IMG-LOGO

2024 මැයි මස 17 වන සිකුරාදා


කේන්දරයක් හදන්න ඉගෙන ගනිමු

කේන්දරයක් සාදන්නට දැනගත් පමණින් හෝ ග්‍රහයන් පිහිටුවීමට දැනගත් පමණින් හෝ කෙනෙකු ජ්‍යෝතිෂවේදියකු වන්නේ නැත. කෙනෙකුගේ කේන්දරය සාදා එය නිවැරදිව විග්‍රහ කර අතීත – වර්තමාන – අනාගත වශයෙන් සියලු ජීවන තොරතුරු පෙන්වාදීමට සමත් කෙනෙකු විය යුතුය. එය කෙළින්ම අපල ලේඛනයක් ද සඵල ලේඛනයක් ද නොවිය යුතුය. සමබර පල ප්‍රකාශයක් විය යුතුය.

අද ජ්‍යෝතිෂවේදීන් බොහෝ දෙනෙකු මෙහිදී පලාපල කියන්නේ සෙනසුරු මුල්කරගෙනය. සෙනසුරුගෙන් තොර පලාපලයක් ඔවුනට නැත. එහෙත් සත්‍යය එයනම් නොවේ. නිවැරදි කේන්දර විග්‍රහයකට අයත් වන්නේ සෙනසුරු පමණක්ම නොවේ.

තන්ත්‍ර – හෝරා - සංහිතා වශයෙන් ජ්‍යෝතිෂයේ ප්‍රධාන කොටස් තුනක් තිබේ. ග්‍රහයන් සහ ග්‍රහයන්ගේ හැසිරීම් රටා - ග්‍රහයන්ගේ බල දුබලතා විග්‍රහය – චන්ද්‍ර ග්‍රහණ - සූර්ය ග්‍රහණ – ග්‍රහ ගමන් රටා ගණිතය අයත් වන්නේ තන්ත්‍ර කොටසටය. මුහුර්ත සාධනය – හෝරා පල ප්‍රකාශනය - මුහුර්ත සාධනය ආදිය අයත් වන්නේ හෝරා කොටසයට. පලාපල කථනය – අනාගතය දැක්ම – ආදිය පෙන්වා දෙන්නේ සංහිතා කොටස තුළිනි. දැනට භාවිත කෙරෙන බොහෝ ජ්‍යොතිෂ ග්‍රන්ථ ඇතුළත් වන්නේ මෙම සංහිතා කොටසටය. තාරු සංහිතාව – වෘහත් සංහිතාව – ජාතක පරිජාතය – ජාතක ඵල දීපනිය – ආදියත් සාරාවලිය – වරහ මිහිර – ලඝු ජාතකය – ශම්භු හෝරා ප්‍රකාශනය ආදියත් මෙහිදී වැදගත් තැනක් ගනී. ජයමිණි සූත්‍රය – පරාශරයන්ගේ ග්‍රන්ථ ද මෙහිදී වැදගත්වේ. මෙම ග්‍රන්ථය සැකසීමේදී මෙම ග්‍රන්ථ ඇසුරු කරගත් බව සඳහන් කරන්නේ ගුරු බැතියෙනි.

නිවැරදි පලාපල කථනයකට අදාළ තොරතුරු සෙවීමේ දී වැදගත් වන අවස්ථා තුනක් තිබේ. එනම් දශා ඵල විග්‍රහය – නාඩි ජ්‍යෝතිෂය සහ අෂ්ඨක ඵල බිංදු හෙලීම යන ක්‍රම තුන මුල් තැනක් ගනී. දශාඵල විග්‍රහයට අදාළ ග්‍රන්ථ රැසක් තිබේ. නාඩි ජ්‍යෝතිෂයට අදාළ ග්‍රන්ථ ද රැසක් වේ. එහෙත් එකට ගොනු කළ අෂ්ඨක ඵල විග්‍රහයක් හමුව නැත. එම අඩුව සරල වශයෙන්වත් සොයා බැලීම මෙහි අරමුණයි.

"අෂ්ඨක වර්ග දශා මාර්ගම් 

සර්වේෂා මෘතමෝත්කමම්" යනුවෙන් ප්‍රකාශකර ඇත්තේ මේ නිසාය.

කේන්දරයක් නිවැරදිව විග්‍රහ කිරීමේ දී සියලුම ග්‍රහයන්ලේ උච්ච – නීච – ස්වක්ක්ෂේත්‍ර – ආදී බල සමූහයම සලකා බැලිය යුතුය. එහෙත් අෂ්ඨක වර්ගයේදී මෙම තත්වයෙන් බැහැර වීමට සිද්ධ වේ. මෙහිදී ග්‍රහයන් නව දෙනෙකු ගැන කතා කරන්නේ නැත. රාහු + කේතු දෙදෙනා අෂ්ඨක වර්ගයට ඇතළත් කර නැත. ප්‍රධාන ග්‍රහයන් වන රවි + සඳු + කුජ + බුද + ගුරු + ශුක්‍ර + ශනි යන සත් දෙනා පමණක් මෙහිදී බලගන්වා තිබේ.

මෙහිදීත් අප භාවිත කරන්නේ අපේ හුරු පුරුදු කේන්දර ක්‍රමයමයි. විවිධ ක්‍රම දක්වා ඇතත් සියල්ල මෙහිදී විග්‍රහ නොකරමි.

රාහු + කේතු දෙදෙනා වාසෂ්ටියක් සහිත ග්‍රහයන් ලෙස හඳුන්වන්නේ නැත. එහෙයින් ඔවුනට රශ්මි විහිදවීමේ බලයක් නැත. රශ්මි විහිදවන්නේ නැතිනම් ඔවුන් බාධක ජායා දෙකක් වේ. ග්‍රහයාගේ බලය (තමන් සමග සීටින) අඩු හෝ වැඩි කිරීමට පමණි ඔවුනට හැක්කේ. ඔවුනට පලාපල බලයක් නැත්තේ එහෙයිනි.

පරාශර ඍෂිවරයාගේ පලාපල ක්‍රමයට අනුවද අෂ්ඨක වර්ග බිංදු ක්‍රමයට අනුවද ආදර්ශ කේන්දරයක් විග්‍රහ කර දක්වා තිබේ. බොහෝ දුරට නිවැරදි පලාපල විස්තරයක් කිරීමට නම් ජ්‍යෝතිර්වේදියා වෙහෙසිය යුතුය. එහෙත් අද පවත්නා ක්‍රමයට අනුව මෙවන් විග්‍රහයක් කර ගතවන කාලයට මිලක් නියම කිරීමට ජ්‍යෙතිර්වේදියාට හැකියාවක් නැත. එය ඔබ වෙතට එන ග්‍රාහකයාට කෙරෙන අසාධාරණයක් වෙයි. මේ නිසා සෑම විටෙකම අපට කළ හැක්කේ දල විග්‍රහයක් කිරීම පමණකි.

ඩී.ඇම්. ධර්මසේන



අදහස් (0)

කේන්දරයක් හදන්න ඉගෙන ගනිමු

ඔබේ අදහස් එවන්න

Iranama

කේන්දරයක් හදන්න ඉගෙන ගනිමු
2023 මාර්තු මස 14 0 0

කේන්දරයක් සාදන්නට දැනගත් පමණින් හෝ ග්‍රහයන් පිහිටුවීමට දැනගත් පමණින් හෝ කෙනෙකු ජ්‍යෝතිෂවේදියකු වන්නේ නැත. කෙනෙකුගේ කේන්දරය සාදා එය නිවැරදිව විග්‍ර


​සෙනසුරු මාරුව ඔබට කොහොමද?
2023 මාර්තු මස 06 0 0

ග්‍රහලෝකයට අයිති අන්‍ය සෑම තරුවකටම වඩා බරපතළ වෙනස්කම් සෙනසුරාට තිබේ. එනම් තෙතමනය අඩුකමයි. දියෙහි දැම්මොත් දියපිට මතුවෙයි. අනෙක් සෑම තරුවක්ම දියේ කික්


උදාවන වසර ඔබට-රටට
2023 ජනවාරි මස 10 2 0


ඕස්ට්‍රේලියාවේ පතලකින් මහා පරිමාණයේ රත්‍රන් කුට්ටි දෙකක් හමුවේ
2018 සැප්තැම්බර් මස 10 55 0

ඕස්ට්‍රේලියාවේ බටහිර දිග පතලකින් මහා පරිමාණයේ රත්‍රන් කුට්ටි දෙකක් හමුවී ඇතැයි වාර්තා වේ. මෙයින් විශාල රත්‍රන් කුට්ටිය කිලෝ ග්‍රෑම් 95ක් බරින් යුතු බව


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site