X Advertisement
IMG-LOGO

2024 නොවැම්බර් මස 01 වන සිකුරාදා


කාබනික පෝර කැකිල්ලේ තීන්දුව

රටක සියලු වැසියන්ට අවශ්‍ය තරම් ආහාර තිබිය යුතුය. එසේම ඔවුන්ට ලැබිය යුත්තේ ඔවුන් කැමැති ආහාර මිස අකමැති ආහාර නොවේ. ඔවුන්ට අවශ්‍ය ඒ ආහාර භෞතිකව සොයා සපයා ගැනීමේ හැකියාව සේම මිලදී ගැනීමේ හැකියාව ද තිබිය යුතුය. ආහාර තිබිය යුත්තේ රට වැසියන්ට අවශ්‍ය තරම් මිස පොඩි ප්‍රමාණයක් නොවේ. එසේම ඒවා ආරක්ෂිත හෙවත් ලෙඩ රෝග හදන ආහාර නොවිය යුතුවා සේම පෝෂණ ගුණයෙන් ඉහළ මට්ටමක ද තිබිය යුතුය. ආහාර සුරක්ෂිතතාව නමින් හඳුන්වන්නේ එලෙස එනම් ඒ කොන්දේසි සියල්ල ඉටුවන අයුරින් ආහාර තිබීමය.

ලංකාවේ ආහාර සුරක්ෂිතතාව පවතී ද? යන්න ඉහත තොරතුරු මත පහසුවෙන් නිගමනය කළ හැකිය. ඒ තොරතුරු අනුව නම් ලංකාව ආහාර සුරක්ෂිතතාව නැති රටකි. 

ලාංකිකයන්ගේ ආහාරවලින් සියයට 48ක්ම සපිරෙන්නේ ධාන්‍යවලිනි. 2015 සිට 2017 දත්ත අනුව ඒ වසරවල මෙරට ආහාර අවශ්‍යතාවෙන් සියයට 15.9ක්  සපුරාගෙන තිබෙන්නේ ආනයනික ආහාරවලිනි. ඉන් හෙළිවන්නේ ලංකාව සියයට 16ක් තරම් ආනයනික ආහාර මත යැපෙන බවය.

ලංකාව රටට අවශ්‍ය තරම් ආහාර රට ඇතුළේ නිපදවා ගන්නේ නැති බවය. ලංකාව කෘෂිකාර්මික රටකි. එහෙත් ඊශ්‍රායලය කෘෂිකාර්මික රටක් නොවේ. ඊශ්‍රායලය තම ආහාර අවශ්‍යතාවෙන් සියයට 95 ක්ම රට ඇතුළේ නිපදවා ගනියි. 

 

ඔවුන් පිටරටවලින් ගෙන්වා ගත්තේ තම අවශ්‍යතාවෙන් සියයට 5කි. ඒ එරට වැවෙන්නේ නැති ආහාර විය හැකිය. ඊශ්‍රායලයේ භූමියෙන් සියයට 50ක තිබෙන්නේ කාන්තාරය. එරට දල දේශීය නිෂ්පාදිතයට කෘෂිකර්මයේ දායකත්වය සියයට 2.5කි. එසේම කෘෂිකර්මාන්තයේ නියැලෙන්නේ එරට ශ්‍රම බලකායෙන් සියයට 3.7කි.

ශ්‍රම බලකායෙන් සියයට 96ක්ම නියැලෙන්නේ අනෙක් කර්මාන්තවලය. එහෙත් ලංකාවේ ශ්‍රම බලකායෙන් සියයට 29ක් කෘෂිකර්මාන්තයේ නියැලෙයි. එපමණ පිරිසක් රටේ භූමියෙන් සියයට 70ක පමණ ගොවිතැන් කරලත් රටට අවශ්‍ය ආහාරවලින් සියයට 16ක් පිටරටවලින් ගෙන්වයි. 

ලෝක ආහාර වැඩසටහනේ වාර්තාවකට අනුව ලංකාවේ  ජනගහයෙන් සියයට 30 එනම් ලක්ෂ 63ක් ආහාර නැතිව පීඩා විඳියි. ඒ කියන්නේ ආහාර අතින් ඔවුන් අනාරක්ෂිත බවය. සුරක්ෂිත නැති බවය. ඒ නිසා දැන් රටේ බොහෝ දෙනා එක්කෝ ආහාර ගන්නා ප්‍රමාණය අඩුකර තිබේ.

නැතිනම් ගන්නා වේල් ගණන අඩුකර තිබේ. ආහාර අතින් ලංකාව සුරක්ෂිත නැති බව ඒ තොරතුරුවලින්ද අනාවරණය වෙයි. රටට අවශ්‍ය තරමට ආහාර නිෂ්පාදනය නොවන බවත් ජනතාවට අවශ්‍ය තරමට ආහාර නොලැබෙන බවත් ඉන් හෙළිවෙයි. එසේම ජනතාවගෙන් විශාල පිරිසකට ආහාර සපයා ගැනීමේ හෝ මිලදී ගැනීමේ හැකියාවක් නොපවතී.

ගුණාත්මක හෙවත් පෝෂණීය ආහාර නැතිකම සහ රෝග කාරක ආහාර තිබීම ලංකාවේ පවතින තවත් ප්‍රශ්න දෙකකි. ලංකාවේ ඇතැම් ආහාරවල වස විෂ පවතී. ඇතැම් ආහාර අනුභව කළ විට විවිධ ලෙඩ රෝග වැළඳෙයි. එසේම ආහාර පෝෂණීය ගුණයෙන් දුප්පත්ය. ඒවායේ අවශ්‍ය තරම් කැලරි නොපවතී. 

ලංකාවේ අද පවතින්නේ ඔල මොට්ටල තීරණ ගැනීම නිසා ප්‍රතිපත්ති සම්පාදකයන් විසින් ඇති කරනු ලැබූ ආහාර අර්බුදයකි. ඒ නිසා මෙයට විසඳුම් හා පිළියම් යොදාගත යුත්තේ අපමය. 

ලංකාවේ ඕනෑම පුද්ගලයකු කාබනික ගොවිතැනට කැමැතිය. රසායනික ගොවිතැනට බොහෝ දෙනා අකමැතිය. ඊට හේතුව අධික වියදම සහ ජනතාවට සහ පරිසරයට අහිතකර තත්ත්වයන් ඇතිවීමය.

ලංකාවේ පවතින ගැටලුව වන්නේ කාබනික ගොවිතැනින් ගන්නා අස්වැන්න රටේ අවශ්‍යතාවට ප්‍රමාණවත් නොවීමය. දැනට පවතින බීජ නිපදවා තිබෙන්නේ රසායනික තෙල් හා පොහොර යොදා වගා කිරීම සඳහාය. ඒ බොහෝ බෝග වර්ගවලට රසායනික තෙල් පොහොර නැතිව යැපිය නොහැකිය. ඒ නිසා එක රැයකින් කාබනික වගාවට යාම අතාර්කිකය. අප කළ යුතුව තිබුණේ කාබනික වගාව ප්‍රචලිත කරන අතරම ඊට අවශ්‍ය බීජ වර්ග නිපදවීමය. එසේ කළා නම් අපට සාපේක්ෂව ඉහළ අස්වැන්නක් ලබා ගැනීමේ හැකියාව තිබෙන බව මගේ තක්සේරුවයි. 

පවතින අර්බුදයෙන් ගොඩ ඒමට අප කළ යුත්තේ මොනවාදැයි දැන් බලමු. ඒ මෙහෙයුමේ කොටස්කරුවන් තිදෙනෙකි. පළමු වැන්නා ප්‍රතිපත්ති සම්පාදකයාය. සරලව කිවහොත් දේශපාලකයන් සහ රාජ්‍ය නිලධාරින්ය. දෙවැන්නා ගොවියාය. පාරිභෝගිකයා තෙවැන්නාය. වැටුණු වළෙන් ගොඩ ඒමට නම් ඒ තුන් දෙනාම ඒකායන අරමුණකට යන මෙහෙයුමකට සම්බන්ධ විය යුතුය. 

පළමුව ගොවියා සම්බන්ධයෙන් කතා කළහොත් ඔහු යැපුම් මට්ටමෙන් මිදී වාණිජ කෘෂිකර්මාන්තයට පිවිසිය යුතුය. ගොවිතැනේ දියුණුවට සහ ඵලදායිතාව ඉහළ නැංවීමට සියල්ල කළ යුත්තේ ගොවියාය. ගොවීන් රසායනික තෙල් පොහොර  යොදන්නේ අවශ්‍යතාව මතම නොවේ. පස් පරීක්ෂා නොකර පසට අවශ්‍ය ප්‍රමාණයට වඩා පොහොර  යොදයි. වැලි පසට එක විදියකටත් මැටි පසට තවත් විදියකටත් පොහොර යෙදිය යුතුය. එසේම පෝෂණයෙන් ඉහළ පසට අඩුවෙනුත් පෝෂණයෙන් පහළ පසට වැඩියෙනුත් පොහොර යෙදිය යුතුය. ගොවියා තම පසේ තත්ත්වය කුමක්දැයි පරීක්ෂා කර නොගෙන තෙල් පොහොර යෙදීම නිසා ඔහුගේ වියදම ඉහළ යයි. ඔහුට රෝග කාරක අස්වැන්නක් ලැබෙයි. 

එසේම එකම ඉඩමේ එකම භෝගය දිගු කලක් වගා නොකළ යුතුය. කන්නයෙන් කන්නය වරින් වර තම ඉඩමේ වගා කරන භෝග වර්ගය වෙනස් කළ යුතුය. එසේ නොකළ විට ප්‍රශ්න රැසක් ජනිත වෙයි. පළමු ප්‍රශ්නය පස සාරවත් නොවෙයි. දෙවනුව ලෙඩ රෝග දිගටම පවතියි. ගොවිතැන සඳහා කළ යුතු වියදම් සහ ශ්‍රමය අඩුවෙන් වැය වන සාමූහික වගා ක්‍රම කෙරෙහි ගොවියා යොමුවිය යුතුය. තනි තනිව වගා කරනවාට වඩා සාමූහිකව වගා කළහොත් යන්ත්‍ර සූත්‍ර සහ තෙල් පොහොර සඳහා යන වියදම් සේම ශ්‍රමය සඳහා යන වියදම් ද අඩුවෙයි. එසේම ආරක්ෂිත ගෘහවල (Polytunnel)  වගා කිරීම ද ගොවියාට විශාල වශයෙන් වාසිදායකය. පොලිටනල්වල කරන වගාවලින් ලැබිය හැකි ඵලදාව ඉතා ඉහළය. පොලිටනලයක් ඉදිකර ගැනීමට යන මූලික වියදම විශාල බව සත්‍යයකි. එහෙත් ඒ වියදම ඉතා කෙටි කාලයකින් පියවා ගත හැකිය. මා එසේ කියන්නේ අත්දැකීමෙනි.

ඵළදායිතාව ඉහළ ගිය විට ආහාර නිෂ්පාදනය වැඩි වෙයි. නෙදර්ලන්තයේ අරමුණ වී තිබෙන්නේ එරට වගා කරන බිම්වලින් සියයට 30 ක පොලිටනල් ඉදිකිරීමය. එරට හරිතාගාරවල හිටවන බෙල්පෙපර් ගස් අඩි හයක් තරම් උසය. ඒ ගස්වලින් විශාල අස්වැන්නක් ලබා ගනියි. අපේ රටේ ගොවීන් ද තම වියදම් අවම කරගෙන ඉහළ ආදායමක් ලබාගත හැකි නූතන ලෝකයේ පවතින වගා ක්‍රමවලට යොමු විය යුතුය. ගොවීන්ගෙන් ඉටුවිය යුතු කාර්යභාරය එලෙසින්ම ඉටුකර ගැනීමට අවශ්‍ය ප්‍රතිපත්ති සම්පාදනය කර ඒවා ක්‍රියාත්මක කරවිය යුත්තේ දේශපාලකයන් සහ රාජ්‍ය නිලධාරීන් විසිනි. 

ඒ නිසා දැන් අපි ප්‍රතිපත්ති සම්පාදකයන් දෙස හැරෙමු. රටට අනවශ්‍ය ලෙස සහ හානි කර ලෙස ආහාර ආනයනය කරන්නේ සහ කරවන්නේ මැති ඇමැතීන් සහ රජ්‍ය නිලධාරීන් විසිනි. ඔවුන්ගේ ඒ අත්තනෝමතික හා හානිකර ක්‍රියාමාර්ග වහාම නැවැත්විය යුතුය. අපේ රටේ ජනතාවගේ කැලරි අවශ්‍යතාවයෙන් සියයට 22 ක්ම ලැබෙන්නේ ආනයනික ආහාරවලිනි. තිරිඟු පිටි ආනයනය වැළැක්විය නොහැකිමය. ඒ අපේ රටේ තිරිඟු වගා කළ නොහැකි නිසාය. එහෙත් ආනයනය නොකළ යුතු, රටේ වගා කළ හැකි ආහාර වර්ග රැසක් ආනයනය කරයි. රටටත් රටේ ආර්ථිකයටත් ජනතාවටත් හානිකර ඒ ආනයන වහාම නැවැත්විය යුතුය.

ප්‍රතිපත්ති සම්පාදකයන්ගේ අවධානය යොමු කළ යුතු දෙවැනි කාරණය වන්නේ සාමූහික වගා කෙරෙහි ගොවි ජනතාව ​යොමු කරවීමට අවශ්‍ය ප්‍රතිපත්ති සකසා ඒවා ක්‍රියාත්මක කරවීමට අවශ්‍ය පියවර ගැනීමටය. ලංකාවේ ගොවීන්ගෙන් සියයට 80ක්ම වගා කරන්නේ හෙක්ටයාර දෙකකට අඩු ඉඩම්වලය. ඒ නිසා ගොවීන්ගේ නිෂ්පාදන වියදම් ඉහළ යයි. ඵලදායිතාව අඩුවෙයි. ඒ ප්‍රශ්න දෙකම ජයගත හැක්කේ සාමුහිකව හෝ ගොවිපොළ ක්‍රමයට වගා කරන තැනට ගොවීන් පෙළඹවීමෙනි. වියට්නාමය ඉහත ප්‍රශ්න දෙකම ජය ගත්තේ එසේ කිරීමෙනි. පුංචි ඉඩම්වල ගොවීන් තනි තනියෙන් වගා කරනවාට වඩා විශාල ඉඩම්වල සාමුහිකව වගා කරනවිට බිම් සැකසීමට හා තෙල් පොහොර ගැසීමට යන වියදම් අවම වෙයි. විශාල ඉඩම්වල යන්ත්‍ර සූත්‍ර කාර්යක්ෂම ලෙස සහ ඉහළ ඵලදායිතාවක් ලැබෙන අයුරින් ක්‍රියාත්මක කළ හැකිය. 

භෝග වගා පාලනය ද ප්‍රතිපත්ති සම්පාදකයන්ගේ අවධානය යොමු කළ යුතු තවත් කාරණයකි. රටේ අවශ්‍යතා සීමා සහිතය. එහෙත් අසීමාන්තිකව වගා කිරීමෙන් අතිරික්තයක් ඇතිවෙයි. රජය පළමුව ගොවීන් ලියාපදිංචි කරගත යුතුය. එමගින් ඔවුන්ට වගා කළ හැකි බෝග ගැන දැනගත යුතුය. ඒ අනුව රටේ අවශ්‍යතාව දැනගෙන ඒ ඒ ගොවීන් ඒ ඒ බෝග වගා කළ යුත්තේ කෙතරම් ප්‍රමාණවලින් ද කියා ගොවීන්ට මග පෙන්විය යුත්තේ මැති ඇමැතීන් හා රාජ්‍ය නිලධාරීන් විසිනි. 

රාජ්‍ය නියමයන් පිළිපදින්නේ නැති ගොවීන්ට රජයේ සහනාධාර සහ උපදේශන සේවා ලබා නොදිය යුතුය. එසේ කළ විට ගොවීන් හිතුමතේ වගා කිරීම නවතියි. නිෂ්පාදනයෙහි අතිරික්තයක් ඇති නොවෙයි. එළවළු පලතුරු කුණු ගොඩට දැමීමට හෝ වල් අලින්ට කෑමට දීමට හෝ අස්වැන්න නෙළන්නේ නැතිව අතහැර දැමීමට සිදු නොවෙයි. 

කන්නයෙන් කන්නය බෝග වෙනස් කර වගා කිරීමට ගොවීන් පෙළඹවිය යුත්තේද ප්‍රතිපත්ති සම්පාදකයන් විසිනි. එසේ කිරීමේ අවශ්‍යතාව, වටිනාකම සහ වැදගත්කම් ගොවීන්ට ඒත්තු ගැන්වීම රාජ්‍ය නිලධාරීන්ගේ වගකීමකි. ලංකාවේ ගොවීන් නිෂ්පාදනය කරන ආහාර වර්ගවලින් සහ ප්‍රමාණයෙන් සියයට 40 ක් කෑම මේසයට එන්නට පෙර වැනසෙයි. ඒ සියයට 40 න් වැඩි ප්‍රමාණයකට හානිවන්නේ වන සතුන්ගෙනි.

මොනරුන්, රිළවුන්, වඳුරන්, දඬු ලේලුන්, ඉත්තෑවන්, වල් ඌරන්, සහ වල් අලින්ගෙන් ද වගාවලට සිදුවන හානි ඉතා ඉහළය. වන සතුන්ගෙන් වගාවට වන හානි නවතා දැමීමට වහාම පියවර ගත යුතුය. එසේ නොකර ඔවුන්ගෙන් වන විනාශය වළක්වා ගත නොහැකිය. ඒ සඳහා අවශ්‍ය පියවර ගැනීම ද ප්‍රතිපත්ති සම්පාදකයන්ගේ වගකීමකි. අවුරුදු 20ක් පමණ තිස්සේ දිගින් දිගටම මේ ප්‍රශ්නය වර්ධනය වුවත් ප්‍රතිපත්ති සම්පාදකයන් වන සත්ව හානි වැළැක්වීමට සැලකිය යුතු හා ප්‍රායෝගික පියවරක්  ගෙන නැති බව ඔවුහු ස්වයං විවේචනාත්මකව පිළිගත යුත්තෝය. 

ඵලදායිතාව සහ අස්වැන්න වැඩිකර ගැනීමට නව බීජ සහ පැලැටි වර්ග හඳුන්වා දිය යුතුය. ඒ සඳහා අභිජනන ක්‍රියාවලිය දියුණු තියුණු කළ යුතුය. ඉන්දියාවේ දිනපතා අලුත් අලුත් ප්‍රබේද බිහිවෙයි. ලුණු මිශ්‍ර පසෙහි වගා කිරීමට සුදුසු වී වර්ගයක් චීනයෙහි නිපදවා තිබේ. එහෙත් ලංකාවේ එවැනි වගා බිම් වගා නොකර මුඩුවෙයි. ඒවාට වගකිව යුත්තෝ රාජ්‍ය නිලධරයෝය. ඇමෙරිකාව, ඉන්දියාව සහ ජපානය වැනි රටවල ලබාගත හැකි අස්වැන්න ලංකාවට සාපේක්ෂව සියයට 10 සිට සියයට 70 අතර මට්ටමක පවතී. එහෙත් ඉහත කී රටවලට සාපේක්ෂව අපේ රටේ දැනටත් ලබා ගන්නේ සියයට 10ක  අස්වැන්නකි. ඊට වගකිවයුත්තෝ ද රාජ්‍ය නිලධරයෝය.

තාක්ෂණික මෙවලම් භාවිතයට ගොවීන් ​ යොමු කළ යුත්තෝ ද රාජ්‍ය නිලධාරයෝය. ගොවීන්ට අවශ්‍ය උපදේශන සේවා කලට වේලාවට නිසි අයුරින් නිසි පරිදි අවශ්‍ය ප්‍රමාණයට සැපයීම ද රාජ්‍ය නිලධාරීන්ගේ වගකීමකි. ඔවුන් තනතුරු දරන්නේ සහ ජනතා මුදලින් පඩි නඩි ඇතුළු වරප්‍රසාද භුක්ති විඳින්නේ ඒ වගකීම් ඉටු කිරීම සඳහාමය. 

රටේ පවතින නීතිය ක්‍රියාත්මක කිරීම ද ආහාර සුරක්ෂිතතාවට අත්‍යවශ්‍ය කොන්දේසියකි. ආහාරවලට වස විෂ කලවම් කරන නොමිනිසුන්ට දඬුවම් දිය යුතුමය. එවැනි නරුමයන් අභියස වැනි වැනි  නොසිටිය යුතුමය. එහෙත් දේශපාලකයන්ගේ හා රාජ්‍ය නිලධාරීන්ගේ මැදිහත්වීම් මත නීතිය නිසි ලෙස ක්‍රියාත්මක නොවන අවස්ථා සුලබය. එමගින් රටේ ජනතාව ආහාර අතින් අනාරක්ෂිත වෙයි. 

අප ඉහත කී මෙහෙයුමේ තෙවැනි සාමාජිකයා පාරිභෝගිකයාය. ඔවුහු තම ආහාර රටා වෙනස් කරගත යුත්තෝය. ලංකාවේ අඩුවෙන්ම ආදායම් ලබන සියයට 10 දෙනා සකස් කළ ආහාර සඳහා වැය කරන මුදල් ප්‍රතිශතය වැඩිම ආදායම් ලබන සියයට 10 ට අයත් පිරිස වැය කරන මුදල් ප්‍රමාණයට වඩා  වැඩිය. එය රටේ ආහාර සුරක්ෂිතතාවට සෘජුව බලපායි. පිටරටවලින් ගෙන්වන ආහාර අනුභව කිරීම අඩු කිරීම ද පාරිභෝගිකයන්ගේ වගකීමකි.

විකල්ප ආහාරවලට යොමුවීම ද පාරිභෝගිකයන්ගේ කාර්ය භාරයකි. උදාහරණයකට බිම්මල්, මස් මාළුවලට හොඳ විකල්පයකි. බිම්මල් අනුභවයෙන් ලබාගත හැකි ප්‍රෝටීන් ප්‍රමාණය විශාලය. බිම්මල් කෙඳි විශාල වශයෙන් අඩංගු ආහාරයකි. එසේම බිම් මල්වල පවතින ඖෂධීය ගුණාංග ද ඉහළය. ආහාර අප​තේ නොයැවීම ද පාරිභෝගිකයන්ගේ තවත් වගකීමකි.


රුහුණු විශ්ව විද්‍යාලයේ කෘෂි ජීව විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය වසන්ත කුමාර ලියනගේ

සාකච්ඡා  කළේ - ගුණසිංහ හේරත්



අදහස් (0)

කාබනික පෝර කැකිල්ලේ තීන්දුව

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

එදා ඇන්.ඇම් දුටු මෙදා අය වැය
2022 දෙසැම්බර් මස 01 278 0

අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ


බහිරවයා ගිලින සල්ලි
2022 දෙසැම්බර් මස 01 238 0

රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන


එච්.අයි.වී. ආසාදිතයන් වැඩිවීම සමාජ අනතුරක්
2022 දෙසැම්බර් මස 01 172 0

2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්‍


ආගමට මුවාවී බලයට එන්න කැස කවන ඩින් ඩියම්ලා
2022 නොවැම්බර් මස 30 1595 1

1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ


ගුරු ප්‍රජාවට නින්දා කරන ගුරු ප්‍රජාවේම ඇත්තෝ
2022 නොවැම්බර් මස 30 579 0

“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත


නිර්මාණකරුවා පාඨකයාගේ බුද්ධියට අවමන් නොකළ යුතුයි
2022 නොවැම්බර් මස 29 785 0

රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site