ඉන්දියාවේ පතන්කොට් හි ප්‍රහාරය ප්‍රබල හස්තයක ක්‍රියාවක් බවත් එය දේශපාලනික ගැටළුවක් බවට පත්කර නොගන්නා ලෙස දේශපාලන පක්ෂවලින් ඉල්ලා සිටින බවත් පන්ජාබ් මහ ඇමැති ප්‍රකාශ් සිංග් බදල් අද (3) පැවසූ බව එන්ඩීටීවී පුවත් සේවය පවසයි.
සෙනසුරාදා (2) ඉන්දු පකිස්ථාන දේශ සීමාව ආසන්නයේ පිහිටි පතන්කොට් නගරයේ ගුවන් හමුදා කඳවුරේ සිදුවූ වෙඩි හුවමාරුවකින් ත්‍රස්තවාදීන් දෙදෙනකු හා ගුවන් හමුදා සාමාජිකයන් දෙදෙනකු මිය ගියහ.
පතන්කොට් ප්‍රහාරය ඉතා අවාසනාවන්ත සිදුවීමක් බවත් මධ්‍යම රජය හා ඉන්දීය රජය එකමුතුව කටයුතු කළ යුතු බවත් පන්ජාබ් මහ ඇමැතිවරයා පෙන්වා දෙයි.
මෙවැනි සිදුවීම් මගින් ජාතියේ එකමුතුබවට හා පරිපූර්ණත්වයට හානි සිදුකර නොගත යුතු බවත් බදල් කියා සිටී.
ත්‍රස්ත ප්‍රහාරය වැළැක්වීමට කටයුතු කළ ආරක්ෂක අංශ සාමාජිකයන්ට ජාතියේ ප්‍රණාමය හිමිවන බවද මහ ඇමැතිවරයා සඳහන් කරයි.
එමෙන්ම එහිදී දිවිදුන් සෙබළුන්ගේ පවුල්වල අයට විශේෂ ගෞරවය පුද කර ඔවුන්ගේ අනාගතය වෙනුවෙන් ඔවුන්ට උදව් උපකාර හා ජාතික යුතුකම් ඉටු කරන බවද බදල් පවසයි.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
‘පතන්කොට් ගැටුම දේශපාලනීකරණය කරන්න එපා‘