X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 13 වන ඉරිදා


‘සුදු කොල්ලෙක් බ්‍රිතාන්‍ය අගමැති තල්ලු කරයි‘

සඳුදා දහවල් බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් රාජකාරි කටයුත්තක් අවසන් කර ලීඩ්ස් නගර සභා ශාලාවේ සිට සිය වාහනය වෙත යද්දී ඒ අසල සිටි තරුණයෙක්  අගමැති වරයාවෙත කඩාපැන ඔහු පසෙකට තල්ලු කිරීමට උත්සහ කෙළේය.

අගමැති ආරක්ෂකයෝ වහා ඔහු අත්අඩංගුවට ගත්හ.

ඩීන් බැල්බෝ ෆාර්ලි (28) එම තරුණයා පසුව පොලිසිය විසින් නිදහස් කැරිණි.

අගමැති වරයාගේ පෞද්ගලික ආරක්ෂාව බිඳීයාම බලවත් වරදක් බව පැවසු බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී වරු ප්‍රභූ ආරක්ෂක සැලැස්මේ දෝෂ විධිමත් අයුරින් නිර්දෝෂ කරන ලෙස ස්කොට්ලන්ඩ් පොලිසියට කීහ.

සඳුදා සිට බ්‍රිතාන්‍ය හමුදා ඇෆ්ගනිස්තානයෙන් මුළුමනින්ම ඉවත්කර ගත් අතර දැනට සිරියාව සහ ඉරාකය කේන්ද්‍ර කොට පවතින සටන් සඳහා එරට හමුදා ඍජුවම සහභාගී වෙති.

බ්‍රිතාන්‍ය ජාතික මුස්ලිම් තරුණයෝ විශාල ප්‍රමාණයක් මෙම සටන් පෙරමුණෙහි ඉන්නා අන්තවාදී කණ්ඩායම් සමඟ එක්වී සටන් කරති.

මේ හේතුවෙන් මුස්ලිම් අන්තවාදීන්ගේ ප්‍රධාන ඉලක්කයක් බවට පත්වී ඇති ඩේවිඩ් කැමරන් ගේ පෞද්ගලික ආරක්ෂාව මේ අන්දමින් බිදවැටීම පිළිබඳව ඉන් අනතුරුව විවිධ අදහස් පළවීමට පටන්ගත්තේය.

ඩේවිඩ් කැමරන් කියා ඇත්තේ බ්‍රිතාන්‍යයේ ප්‍රභූ ආරක්ෂක අංශය පිළිබඳව සම්පුර්ණයෙන්ම විශ්වාශය තැබිය හැකි බවයි.

1 2 4 5 6

 



අදහස් (0)

‘සුදු කොල්ලෙක් බ්‍රිතාන්‍ය අගමැති තල්ලු කරයි‘

රෝහිත Tuesday, 28 October 2014 03:01 PM

මේක ලංකාවේ වුනානම් පස්සේ ආරංචි වෙයි ඒ කොල්ලා වෙඩිතියාගෙන මැරිලා කියලා. (හේ)

:       0       0

අජිත් Saturday, 01 November 2014 02:13 PM

එඩිතර කොල්ලෙක්.(හේ)

:       0       0

ඉසුරන්දි Saturday, 01 November 2014 08:00 AM

මේ වෙන කොට කොල්ලගේ සුදු හම රැලි වැටිලා ඇති.(හේ)

:       0       0

මල්කි Saturday, 01 November 2014 06:47 AM

අපේ රටේ ජනාදිපති එහෙම ඔය විදිහට ගියානම් ඔය තත්ත්වේ කොහොම වෙයි කියලද ඔයා හිතන්නේ.(හේ)

:       0       0

සත්‍යයා Friday, 31 October 2014 03:11 AM

අපේ රටේ නම් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකුට අත තියනවා තියා වචනයකින් බැණ වැදුනොත් කොහෙන් කෙළවර වෙයිද දන්නෙ නැහැ (නි)

:       0       0

පියල් Friday, 31 October 2014 12:49 AM

සිද්ධිය වෙලා තියෙන්නේ වෙන රටක ! සමහරුන් ඒකට මඩගහන්නෙත් ලංකාවට ! අපූර්ව මානසිකත්වයක් (නදී)

:       0       0

අසංග Thursday, 30 October 2014 05:30 AM

ධම්ම, කව්ද කියන්නේ බ්‍රිතාන්‍ය සාමකාමී රටක් කියා. (අ)

:       0       0

සත්‍යයා Thursday, 30 October 2014 02:08 AM

එංගලන්තයේ අගමැතිගේ ඇඟට කඩා පැනලත් ඒ තරුණයාව නිදහස් කර යවන්න තරම් ශීලාචාර උනා. ඒත් අපේ රටේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී වරයෙකුට අත තියනවා තියා වචනයකින් බැණ වැදුනොත් අවමගුලකින් තමයි කෙළවර වෙන්නේ. (නදී)

:       0       0

එස්. එල්. Wednesday, 29 October 2014 03:54 PM

මොන ප්‍රජාත්‍රන්තවාද‍යද? හමයි නමයි සුදුයිනේ, නැත්නම් ඉතින් දීගටම හිරේ තමයි. (ර)

:       0       0

දයා අලහාකෝන් Wednesday, 29 October 2014 11:50 AM

එංගලන්තෙ එහෙම උනත් ලංකාවේ එහෙම වෙන්නේ නැහැ (නදී)

:       0       0

මොහාන් Wednesday, 29 October 2014 05:33 AM

ලෝකෙට පේන්න ඒ තරුණයා නිදහස් කෙරුවට පස්සේ අල්ලගන්නව ෂුවර්. (ර)

:       0       0

තිවංක Wednesday, 29 October 2014 03:26 AM

අපේ රටේ නම් දැනටමත් ආශ්චර්යය හොඳටම දැනිලානේ තියෙන්නේ (නි)

:       0       0

ධම්ම Tuesday, 28 October 2014 05:08 PM

මෙය ප්‍රජාතන්ත්‍රවාදය සමඟ පටලාගන්න එපා. පරීක්ෂණ ඇරඹෙන්නේ මෙතැන් සිටය. (නි)

:       0       0

ධම්ම Tuesday, 28 October 2014 06:03 AM

සාමකාමී බ්‍රිතාන්‍යයට ඇයි ප්‍රභූ ආරක්ෂක අංශයක්? (ස)

:       0       0

සිරිසේන Tuesday, 28 October 2014 01:01 PM

ඒ රටටත් ත්‍රස්තවාදයේ බයානකකම දැනෙන්න ඕන. ඒ වුනත් අපේ රටේ දේශපාලකයෝ පාරේ යනකොට සාමාන්‍ය ජනතාවට පාරේ ගමන් කල හැකිද?(හේ)

:       0       0

සේරම් Tuesday, 28 October 2014 10:56 AM

මොකක්ද හේතුව කියලා හොයලා බැලුවේ නැද්ද?(හේ)

:       0       0

කමල් Tuesday, 28 October 2014 09:43 AM

මේ රටෙත් කොටි පාලන ප්‍රදේශ තිබෙනවාද? (ර)

:       0       0

චන්ද්‍රා කොට්ටව්ච්චි Tuesday, 28 October 2014 09:35 AM

ඕක ලංකාවේ වුණා නම් , එ් වේලාවෙම වෙඩි තබා හෝ අල්ලාගෙන ගොස් අතපය කඩා අවුරුදු ගණනක් හිරගෙයට අනිවාර්ය ,(හේ)

:       0       0

ශාන් Tuesday, 28 October 2014 09:21 AM

ලංකාවෙත් එහෙම තමයි විශ්වාශය තැබිය නොහැක්කේ ප්‍රභූන්.(හේ)

:       0       0

වරුණ Tuesday, 28 October 2014 09:03 AM

ඩීන් බැල්බෝ ෆාර්ලි (28) එම තරුණයා පසුව පොලිසිය විසින් නිදහස් කැරිණි. පේනව නේද ප්‍රජාත්‍රන්තවාද‍යේ මහිමය. (ර)

:       0       0

මාගලී ෆොන්සේකා Tuesday, 28 October 2014 08:44 AM

ඉතින් ලංකාවත් සාමකාමී රටක් නේ. (ර)

:       0       0

සමන් Tuesday, 28 October 2014 07:00 AM

ඕව ඔක්කොම සාමකාමී රටවල් අන්තවාදී සරණාගතයෝ ඔය රටවල වලට ගෙන්න ගන්න කලින්! (අ)

:       0       0

නුවන් Tuesday, 28 October 2014 06:59 AM

ගයාන්, බ්‍රිතාන්‍යයට දඩුවම් ලැබෙනකොට ඒ හා සමාන කරදරයක් අරාබියෙන් මෙහෙට එනව! (අ)

:       0       0

අශෝකා Tuesday, 28 October 2014 06:58 AM

එය පටන් ගත්තා විතරයි. ඉස්සරහට දෙන දෙයියෝ ගෙටම ගෙනත් දෙයි. (අ)

:       0       0

ගයාන් Tuesday, 28 October 2014 06:40 AM

අපි වගේ දුප්පත් රටවලට කරන අපරාධ වලට අනාගතයේ දඬුවම් ලැබේවි. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site