IMG-LOGO

2024 මැයි මස 16 වන බ්‍රහස්පතින්දා


මඟුල් කතා කරන්න ගිය මනාලයාගේ පියා රෙදි ගලවාගෙන ඇවිත්

වියලු‍ව වාර්තාකරු 
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟු‍ම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
 මංගල ගමනට එක්වූවකු පැවසූ අන්දමට සිද්ධිය මෙසේය.


ඔහු රජයේ සේවකයෙකි. ඇය ද එම ආයතනයේ ම සේවිකාවක් වූවාය. ඇයත් ඔහුත් අතර කලක සිට පැවති දැන හැඳුනුම්කම ආදරයකට පෙරළුණේ මීට වසර දෙකකට පමණ පෙරය. ප්‍රේම සබඳතාව නිවෙස් දෙකේම උදවියට රහසක් නොවූවත් කටයුතු කාරණා සිදුවිය යුත්තේ සිරිත් විරිත්වලට අනුව බව දෙපාර්ශ්වයේම වැඩිහිටියන්ගේ අදහස විය.


සිය අනාගත ලේලියගේ පවුල් පසුබිම සොයා බලන්නට කතිකා කරගත් මනාල පාර්ශ්වයේ පිරිසක් පසුගිය දිනක මනාලියගේ නිවෙසට පැමිණියේ චාරිත්‍ර වාරිත්‍රවලට අනුවය.


 නෑගම් පැමිණි පිරිසට මනාලියගේ පාර්ශ්වයෙන් ලැබුණේ උණුසුම් පිළිගැනීමකි. ආ ගිය තොරතුරු කතාබහ කරමින් දෙපාර්ශ්වයේම පිරිස් දැන හඳුනා ගත්හ.


 බෙහෙවින් සංග්‍රහශීලී අයෙකු වූ මනාලියගේ පියා සිය දියණිය බලන්නට පැමිණි මනමාල පාර්ශ්වයේ පිරිමි උදවිය වෙනුවෙන් සුළු මත්පැන් සංග්‍රහයක් ද සංවිධානය කර තිබිණි.


 ඒ වන විටත් නගරයෙන් මද පමණට සප්පායම්ව පැමිණි මනාලයාගේ පියා සිය අනාගත ලේලියගේ නිවෙසින් ලද සංග්‍රහය ද හොඳ හැටි සප්පායම් වූවේ කිසිදිනක මත්පැන් පොදක් ඇස නොගැටුණු අයෙකු පරිද්දෙනි.
පදම වැඩි වූ මනාලයාගේ පියා තමන් සමග පැමිණි ඥාති කාන්තාවන්ගෙන් ආරම්භ කළ ඇතැම් විහිළු තහළු සිය අනාගත ලේලියගේ මව දක්වාම ගියේ සීමාව ද ඉක්මවා යමිනි.


 තම අනාගත බෑනාගේ පියාගේ ඇතැම් විහිළු නොරිස්සූ මනාලියගේ මව මේ මොන කෝලමක් දැයි කීප විටක්ම පවසමින් ඔහු මගහැර යන්නට කොතෙක් උත්සාහ කළ ද එය ඇයට පහසු කාර්යයක් නොවුණි.


 මුලින් එය බොහෝ දෙනෙකුට සිනහවට කාරණයක් වුවත් මද වේලාවක් ගත වෙද්දී එය ඇස් රතුවෙන විහිළුවක් දක්වා දුර දිග ගියේ තම බිරිඳට බෙහෙවින් ආදරය කළ මනාලියගේ පියාගේ රතු කට්ට පැනීමෙනි.
 සුහදතාවයෙන් ඇරැඹුණු සාදය අවසානයේ ගුටි කෙළියකට නොයා යාන්තමින් බේරා ගනු ලැබූයේ මනමාල පාර්ශ්වයේත් මනාලියගේ පාර්ශ්වයේත් ඥාතීන් කිහිපදෙනකුට පින්සිදු වන්නටය.


‘‘මේ වගේ මිනිහෙකුගේ දරුවෙකුට අපේ දුවක් දෙන්න පුළුවන්ද’’ පවසමින් මනාලියගේ පියාත් මවත් අනාගත බෑනා ඇතුළු පිරිසගේ මුහුණටම පවසා සිටියේ වසර දෙකක් තිස්සේ පෙමින් වෙළුණු යුවළගේ ආදරයට ද ප්‍රශ්නාර්ථයක් ඉතිරි කරමිනි.



අදහස් (4)

මඟුල් කතා කරන්න ගිය මනාලයාගේ පියා රෙදි ගලවාගෙන ඇවිත්

ganegoda Monday, 28 November 2022 09:26 AM

හැම ප්‍රාදේශීය නගරයකම තැබෑරුම් අවන්හල් විවෘර්ත කිරීමට රනිල් පොහොට්ටුවෝ විදිවිධාන යොදා ඇත

:       9       12

podiaarachchi Monday, 28 November 2022 11:03 AM

රටවල් හදන්නෙත් රටවල් විනාශ කරන්නෙත් පාලකයෝ .ඒක හරි

:       5       8

ChinTuesday, 29 November 2022 12:02 PM

වෙනත් රටවල මෙන් ඕනැම සාප්පුවක ඕවා ගන්න තියෙනවා නම් චාන්ස් එකක් ආවම මල පෙරෙතයෝ වගේ බීලා නහින්නෙ නෑ. ලංකාවෙ බීම ගණන්. දුර්ලභ කරල​. ඉතින් මැජික් වගේ . පිනට ලැබුනම උගුඩුවො වගේ බොනවා.

:       0       5

pakeer Monday, 28 November 2022 11:13 AM

බිව්වම මිනිස්සුන්ගේ නියම ස්වරූපය තමයි මතු වෙන්නේ .ඒකට මත් වතුර නෙමෙයි වැරදි

:       2       18

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

පිනට කන රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක්
2022 දෙසැම්බර් මස 01 990 0

මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.


අම්මාගේ හඳහන දී දුව බන්දන්න හදලා
2022 නොවැම්බර් මස 30 2157 3

දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.


හිමිනමට උපකාරෙට ගිහින් පන්සලම සුද්ද කරගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 29 1632 0

වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු


මඟුල් කතා කරන්න ගිය මනාලයාගේ පියා රෙදි ගලවාගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 28 5268 4

තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟු‍ම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.


මිතුරියගේ නිවෙසේ පින්කමට සීනි වෙනුවට යූරියා කිලෝ 2 ක් ගෙනත්
2022 නොවැම්බර් මස 26 3118 0

මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව


ෆේස්බුක් පෙම්වතා පෙම්වතියගේ සේසතටම විදලා
2022 නොවැම්බර් මස 25 4546 1

මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site