IMG-LOGO

2024 මැයි මස 16 වන බ්‍රහස්පතින්දා


සුද්දිට උදව්වට ගිහින් රස්සාවත් නැතිවෙලා

කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත


වෙරි මතින් වැල්ලේ වැටෙන්න ගිය සුදු කතට ආධාරකයක් වී තමා ඇතුළු දරු පවුලම අනාථ කරගත් පෞද්ගලික ආරක්ෂක නිලධාරියකු පිළිබඳ පුවතක් දකුණු පළාතෙන් අසන්නට ලැබේ.

ඔහු වැඩ කළේ දෙස් විදෙස් සංචාරකයන් ලැගුම් ගන්නා හෝටලයකය. ඒ ආරක්ෂක නිලධාරියකු ලෙසය. දරු මල්ලන්ගේ බඩ කට පිරෙව්වේත්, අකුරු සාස්තරය ලබා දුන්නේත් මේ රැකියාවට පින් සිදුවෙන්නටය.
එදා ඔහු සේවය කළ හෝටලයේ විදෙස් සංචාරකයන්ගේ සාදයකි. එය පැවැතියේ හෝටලය පිටුපස වැල්ලේය. මධුවිතට එහි ප්‍රධාන තැනක් හිමිවී තිබිණ. සුදු මහත්වරුන් මෙන්ම සුදු නෝනලාත් හරි හරියට මධු විත තොල ගෑහ. එදා ඔහු ආරක්ෂාව සපයමින් සිටියේ මේ අයටය.

මධු විත තොල ගගා සිටිය සුදු නෝනා කෙනකුට හොඳටම වෙරිය. ඇය හුන් තැනින් නැගිට්ටේ එළියට යාමටය. ඇය සමග එකට මධුවිත තොලගාමින් සිටි අනෙක් සුදු නෝනලා සුදු මහත්වරු ඇය හැසිරෙන අයුරු සිය ජංගම දුරකතනවලින් ඡායාරූප ගනිමින් වීඩියෝ කරමින් සතුටක් ලබමින් සිටියහ. කෙලින් සිටගෙන සිටීමටවත් නොහැකිවූ ඇයට වැනි වැනී ඇවිදගෙන යාමට හැකිවූයේ ටික දුරකි. ඇය බිමට පතබෑවීමට පටන් ගත්තාය. ඒ සමගම ක්‍රියාත්මක වූ ඔහු දනිපනි ගා එතනට දිවවිත් සුදු නෝනා දෑතින්ම බදාගෙන ඒ ආසන්නයේ තිබූ පුටුවක වාඩි වීමට සැලැස්සුවේය.

ගතවූයේ ටික වේලාවකි. ඔහුට හෝටලයේ පාලන අධිකාරියෙන් කැඳවීමක් ලැබුණි. සුදු නෝනා කෙනෙකුගේ හිරි ඔතප් බිඳීමේ චෝදනාවක් ඔහුට එල්ලවී තිබිණ. ඡායාරූප සහිතව පැමිණිල්ල ලැබී තිබුණි. ඒ සම්බන්ධයෙන් කෙතරම් කාරණා කීවත් ඔහුට නිදහසක් නොවීය. වහාම ක්‍රියාත්මකවන පරිදි ඔහුගේ සේවය නතර කර තිබුණේය. තමාගේ රාජකාරියට නොවන අනවශ්‍ය දෙයක් කළේ මන්ද යයි හෝටලයේ පාලන අධිකාරිය ඔහුගෙන් ඇසූවිට ඔහුට දෙවියන් බුදුන් සිහිවූයේ දැන් ඉතින් තව රැකියාවක් සොයා ගන්නාතුරු දරු පවුල ජීවත් කරවීම මතක්වූ විටය.



අදහස් (0)

සුද්දිට උදව්වට ගිහින් රස්සාවත් නැතිවෙලා

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

පිනට කන රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක්
2022 දෙසැම්බර් මස 01 990 0

මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.


අම්මාගේ හඳහන දී දුව බන්දන්න හදලා
2022 නොවැම්බර් මස 30 2157 3

දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.


හිමිනමට උපකාරෙට ගිහින් පන්සලම සුද්ද කරගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 29 1632 0

වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු


මඟුල් කතා කරන්න ගිය මනාලයාගේ පියා රෙදි ගලවාගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 28 5268 4

තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟු‍ම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.


මිතුරියගේ නිවෙසේ පින්කමට සීනි වෙනුවට යූරියා කිලෝ 2 ක් ගෙනත්
2022 නොවැම්බර් මස 26 3118 0

මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව


ෆේස්බුක් පෙම්වතා පෙම්වතියගේ සේසතටම විදලා
2022 නොවැම්බර් මස 25 4546 1

මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site