ආර්ථික අර්බුදයෙන් ජනතාව මේ වනවිට දැඩිව හෙම්බත්ව සිටිති. දිනෙන් දින වර්ධනය වන ආර්ථික අර්බුදයේ බලපෑම් හමුවේ ජනතාව දැඩි අසහනකාරී සහ බලාපොරොත්තු සුන් වූ තත්ත්වයකට පත්ව ඇති බව පෙනේ. මෑතක දී වැට් සහ පිරිවැටුම් බදු වැඩි කළ රජය තවත් වටයකින් ආදායම් බදු ඉතා ඉහළ අගයකින් වැඩි කිරීමට යෝජනා කර ඇත.
මෙවන් තත්ත්වයක් යටතේ ජනතාවට බදු පිට බදු පනවන එකම රට බවට ශ්‍රී ලංකාව පත්ව ඇති බව පෙනේ. මෙසේ බදු පිට බදු පැනවීමේ රජයේ ප්‍රතිපත්තිය IMF විස්තීර්ණ ණය පහසුකම් යටතේ ඩොලර් බිලියන 2.9ක් ලබා ගැනීමේ රජයේ අපේක්ෂාව නිසා ඇතිවුවක් බවට ජනතාව චෝදනා කරමින් සිටිති.
මෑතක දී ඉදිරිපත් වූ IMF කාර්ය මණ්ඩල එකඟතාව තුළ කොන්දේසි ගණනාවකට රජය එකඟ වී තිබෙන බව නොරහසකි. කෙසේ නමුත් මේ එකඟතා පිළිබඳව මෙතෙක් ජනතාව දැනුවත් කර නොමැත. එසේ වුවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි කාර්යය මණ්ඩල එකඟතාව තුළ ප්‍රාථමික ගිණුමේ ශේෂය යහපත් ලෙස පවත්වා ගත යුතු බවට වන යෝජනාවක් නොමැතිනම් කොන්දේසියක් ඇතුළත්ව ඇති බව පැහැදිලිය. එබැවින් රාජ්‍ය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට රජයේ කැපවීම මේ හරහා පෙන්වීමට උත්සාහ දරයි. මෙවන් තත්ත්වයක් යටතේ ප්‍රාථමික ගිණුමේ අතිරික්තයක් පවත්වා ගැනීම සඳහා රජයේ ආදායම් ඉහළ නංවා ගැනීම මෙන්ම වර්තන වියදම් විශේෂයෙන් පොලී ගෙවීම් හැර අනෙකුත් වර්තන වියදම් පාලනය අනිවර්ය වේ.
මේ අතර ආර්ථිකය බංකොලොත් භාවයෙන් මුදා ගැනීම සඳහා ලෝක බැංකුව විසින් ද මූලික කරුණු කිහිපයක් අවධාරණය කර ඇත. එහිදී ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා ගැඹුරු ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාදාමයක් කඩිනමින් ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම පෙන්වා දී ඇත.
එසේම ආර්ථික අර්බුදය හරහා අවදානමට ලක්ව ඇති ජනතාව ආරක්ෂා කිරීම සඳහා වන සමාජ ආරක්ෂණ ජාලය ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව ද ලෝක බැංකුව අවධාරණය කරයි. එසේම බාහිර කම්පන තත්ත්වයන්ගෙන් ආර්ථිකයට වන බලපෑම අවම කිරීම සඳහා වන ක්‍රියාමාර්ග මෙන්ම අනාගතයේ ඇති විය හැකි විවිධ කම්පනවලට ඔරොත්තු දීමේ ශක්තිය ගොඩනැංවීමේ අවශ්‍යතාව ද ලෝක බැංකුව තවදුරටත් අවධාරණය කරයි.
ආර්ථිකය බංකොලොත් භාවයෙන් මුදා ගැනීම සඳහා වන කෙටි කාලීන පියවර ගණනාවකි. ඒ අතර ප්‍රමුඛ අවශ්‍යතාවක් වනුයේ රාජ්‍ය ආදායම් ඉහළ නංවා ගැනීමයි. විශේෂයෙන් 2019 වර්ෂයේ ඇති කරන ලද අදූරදර්ශී බදු ප්‍රතිසංස්කරණ හරහා රජයේ ආදායම් විශාල වශයෙන් අහිමි කරගෙන ඇත.
මේ හරහා රජයට අහිමිව ඇති බදු ආදායමක රුපියල් බිලියන හයසීයකට ආසන්න වන බවට ඇස්තමේන්තු කර ඇත. නිසි අධ්‍යයනයකින් තොරව සිදුකරන ලද මෙම බදු කපා හැරීම් හරහා රාජ්‍ය අයවැය කෙරෙහි ඉතා දැඩි බලපෑම්ක් සිදු කරන ලද අතර ගෙවුම් ශේෂයෙහි අසමතුලිතතාව තව දුරටත් ඉහළ යාමට එය හේතු විය. මෙහි ප්‍රතිඵලය වූයේ වත්මන් ආර්ථික අර්බුදයයේ ප්‍රමුඛ සාධකයක් වන ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීම් මගින් ශ්‍රී ලංකාව ක්‍රමයෙන් පහළ යාමයි.
මේ තුළින් දේශීය සහ ජාත්‍යන්තර ආයෝජකයන් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් තිබූ විශ්වාසය සම්පූර්ණයෙන්ම බිද වැටුණි. ඒ හරහා ජාත්‍යන්තර මූල්‍ය වෙළෙඳපොළෙන් ණය ලබා ගැනීමට තිබූ හැකියාව ද අහෝසි විය. මෙවන් තත්ත්වයක් මත රජයේ වියදම් පවත්වාගෙන යෑමට අවශ්‍ය ආදායම ප්‍රමාණවත් නොවන පරිසරයක් තුළ බදු ප්‍රතිසංස්කරණ කඩිනමින් කළයුතු බව පැහැදිලිය.
රාජ්‍ය ආදායම් මූලික වශයෙන් රාජ්‍ය සේවක වැටුප් ගෙවීම්, පාඩු ලබන රාජ්‍ය ආයතන නඩත්තුව මෙන්ම රජය ලබාගෙන ඇති ණය සඳහා වන පොලී ගෙවීම් සඳහා යොදා ගන්නා බව පැහැදිලිය. එසේම රජය විසින් ගෙන යනු ලබන සමාජ සුබසාධන වියදම් ආවරණය කර ගැනීම සඳහා ද බදු ආදායම් යොදා ගනියි.
නිදහස් සෞඛ්‍යය මෙන්ම නිදහස් අධ්‍යාපනය, සමෘද්ධි සහනාධාර වැඩසටහන, පොහොර සහනාධාරය ආදියට විශාල රාජ්‍ය වියදමක් වාර්ෂිකව යොදවනු ලබයි. එසේ වුවද වාර්තා වන ආකාරයට රජයේ මෙම වර්තන වියදම් පියවා ගැනීම සඳහා රාජ්‍ය ආදායම කිසිසේත් ප්‍රමාණවත් නොවන තත්ත්වයකට පත්ව ඇත. මෙවන් තත්ත්වයක් නිර්මාණය වූයේ වැරදි ආර්ථික කළමනාකරණය නිසා බව පැහැදිලිය.
රට නිල වශයෙන් බංකොලොත් භාවයට පත්ව ඇති තත්ත්වයක් යටතේ තවදුරටත් ජාත්‍යන්තර මූල්‍ය වෙළෙඳපොළ හරහා රජයට අධික පොලියක් ගෙවා හෝ ණය ලබා ගැනීමට හැකියාවක් නොමැත. එසේම දේශීය වෙළෙඳපොළෙන් ණය ලබා ගැනීමේ දී දැරීමට සිදුවන පිරිවැය ද ඉතා ඉහළ මට්ටමකට පවති. අතිශයින් ඉහළ නැගී ඇති උද්ධමනය පාලනය කිරීම සඳහා වන ක්‍රියාමාර්ග ගැනීමේ අවශ්‍යතාව ද රජයෙ ප්‍රමුඛ කාර්යයකි.
එසේම මූල්‍ය ස්ථායිතාව පවත්වා ගෙනයාම ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි තවත් කොන්දේසියකි. එවන් තත්ත්වයක් යටතේ රජයේ වියදම් පියවා ගැනීම සඳහා මුදල් මුද්‍රණය කිරීමේ හැකියාව ද මේ වනවිට රජයට අහිමි වී ඇත. මෙවැනි තත්ත්වයක් යටතේ රාජ්‍ය වියදම් පියවා ගැනීම සඳහා රජයට කළ හැකි වනුයේ බදු ආදායම ඉහළ නංවා ගැනීම පමණී. ඒ සඳහා මෑතක දී වක්‍ර බදු ඉතා ඉහළ මට්ටමකට ගෙන ආ නමුත් එය කිසිසේත් ප්‍රමාණවත් නොවීය.
එබැවින් රජයට ආදායම් බදු ඉහළ නැංවීම හැර වෙනත් විකල්පයක් ඉතිරි වී නොමැති බව පැහැදිලිය. බදු ආදායම වැඩි කර ගැනීමට නොහැකි වුවහොත් අනිවාර්යයෙන්ම රාජ්‍ය සේවකයන්ට වැටුප් ගෙවීම් ඇතුළු අනෙකුත් වියදම් ඉදිරි මාස කිහිපය තුළ සිදු කිරීමට හැකියාවක් නොමැති බව පැහැදිලිය. කඩා වැටී ඇති ආර්ථිකය නැවත සාමාන්‍ය තත්ත්වයට පත් කර ගැනීමට ගතහැකි තවත් ක්‍රියාමාර්ගයක් වනුයේ රජයේ වියදම් කළමනාකරණය කිරීමයි. ඒ සඳහා රජයේ අනවශ්‍ය මෙන්ම දැරිය නොහැකි වියදම් කපා හැරීම අනිවාර්යයෙන් ම කළ යුතු වේ. මේ සඳහා යෝජනා වී ඇති එක් විසඳුමක් වනුයේ රාජ්‍ය සේවකයන් සඳහා වන වැටුප් සහ වේතන බිල අවම කිරීමයි. එ වෙනුවෙන් යම් කාලපරිච්ඡේදයක් අවශ්‍ය වන බව පැහැදිලිය.
රාජ්‍ය සේවකයන් සක්‍රීය සේවයෙන් යම් කාලයක් සඳහා ඉවත් කිරීමට අවශ්‍ය ප්‍රතිසංස්කරණ මේ වන විටත් ක්‍රියාත්මක වෙමින් පවතී. රාජ්‍ය සේවකයන් සඳහා වන වැටුප් ගෙවීම් ඇතුළු අනෙකුත් වියදම් හදිසියේ කප්පාදු කළ නොහැක. එසේ වුවහොත් සමස්ත රාජ්‍ය සේවයත් ආර්ථිකයත් දෙකම බිඳ වැටීමට ඇති හැකියාව වැළැක්විය නොහැක. කෙසේ වෙතත් රජය සතු පාඩු ලබන ආයතන ප්‍රතිව්‍යුහගත කිරීම මේ තත්ත්වය පාලනය කිරීම සඳහා ගත හැකි තවත් එක් විසඳුමක් වුවත් ඒ සඳහා වන යෝජනා විධිමත්ව සහ විනිවිදභාවයෙන් සිදු කිරීමට යම් කාලයක් ගතවන බව ද පැහැදිලිය.
ආදායම් බදු ඉහළ නැංවීමට එරෙහිව වෘත්තීය සමිති මේ වන විටත් දැඩි විරෝධයක් එල්ල කරමින් පවතී. මිට එක් හේතුවක් වනුයේ බදු ප්‍රතිසංස්කරණ දේශපාලනීකරණය වීමයි. මේ හේතුව මත ඉදිරියේ දී මෙම බදු ප්‍රතිසංස්කරණ යෝජනා ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කිරීම පිළිබඳ යම් යම් ගැටලු මතුවිය හැකිය.
අද වන විට ඉලක්කම් තුනේ උද්ධමනයක් වාර්තා වන තත්ත්වයක් යටතේ පෞද්ගලික සහ රාජ්‍ය අංශයේ සේවයේ නියුතු මධ්‍යම පංතිකයන්ගේ පරිභෝජන රටාව බොහෝ සෙයින් වෙනස් වී ඇත. අධි සහ අර්ධ සුඛෝපභෝගී ජීවන තත්ත්වයක් ගොඩ නගා ගත් ඉහළ සහ පහළ මධ්‍යම පංතිකයන් පවතින ආර්ථික තත්ත්වය හමුවෙ යම් කඩා වැටීමකට ලක්ව ඇත. එවැනි තත්ත්වයක් යටතේ යෝජිත බදු ප්‍රතිසංස්කරණ නිසි සමාජ-ආර්ථික විශ්ලේෂණයක් සහිතව හඳුන්වා දුන්නේ ද යන්න පිළිබඳව නැවත සලකා බැලීමක් කළ යුතුය.
විශේෂයෙන් තරුණ අරගලයක ප්‍රතිඵලයක් ලෙස බලයට පත් වූ වර්තමාන රාජ්‍ය නායකත්වය යටතේ වුව ද දූෂණ සහ නාස්තිය මැඩපැවැත්වීම සඳහා විධිමත් වැඩපිළිවෙළක් මේ වන තෙක් හඳුන්වා දීමට නොහැකි වී ඇත. අනවශ්‍ය ප්‍රදර්ශනාත්මක වියදම් තවදුරටත් සිදුකිරීම, විශාල දේශපාලන පංතියක් නඩත්තු කිරීම, විවිධ චෝදනාවලට ලක් වූවන් දිනෙන් දින නිදොස් කොට නිදහස් වීම මෙන්ම ආර්ථිකය තවදුරටත් දේශපාලනීකරණයට ලක් කිරීම වැනි අදූරදර්ශී ක්‍රියාමාර්ග ජනතාව කිසිසේත් අපේක්ෂා නොකළ තත්ත්වයකි.
විශේෂයෙන්ම උද්ධමනය හරහා මධ්‍යම පාන්තික සහ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් විශාල වශයෙන් බලපෑමකට ලක්ව ඇති තත්ත්වයක් යටතේ මෙවැනි බදු ඉහළ නැංවීම ඔවුන් තවදුරටත් දැඩි පීඩනයට ලක් කිරීමකි. එසේම ඒ හරහා සමස්ත ආර්ථිකය තවදුරටත් පහළ වැටීමක් සිදුවනු ඇත. එබැවින් මෙවැනි බදු ඉහළ නැංවීමක් සිදු කළ යුතු වන්නේ කාල සැලැස්මක් තුළ පමණක් වන බව අවබෝධ කරගත යුතුය.
දැඩි ආර්ථික අර්බුදයකට ලක්ව ඇති ජනතාව තවදුරටත් අගාධයකට ඇද නොදමා සාධාරණ බදු ක්‍රමයක් හඳුන්වා දීමේ අවශ්‍යතාව පෙන්වා දෙනු කැමැත්තෙමි. එසේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් යෝජනා කර ඇති අනෙකුත් කොන්දේසි අතර අල්ලස හා දූෂණ වැළැක්වීමට සඳහා වන ක්‍රියාමාර්ග පළමුව ක්‍රියාත්මක කළ යුතුයි. රජයට ගෙවනු ලබන බදු දේශපාලනඥයන්ගේ සුඛවිහරණය සඳහා තවදුරටත් යොදා නොගත හැකි පරිසරයක් රට තුළ වහාම නිර්මාණය කළ යුතුය.
ජනතාව විසින් රජයට ගෙවන බදු මුදල් මහජනතාවගේ සෞඛ්‍ය, අධ්‍යාපනය ඇතුළු අනෙකුත් සුබ සාධන කටයුතු සඳහා මෙන්ම ඵලදායි ආර්ථික කටයුතු සඳහා යොදාගන්නා බවට ජනතාවට හැඟී යන පරිදි රජය කටයුතු කළ යුතුය. එවැනි පරිසරයක් තුළ පමණක් රටවැසියන් තම ආර්ථික අපහසුතා කෙසේ හෝ විඳ දරාගෙන බදු ගෙවීමට යොමු වනු ඇත.
ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය එස්.කේ. නාරද්ද ගමගේ
(***)
අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ
රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන
2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්
1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ
“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත
රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
බංකොලොත් රට ගොඩනගන්න ක්‍රමවේදයක්