අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබන වාර්තාවයි. ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයෙන් ඉවත්ව ගිය පසු අනුප්‍රාප්තික ජනාධිපතිවරයා වූ රනිල් වික්‍රමසිංහ මහතා මාස කීපයක් සඳහා අතුරු අයවැයක් ඉදිරිපත් කළේය. නොවැම්බර් 14 වැනි දින ඉදිරිපත් කළේ 2023 වර්ෂය සඳහා අයවැය ලේඛනයයි.
පසුගිය අවුරුදු 75ක කාලය තුළදී ඉතාම අසීරුම කාලයක අභියෝග රැසක් මැද ඉදිරිපත් කළ අයවැයක් ලෙස මෙය හැඳින්විය හැක. රටේ සංචිත පහළට වැටී උද්ධමනය දරා ගත නොහැකි මට්ටමකට ඉහළ ගොස් රටේ සමස්ත ජනගහනයෙන් හැත්තෑ ලක්ෂයක් පමණ තම එදිනෙදා මූලික අවශ්‍යතා වූ ආහාර සෞඛ්‍ය අංශවලින් දරිද්‍රතාවයට පත් වී සිටින සමයක අයවැයක් ඉදිරිපත් කිරීම ලේසි පහසු නොවේ. පසුගිය අවුරුදු දෙක හමාරක කාලපරිච්ඡේදය තුළ පාලකයින් සිය අභිමතය පරිදිම කටයුතු කොට රටේ ආර්ථිකය කාබාසිනියා කර මුළු රටම බංකොලොත් කළේ සිය දිවි නසාගන්නා ආකාරයටයි.
කොතනින් පටන් ගෙන කෙසේ වැඩකොට මේ තත්ත්වයෙන් ගොඩ ඒමට හැකිදැයි සිතා ගැනීමටවත් නොහැකි වී ඇති අවධියකි. අයවැයෙන් වැඩිපුර සහන ලබා දුනහොත් ඒ නිසාද රට තව තවත් අගාධයට යනු ඇත. එහෙත් මානව සම්පත රැක ගන්නේ නැතිව රටක් ඉදිරියට ගෙන යා හැකිද? ආයෝජන ඇති කොට එහි පල නෙළා ගැනීමට කොපමණ කලක් ගත වේද? රටේ බත සපයන ගොවි ජනතාව පත්වූ අසරණභාවයෙන් මුදාගැනීමට කොපමණ කලක් ගත වේද?
කොපමණ කීවත් මිනිසුන් ස්වයංපෝෂිත වීමට තම හැකියාව අනුව හෝ වගා ව්‍යාපාරයක යෙදෙන්නේද නැත. බොහෝ අය නිකරුණේ රස්තියාදු වෙමින් කාලය ගත කරනවා විනා හරි හම්බකර ගෙන ජීවත්වීමේ මාර්ග ගැන සිතන්නේද නැත. එපමණක් නොව ඔවුන් දිරිගන්වා පෙළඹවීමට රජය ඇතිකර ඇති අලුත් ප්‍රායෝගික ක්‍රියාමාර්ග කවරේද? මේ අතර බලවත් උත්සාහයකින් ක්‍රියාකරන ජාත්‍යන්තර ණය අරමුදල් ලැබීමට තව කොපමණ කලක් ගත වේද? තරුණ අසහනය මන්දපෝෂණය දේශපාලන කැළඹිලි බලලෝභී දේශපාලකයන්ගේ උප්පරවැට්ටි ආදී සියල්ලක් මැද දැවෙමින් ගිනි ගනිමින් තිබෙන දේශය ගොඩනැගීමට කෙසේ අයවැය ලේඛනයක් සාර්ථකව ඉදිරිපත් කරන්නේද? කෙසේ හෝ මේවා යම් මට්ටමක ඉතා අසීරු වූ ඉලක්කයකට ගෙන යන්නට හැකිවන සේ මුදල් ඇමැතිවරයා අයවැය ඉදිරිපත් කළේය. එහි ඉලක්ක ඇතිකොට රාජ්‍ය නිලධාරීන් දේශපාලනඥයන් පොදු ජනතාව අවංකව හා කැපවී තමන්ම ක්‍රියා කළහොත් යම් මට්ටමක හෝ ප්‍රතිඵල ළඟාකර ගත හැකිවනු ඇත.
මෙහිදී ශ්‍රී ලංකාවේ විශිෂ්ට ආර්ථික විශේෂඥයකු වූ ආචාර්ය එන්.එම්. පෙරේරා මහතා 1964 ජූලි 30දා තම මංගල අයවැය ඉදිරිපත් කරමින් කරන ලද දේශනයේ කොටසක් මෙසේ උපුටා දක්වමි.
‘සෞභාග්‍ය කරා ගමන් කිරීමට කෙටි පාරවල් නැහැ. යම් යම් මුදල් ඇමැතිවරුන් හාස්කම් කරනු ඇතැයි සමහරු බලාපොරොත්තු වෙනවා. හාස්කම්වල යුගය දැන් අවසන්ව තබෙන බව කවුරුත් දන්නා දෙයක්. ඇත්ත වශයෙන්ම දේශපාලනමය ආර්ථික කටයුතුවලදී කළ හැකි හාස්කම නිතිපතා වෙහෙස වී වැඩ කිරීම පමණයි. කොටින් කියතොත් සමාජවාදී හාස්කමත් එයයි. නැවතත් මේ රට ශක්තිමත් හා බලවත් රටක් බවට පත් කිරීමට නම් ජීවිතයේ නොයෙක් අවස්ථාවල ආර්ථික ක්‍රමයේ විවිධ අංශවල සිටින අප හැම දෙනාම වෙහෙස මහන්සි වී වැඩ කළ යුතුයි. වර්තමාන පරම්පරාවෙත් අනාගත පරම්පරාවෙත් යහපත උදෙසා නිරන්තරයෙන්ම ඇප කැපවී සේවය කළ යුතුයි’ (හැන්සාඩ් වාර්තාව)
මින් අවුරුදු 58කට පෙර ආචාර්ය ඇන්.ඇම්. පෙරේරා මැතිතුමා විසින් කරන ලද මෙම ප්‍රකාශය අදට කොතරම් උචිතද? එතුමා වර්තමාන තත්ත්වය එදා එලෙසම දැක තිබේ. ඒ අනුව කටයුතු කිරීමට වර්තමානයේ හැමට වගකීමක් ඇති බව නොකිවමනාය. පසුගිය කාලවකවානුව තුළ සිදු වූ පෙරළිකාර සිදුවීම් දෙස බලන විට ඇන්.ඇම්. පෙරේරා මහතා නිවැරදිව පෙන්නුම් කළාක් මෙන් මුදල් ඇමැතිවරුන්ට හාස්කම් කිරීම අපහසුය. ඔවුන්ට පවතින තත්ත්වය තුළ යම් මූල්‍ය කළමනාකරණයක් කිරීම හැර විශ්වකර්ම වැඩ කළ නොහැකි වනු ඇත.
අප දැන් කළමනාකරණය කරගත නොහැකි මට්ටමට විදේශ ණය ලබාගෙන ඇත. අනාගත පරපුර ණය උගුලේ හිරවී ඇත. බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයෙන් 1948දී නිදහස ලබන විට අප කිසි රටකට ණය වී සිටියේ නැත. එහෙත් දෙවැනි ලෝක සංග්‍රාමයෙන් පසුව රටේ විනාශ වූ දෑ ප්‍රතිසංස්කරණය කිරීමට එංගලන්තය පවා ශ්‍රී ලංකාවෙන් ණය මුදල් ගෙන තිබුණ බව පෙනේ. එහෙත් ඉන් පසුව 15 වතාවක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් හා වෙනත් ණය මූලාශ්‍ර මගින් බිලියන ගණනක විශාල ණය කන්දරාවක් අරගෙන තිබුණත් රට තිබූ තැනටත් වඩා පහළට වැටී ඇත. රාජ්‍ය පාලකයන්ගේ අමනෝඥ ක්‍රියා උද්දච්ච තීරණ, නිලධාරී වාදය, සොරකම, වංචාව, දූෂණය, පවුල්වාදය හා ජනාධිපතිතුමා අයවැයේදී කියූ පරිදිම ‘ලෝකෙට ණය වී ජයට ගෙදර මගුල් කෑම’ හා සමාන කරුණු එලෙසම අඩුවක් නැතිව සිදුව ඇත.
කෙසේ වුවද වර්තමානයේ ඉතා දුෂ්කර ගමනක් යන ජනාධිපතිවරයා ඉතිහාසයෙන් අප ලද පාඩම් හා අවබෝධතා හා දේශපාලන කඩාවැටීම් පසුබෑම් හා අභියෝග නිසි පරිදි වටහාගෙන අවංක යුක්තිගරුක සාධනීය වැඩපිළිවෙළක් අනුගමනය කළහොත් මින් මතුවට හෝ යළි නැගීසිටින ශ්‍රී ලංකාවක් බිහිවනු ඇත.
හිටපු රාජ්‍ය ඇමැති හා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජී. තිස්ස කුට්ටිආරච්චි
අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ
රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන
2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්
1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ
“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත
රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
එදා ඇන්.ඇම් දුටු මෙදා අය වැය