X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 18 වන සිකුරාදා


‘මරාගෙන මැරුණු කොටියාටත් දුක හිතිලා‘

පසුගියදා සිදුවූ පැරීසියේ ත‍්‍රස්ත ප‍්‍රහාරයෙන් පසු මියගිය අය සිහිකිරීම ප‍්‍රංශයේ මෙන්ම විදේශයෙත් විවිධ ඓතිහාසික ස්ථාන හා විශේෂයෙන් ප‍්‍රංශ තානාපති කාර්යාල ඉදිරිපිට සිදුවුයේය.

මේවන විටත් එම කාර්යය එලෙසම සිදුවෙමින් පවතී. විවිධ වර්ණ මල් වලින්, කවි, ගීත, නිසැදැස්, අදහස්, චිත‍්‍ර ආදියෙන් ශෝකය ප‍්‍රකාශ කොට එම භූමි බාගය මල් වලින් සැරසී ඇත්තේය.

නිදහස, සාමානාත්මතාවය, සහෝදරත්වය සංකේතවත් කරන ඓතිහාසික කාන්තා ප‍්‍රතිමාව කේන්ද්‍ර කොට පැරීසියේ පිහිටි රිපබ්ලික් චතුරශ‍්‍රයද ප‍්‍රතිමාවද මලින් සරසා ඇත. දෙස් විදෙස් දහස් ගනනක් ජනයා මෙම ස්ථානයට පැමිණ දුක්වෙති, කඳුළු සලති, නිසළව සිටිති., ඇස් පිය නොහෙළා සිටිති, ගී ගයති, සංගීත භාන්ඩ වයති, ප‍්‍රතිමාව වටා සියල්ලෝ නිහඬය. හරි හතැරැස් චතුරශ‍්‍රයේ මායිම වටා  දේශීය විදේශීය රූපවාහිණි ආයතන කුටි සිය ගණනකි.

 ප‍්‍රංශයේ වෙසෙන ශ්‍රීලාංකිකයන් වෙනුවෙන් පුෂ්පසිරිද අල්විස් මහතා ශ්‍රීලාංකික ජාතික ධජය හා බෞද්ධ කොඩිය දෙපැත්තේ සවිකළ ශෝකය ප‍්‍රකාශිත අලංකාර මල් වඩමක් ප‍්‍රතිමාව ඉදිරියේ පසුගියදා තැන්පත් කොට ශ්‍රීලාංකික ශෝඛය ප‍්‍රකාශ කළේය. ඒ වනවිට පරිශ‍්‍රයේ වෙනත් මල්වඩම් නොතිබුණි. ඊට පසුදින පැරීසියේ ඉන්දියානු හා ශ්‍රීලාංකික වෙළඳ සංගමයේ ශෝකය යැයි සඳහන් කුඩා බැනරයක් සමග මල්වඩමක් ප‍්‍රතිමාව ඉදිරියේ තැන්පත් කැරිණ. බැනරයට ඉහලින් කුඩා එල්ටිටිඊ කොටි කොඩියක්ද අටවා තිබිණ. මේ දිනවල පැරීසියට මද වශයෙන් වැසි සහිතය. එබැවින් ප‍්‍රතිමාව වටා ශෝක සංකේත සේදී හැකිළී, ගුලිවී ඇත්තේය. එල්ටිටිඊ කොඩියද වැසි බරින් හැකිළී ගුලිවි ඇත්තේය. එබැවින් හදුනා ගත නොහැකිය. එනමුදු ජාතික ධජය තවමත් වැජඹේ.

PAREVE2-1120-01 PAREVE2-1120-02 PAREVE2-1120-03 PAREVE2-1120-04 PAREVE2-1120-05 PAREVE2-1120-06



අදහස් (0)

‘මරාගෙන මැරුණු කොටියාටත් දුක හිතිලා‘

රජින්ද Friday, 20 November 2015 03:43 PM

මේවා දකිනකොට මගේ රට ගැන හිතට දැනෙන ඒ හැඟීම වත්මන් රජය කරන කියන දේ දුටුවිට ක්‍ෂණයෙන් වියැකී යනවා. (නි)

:       0       0

ලංකාසිරි Friday, 20 November 2015 04:47 PM

හරිම ලස්සනයි. අගයන්න වටිනවා (නි)

:       0       0

ලලන්ත Friday, 20 November 2015 07:57 PM

පුෂ්පසිරි මහත්තයා ඉතාම වැදගත් වැඩක් කර ඇති බව පෙනීයයි. ඔබට ස්තූතියි! (නි)

:       0       0

සේරම් Friday, 20 November 2015 09:10 PM

කොටි ත්‍රස්තවාදීන් මෙවැනි විනාශ වලට සම්පුර්ණයෙන් වගකිව යුතුය. ඒ මන්ද ලෝකයේ පළමු වරට මරාගෙන මැරෙන බෝම්බ නිෂ්පාදනය කළේ ඔවුන්ය. (නි)

:       0       0

උපුල් Saturday, 21 November 2015 08:11 AM

අනේ සේරම් දන්නා දේ... (නි)

:       0       0

ආනන්ද දොඩන්ගොඩ Saturday, 21 November 2015 11:37 AM

සමහර සංවිධාන අපිට ත්‍රස්තවාදී උනාට බටහිර රටවලට ඒවා ත්‍රස්තවාදී නොවේ , බටහිර රටවලට කරදර කරන සංවිධාන එම රටවලට ත්‍රස්තවාදී වෙති , අපිට ත්‍රස්තයන් වෙනත් රටවලට විමුක්තිකාමීන් වෙති (රේ)

:       0       0

සේරම් පැරිස් Saturday, 21 November 2015 11:39 AM

පුෂ්පසිරි මහතාගේ මුහුණේ තිබෙන ශෝකය අපිටද ශෝකයකි , අපි ගෙදර සිට හෝ ඔහුගේ ශෝකයට එක වෙමු (රේ)

:       0       0

මහින්ද ආර් කිතුල්ගොඩ සී ෂෙල්ස් Saturday, 21 November 2015 01:18 PM

විදේශවල සිටින කොටි සරණාගතයෝ ඔක්කොම පැන්නුවනම් හරි...දැනටමත් බොහෝ කට්ටිය බයේ ඉන්නේ කොයි වෙලාවේ පන්නාවිද කියල. කොටින්ට කොටි කියල අමතන්න අපේ රටේ කොන්ද පන ඇති නායකයෝ නැති උනාම එවුන් බල්ටි ගහනවා විමුක්ති ලේබල් ගහගෙන... (ස)

:       0       0

බණ්ඩාර Saturday, 21 November 2015 06:15 PM

ශ්‍රී ලංකාව මෙතැනට ආ දිනක අපට මල්වඩම් තැබීමට කිසිවෙකු නැතිවනු ඇත (නි)

:       0       0

ටුආන් Saturday, 21 November 2015 07:45 PM

ත්‍රස්තවාදින් වුවත් ඔවුන්ද මනුෂ්‍යයෝය (නි)

:       0       0

නන්දලාල්-ප්‍රංශය Saturday, 21 November 2015 08:30 PM

අපේ ශ්‍රී ලංකාව වසර ගණනක් තිස්සේ කොටි ත්‍රස්තවාදීන්ගෙන් විඳි දුක සහ බිය නිසා ලොව කොතැනක වුවත් ත්‍රස්ත ප්‍රහාරයකින් වැළපෙන ජනතාව සමඟ එම ශෝකය බෙදාගැනීම අපේ උතුම් රටේ උසස් ගතියක් බව මෙයින් මොනවට පැහැදිලි වෙනවා. (නි)

:       0       0

යහම්පත් Saturday, 21 November 2015 09:44 PM

අපිට කොටින් ත්‍රස්තවාදීන් වුණාට සමහර විදේශ රටවලට ඔවුන් ත්‍රස්තවාදීන් නොවේ. ඔවුන් එම රටේ ආර්ථිකයට වාසි ගෙනදෙන කම්කරු ශ්‍රමිකයන් පමණි. (නි)

:       0       0

ලියොන් ගුණවර්ධන Sunday, 22 November 2015 12:21 AM

වීරෝධාර සෙබළුන් අනුස්මරණය කර ඔවුන්ගේ ස්මාරකයන් ඉදිරියේ මල්වඩම් තැබීම බටහිර රටවල සම්ප්‍රදායයි. එසේම අපේ ඉතිහාසයේ එන, ජාතිය වෙනුවෙන් දිවිපිදු වීර කැප්පෙට්ටිපොළ, වාරියපොළ සමිඳුන් ආදී ගිහිපැවිදි විරුවන් මෙන්ම, මෑත අතීතයේදී එල්ටිටීඊ කුරිරු යුධ සමයේදී දිවිපිදු වීරෝධාර සෙබළුන් සිහිපත්කර පින්කම් පැවැත්වීමට දෑහිතකාමී සියලු දෙනා කටයුතු කළයුතුය (නි)

:       0       0

නවරත්න Sunday, 22 November 2015 03:20 PM

ඔබතුමා මේ කළ ක්‍රියාව ඉතාමත් ඉහළින් අගයමි. හැබැයි මේ යන විදියට ගියොත් තව නොබෝ කලකින් පහුගිය කාලයේ වගේ යුධ,බෝම්බ බියෙන් ගමන් බිමන් යන්න පුළුවන්වෙයි. බලාගෙන ඉමු මොකද වෙන්නෙ කියලා. (නි)

:       0       0

බණ්ඩාර Sunday, 22 November 2015 10:37 PM

සේරම්, දන්නේ නැති දේ දන්නේ නැති විදියට ඉන්නකෝ. දෙවන ලෝක යුද්ධයේදී ජපන් හමුදාව මරාගෙන මැරෙන ප්‍රහාර එල්ලකළා (නි)

:       0       0

සනත් ගුණවර්ධන - ස්විස් Monday, 23 November 2015 11:24 AM

දෙවන ලෝක යුද්ධය කියන්නේ එ්කත් එකතරා ත්‍රස්තවාදී ක්‍රියාවක් , අහිංසක රටවලට පහරදී යටත් කර ගැනීම , එයටත් කලින් බටහිර රටවල් රුවල් නැව් වලින් ගොස් අහිංසක රටවල් යටත් කරන් , ඔවුන්ට ඕන විදියට සැප වින්ද , රටවල් සුරන් කෑවා , අද බහුතරයක් එම ත්‍රස්තවාදී ක්‍රියා අමතක කරලා (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site