IMG-LOGO

2024 මැයි මස 17 වන සිකුරාදා


ජනතා විශ්වාසය පළුදු කරන්න එපා

සිනහා නොවන මෙන් ඉල්ලමින් මෙහි ආරම්භක වැකිය සටහන් කරමු. එනම් රටේ උත්තරීතරම ආයතනය පාර්ලිම්න්තුව යන්නය. පාර්ලිමේන්තුව එසේ රටේ උත්තරීතර ආයතනය වන්නේ එය නියෝජනය කරන කඳ බඩ උස් මහත් ගරු කටයුතු මහජන නියෝජිතයන් නිසා නොවේ.

නීති සම්පාදනය කිරීමේ බලයත් එම නීති සම්මත කිරීමේ  බලයත් පාර්ලිමේන්තුව සතු හෙයිනි. එමෙන්ම රාජ්‍ය මූල්‍ය සම්බන්ධ බලය පැවරී ඇත්තේද පාර්ලිමේන්තුවටය. පාර්ලිමේන්තුවේ අනුමැතියකින් තොරව රජයකට එක ශත පහක් හෝ වියදම් කළ නොහැකි තරමට පාර්ලිමේන්තුව හා මූල්‍ය විනය අතර සම්බන්ධය ඉතා බලවත්ය. ඒ පාර්ලිමේන්තුව නියෝජනය කරන ගරු කටයුතු මහජන නියෝජිතයන්ගේ වගකීම එමගින් මනාව පැහැදිලිය.

කරුණු කාරණා එපරිදි වුව ද අප පුවත්පත ඉකුත්දා වාර්තා කළේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලංසා  මහතාට බැණ වැදී පහර දීමට උත්සාහ දැරීමේ සිද්ධියකින් පසුව සමගි ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් පාර්ලිමේන්තු සභා ගර්භයෙන් ඉවත් කරනු ලැබූ බවය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරු යනු ප්‍රතිපත්ති සම්පාදකයෝ වෙති. එහෙත් පාර්ලිමේන්තුවේ සිදු නොවන්නේ ද එයමය. ඒ වෙනුවට පෞද්ගලික ජීවිතවල සදාචාරාත්මක වැහැරිම්, අනියම් සබඳතා ආදී ජුගුප්සාජනක දෑ වලින් ගහ බැණ අඬගැසීම් මිස හරවත් සාර ගර්භ අදහස් දැක්වීමක් අසන්නට ලැබෙන්නේ ඉතාම කලාතුරකිනි. දුරාතීතයේ  පැසුණු දේශපාලනඥයන්ගේ පාර්ලිමේන්තු කතාවක් යනු පුස්තකාලයක් පරිශීලිනය කළා බඳුය. දැන් පාර්ලිමේන්තු කතා යනු හුදී ජනයා නොදන්නා ඇසැබි  වදන් දැන ගැනීමට ලැබෙන  අවස්ථාවකි.

නිමල් ලංසා-චමින්ද විජේසිරි පන්නයේ ගැටුම් මෙරට පාර්ලිමේන්තු ඉතිහාසයේ පළමු සිදුවීම නොවේ. 80 දශකයේ දී වාසුදේව නානායක්කාර විපක්ෂයේ මන්ත්‍රීවරයාට පාර්ලිමේන්තු සභා ගර්භය තුළදීම පහර දෙනු ලැබුවේ හැඳ සිටි ඇඳුම් කීතු කිතු කර ඉරා දමමිනි.

කුප්‍රකට දින පනස් දෙකේ පාර්ලිමේන්තු කාලය තුළ ගරු කටයුතු  මහජන නියෝජිතයන්ගේ තරම රටටම දැක ගත හැකි විය. උත්තරීතරම ආයතනය ලෙස සැලකෙන පාර්ලිමේන්තුව එකල මදාවියන්ගේ  තිප්පොළක් බවට පත්විය. පොත් හා පුටු වතුර බෝතල් ආදියෙන් ප්‍රති පාර්ශ්වයට පහර එල්ල කිරීම් ද මිරිස් කුඩු ප්‍රහාර එල්ල කරමින් ද ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමට ගරු කටයුතු මහජන නියෝජිතයන් කටයුතු කළ ආකාරය මුළු රටම දුටුවේය. ප්‍රති උත්තර ලෙස දක්නට ලැබුණේ එක් මහජන නියෝජිතයකු හැඳිවත ඔසොවා පාර්ලිමේන්තු සභා ගර්භයට තම නිරුවත ප්‍රදර්ශනය කිරීමය.

රට තිබෙන්නේ අර්බුද පොකුරකය. යථාර්ථය එයය. මේ රටේ ජනයා පෝලිම්වල අපා දුක් වින්දාහ. ඇතැම් පුරවැසියෝ එකී දුක දරාගත නොහැකිව පෝලිම්වල මියගියහ. තවමත් ඉන්ධන නිකුත් කරනු ලබන්නේ කිව් ආර් ක්‍රමයටය. එයින් සෑහීමට පත්වීමට වාහන හිමියන්ට සිදුවී තිබේ. බඩු මිල අහස උසට නැග තිබේ. වේල් දෙකක් කැප කර එක වේලකින් සෑහීමට පත්වීමට බොහෝ පවුල්වලට සිදුවී තිබේ. රටේ තිබූ අර්බුද සුළියට තාවකාලික විසඳුම් ලැබී තිබේ. එහෙත් අළු යට ඇති මෙම ගිනි පුපුරු මහා ගිනි ජාලාවක්ව කොයි මොහොතේ මතු වේදැයි යන දෙගිඩියාවෙන් කලදවස ගෙවා දැමීමට ජනතාවට සිදුවී තිබේ.

එක් දිනකට කෝටි ගණන් වියදම් කර පාර්ලිමේන්තු සැසිවාර පැවැත්විය යුත්තේ මෙකී ජනතා ප්‍රශ්නවලට විසඳුම් සෙවීමටය.  වඩාත් විශ්වාසයෙන් යුතුව ජීවිතයට මුහුණ දිය හැකි පරිසරයක් පුරවැසියාට නිර්මාණය කරදිය යුතුය. මහජන නියෝජිතයන්ගේ පරම වගකීම එයය. එම වගකීම ඉටු නොකර එකිනෙකා මරා ගන්නා තැනක් බවට පාර්ලිමේන්තුව පත්වේ නම් එබඳු පාර්ලිමේන්තුවකින් රටට අත්වන සෙතක් නැත.

‘‘225 ම එපා’’ යනුවෙන් සමාජයේ පතුල බිඳගෙන මතවාදයක් නිර්මාණය වූයේ අහම්බයෙන් නොවේ. එයට මෙම මහජන නියෝජිතයන්ගේ හැසිරිම බරපතළ ලෙස බලපෑවේය. ඒ මහ ජනයා සිතන ආකාරය තේරුම් ගැනීමට මහජන නියෝජිතයන් අසමත් වන්නේනම් එහි ප්‍රතිඵලය අතිශයින්ම කනගාටුදායක විය හැකිය.

(***)



අදහස් (1)

ජනතා විශ්වාසය පළුදු කරන්න එපා

ganegoda Saturday, 26 November 2022 05:56 PM

දැන් කවුද මේ අයව විශ්වාස කරන්නේ?

:       0       1

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

එදා ඇන්.ඇම් දුටු මෙදා අය වැය
2022 දෙසැම්බර් මස 01 278 0

අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ


බහිරවයා ගිලින සල්ලි
2022 දෙසැම්බර් මස 01 238 0

රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන


එච්.අයි.වී. ආසාදිතයන් වැඩිවීම සමාජ අනතුරක්
2022 දෙසැම්බර් මස 01 172 0

2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්‍


ආගමට මුවාවී බලයට එන්න කැස කවන ඩින් ඩියම්ලා
2022 නොවැම්බර් මස 30 1595 1

1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ


ගුරු ප්‍රජාවට නින්දා කරන ගුරු ප්‍රජාවේම ඇත්තෝ
2022 නොවැම්බර් මස 30 579 0

“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත


නිර්මාණකරුවා පාඨකයාගේ බුද්ධියට අවමන් නොකළ යුතුයි
2022 නොවැම්බර් මස 29 785 0

රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site