පසුගියදා ජාත්‍යයන්තර යුනේස්කෝ ආයතනයේ 38 වන මහ සැසිවාරය පැරීසියේ යුනේස්කෝ මුලස්ථානයේදි රටවල් 196 කගේ සහභාගිත්වයෙන් පැවැත්විණ.
සැසිය පැවැත්වෙන සති දෙකක පමණ කාලයේ ඉහත රටවල ඇමතිවරු, අමාත්‍යාංශ ලේකම්වරු, උපදේශකයෝ මෙම සමුළුවට සහභාගිවෙති.ශ්‍රීලංකා දුත මණ්ඩලය සහභාගි වුයේ අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප‍්‍රධානත්වයෙනි. වසර හතරකට වරක් පැවැත්වෙන මෙම සැසිවාරයේදී ශ්‍රීලංකාව මෙවර යුනෙස්කෝ විධායක සභාවටද තරග කළේය.
11 වැනිදා පැවැති ඡන්දයෙන් රටවල් 196 කින් ඡන්ද 149ක් ලබා ශ්‍රීලංකාව යුනෙස්කෝ විධායක සභාවේ අසුනක් ජය ගත්තේය. මැලේසියාව, වියට්නාමය පිලිවෙලින් ප‍්‍රථම හා දෙවන ස්ථාන හිමිකර ගත් අතර ශ්‍රීලංකාව තෙවන ස්ථානය හිමිකර ගත්තේය.විධායක සභාවට පත්වූ අනෙකුත් රටවල අධ්‍යාපන ඇමති වරුන් අතරින් ලාබාලතමයා වූයේ ශ්‍රීලංකවේ අධ්‍යාපන ඇමති වරයාය.ඔහුගේ දේශනය නොවැම්බර් මස 04 වැනිදා පෙරවරු 11.15 ට යුනේස්කෝ මුලස්ථානයේදී පැවැත්විණ.
ඡන්දයට දින තුනකට පෙර සැසියේ ඡන්ද ව්‍යාපාරය පැවැති දිනයකදී ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා පැරිසියේ යුනේස්කෝ මූලස්ථානයේදී අප හා සාකච්ඡාවකට එක්විය.
ප්‍රශ්නය -
ඔබගේ ප‍්‍රංශ සංචාරයේ අරමුණ කුමක්ද?
පිළිතුර -
ජාත්‍යයන්තර යුනේස්කෝ ආයතනයේ 38 වන සැසි වාරයට සහභාගිවීම සදහා පැමිණි ශ්‍රීලංකා දූත පිරිසේ ප‍්‍රධානියා ලෙස හා අධ්‍යාපන ඇමැති ලෙස මා ශ්‍රීලංකාව නියෝජනය කරනවා.ලෝකයේ රටවල් එකසිය අනූ ගනනක් මෙම සැසිවාරයට සහභාගි වෙනවා. එම රටවල අධ්‍යාපන ඇමතිවරුත් එම අමාත්‍යාංශ ලේකම්වරුත් මෙම සැසියට සහභාගි වෙනවා. මෙවර අපි බලාපොරොත්තු වෙනවා යුනේස්කෝ ආයතනයේ විධායක සභාවට තරඟ කිරීමට. ඒ සඳහා අනෙක් රටවල සහාය අපට අවශ්‍යයයි. තානාපති තුමා ප‍්‍රමුඛ කාර්යය මණ්ඩලය ඒ සඳහා විශේෂ කැපවීමකින් කටයුතු කරනවා. දුත පිරිසත් ඒ වෙනුවෙන් වෙහෙසෙනවා. බලමු මොකද වෙන්නේ කියලා.
ප‍්‍රශ්නය -
ජාත්‍යයන්තර යුනේස්කෝ ආයතනයට සම්බන්ධ විවිධ අංශ වල ශ්‍රීලංකාව විවිධ ප‍්‍රධාන තනතුරු හොබවා තිබෙනවා. මෙම ආයතනයෙන් මෑත ඉතිහාසය තුල අප රට හිමි කර ගත් ප‍්‍රතිලාභයන් ගැන විස්තර කළොත්?
පිළිතුර -
යුනේස්කෝ වැනි ලෝකයේ රටවල් විශාල ප‍්‍රමානයක් නියෝජනය වන මෙවැනි ආයතනයකදී වෙනත් රටවල් සමඟ සබඳකම් ඇති කර ගැනීමට, එමගින් අධ්‍යාපන ක්‍ෂේත‍්‍රයේ දියුණුවට උපකාර ලබා ගැනීමට, ආධාර ලබා ගැනීමට, දැනුම හුවමාරු කර ගැනීමට ආදි බොහෝ ප‍්‍රතිලාභයන් තිබෙනවා. ඒවා වැඩි දියුණු කර ගැනීම අපේ වගකීමක්. අපේ පෞරාණික වස්තූන් යුනේස්කෝ ශ්‍රේණි ගත ලැයිස්තුවට ඇතුලත් වී තිබීමත් අපේ රටට විශාල කීර්තියක්.
ප‍්‍රශ්නය -
රටක ආනාගතය තීරණය කරනා කරුණු අතරේ අධ්‍යාපන විෂයට ඇත්තේ සුවිශේෂි ස්ථානයක් මෙන්ම වගකීමක්. අද ඔබ ශ්‍රීලංකාවේ අධ්‍යාපන ඇමැති තනතුර දරනවා. ඒ අනුව ජාතික වශයෙන් ඔබට අති විශාල වගකීමක් පැවරිලා තිබෙනවා. විවිධ විවේචනයන්ට හසුවී ඇති අපේ රටේ අධ්‍යාපනය නගා සිටුවීම සඳහා ඔබගේ ඉදිරි සැළසුම් මොනවාද?
පිළිතුර -
අපි අපේ මැතිවරණ ප‍්‍රකාශනයේ සඳහන් කළා අවුරුදු 13 ක අඛන්ඩ අධ්‍යාපන ක‍්‍රමයක් ළමයින්ට හඳුන්වා දීමට. ඒ සඳහා අවශ්‍යය කටයුතු අපි කරගෙන යනවා.සාමාන්‍ය පෙල,උසස් පෙල, විභාග වලින් බොහෝ ළමයින් ප‍්‍රමාණයක් හැලෙනවා. අපි බලාපොරොත්තු වෙනවා එලෙස හැලීමක් සිදු නොවෙන ලෙස අවු: 13 ක අධ්‍යාපනයක් දක්වා ළමයින්ට අවස්ථාව දෙන්න. දැන් අපේ රටේ අධ්‍යාපනය නවීන ලෝකයට සරිලන ලෙස සකස් විය යුතුයි. එය කාලීන අවශ්‍යතාවයක්. නව රැකියා වෙළඳපොලට මුහුණදෙන්න නවීන තාක්ෂණයට නවීන දැනුමට සරිලන අධ්‍යාපන ක‍්‍රමවේදයක අවශ්‍යතාවය තිබෙනවා. අද අපේ අධ්‍යාපනය එක පැත්තක, දැනුම තව පැත්තක, රැකියා වෙළඳපොල වෙනත් පැත්තක. මේවා එකිනෙකට ගැලපෙන්නට වුවමනායි. ඒගැන අවධානයත් ගුරු පුහුණුව හා ගුරු පහසුකම් ලබා දීම යන කාරණා ගැනත් විශේෂයෙන් සළකා බලනවා. අධ්‍යාපනය කියන්නේ රටක අනාගතය. කිසිම දේශපාලන න්‍යාය පත‍්‍රයකින් තොරව එය නඟාසිටුවීම සඳහා අපේ අවධානය යොමුවී තිබෙනවා.
ප‍්‍රශ්නය -
ළමුන් පාසැල් වලට ඇතුල් කිරීමේදි භාවිතා කරන වර්තමාන ක‍්‍රියාවලිය සඳහා නව ක‍්‍රමවේදයන් හදුන්වාදී තිබේනවාද?
පිළිතුර -
ජනප‍්‍රිය පාසැල් පසුපස හඹා යෑමේ සංස්කෘතියක් තවමත් අපේ රටේ පවතිනවා. ඒ ගැන අපි ගැඹුරු අධ්‍යයනයක් කර තිබෙනවා. ඒ සඳහා ළඟම පාසැල හොඳම පාසැල කියන සංකල්පය තුල ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයකට අඩුම තරමින් පාසැල් දෙකකටවත් භෞතික හා මානව සම්පත් ලබාදී ඒවා වැඩි දියුණු කොට ඉහල ප‍්‍රතිපල නැංවීමට අවශ්‍යය මාර්ගය සකසා පාසැල් තදබදය අවම කොට හැම ප‍්‍රදේශයකම එම පාසැල ජනප‍්‍රිය පාසැලක් බවට පත් කිරීමටත්, ළමුන් ඇතුලත් කිරීම මූලික කොට අළුත් චක‍්‍ර ලේඛණයක් ගෙන ඒමටත් බලාපොරොත්තු වෙනවා.
ප‍්‍රශ්නය -
ප‍්‍රංශය යනු සෑම දිනකම තම අයිතිවාසිකම් ඉල්ලා සටන් කරන ඒ වෙනුවෙන් උද්ඝෝෂණ,පෙලපාලි පවතින රටක්. ඒ සෑම අවස්ථාවකම ප‍්‍රංශ පොලීසියේ ආරක්ෂාව ඔවුන්ට ලබාදී තිබෙනවා. නමුත් නිදහස්, සාමකාමි උද්ඝෝෂණ සඳහා ආරක්ෂාව මෙන්ම රාජ්‍ය දේපළ විනාශ කරන, සිවිල් ජනයාට බාධාවක් වන, උද්ඝෝෂණ වලදී බැටන් ප‍්‍රහාරයද ලැබීම ප‍්‍රංශයේදීද සිදුවන සාමාන්‍ය දෙයක්. පසුගියදා ශ්‍රීලංකාවේ පැවැති සිසුන්ගේ උද්ඝෝෂණයේදි සිදුවූ බව කියන පොලිස් ප‍්‍රහාරයන් ගැන විශාල කථිකාවක් අද ශ්‍රීලංකාව තුල ඇතිවී තිබෙනවා. අදාළ සිදුවීම් ඔබ විෂය පථයට අයත් නොවුවත් අධ්‍යාපන ඇමති තුමා ලෙස ඔබගේ අදහස කුමක්ද?
පිළිතුර -
මේ සම්බන්ධව කියන්න තියෙන්නේ මේක හිතාමතා සැළසුම් කරලා ඉල්ල ගත්ත දෙයක්. අපිත් විශ්ව විද්‍යාලයේ යන කාලේ බොහෝ ශිෂ්‍ය සංවිධාන වල නිලතල දරලා වැඩ කරල තියෙනවා. ඕවා ඇතුලේ වෙන සෙල්ලම් අපි හොඳට දන්නවා. යම් ඉල්ලීම් සඳහා විසදුම් දීමට පොරොන්දුවී තිබියදිත් උද්ඝෝෂණ කරන එක හරිද? නොදෙන එකකට නම් සාධාරනයි කියන්න පුළුවන්. නමුත් පොරොන්දුවක් දී තිබියදී, එහෙම කරන එක සාධාරනද? ඔය සියලූදේ පසුපස ඉන්නේ අන්තවාදි න්‍යායන්ගේ ඇසුර ලබන දේශපාලන ශිෂ්‍ය සංවිධාන.ජනතාව ඔවුන් කවුද කියලා හොඳ අවබෝධයකින් ඉන්නේ. මේක ඔවුන් විසින් සැලසුම් කල දෙයක්. අපි යහපාලනය වෙනුවෙන් බිහිවූ ආණ්ඩුවක්. ඒකාධිපති, කුරිරු, අත්තනෝමතික පාලනයක් පෙරලා දමා බිහිකල ආණ්ඩුවක්. අපිට එම සිසුන්ගේ ප‍්‍රශ්න හැඟීම් නොතේරෙනවා නොවෙයි. අපි හැම දෙනාගේම අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින ආණ්ඩුවක්. අපි ඒවා විසඳන්න සුදානම්. නමුත් අන්තවාදී කොටස් ඔවුන්ගේ දේශපාලන න්‍යාය පත‍්‍රවල අරමුණු ඉටුකර ගැනීමට ගොස් ඔවුන්ම මේ තත්වය ඉල්ලා ගත්තා. සාමාන්‍ය ජනතාව මෙය තේරුම් ගත යුතුයි. ඉල්ලගෙන කනවයි කියන්නේ මේකට තමයි.ඔවුන් විසින්ම මෙහි වගකීම භාරගත යුතුයි.
ප‍්‍රශ්නය -
2015 අගෝස්තු මස 17 වෙනිදා මහ මැතිවරණයෙන් පසු ඔබ නියෝජ්‍ය මහ ලේකම් ධූරය දරන එක්සත් ජාතික පක්ෂය ප‍්‍රමුඛ ජාතික ආණ්ඩු ක‍්‍රමයක් වර්තමානය වන විට අප රටේ ක‍්‍රියාත්මක වෙනවා. මෙම නව ක‍්‍රමය ගැන ඔබගේ අදහස කුමක්ද?
පිළිතුර -
ජනවාරි 08 වැනිදා කවුරුත් වෙනස් කරන්න බැහැ කියූ රෙජීමය අපි වෙනස් කළා.ඉන්පසු අගෝස්තු 18 වැනිදා ආණ්ඩුවත් වෙනස් කරලා අපි ආසන වැඩිපුර ප‍්‍රමාණයක් දිනා ගත්තා. තනියම ආණ්ඩුවක් පිහිටුවන්න අපට හැකියාව තිබුණා. නමුත් අපි මුල සිටම කිව්වා , අපි සියලූ දෙනාම එකතු වෙලා ආණ්ඩුවක් පිහිටුවා රට හදමු කියා. අපි එම ඉලක්කයට ගමන් කළා. අපි ඇවිත් තවම මාස කිහිපයයි. ජනතාව අවුරුදු පහක ජන වරමක් අපට ලබාදී තිබෙනවා. අවුරුදු 5 ක සැලැස්මක් අපට තිබෙනවා. එමනිසා සැලැසුම් සහිතව අපේ ප‍්‍රතිපත්ති සමග ජනතාව බලාපොරොත්තුවු යහපාලන ආණ්ඩු ක‍්‍රමයක් ඇති කිරීමට දැඩි කැපවීමකින් කටයුතු කරනවා. කොමිෂන් සභා පණ ගැන්වීම, ව්‍යවස්ථාවේ සමහරක් අංග වෙනස් කිරීම, ආර්ථිකය ශක්තිමත් කිරීම, විදේශ සබඳකම් තර කර ගැනීම ආදි කටයුතු දැනටමත් අපි විසින් සිදු කර තියෙනවා. ඉදිරියටත් බොහෝ දේවල් සිදු කිරීමට තිබෙනවා. නමුත් ඒවට කල්ගත වෙනවා. සමහරු අහනව කෝ? හොරු ඇල්ලූවද හිරේ දැම්මද කියල. අපේ රටේ නීතියක් තියෙනවා. අපි කටයුතු කරන්නේ එම නීති පද්දතියට යටත්ව. ඉස්සර තිබුනේ රජතුමාගේ නීතියනේ. දැන් එහෙම නැහැ. එම නිසා වැරදි කරුවන්ට දඬුවම් දීමට ටිකක් කල්ගත වේවි. අපේ රටේ රාජ්‍ය දේපොල කොල්ලකාපු, රාජ්‍ය දුෂණයට හසුවූ, අපේ රටේ ධනය වෙනත් රටවල තැන්පත් කරපු දේශපාලඥයෝ ඉන්නවා. ඒ අය ගැන පරීක්ෂණ සිදුවෙනවා. නීතිය ඉදිරියේ ඒවා ඔප්පු කලයුතු වෙනවා. ඒකට අවශ්‍යය කටයුතු කෙරී ගෙන යනවා. ඒවාට සම්බන්ධ පිරිස එක පාරටම අල්ලලා හිරේ දාන්න බැහැ. එයට ක‍්‍රමවේදයක් තිබෙනවා. මෙම හොරකම් දුෂණ බොහෝමයක් සූක්ෂම අයුරින් සැළසුම් සහිතවයි මොවුන් කරල තියෙන්නේ. පොල් ගෙඩි හොරු පාන් ගෙඩි හොරු වගේ නොවෙයි. මොවුන්ට කියන්නේ කම්බ හොරු කියල. කම්බ හොරු අල්ලන්න ටිකක් කල් යනවා. එදාට අපි ඒවට දඬුවම් දෙනවා. ඒ සඳහා අපට යම් කාලයක් ගත වේවි. එබැවින් ජනතාව ඒ ගැන කුකුසක් ඇති කර ගතයුතු නැහැ. ඉවසීමෙන් ඉන්න .
ප‍්‍රශ්නය -
වර්තමාන යහපාලන ක‍්‍රමය බිහිකිරීම සඳහා දායක වූවන් අතරින් ෆීල්ඞ් මාර්ෂල් සරත් පොන්සේකා මහතා ඔබලා සමග එකතුව විශේෂ කාර්යය භාරයක් සිදුකල කෙනෙක්. ජනාධිපති මන්දිරයේ ඇති භූගත බංකරයක් ගැන අම්බලන්ගොඩ රැස්වීමකදී ඔහු මෙවැනි ප‍්‍රකාශයක් සිදුකර තිබෙනවා. ‘‘මේ විදියට ගියොත් ගාල්ලේ මුතුහෙට්ටිගම තව අවුරුද්දකදී ලංකාවේ අගමැති වේවි. රත්නපුරයේ චොකා මල්ලි ජනාධිපති වේවි‘‘. මෙම ප‍්‍රකාශය ගැන ඔබගේ අදහස කුමක්ද?
පිළිතුර -
එතුමා ජනාධිපතිවරණයට ඉල්ලූව නිසාම රාජපක්ෂ විසින් ජම්පර් එක අන්දා හිරේ දමා දරුණු ලෙස පලි ගත්තනේ.අපි එතුමගේ සියලූම අහිමිවූ දේවල් සමඟ පීල්ඞ් මාර්ෂල් තනතුරෙන් උසස් කරලා අවශ්‍ය සියලූ දේවල් ලබා දුන්නනේ. මෙවර ඡන්දයට එතුමා තනියෙන් තරඟ කිරීමට ගත් තීරණය නිවැරදි නැහැ. එතුමාට දේශපාලනය කිරීමේ උවමනාව තියෙනවා. නමුත් හිටපු ගමන් ඔය වගේ කතා කියනවා .ඒවා ඒතරම් ගණන් ගතයුතු නැහැ. අමතක කරන්න එපා, අපි තවම යන්නේ රාජපක්ෂ රෙජීමය ඇතිකල සැකිල්ල තුළ බව. ඒක එක පාරටම වෙනස් කරන්න අමාරුයි.නමුත් පියවරෙන් පියවර ඒ ක‍්‍රමය අපි වෙනස් කරනවා. ජනතාව තීන්දු කරයි ජනපති, අගමැති කවුද කියල. අපේ ජනතාව බුද්ධිමත්. බැහැ කියපු සෑම දෙයම වෙනස් කලා. ඒ නිසා අපි ජනතාව විශ්වාසය කරනවා. අවශ්‍යය වේලාවට ඔවුන් හරි තීන්දු ගනීවි. ඒ ගැන සැකයක් ඇති කර ගන්න අවශ්‍යය නැහැ.
ප‍්‍රශ්නය -
ප‍්‍රංශයේ අධ්‍යාපන ඇමැතිනිය , ප‍්‍රංශ විශ්ව විද්‍යාලයේ හා උසස් විද්‍යා පීඨයන් හී ජාත්‍යයන්තර කළමනාකරනය, විදේශ කටයුතු, ආදි විෂයන් හදාරා උපාධි හිමිකර ගත් මුස්ලිම් කාන්තාවක්. ශ්‍රීලංකාවේ පාර්ලිමේන්තුවේ සාමාන්‍යපෙල පවා අසමත් මන්ත‍්‍රී වරු සිටින බව පසුගිය කාලේ ඔබ තුමන්ලා විසින් විවිධ විවේචන එල්ල කලා.ශ්‍රීලංකාවේ අධ්‍යාපන ඇමති වන ඔබ තුමාගේ සුදුසුකම් මොනවාද?
පිළිතුර -
මට උපාධි දෙකක් තිබෙනවා. ආර්ථික විද්‍යාව,ජාත්‍යයන්තර සබඳතා හා දේශපාලන විද්‍යාව පිළිඹඳ කොළඹ විශ්ව විද්‍යාලයේ උපාධියක් හා ඊට අමතරව නීතිවේදි උපාධියක් සමග නීතිඥයෙක් ලෙස දිව්රුම් දීලා තිබෙනවා. මම හිතන්නේ ඒ ඇති කියලා.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
‘රජතුමාගේ නීතිය දැන් නැහැ ‘
විකුම් Friday, 20 November 2015 12:44 PM
ඒක නම් බොහොම හොඳයි (නි)
ආරච්චිගේ Friday, 20 November 2015 09:15 PM
දැන් කතා ඇති! (නි)
ප්‍රනාන්දු Friday, 20 November 2015 09:37 PM
60% ලංකාවේ ජීවත්වන්නේ මොනවගේ මිනිස්සුද කියලා හිතාගන්න පුලුවන් (නි)
තාරානාත් Friday, 20 November 2015 10:10 PM
අනේ මගේ කට! (නි)
සොපි Saturday, 21 November 2015 04:07 AM
ජනතාවට ඉවසීමෙන් ඉන්නලු ....හොඳා....හොඳා ....(ස)
ඉන්දිකා Saturday, 21 November 2015 01:40 PM
දැන් ඉතින් බාලගිරි අද නොවේ හෙට. (ස)
කිරන් Saturday, 21 November 2015 09:21 PM
බොහොම හොඳයි. ජයශ්‍රී! (නි)
ගයාන් Saturday, 21 November 2015 11:47 PM
ලංකාවේ තත්වය මේ වගේ සිදුවීම් වලින් පෙනෙනවා (නි)