නෙල්සන් මැන්ඩෙලාගේ අවමංගල උත්සවයට පැමිණි, ඇමෙරිනා ජනපති බැරැක් ඔබාමා වැනි ලෝක නායකයන් අසලට වී, ඔවුන්ගේ ශෝක ප්‍රකාශ දේශන ගොළු බිහිරි ප්‍රජාව වෙනුවෙන් ඉදිරිපත් කළ හස්ත සංඥා පරිවර්තකයා මිනීමැරුම් චෝදනා ලැබූවකු බව අනාවරණය විය.
තැම්සැන්කා ජැන්ටිජේ නැමැති එම පරිවර්තකයා බොරුකාරයකු බවට චෝදනා එල්ල කර ඇත්තේ අප්‍රිකා ගොළු බිහිරි පදනමෙනි.
එම පදනම කියා සිටියේ තැම්සැන්කා ජැන්ටිජේ භාවිතා කළ හස්ත සංඥා සාම්ප්‍රදායික හස්ත සංඥා නොවන බවය. ඒ ගැන වහාම පරීක්ෂණයක් පවත් වන ලෙස ද එම පදනම දකුණු අප්‍රිකා රජයෙන් ඉල්ලීමක් කළේය.
එම චෝදනාවලට පිළිතුරු දෙමින්, කරුණු පැහැදිලි කළ තැම්සැන්කා ජැන්ටිජේ ඉකුත් සිකුරාදා කියා සිටියේ, තමා බොරුකාරයකු නොවන බවත් ශෝක ප්‍රකාශ දේශන පැවැත්වෙද්දී තමාට දේව දූතයන් පෙනී සිහි විකල් වූ බවත්ය.
මේ සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ කළ දකුණු අප්‍රිකා කැබිනට් ඇමැතී බොගොපානේ සූලා පවසා ඇත්තේ සිදුවූ දේ ගැන තමා සමාව ගන්නා බවත්, අවමංගල කටයුතු කඩිනමින් සංවිධානය කළ නිසා අතපසු වීමක් සිදුවූ බවත්ය.
කෙසේ නමුත් ජනපති ඔබාමා වැනි ලෝක නායකයකු අසලට zඋම්මත්තකයකුZ යැවීම ගැන අවමංගල උත්සවයේ සංවිධායක මණ්ඩලයට දිගින් දිගටම දොස් අහන්න සිදුවී ඇත.
තැම්සැන්කා ජැන්ටිජේපරිවර්තන කටයුත්තට සම්බන්ධ කර ඇත්තේ ප්‍රජා ආයතනයකිනි. එම ආයතනයේ නිලධාරීන් ද මේ වනවිට රටින් පිටවී ගොස් ඇතැයි පැවැසෙයි.
(ඩේලිමේල් ඇසුරිනි)
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
‘සංඥා භාෂා පරිවර්තක පිස්සෙක්‘
කුමාරණ Tuesday, 17 December 2013 11:33 PM
ඒ අයගේ දේශන පරිවර්තනයට සුදුසුම පුද්ගලයා තමයි එයා. ''තකට තක'' හොඳට ගැලපෙනවා.(නදී)
කුමාර Wednesday, 18 December 2013 07:20 AM
ලංකාව වගේ තවත් රටවල් තියෙනවා එහෙනම්. හරීම සතුටුයි. අපි හුදකලා වෙලා නෑ. (අ)
කෙවීන් Wednesday, 18 December 2013 08:25 AM
කොහොමද මෙයා ඔබාමාගේ බෙල්ල මිරිකුවනම් ............... (අ)
නිශාර්ඩ් ප්‍රීනා Wednesday, 18 December 2013 09:15 AM
කොහොම උනත් දෛවයේ සරදමකින් හරි ලෝකයේ අංක එකට සිටින වඩාත්ම සුදුසුම පුද්ගලයා ළඟ තමයි භාෂා පරිවර්තකයා ඉඳලා තියෙන්නේ. අතපසුවීමකින් හරි අවමංගල්‍ය සංවිදානයකින් කරලා තියෙන්නේ හරි දෙයක්.(නදී)
ශලිනි Wednesday, 18 December 2013 09:25 AM
අනේ ඕක මහ ලොකු දෙයක් නෙවේ. පොඩි අතපසුවීමක්. ඔය සිදුවීම ලොකු දෙයක් කරලා මහා අවධානයක් ගන්න හදනවා.(නදී)
දම් Thursday, 19 December 2013 02:05 PM
මේයා අපෙන් හෙරොයින් අරන් ගහලා වගේ.(නදී) .
අමිල කටුනායක Thursday, 19 December 2013 02:06 PM
ලංකාවේ උපදේශක තනතුරක් දෙන්න වටිනවා. (නදී)