ඉන්දියාවේ ටජ් මහල් ස්මාරකය හින්දු පූජණීය ස්ථානයක් ලෙස ප්‍රකාශයට පත්කරන ලෙස ඉන්දීය නීතිවේදීන් කණ්ඩායමක් අධිකරණයට කර තිබූ ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇත.
ටජ් මහල හින්දු පූජණීය ස්ථානයක්ව තිබූ බවට කිසිදු සාක්ෂියක් නොමැති බව ඉන්දියා සංස්කෘතික කටයුතු ඇමති මහේෂ් ෂර්මා ප්‍රකාශ කරයි.
1983 දී යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙස නම්කැර ඇති ටජ්මහල හින්දු භක්තිකයන්ට ලබාදිය යුතු බව කියමින් නීතිඥයන් කණ්ඩායමක් පසුගිය වසරේ ඉන්දියාවේ අධිකරණයක ගොනුකරන ලද පෙත්සමක් සම්බන්ධයෙන් රජය මේ නිවේදනය නිකුත් කරන ලදී.
17 වැනි සියවසේ දී සාජහාන් නමැති මුස්ලිම් ජාතික මෝගල් අධිරාජ්‍යයා විසින් මියගිය සිය බිරිඳ සිහිවීමට මේ ස්මාරකය ඉදිකරන ලදී. මෙය නැරඹීමට දිනකට 12,000ක පමණ සංචාරකයෝ පැමිණෙති.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
‘‘ටජ් මහල් හින්දූන්ගේ නොවේ“
හෙසාන් Wednesday, 02 December 2015 10:02 PM
ලෝකපුජිත ටජ්මහල හින්දුන්ට අයත් නොවේ. එය ඉස්ලාම් භක්තික මුස්ලිම්වරුන්ට අයත් එකක් යැයි මම පවසමි. පැරණි දේ ගරු කරන සැමට ටජ්මහල අයිති වේ (නි)
මිගිද Thursday, 03 December 2015 04:13 AM
ලෝක උරුමයන් විනාශ කරන අය ගැන මොනවද දැන් හිතෙන්නේ? (නි)
කසුන් Thursday, 03 December 2015 04:36 AM
මෙය අයිති හින්දුන්ට බව මම නම් පිළිගනිමි. මෝගල්වරු ඉන්දියාව ආක්‍රමණයකොට බොහෝ හින්දු බෞද්ධ පූජනීය ස්ථාන අරාබි අකුරු සහිත ගල්පුවරු අල්ලා වෙනස්කොට ඇති බව පෙනේ. ඉතිහාසය හොයා බලන්න. ටජ්මහල් වල ඇතුළේ පෙනෙන්නේ නැති කාමර තිබේ. ඒවා සඳහා ඇතුළුවීමට අවසර නැත. එම කාමර වල මෑත කාලයේ බදාම තට්ටු වලට යටින් මතුව ඇති දේව රූප කුමන ආගමකට අයත් ඒවාදැයි මඳක් සොයාබලන්න (නි)
ඩේවිඩ් Thursday, 03 December 2015 04:45 AM
මම නම් මේවට මොකුත්ම කියන්නේ නැහැ (නි)
ෂෆීක් Thursday, 03 December 2015 05:56 AM
හෙසාන්, එය ඉස්ලාම් භක්තික මුස්ලිම් නොවේ, ඉන්දියානු ඉස්ලාමිය අධිරාජ්‍ය වාදියෙක් ගොඩනැගු සිහිවටනයක් පමණ වන බැවින් හින්දු හා අනෙකුත් ජාතින් එය රටේ සම්පතක් ලෙස සලකා රැක ගත යුතුවේ. අප රටේද කිනම් ආගමකට හෝ ජාතියකට අයත් පෞරාණික වස්තුන් රැකගැනීම අප යුතුකමවේ. (ර)
උපාලි Thursday, 03 December 2015 07:07 AM
ශෆික්, ඔබ සමඟ මමද එකඟවෙමි. අදහසට ඔබට පින්. (නි)
උපුල් Thursday, 03 December 2015 07:10 AM
හෙසාන්, ඔයා දන්නේ මෑතකාලීන එක් එක් අය පවසා තිබෙන ඉතිහාසයනේ. (නි)
සිරිනාත Thursday, 03 December 2015 08:14 AM
එක එක්කෙනා අයිතිවාසිකම් කියාගන්නේ නැතුව ලෝක උරුමයක් ලෙස රැකගත්තා නම් නේද හොඳ? (නි)
අමර Thursday, 03 December 2015 09:34 AM
ඉතිහසය කියන්නේ බොරුවක් නේ. ඒ ඒ කාලවල වෙනස් කරනවා ඉතිහාසය. ඇත්තම ඉතිහාසය අපට හොයන්ඩ බැහැ. ඕව ගැන වැඩිය හිතනවට වඩා අනාගතේ දියුණුව ගැනයි වැඩ කරන්ඩ ඕනේ. (ස)
උදය Thursday, 03 December 2015 11:28 AM
සියල්ල නැසෙන ලෝකයේ මෙයත් කවදා හරි විනාශ වෙනවා. අපි අයිතිය හොය හොයා දඟලනවා. කවදාද මෙය තේරුම් ගන්නේ.? (ර)
අමල් Thursday, 03 December 2015 01:00 PM
මොන ඉතිහාසයක්ද? (ර)