X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 08 වන අඟහරුවාදා


‘මයිකල් ජැක්සන් මැරුණේ ඉබේ බෙහෙත් බීලා‘

පොප් සංගීතයේ රජු වූ මයිකල් ජැක්සන්ට ඉක්මන් මරණයක් ළඟා කර දුන්නේයැයි චෝදනා ලැබ වරදකරු වී සිරගත කැරුණු ඔහුගේ පවුලේ වෛද්‍යවරයා වූ වෛද්‍ය කොනාර්ඩ් මරේ තම සිව් අවුරුදු සිර දඩුවමෙන් අඩක් සම්පූර්ණ කර පසුගිය මස නිදහස ලැබීය.

නිදහස ලබා ප්‍රථම වතාවට පුවත්පත් සාකච්ඡාවකට  එක්වෙමින් ඔහු පැවසූවේ තමන් මයිකල් ජැක්සන්ගේ මරණයට කිසිලෙසකින්වත් හවුල් නොවූ බවයි. ජැක්සන්ම ජැක්සන් මරා ගත් බව ඔහු කීවේය.

මයිකල් ජැක්සන්ගේ මරණය සම්බන්ධයෙන් මෙතෙක් හෙළි නොවූ කරුණු ද ඔහු පුවත්පත් සාකච්ඡාවේදී සදහන් කළේය.

මයිකල් ජැක්සන්ගේ අවසන් කාලයේ ඔහු සිටියේ අධික මානසික පීඩනයකින් බව ද මෙනිසා ඔහු එය අවම කර ගැනීමේ අරමුණින් විවිධාකාර ඖෂධයන්ගේ පිහිට පතමින් සිටි බව ද වෛද්‍ය කොනාර්ඩ් මරේ පැවසුවේය.

වරෙක එවන් එක් ඖෂධයක් වැඩි මාත්‍රාවකින් මයිකල් ඉල්ලා සිටි කළ තමන් එය තරයේ ප්‍රතික්ෂේප කළ බවත් එහෙත් තමන් කාමරයෙන් මදකට පිටතට ගිය අවස්ථාවේ මයිකල්ම එය වැඩි මාත්‍රාවකින් ලබාගෙන තිබෙනු තමන් දුටු බවත් ඔහු කීවේය.

මයිකල්ගේ මරණය ළගා වූ එම අවස්ථාවේ ඔහු බේරා ගැනීමට තමන් දැඩි උත්සාහයක් දැරුව ද එය සාර්ථක නොවූ බව වෛද්‍යවරයා පැවසීය.

2009 වසරේ ජූනි මස 25 වැනි දා සිදුවූ මයිකල් ජැක්සන්ගේ මරණය ලොවම කැළඹු  සිදුවීමක් විය.මරණ පරීක්ෂණයේදී හෙළිවූයේ වැඩි මාත්‍රාවකින් ගතහොත් හානිකර වන ඖෂධයක බලපෑම නිසා මයිකල් මියගොස් ඇති බවයි.

මයිකල්ට එම ඖෂධය ලබා දුන්නේයැයි ඔහුගේ පවුලේ වෛද්‍යවරයා වූ කොනාර්ඩ් මරේට චෝදනා එල්ල විය. වෛද්‍ය කොනාර්ඩ් මරේ තමන්ට එල්ල වූ චෝදනා තරයේ ප්‍රතික්ෂේප කළ ද ඔහු අනියම්  මිනීමැරීමේ  චෝදනාවට වැරදිකරු බව තීරණය කළ අධිකරණය ඔහුව සිව් අවුරුද්දකට සිර ගෙදරට යැවීය.

නමුත් අවුරුදු 2 ක සිර දඩුවම් විදීමෙන් පසු ඔහු  නිදහස් කිරීමට බලධාරීන් තීරණය කර ඇත. දැන් වෛද්‍ය මරේ තමන්ගේ වෛද්‍ය සහතිකය යළි ලබාගෙන ජීවිතය අලූතින් පටන් ගැනීමේ වෑයමක යෙදී සිටී.



අදහස් (0)

‘මයිකල් ජැක්සන් මැරුණේ ඉබේ බෙහෙත් බීලා‘

ලලිත් Sunday, 24 November 2013 08:17 PM

මොකද ලංකාවේ දොස්තර මහත්තුරු වගේ ස්ට්‍රයික් කලේ නැත්තේ එහෙ දොස්තරමහත්තුරු? (අ)

:       0       0

ගාමිණි Tuesday, 26 November 2013 11:12 PM

සංජීව මහත්තයා, ඔබගේ අදහස් දැක්වීම හොදයි. ඒත්.....? (නි)

:       0       0

ඉන්දු-ලන්ඩන් Tuesday, 26 November 2013 03:38 PM

ඉන්දු මෙල්බර්න්, ඔයාලා අපිට වගේ නෙමෙයි සල්ලිකාර ප්‍රසිද්ධ අයට දොස්තරලා කණ්ඩායමක්ම ඉන්නවා නිතර දෙවේලේ සොයා බලන්න. (නි)

:       0       0

වර්ණ Monday, 25 November 2013 05:32 PM

දොස්තර වැරදි බවයි මම කියන්නේ. මයිකල් ජැක්සන් එතරම් වැඩි මාත්‍රාවක් සහිත බෙහෙත් ඉල්ලුවා නම් දොස්තරට හිතට එකඟව ඉල්ලා අස්වෙන්න තිබුනා. (නි)

:       0       0

අබ්දුල් Monday, 25 November 2013 12:01 PM

මයිකල් ජැක්සන් සැමදා අමරණීයයි (නි)

:       0       0

සංජීව ඇමරිකාව Monday, 25 November 2013 09:04 AM

ලංකාවේ නම් දොස්තර වැඩේ යට ගහලා නිදහසත් ලබලා.මතකද නවලෝකේ යන්ත්‍රයක් පුපුරලා ළමයෙක් මැරුණා.කෝ ඒකට මොකද වුණේ?ලංකාවේ සමහර දොස්තරලාගෙන් ප්‍රශ්න අහන්න බැහැනේ ලෙඩාට.දොස්තර සියලුම දේ දන්නා නිසා ලෙඩාට අයිතියක් නැහැ ප්‍රශ්න අහන්න.මට මතකයි දොස්තර කෙනෙක්ගෙන් ප්‍රශ්නයක් ඇහුවාම ඇඟට ගොඩ වුණා.නමුත් මෙහි ප්‍රතිකාර කිරීමට පෙර සියලුම දේ ලෙඩාට විස්තර කරලා දෙනවා.දොස්තරගේ, හෙදියගේ සිට ෆාමසියට යනතුරු ඒ පිළිවෙත එහෙමයි.ඒ වගේම ලෙඩාට බොහොම කරුණාවෙන් කතා කරන්නේ. එහෙත් ලංකාවේ? ඒ වගේ සුළු දෙනෙක් තමා ඉන්නේ.මෙහෙ නීතිය කාටත් පොදුයි.කවුරු වරදක් කළත් නීතියෙන් ගැළවීමක් නැහැ.යමෙකුගේ දේශපාලන බලයෙන් හෝ සල්ලි බලයෙන් හෝ ජනප්‍රියත්වය නිසා, යට ගැහිලි බැහැ (නි)

:       0       0

අනූ Sunday, 24 November 2013 11:08 PM

හොර දොස්තර (ස)

:       0       0

සමදරා Sunday, 24 November 2013 10:28 PM

ඉන්දු, හොඳ තුරුම්පුවක් (නි)

:       0       0

අනුර සෙනවිරත්න Sunday, 24 November 2013 10:04 PM

ඔබාමා ජනදිපතිතුමාගේ නම දා ඇති අය ලොකු වරදක් කරලා තියන්නේ. ඇමරිකාවේ මිනීමරුවන්ට ජනාදිපති නිදහස නැහැ. මමත් බෝදධයෙක්. දොස්තර හිරේ දැම්මේ ඒ නිසා. ලංකාවේ නම් හිරේ යයිද ? කල්පනා කර බලන්න. (නදී)

:       0       0

දයා අලහාකෝන් Sunday, 24 November 2013 01:26 PM

ඔයින් ගියා ඇති.(නදී)

:       0       0

ඉන්දු මෙල්බෙර්න් Sunday, 24 November 2013 06:52 PM

සාමාන්‍යයෙන් නම් දොස්තර මහත්වරු දෙන්නේ බෙහෙත් ගන්න තුණ්ඩුව, මේ දොස්තර මහතා බෙහෙතුත් දීලා. (අ)

:       0       0

ජනිත් Sunday, 24 November 2013 05:08 PM

දොස්තර මහත්තයාගේ වරදක් නැහැනේ. (නදී)

:       0       0

ජනිත් Sunday, 24 November 2013 05:08 PM

දොස්තර මහත්තයාගේ වරදක් නැහැනේ. (අ)

:       0       0

ලාරා Sunday, 24 November 2013 04:27 PM

අධික සැප සම්පත් තියෙන බොහෝ දෙනෙකුට මානසික පීඩනය ඇයි ? බුදුරජාණන් වහන්සේ (අත්තාඝාරෝ තතාගතා) එහි තේරුම,නියම මාර්ගය ආර්ය මාර්ගය දැනගත්තු තැනැත්තා ! (නදී)

:       0       0

ලාල් - කැන්ඩි Sunday, 24 November 2013 02:06 PM

අන්තරායකාරී ඖෂධ ලොකු පොඩි බේදයකින් තොරව කිසිවෙකුට අසු නොවන ලෙස ගබඩා කර තැබීම ඒවා ලග තියෙන අයගේ වග කීමක්. එහෙම බැලුවත් මේ දොස්තර මහතා වැරදියි.(නදී) .

:       0       0

රොහාන් Sunday, 24 November 2013 02:03 PM

ඔබාමා මහතාට බෙහෙත් දෙන්නකෝ (අ)

:       0       0

නාලක Sunday, 24 November 2013 01:35 PM

ඊලග..ලෙඩා.. එන්න (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site