IMG-LOGO

2024 මැයි මස 16 වන බ්‍රහස්පතින්දා


මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුවීම ද මහත් ප්‍රීතියක් ගෙන දෙන කරුණකි.

ඉන්දියාවේ 75 වන නිදහස් දින සංවත්සරය (අසාදි කා අම්රිත් මහෝත්සව්) නිමිත්තෙන් සැමරුම් සහ වැටසටහන් මාලාවක් ශ්‍රී ලංකාව පුරා පවත්වන ලදී. ඉන්දියාව සහ ශ්‍රී ලංකාව විසින් ඒකාබද්ධව නිදහසේ 75 වන වසර සැමරීම මෙම සැමරුම් මාලාවේ එක් වැදගත් අවස්ථාවක් වේ.

මිත්‍රවරුනි, ඉන්දියාව ‘අසල්වැසියා ප්‍රථමයෙන්’ යන ප්‍රතිපත්තිය මත පදනම්ව සෑමවිටම ශ්‍රී ලංකාවේ ජනතාව සහ ඔවුන්ගේ සුබසිද්ධිය හදවතෙහි තබා ගනිමින් කටයුතු කරයි. ඉන්දියාව විසින් පෙර නොවූ විරූ පරිදි මෙම වසරේදී ලබා දුන් ඇමරිකානු ඩොලර් බිලියන 4කට ආසන්න මූල්‍ය, ආර්ථික සහ මානුෂීය ආධාර ඉන්දියාව ශ්‍රී ලංකාවේ සහෝදර සහෝදරියන් වෙත දක්වන කැපවීම පිළිඹිබු කරයි. ඉන්දියාව සහ ඉන්දියානු ජනතාව විවිධාකාර සහයෝගයන් හරහා ශ්‍රී ලාංකික ජනතාවගේ විවිධ අවශ්‍යතාවයන්ට ප්‍රතිචාර දැක්වීම සඳහා යුහුසුළුව කටයුතු කළහ.

ද්විපාර්ශවික බැඳීම් නව ක්ෂේත්‍රයන් කරා  යොමු වෙමින් පවතී. විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් මහතා විසින් 2022 මාර්තු මාසයේ සිදු කරන ලද ශ්‍රී ලංකා සංචාරය අතරතුරදී දෙරට රජයන් අතර ගිවිසුම් 8කට අත්සන් තැබිණ. මෙම ගිවිසුම් මීළඟ පරපුරේ ශ්‍රී ලංකා ඒකීය ඩිජිටල් අනන්‍යතා වැඩසටහනෙහි සිට බෞද්ධ සබඳතා ප්‍රවර්ධනය කිරීම සඳහා වන ඇමරිකානු ඩොලර් මිලියන 15ක ප්‍රදානය දක්වා ද ආරක්ෂක ඇතුළු විවිධ ක්ෂේත්‍ර දක්වා ද විසල් වපසරියක් ආවරණය කරයි. මෙම ගිවිසුම් අප සබඳතාවයේ විචිත්‍රත්වයට සාක්ෂියකි.

ඉන්දියාව ශ්‍රී ලංකා ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීම වේගවත් කිරීමෙහි ලා සක්‍රීය සහකරුවෙකු වශයෙන් කටයුතු කරයි. මෙහි දී වරාය, පුනර්ජනනීය බලශක්තිය, යටිතල පහසුකම් ආදි අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායි ක්ෂේත්‍රයන්හි ඉන්දීය ආයෝජන රැකියා ජනනය සහ ආර්ථික කටයුතු වේගවත් කිරීම හරහා  තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරනු ඇත.

ශිෂ්ටාචාරමය සබඳතාවය, බෙදා හදා ගන්නා උරුමය සහ දෙරට ජනතාව අතර පවතින දිගුකාලීන බැඳීම් ඉන්දු - ශ්‍රී ලංකා සබඳතාවයේ ශක්තිමත් සලකුණු වේ. අතීත මුතුන් මිත්තන් විසින් ගොඩනඟන ලද මාවතේ වේගයෙන් ඉදිරියට ගමන් කරන අප ද මෙම ඓතිහාසික බැඳීම් අනාගත පරපුර උදෙසා ද ශක්තිමත් කිරීමට අපේක්ෂාවෙන් සිටියි.

මම නැවතත් ශ්‍රී ලංකාවේ වෙසෙන සියලුම ඉන්දියානුවන්ට සහ අපගේ ශ්‍රී ලාංකික සහෝදර සහෝදරියන්ට මාගේ සුභාශිංසන පිරිනමමි. 



අදහස් (0)

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඔබේ අදහස් එවන්න

You may also like

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි
2022 ඔක්තෝබර් මස 06 2672 0

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!


පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ
2022 සැප්තැම්බර් මස 27 2652 2

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක


මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය
2022 අගෝස්තු මස 15 3638 0

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව


සී ඩබ්ලිව් මැකී පීඑල්සී - Scan Products Division ‘Recycle for Future Generation’ EPR වැඩසටහනක් අරඹයි!
2022 ජුලි මස 11 7742 2

නිෂ්පාදන සමාගම්වල ක‍්‍රියාකාරීත්වය නිසා ප්ලාස්ටික් අපද්‍රව්‍ය බහුල වශයෙන් උත්පාදනය වෙමින් පරිසරයට, සාගරයට හා සමාජමය වශයෙන් දැවැන්ත හානියක් සිදු වේ


යූනියන් ඇෂුවරන්ස් සහ නවලෝක රෝහල එක්වී දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කිරීමේ මෙහෙවරක
2022 ජුනි මස 17 14296 1

අලුත උපන් දරුවන්ගේ අනාගතය මූල්‍යමය වශයෙන් සුරක්ෂිත කිරීමට දෙමාපියන්ට අත්වැලක් වීම සඳහා විශේෂ හවුල්කාරීත්වයකට අත්සන් තැබීමට යූනියන් ඇෂුවරන්ස් සමාග


යූනියන් ඇෂුවරන්ස් සමාගම 2022 ප්‍රථම කාර්තුවේදී සාධනීය ප්‍රතිඵල වාර්තා කරයි
2022 ජුනි මස 06 5380 1

යූනියන් ඇෂුවරන්ස් සමාගම 2022 ප්‍රථම කාර්තුවේදීත් සාධනීය මූල්‍ය ප්‍රතිඵල වාර්තා කරගැනීමට සමත් වී තිබේ. අභියෝගකාරී වාතාවරණයක් තුළ පවා, දළ වාරික ආදායමේ සි


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site