ධීවර ගැටලූවට පිළියමක් සොයාගන්නා තෙක් ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඇතුළු වීම ඉන්දියා ධීවරයින්ට තහනම් බව තමිල්නාඩු ධීවර සමිති නියෝජිතයින් හා පැවති හමුවකදී ඉන්දියා විදේශ කටයුතු ඇමතිනී සුෂ්මා ස්වරාජ් පවසා තිබේ.
ධීවර සමිති නියෝජිතයින් 12 දෙනෙකු සමග පසුගියදා නවදිල්ලියේදී පැය 2 කට ආසන්න කාලයක් දෙරට අතර ධීවර ගැටලූවට ධීවර සමිති නියෝජිතයින්ගේද අදහස් ලබා ගැනීමට පැවැත්වුනු සාකච්ඡාවේදී ඉන්දියා විදේශ ඇමතිනිය මේ බව සඳහන් කර ඇත.
ගැටලූව විසදීමට ඉන්දියා රජය හැකි සෑම පියවරක්ම ගන්නා බවත් එනිසා රජයට ඉඩදී ඉවසිල්ලෙන් සිටිනා ලෙසත් ඇය ධීවර නියෝජිතයින්ට දැනුම් දී තිබේ.
ශ්‍රී ලංකා නාවික හමුදා අත්අඩංගුවේ සිටින ඉන්දියා ධීවරයින් මුදා ගැනීමට ඉන්දියාවට හොඳ අවස්ථාවක් තිබුණු නමුත් ධීවරයින් නීති විරෝධී ලෙස නැවත නැවතත් ශ්‍රී ලංකා මුහුදු සීමාවට පිවිසීම නිසා එම කටයුතුද වලටද බාධා පැමිණවී තිබෙන බව ඇමතිනී සුෂ්මා ස්වරාජ් ධීවර නියෝජිතයින් හමුවේ පවසා ඇත.
හමුවෙන් පසු මාධ්‍ය වෙත අදහස් දැක්වූ නියෝජිත පිරිස ප්‍රථම වතාවට විදේශ ඇමතිනිය හමුවී තම ගැටලූ ඉදිරිපත් කිරීමට අවස්ථාව ලැබීම ගැන සතුටු වන බව පැවසූහ.එමෙන්ම මෙවර ඉන්දියා රජය තම ගැටලූ විසඳා දීමට කැපවීමෙන් කටයුතු කරන බවක් පෙනෙන හෙයින් ඇමතිනිය දැනුම්දුන් පරිදි ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඇතුළු වීමෙන් වැළකී සිටින ලෙස තම ප්‍රදේශයේ ධීවරයින්ට දැනුම්දෙන බවද ඔවුහු කීහ.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
‘ලංකා සීමාවට එන්න බෑ‘
කරුණාජීව Friday, 21 November 2014 08:57 AM
ආපහු ඇවිල්ලා අහුවුනාට පස්සේ කියයි " අපි ලග ජී.පි.එස්. නැහැ අපි දන්නැහැ මුහුදු සීමාව " කියලා
ජයන්ත Friday, 21 November 2014 10:54 AM
මෙන්න නියම රාජ්‍ය තාන්ත්‍රිකයෝ (නි)
පියරත්න රූපසිංහ Friday, 21 November 2014 06:38 PM
ඉන්දියා රජය තම ගැටලූ විසඳා දීමට කැපවීමෙන් කටයුතු කරනවයි කියල ඉන්දීය ධීවර සමිති බලාපොරොතු වෙන්නේ කුමක්ද? ඒ කියන්නේ අපේ රටේ මුහුදු සීමාව තුල මාළු ඇල්ලීමට අප රජයෙන් බලහත් කාරයෙන් මෙන් ඉල්ලා සිටීමද? ඉන්දීය ධීවරන් බලාපොරොත්තු වන්නේ. (ර)
ඉසුරන්දි- දෝහා Saturday, 22 November 2014 10:43 AM
මෙයාල බලෙන් අපේ මුහුදු සිමාව උල්ලංගනය කර කර තවත් බොරුවට කෑ කෝ ගහනවා විසදුමක් දෙන්න කිය කියා.(හේ)
චන්ද්‍රා වීරසිංහ Saturday, 22 November 2014 07:30 PM
ප්‍රභාකරන්ල ඇති වුණොත් දෙරට රාජ්‍ය නායකයෝ මිය ගියෙත් ඔය පටු මුහුදු තීරය නිසා බව මතක නැති වෙලාද? (අ)
ගුණේ Monday, 24 November 2014 06:55 AM
පිළියම් සොයන්නේ කුමටද? පිලියමට පිළිතුරත් ඕනමයි නේද? අපගේ මුහුදු සීමාව උල්ලංගනය නොකර සිටීම තමයි සදාකාලික පිළිතුර. (නදී)
තරංග Monday, 24 November 2014 09:38 PM
තමන් තමන්ගේ සීමාවේ හිටයම ප්‍රශ්නයක් නැහැනේ! (නි)
බමුණු Wednesday, 26 November 2014 04:44 AM
බොහොම ඉස්සර කලේ ඔහොම ආපු අය තමයි දැන් අයිතිවාසිකම් කියන්නේ. (ස)
ලියොන් ගුනවර්දන Saturday, 29 November 2014 04:52 AM
ඉන්දීය ධීවරයන් ජීවිතය පරදුවට තබා මුදු සීමාව කඩන්නේ ඉන්දියාව පැත්තෙන් අපේ පැත්තට මාළු පීන ගොස් සිටින නිසාද නැතහොත් ලංකාවේ කුඩු මුදලලිලා ඔවුන් එනතුරු නොඉවසිල්ලෙන් බලා සිටින නිසාද යන්නත් දෙරට විදෙස ඇමතිවරුන්ගේ අවදානයට ලක්විය යුතුය (අ)