‘සැන්ඩි’ සුළි කුණාටුවෙන් සිදුවූ හානිය දැක ගැනීමට ඇමෙරිකා ජනාධිපති බරැක් ඔබාමා ඊයේ (1) උදෑසන නිව්ජර්සි ජනපදයේ සංචාරයක යෙදුණේය.
සුළි කුණාටුවෙන් බලපෑම් එල්ල වූයේ ඇමෙරිකාවේ නැගෙනහිර වෙරළ තීරයේ ප‍්‍රාන්තවලටය. ඒ අතරින් නිව්යෝර්ක් සහ නිව්ජර්සි යන ජනපද ඉතා දරුණු ලෙස බැට කෑවේය.
ජනපති ඔබාමා නිව්ජර්සි ප‍්‍රාන්තයේ සංචාරය කරමින් සිදුවූ හානිය නිරීක්ෂණය කළ අතර, විපතට පත් වූවන් හමුවී ඔවුන්ගේ සැප දුක් විමසා බැලීමට ද අමතක නොකළේය.
විපතට පත් වූවන් අමතමින් ඔබාමා කියා සිටියේ ‘ඔබ වෙනුවෙන් අප ඉන්නවා. අප ඔබ තනි කරන්නේ නැහැ’ කියාය. එම සංචාරයට ඔබාමා සමඟ නිව්ජර්සි ප‍්‍රාන්ත ආණ්ඩුකාර කි‍්‍රස් කි‍්‍රස්ටී ද එක් ව සිටියේය.
ඇමෙරිකානු ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිතව ඇත්තේ ලබන 6 වැනිදාය. ඩිමොක‍්‍රටික් පක්ෂ අපේක්ෂකයා ලෙස ඔබාමා ඊට ඉදිරිපත් වෙයි. ඉකුත් 30 වැනිදා ‘සැන්ඩි’ සුළි කුණාටුව නිව්යෝක් නුවරට කඩා වැදීමත් සමඟ මැතිවරණ කටයුතු වහා නවතා දැම්මේය.
එම අවස්ථාවේ ඔහු සිිටියේ ෆ්ලොරීඩා ප‍්‍රාන්තයේය. සහන සේවා කටයුතු අධීක්ෂණය කිරීමට ඔබාමා වහා වොෂින්ටන් අගනුවරට පැමිණියේය.
ජනපතිවරණයට ඉදිරිපත් වන ඔබාමාගේ ප‍්‍රතිවාදියා වන රිපබ්ලිකන් අපේක්ෂක මිට් රොම්නි ද සිය ජනාධිපතිවරණ ප‍්‍රචාරක කටයුතු අත්හිටුවා ඇති අතර මේ වනවිට ඔහු සුළි කුණාටුවෙන් විපතට පත් වූවන්ට සහනාධාර බෙදා දීමේ කටයුතුවල නියැළී සිටී.
නිව්ජර්සි ජනපදයේ පීඩාවට පත් ජනතාව හමුවීමට පෙර ඔබාමා, නිව්ජර්සි ජනපදයේ ආපදා කළමණාකාර දෙපාර්තමේන්තුවට ගොස් එහි ප‍්‍රධානීන් හමුවී සහන සේවා සිදුවන අයුරු විමසා සිටියේය.
ඇතැම් දේශපාලන විචාරකයන් පවසන්නේ ලබන 6 වැනිදා පැවැත්වෙන ජනපතිවරණයේ ජයග‍්‍රහණය තීරණය කිරීමට ‘සැන්ඩි’ සුළි කුණාටුව සමත් වනු ඇතැයි කියාය.
මැතිවරණ කටයුතු නවතා දැමූ බව කීවත් ඔබාමා සහ ප‍්‍රතිවාදී අපේක්ෂක රොම්නි ඡන්ද වාසි ලබා ගැනීමේ අරමුණින් විපතට පත්වූවන්ගේ සහන සේවා කටයුතුවල නියැලී සිටින බව දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
‘සැන්ඩි’ කළ හදිය බලන්න ඔබාමා නිව්ජර්සි ජනපදයට
සේෆක් Friday, 02 November 2012 03:29 PM
අයියෝ සල්ලි
මුතු Friday, 02 November 2012 09:16 PM
ඡන්දේ ලගයිනේ බැහැලා වැඩ.(ස)
නසාර් Sunday, 04 November 2012 10:58 AM
අන් සැපතට ඊර්ෂියා කරනු එපා මින්පසු වත් හිතට ගන්න. (ස)
ජූඩ් Monday, 05 November 2012 04:35 AM
සිංහලෙන් සැන්ඩි ගැන කියවන්න පුලුවන් වුණාට ස්තූතියි. (නි)