ලෙඩා බලන්න ගිය ඥාතිවරිය ලෙඩා ඇඳෙන් බස්සවා තමන් ඇඳේ වැතිර සිටීමේ පුවතක් ගමේ ගොඬේ කතා බහකින් අසන්නට ලැබුණේ මෙසේය.
ඒ නමින් කාන්තිය. එතරම් සමාජ ඇසුරක් නොමැති ඈ කුඩා සිද්ධියකින් කම්පනයට පත් වන්නියකි. එම නිසා ඇය හදිසි මළ ගෙවල්වලට සහ විපත්ති දායක ස්ථානවලට නොයන්නීය. එපමණක් නොව නිවසෙහි කිසිවකු ගේ හෝ කැසීම්, සීරීම් අවස්ථාවකදී ඇය සිහසුන්වීම සාමාන්‍ය දෙයකි. ඒබව නිවැසියන් සහ අසල් වැසියෝ දනිති.
දිනක් ඇගේ පුංචි අම්මා රෝහලේ නේවාසික ප්‍රතිකාර ලබා ගැනීම හේතුවෙන් රෝගියා බලන්නට කාන්තිට යාමට සිදුවිය. කාන්ති රෝහලට ගොස් පුංචි අම්මාට රැගෙන ගිය දිවා ආහාර පාර්සලය දී සුහද කතාවක නිරත වූවා පමණි. ඇඟ පුරා ප්ලාස්ටර් බැන්ඬේජ් එතූ රෝගී කතක් ඔපරේෂන් කාමරයෙන් කාන්තිගේ ඥාතියා සිටි ස්ථානයේ ඇඳක් මතට රැගෙන ආවේය. කකුලක් ඉවත් කළ රෝගියා දුටු සැනින් කාන්තිට උන් හිටි තැන් අමතක විය.
පසුව කාන්තිට සිහිය එන විට කාන්තිගේ පුංචි අම්මා පසෙක සිට කාන්තිට පවන් සලනු දැකීමෙන් ලැජ්ජාවට පත්ව වහා ඇඳෙන් බැස වට පිට නොබලාම රෝහලෙන් පිටව ගිය ද එවකට සිටි වෛද්‍යවරයාද හෙද හෙදි කාර්යය මණ්ඩලය ද පැමිණීමටත් පෙර ඇය පිටත් වූයේ රෝහලේ ඇඳන්වල රෝගියා හැර සෙසු පිරිස්වලට වාඩී වීමටවත් ඉඩක් අවසරයක් නැති බව හොඳාකාරවම දන්නා නිසාය.
මේ ගැන ගමට ආරංචි ය පැතිර යන්නට ගත වූයේ හෝරා කීපයකි.
එතැන් පටන් කාන්තිට ඕනෑම සිද්ධියකට මුහුණ පෑමේ එඩිතර කමක් ඇති වීම පුදුමයට කරුණක් වීම නිසා ගමේ බොහෝ පිරිසක් කාන්තිට සෑම අවදානම් සිද්ධියක්ම දැනුම් දුන්හ. බොහෝවිට මේ වන විට පොදු විපත් කරදරවල දී ප්‍රමුඛයා වන්නේද කාන්ති වීම ම විශේෂත්වයකි.
මොරගොල්ලාගම සිසිර කැලේගම
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ලෙඩ බලන්න ගිය ඥාතියා රෝගියාගේ ඇඳේ දමලා