හදා ගත හැකියි. එහෙම උත්සාහ කරණ අය එමටයි. ඒත් ඵ්වා මිත්‍යාමත විතරයි. (නදී)
ඉන්දික Monday, 24 November 2014 05:59 AM
ජීවය ඕනෙම ලෝකෙක තියෙන්න පුළුවන්. ඒක මේ ලෝකේ තත්ත්ව එක්ක සංසන්දනය කරන එක වැරදියි. ඒ ලෝකේ තියෙන වායු සහ ජලය ඇති නැති බව අනුව එකට අනුගත වෙච්ච ජීවීන් පැවතිය හැකියි. මේවා බුදු දහමේ හොඳින් පැහැදිලි කරලා තියෙනවා. (ස)
චින්තක Friday, 21 November 2014 02:54 PM
ඒ කියන්නේ අධික උෂ්ණත්ව තියෙන බුධ , පොලොව අභ්‍යන්තරය ආදී ස්ථාන වල අපි ට හිතාගන්න බැරි අන්දමේ ජීවයන් පවතින්න පුළුවන්. (නදී)
මහේෂි Sunday, 23 November 2014 02:29 AM
මේ ඔක්කෝගෙම මොලේ හොද නෑ විද්‍යාව බොරු කරන්න කාටවත් බෑ (ස)
ලලිත් Saturday, 22 November 2014 05:27 PM
වතුර නැතුව ජීවත් වෙන්න බෑ.(හේ)
සිසිර Saturday, 22 November 2014 05:26 PM
අනේ බොරු කියන්නේ නැතුව යන්න.(හේ)
සුමේධ Saturday, 22 November 2014 05:27 PM
විනාඩි 5ක් වතුර නැතුව ඉන්න බැරි අපේ මිනිස්සුන්ට ඔය කියන විදියට ජීවත් වෙන්න පුළුවන්ද?(හේ)
සජිත් Saturday, 22 November 2014 08:30 AM
වෙන්න බෑ.වතුර නැතිව කිසිම ජීවියෙක්ට පැවැත්මක් නෑ.(හේ)
සම්පත්- ඩුබායි Saturday, 22 November 2014 06:20 AM
හිරා ඔයා මොලේ උඩද වැඩිවෙලා ඉන්නේ. නවීන විද්‍යාවෙන් සැමදේ පහදලා දේවි. (නදී)
චන්ද්‍රා Saturday, 22 November 2014 05:38 AM
සර්ව බල දාරි දෙවියන් නෙවෙයි ලෝකේ මැව්වේ. තාමත් තියෙන්නේ මිත්‍යා මත (නදී)
හිරා Saturday, 22 November 2014 04:05 AM
මේ අය පට්ටපල් බොරු කියන්නේ. කෙටියෙන් කීවොත් මේ ලෝකය සර්වබලදාරි දෙවියන්ගේ නිර්මාණයකි. එංගලන්තයේ විදයාංඥයන්ට ඔලුවේ අමාරුවක් හැදිලද කොහෙද. (නදී)