සුනඛයන් ආහාරයට ගන්නා වාර්ෂික උත්සවය තහනම් කරන ලෙස ඉල්ලා චීනයේ සත්ත්ව අයිතිය ක්‍රියාධරයන් අත්සන් මිලියන 11 කින් යුත් පෙත්සමක් භාර දී තිබේ.
යූලින් නම් එම උත්සවය මෙම මස අග ආරම්භ වීමට නියමිත අතර එහි මුලිකවම සුනඛ මස් අනුභව කිරීම සිදු වෙයි. යූලින් නගරයේ දී ආරම්භ වීමට නියමිත එම උත්සවයට විරුද්ධව බොහෝ පිරිසක් විරෝධතාවයකද නිරත වූහ. සමහර විරෝධතාකරුවන් තම සුරතල් බල්ලන්ද රැගෙන විත් තිබීම විශේෂත්වයකි.
මේ වන විට චීනයේ සත්ත්ව අයිතීන් වෙනුවෙන් ජනතාව තුල උද්‍යෝගයක් ඇති වෙමින් පවතින බව මාධ්‍ය වාර්තා කරයි. සතුන්ට හොඳින් සැලකිය යුතු බව ඔවුහු පෙන්වා දෙති. යුලින් උළෙලේ දී මරා දැමෙන බොහෝ සුනඛයන් සොරකම් කරන ලද සුනඛයන් බව විරෝධතාකරුවෝ පවසති.
මේ ගැන ලන්ඩනයේ ද පෙත්සමක් අත්සන් කර චීන තානාපති කාර්යාලයට භාර දීමට කටයුතු සිදුවෙමින් පවතින බවට විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ගිය වසරේ තිබූ උත්සවයේදී සුනඛයෙකු මැරීමට පෙර මිලක්ද නියම කළ බවට සදහන් වේ.
මිනිස් පරිබෝජනය සදහා මිලියන 30 ක් පමණ සුනඛයින් ඝාතනය වන බවට ද චීනයේ මෙන්ම කොරියාවේ ද සුනඛ මස් ආහාරයට ගැනීම වසර ගණනක අතීතයක සිට පැවතෙන බවට ද සදහන් වේ. කෙසේ වෙතත් සුනඛ මස් ආහාරයට ගැනීම සෞඛ්‍යට හිතකර බව එම උත්සවයට සහය පළ කරන පිරිස් පවසති.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
‘බලු මස් එපා‘
විකී Monday, 13 June 2016 08:35 AM
ඒක නවත්තන්න ඕනේ.(හේ)
අනුර Monday, 13 June 2016 08:59 AM
අපෝ බල්ලොවත් නොකන බලුමස් (අ)
දිරුක්ෂි Monday, 13 June 2016 09:30 AM
ඇත්තෙන්ම හොද තීරණයක්. අමානුෂික විදියට මේ සුනඛයන්ව මරණ ගෝත්‍රික ක්‍රමය තහනම් කරන්න ඕනේ. (ර)
රොෂාන් Monday, 13 June 2016 01:21 PM
පහුගිය කාලේ අපේ රටෙත් කිසියම් පිරිසක් ගව ඝාතනයට එරෙහිව මහා රැල්ලක් දියත් කළා නේද? හරක් පීකුදු වල රස දැනිලද, කුකුල් මස් කරියේ හෝ දඩ මස් වල රසටද ඌරු මසේ රහ වැටිලද දන්නේ නැහැ මේ දවස් වල කට්ටියගේ වැඩි සද්දයක් නැහැ (බ)
සෙනරත් Tuesday, 14 June 2016 05:27 AM
රොෂාන්, ඒ පහුගිය කාලෙනේ. දැන් ඒවාට ඉඩ නැහැ. දැන් එළඹිලා තියෙන්නේ මත්පැන් සහ සිගරට් බොමින්, කුකුල් මස්, එළුමස් සහ හරක් මස් වල රස බලන අලුත් සමාජයක කාලයයි. (නි)
අසෝකා Tuesday, 14 June 2016 09:10 AM
ඇයි බල්ලව විතරක් මරන්න එපා කියන්නේ? අනිත් සත්තු සත්තු නෙමෙයිද? ලොකු ගෙවල් වල හුරතලේට හදන හින්දද? දෙපා තියෙන මිනිස් සතාට වඩා අනිත් සත්තුත් බොහොම අහිංසකයි. (අ)
ජීවන් Wednesday, 15 June 2016 10:32 AM
කන්න නම් ඕනෑ නැහැ. හැබැයි මුළු රටේම ඉන්න බල්ලො ටික මරලා දානවා නම් මම කැමතියි. පුදුම වදයක්. අනෙක ලෙඩ. (නි)
පිටබැද්දර ජයා Thursday, 16 June 2016 09:27 AM
බල්ලා කියන්නේ මිනිසාගේ ආදිතම මිතුරායි. මිනිසුන්ට වඩා තමන්ගේ ස්‌වාමියට හිතවත් වගේම විස්වාසවන්තයි. (ර)
තරුෂි පෙරේරා - එංගලන්තය Friday, 17 June 2016 04:29 AM
ජීවන්, බල්ලා කියන්නේ ඉතාමත්ම ගුණවත් අපේ හිතවත් සත්වයෙක්. (ර)