IMG-LOGO

2024 මැයි මස 16 වන බ්‍රහස්පතින්දා


ඇහැ බේරාගන්න ගිහින් අමුතු කුණක් කන්න වෙලා

කරන්දෙණිය එම්. සුසිල් පියන්ත
අක්ෂි වෛද්‍ය පරීක්ෂණයේ දී දෝස සහිත ඇස, දෝස රහිත ඇසෙන් ආවරණය කිරීමට ගොස් අලි අමාරුවක වැටුණු රියැදුරකු පිළිබඳ පුවතක් දකුණු පළාතෙන් අසන්නට ලැබේ.


ඔහු ගියේ රියදුරු පැදවීමේ බලපත් ලබාගැනීම සඳහා අක්ෂි පරීක්ෂණයටය. ඔහුට එක ඇසක ආබාධයක් හට ගත්තේ වයසත් එක්කය. මේ දෝෂ සහිත ඇස නිසා වෛද්‍ය පරීක්ෂණය අසමත් වේයයි ඔහු සිතුවේය. එය අසුවුවහොත් තමාට රියැදුරු බලපත ලබා ගැනීමට නොහැකිවේ යැයි ද සිතට ආවේය. ඒ නිසා එයින් බේරීමට ඔහු උප්පරවැට්ටියක් ගැන ද සිතුවේය.


නිලධාරියා ඔහුගේ දෙඇස් පරීක්ෂා කිරීමට පටන් ගත්තේය. එක ඇසක් වසා දුර සිට පුවරුවක ඇති ඉලක්කම් කීම ඒ පරීක්ෂණයයි. ඇස වසා ගැනීමට දී තිබිණේ ටිෂූ කඩදාසියකි. එය තුනට හතරට නවා තිබුණේය.


  එක ඇසක් වසා පුවරුව කියවීමේදී වසන ලද ටිෂූ කඩදාසිය අල්ලන හැටි නිලධාරියාට ඇල්ලු‍වේ නැත. එය අල්ලා තිබුණේ ඇඟිලි දෙකක හිඩසක් තබාගෙනය. නිලධාරියා එය පරීක්ෂා කළේය. ටිෂූ කඩදාසිය පෑනකින් ඉතා සිරුමාරුවට  සිදුරු කර කුඩා ගුලක් හදාගෙන තිබෙනු දුටු එම නිලධාරියාට අනේ දෙවියනේ මෙහෙමත් මිනිස්සු ඉන්නවා යයි කියවුණේ ඉබේටමය.


ඔහු කළ මේ වංචාව එදා අක්ෂි පරීක්ෂාවේ පෝලිමේ සිටි අයට නිලධාරියා කියද්දී එම පරීක්ෂණ අතරමගම ඔහු එතැනින් හෙමිහිට මාරුවී ගියේලු‍.



අදහස් (0)

ඇහැ බේරාගන්න ගිහින් අමුතු කුණක් කන්න වෙලා

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

පිනට කන රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක්
2022 දෙසැම්බර් මස 01 990 0

මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.


අම්මාගේ හඳහන දී දුව බන්දන්න හදලා
2022 නොවැම්බර් මස 30 2157 3

දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.


හිමිනමට උපකාරෙට ගිහින් පන්සලම සුද්ද කරගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 29 1632 0

වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු


මඟුල් කතා කරන්න ගිය මනාලයාගේ පියා රෙදි ගලවාගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 28 5268 4

තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟු‍ම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.


මිතුරියගේ නිවෙසේ පින්කමට සීනි වෙනුවට යූරියා කිලෝ 2 ක් ගෙනත්
2022 නොවැම්බර් මස 26 3118 0

මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව


ෆේස්බුක් පෙම්වතා පෙම්වතියගේ සේසතටම විදලා
2022 නොවැම්බර් මස 25 4546 1

මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site