IMG-LOGO

2024 මැයි මස 16 වන බ්‍රහස්පතින්දා


​සෙනසුරු මාරුව ඔබට කොහොමද?

ග්‍රහලෝකයට අයිති අන්‍ය සෑම තරුවකටම වඩා බරපතළ වෙනස්කම් සෙනසුරාට තිබේ. එනම් තෙතමනය අඩුකමයි. දියෙහි දැම්මොත් දියපිට මතුවෙයි. අනෙක් සෑම තරුවක්ම දියේ කික්‍ෂෙයි. ප්‍රමාණයෙන් ගුරුට වඩා තරමක් කුඩා වේ. එහෙත් බර ප්‍රමාණයෙන් සහ ඝණ ප්‍රමාණයෙන් බොහෝ අඩුවේ. හිරුට සාමාන්‍ය දුර ප්‍රමාණය හැතැප්ම 886000000කි. ළං වූ විට 841000000ක් ද දුර වූ විට 931000000ක් ද වේ. හිරු වටේ යෑමට වසර 29 1/2 ගත වේ.

පුරාණාචාර්යන් සෙනසුරුගේ මේ ගතිගුණ නියම වශයෙන් දැනගෙන තිබෙන බව පෙනෙන්නේ ඔහුට වෙන්කර තිබෙන අපේ ගතිගුණවලිනි. දිළිඳුකම, අවාසනාවන්තකම, කෙළවරක් නැති දුක් විඳීම, දුක් විඳිද්දි තව තවත් දුක්දීම, මරණය, කම්මැලිකම, සීමාවක් නැතුව කටයුතු කල් දැමීම, බාධක, අධෛර්යය, බලාපොරොත්තු සුන්වීම, තද දුක් විඳින, සුව වූවායින් පසුත් කැළැල ඉතිරි වන රෝග, බර කටයුතු වැඩ, ශරීරය කෙට්ටු වීම, දුර්වර්ණ වීම, ඇට බිඳීම, බල වීර්යය අඩුවීම ආදිය සෙනසුරාට අයිතිකර තිබේ. මහලු‍ වයසට සෙනසුරු අධිපති වෙයි.

සෑම නරක දෙයින්ම හොඳක් ද ගන්ට හැකියාවක් මෙන්ම සෙනසුරාගෙනුත් ලැබෙන හොඳ පෙන්නා තිබේ. ඊට සෙනසුරා බලවත්ව ශුභ දෘෂ්ටි ලැබ හොඳ තැනක සිටිය යුතුයි.

දුක්විඳීමේ දී ඇති ඉවසීම, පිරිමසාගෙන කටයුතු කිරීමේ ශක්තිය, රහස් එළිනොකිරීම, ආත්ම දමනය, ආගමික භක්තිය, විපතට කලින් බිය වී සූදානම් වීම ආදිය ශනිගේ හොඳ ගතිගුණ වේ. බලවත් වූ ශනි කේන්ද්‍රයේ බලවත් තැනක සිටිය දී උපන් අය සත්‍යවාදී වෙයි. පුන්‍ය කටයුතුවල යෙදීම, භාවනායෝගී වීම, චිත්ත ඒකාග්‍රතාව ඇතිකර ගැනීම. ඉතා කරුණාවන්ත වීම, තපස් ජීවිත ගතකිරීම, අසරණයන්ට සංග්‍රහ කිරීම ආදී ධන හානි වන මෙලොව පිණිස නොව පරලොව පිණිස වූ උසස් ගුණධර්මවල ප්‍රමුඛව යෙදෙති.

නරක් වූ සෙනසුරු සියලු‍ අයහපත දෙන බව සාමාන්‍ය රටවැසියා අතර පවා ව්‍යවහාර වන වචනවලින් පෙනේ. සෙනසුරා ලබල ද?සෙනසුරු ඒරාෂ්ටකය ලබල ද? කියා ඇසීම සාමාන්‍ය මිනිසුන්ගෙන් මුවින් පිටවන කීම්ය. කෙනෙකු දැඩි දුක් කරදර, ලෙඩ රෝග, නඩුහබ, අකාල මරණ, දුක් ආදියට මුහුණපානවා දුටුවොත් මෙසේ ප්‍රශ්න කිරීම සිරිතකි. එහෙත් බලවත්ව ශුභදෘෂ්ඨි ලැබ සිටි සෙනසුරා මනුෂ්‍ය වස්තුවෙන් හා කීර්තියෙන් උසස් කරයි. නමුත් එසේම නැතිකර දමයි. එම නිසා සෙනසුරාගෙන් වඩා ලැබෙනවාට වඩා ටිකක් ලැබීම හෝ නොලැබීම හොඳය. සෙනසුරාට සූර්යයාගේ පුත්‍රයා යයි කියති. නපුංසකයෙකු ලෙස හඳුන්වයි. රෑ උපන් අයට පියා වේ. වාතාධික වේ. සන්නි රෝග සාදයි.

සෙනසුරාගේ මේ තද ගති නිසාම ස්වර්ගයේ හෝ අපායේ යතුර තිබෙන්නේ සෙනසුරු අතේ යැයි ව්‍යවහාර කරගෙන එති. උසස් වුවහොත් රාජ්‍ය පාලකයෙකු හෝ එවැනි තත්ත්වයක විශාල බලයක් ධනයක් ඇත්තෙකු කරයි. පහත් වුවහොත් අන්ත කාලකන්නි හිඟන්නෙකු කරයි. නැත්නම් ඉතා ගුණවත් මහා ධාර්මිකයෙකු හෝ නින්දිත අපරාධකාරී මහා පාපතරයෙකු හෝ කරයි. කොටින් කියතොත් නොකර නිකන් සිටින ග්‍රහයෙක් නොවේ. හොඳ හෝ නරක හෝ කරන්නට අවස්ථාව පැමිණි විට කිරීම ඔහුගේ සිරිත වේ. එම නිසා අන්‍ය සෑම ග්‍රහයෙකුටම වඩා යමෙකුගේ කේන්ද්‍රයේ සෙනසුරා යහපත්ව බලවත්ව සිටීම යෙහෙකි. මහා දසාවේ පලදීම අන්තිම කොටසේ දී මෙන්ම වාරයේ දී ද රාශියේ කොටසේ දී ගුණ හෝ අගුණ දෙයි.

මනුෂ්‍ය ශරීරයේ දකුණු කන, මුත්‍රාශය, වාත නහර, පක්මාශය, දත්, ඇට, ඇලදිව, පිටි කොඳු ඇටය ශනිට හිමිවේ. වම් පය ද සෙනසුරාගේ යැයි කිව යුතුව තිබේ.

සෙනසුරු නරක් වීමෙන් සෑදෙන ලෙඩ රෝග ප්‍රධාන වශයෙන් නරක ශනි මහා දසාවේදී හෝ නරක ග්‍රහයෙකුගේ ශනි අන්තරේදී හෝ වම්පය බිඳියි. තුවාල කරයි. සියලු‍ අඩස්සි රෝග, සියලු‍ වාත රෝග, සියලු‍ දත් රෝග, කන් බිහිරිය. උගුරේ රෝග, යටිබඩ කොරවීම වැනි තද වේදනා රෝග, කල් අල්ලන දුක්දෙන රෝග, පිළිකා, ගෙඩි, වමන ඔක්කාරාදී රෝග, කුෂ්ට රෝග, පක්ෂාඝාත රෝගය ආදිය ශනිගෙන් ඇතිවන රෝග වෙති. ඉන්ෆැන්ටල් පැරලිසිස්’ බාල සන්නි රෝගය සෙනසුරාගෙන්ම සෑදෙන රෝගයක් බව පුරාණ ආචාර්යවරුන්ගේ මතයකි. සියලු‍ සන්නි රෝග සෙනසුරාගෙනි.ිඩිප්තීරියා’ නම් ගලපටල රෝගය ද ශනිගෙන් ඇතිවේ.

සෙනසුරු දෙවියන්ගේ මෙම විස්තර නොදැන ලග්න පලාපල ඇසීමෙන් පලක් නැත.

ශනිට එක රාශියක් පසුකර යෑමට සාමාන්‍යයෙන් අවුරුදු 2 1/2 පමණ ගතවේ. සෑම කාලයේදීම වසරකට වතාවක් බැගින් වක්‍රවීම සෙනසුරුගේ ස්වභාවයකි. මේ වක්‍ර වන සෑම වතාවකදීම ආපසු හැරුණු තැන සිට අංශක 7 හෝ 8ක් ආපස්සට ගමන් කර නැවතී ආපසු ඉදිරියට යාමට පටන් ගනී. ජ්‍යොතිෂයෙ එය හඳුන්වනු ලබන්නේ නිවෘත ගමන ලෙසයි.

සෙනසුරු ග්‍රහයාගෙන් යෙදෙන එරාෂ්ටක 8කි. එය සාරංශ කොට සඳහන් කරන්නේ නම් ශනි 12, 1, 2 රාශිවල ගමන් කරන විට ලග්න එරාෂ්ටකය ලෙසත්, උපතේ දී සඳු සිටින රාශියෙන් 12, සඳු සිටින රාශිය, සඳුගෙන් 2 වැන්න ගමන් කරන විට ජන්ම ඒරාෂ්ටක ලෙසත්, සඳුගෙන් 8 වැන්නේ ගමන් කරන විට චන්ද්‍ර අෂ්ටම එරාෂ්ටකය ලග්නයෙන් 8 වැන්නේ ගමන් කරන විට අෂ්ටම ඒරාෂ්ටකය යනුවෙන් පුරාණ ඍෂිවරයා හඳුන්වා දී තිබේ.

ඉහත ඒරාෂ්ටක ලබන විටදී සෙනසුරුගේ මහ දසා, අතුරු දසා, විදහා ගත කරනවා නම් එම ලග්න හිමියන්ට බොහෝ කරදර, බාධක අවහිරතා, නඩුහබ, ධන හානි, හදිසි අනතුරු, රැකියාව අහිමි වීම. ලෙඩරෝග සාදයි. එසේ වුවද මෙවැනි ඒරාෂ්ටක ගත කරන විට සෙනසුරු මහා දසා, අතුරු දසා, විද්‍යා ගත නොකරන්නේ නම් මේ තත්ත්වය වෙනස් වේ. සඳුගෙන් 3 වැන්න, 6 වැන්න 11 වැන්නේ සෙනසුරු ගමන් කරන විට අෂ්ටම ඒරාෂ්ටක යටපත්කොට ශුභපල ගෙන දෙන අවස්ථා විරල නොවේ. එම නිසා සඳුගෙන් 3, 6 සහ 11 වැනි සෙනසුරු ගමන් කරනවා නම් ඒරාෂ්ටකවලට බිය විය යුතු නැත. තවද දෙවන, 3 වන වරට ඇතිවන ඒරාෂ්ටකවලට කිසිසේත්ම බිය විය යුතු නැත.

සෙනසුරුගේ පලාපල ලග්න 12ට බලපාන ආකාරය පැවසීමට පෙර පාඨකයා මේ තත්වයන් පිළිබඳව අවබෝධයක් ලැබිය යුතු වේ.

සෙනසුරු ග්‍රහයා මකර, කුම්භ රාශිවල ගමන් කරන විටදී 7 වන බුවනෙකබාහු පෘතුගීසින් අතින් මරුමුවට පත් විය. ඉංග්‍රීසි පාලනය යටතේ සෙනසුරු මකර කුම්භයේ ගමන් කරන විටදී ශ්‍රී ලංකාවේ අන්තිම රජු ශ්‍රී වික්‍රම රාජසිංහ ඉංග්‍රීසින් විසින් අත්අඩංගුවට ගෙන සිරගත කරන ලදී. 1956 ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් අගමැති බණ්ඩාරනායක මහතා සාහසිකයෙකුගේ වෙඩි පහරින් මිය යන විට සෙනසුරු ගමන් කළේ මකර, කුම්භ රාශිවල බව කිව යුතු වේ. මේ රටේ 2 වැනි විධායක ජනාධිපති වූ ආර්. ප්‍රේමදාස මහතා එල්.ටී.ටී.ඊ. කැරලිකරුවන්ගේ මරාගෙන මැරෙන බෝම්බයට නතු වන විට සෙනසුරු ගමන් කළේ මකර, කුම්භ රාශිවල බව අමතක කළ යුතු නැත. ඉන්පසු 7 වැනි විධායක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ රටින් පැන යන විටත් සෙනසුරු ගමන් කරන ලද්දේ මකර කුම්භ රාශිවල බව අපි දනිමු. ජ්‍යොතිෂ්‍යය විශ්වාස නොකරන අයගේ දැන ගැනීම පිණිස එම කරුණු ඉදිරිපත් කළෙමි.

ජනවාරි 17 සවස 6.03ට කුම්භ රාශි ගතවන සෙනසුරගේ ගෝචර පල ලග්න 12ට බලපානා ආකාරය මෙතැන් පටන් සඳහන් කරමි.

මේෂ ලග්නය:- (විශේෂ දියුණුවකට මඟ පෑදේ)

ශරීර සනීපය ඇති කරයි. තම බලය පැවැත්වීමට ඉඩ ලැබේ. රැකියාවේ උසස්වීම් ඇතිවේ. තම අදහසට අනුව වැඩ කටයුතු සිදුවේ. සිතට සැනසීම ගෙන දෙන කාලයකි. විශේෂ දියුණුවකට මඟ පෑදේ. ඉතා සැපවත් ජීවිතයක් ගත කරන්නට ඉඩ ලැබේ. හදිසි ධන ලාබ හිමිවේ. තම ආනුභාව වැඩි වේ. තම බල පුළුවන්කාරකම් ක්‍රියාවෙහි යොදවන්නට හැකිවේ. දේශපාලනය කරන මේෂ ලග්න හිමියන්ගේ විශේෂ දියුණුවක් ඇතිකරයි. තනතුරුවලින් ඉහළ යයි. තත්ත්වයට සුදුසු තනතුරු ලැබේ. පින පල දෙන කාලයකි. පවුලේ දියුණුව ඇතිවේ. පවුලට පිරිස වැඩි වේ. නිදහස, සැනසීම, ප්‍රීතිය ගෙන දෙයි. දේපල ඉඩම් ලැබෙන කාලයකි. බලාපොරොත්තු රහිත හදිසි ධන ලාභ ලැබෙනවා ඇත. සුදුසු වයස නම් විවාහය ස්ථිර වේ. මුදල් අතින් වාසනාවන්ත කාලයකි. තම බලය නිසි පරිදි පැවැත්වීමට ඉඩ ලැබේ. තම තත්ත්වය ස්ථිර වේ.

උපතේ දී සඳු 4, 10, 11, 12 වැන්නේ සිටියා නම් ඉහත සඳහන් කරන ලද ශුභපල අවම වී මානසික පීඩන තත්ත්වයන් ඇතිවිය හැක.

වෘෂභ ලග්නය:- (වැඩකටයුතු අධික වේ.)

මේ කාලය වෘෂභ ලග්න හිමියන්ට ශුභාශුභ මිශ්‍ර ඵල විපාක ඇති කරන කාලයකි. උපතේ දී සඳු 5, 8, 12 සිටි අයට පමණක් ශුභ පල ඇතිකරයි. අනෙකුත් අයට සිත්තැවුල්, දුක්, දොම්නස්, ධන හානි, මුදල් හානි, ඇති කරන කාලයකි. විශේෂයෙන් හෘදයාබාධ සහ දණිස්වල ආබාධවලට ඉඩ තිබේ. එහෙත් දරු ශිෂ්‍ය ලාභවලට ඉඩ තිබේ. වැඩකටයුතු අධික වේ. අලු‍ත් වැඩ ද ඇතිවේ. ඉගෙනීමේ කටයුතු අතපසු වේ. උසස්වීම්වලට බාධා ඇතිවන ආකාරයේ නොයෙක් අවහිරකම් මතුවේ. විශේෂයෙන් ගොවිතැන් කටයුතුවලට කරදර බාධා, අවහිරතා ඇතිවේ. රැකී රක්ෂාවේ නොයෙක් ගැටලු‍ මතුවේ.

මිථුන ලග්නය:- (ස්ථාන වෙනසක්)

මිථුන ලග්න හිමියන්ට කලින් වසර 2 1/2 ට වඩා ශුභ කාල සීමාවක් ලෙස මෙවර 9 වැන්නා වූ කුම්භ රාශියට සෙනසුරුගේ ගෝචර ගමන පෙන්වා දිය හැක. වැඩ ස්ථානයේ වෙනසක් පදිංචියේ වෙනසක් සිදුවිය හැකිය. ධන ලාභ ලැබුණත් එය වහා නැතිවේ. සතුරන් ඊර්ෂ්‍යාකාරයන් ඇතිවේ. පපුවේ වේදනා ඇතිවීමට ඉඩ ඇත. තමා කරගෙන ආ කටයුතුවලට බාධා පැමිණේ. මේ කාලයේ දෙවිදියකට ලාභ ප්‍රයෝජන ලැබෙන්නට පුළුවන. හිතවතුන්ගෙන් උපකාර ද ලැබේ. දේව භක්තිය වැඩිවේ. දෙවියන් ඇදහීමේ කටයුතුවල යෙදෙනවා ඇත. තිබුණු හොඳ නාමය නැතිවේ. වියදම් අධික වේ. තිබුණු මුදල් ප්‍රමාණය අඩුවේ. දුරගමන් යෑමට සිදුවේ. විභාගවලින්, නඩුහබවලින් වාද විවාදවලින් පරාජයට පත්වේ.

උපතේ දී සඳු 4, 7, 11 සිටි මිථුන ලග්න හිමියන්ට අශුභපල යටපත් කර ශුභපල උදාකරයි.

කටක ලග්නය:- (ගමන් අධික වේ)

උපතේ දී සඳු ග්‍රහයා 3, 6, 10 සිටි අයට පමණක් මෙවර සෙනසුරු මාරුව ශුභ පල උදාකරයි. අනෙකුත් අයට රාජ දඬුවම් පවා ලැබෙන්නට පුළුවනි. 8 වැන්න යනු මාරක ස්ථානයයි. වාසනාවකට මෙවර ශනි එන්නේ 8 වැන්නට වුවත් එම රාශිය ශනිට අයත් කුම්භ රාශිය බැවින් තදබල විපත් කරදර ඇති නොවේ. උපතේ දී ශනි 8 වැන්නේ සිටි අයට මෙවර ශනි මාරුව මාරක නොවේ. මේ අවස්ථාවේ ශනි මහා දසා, අතුරු දසා, විද්‍යා ගතකරන අයට පමණක් තරමක් දුරට අසුභ තත්වයන් ඇති කරයි. වයසක අයට අර්ශස් රෝග ඇතිවිය හැක. හවුල් ව්‍යාපාරවලින් පාඩු ඇතිවේ. සිතේ තිබුණු බලාපොරොත්තු කඩ වේ. තම තත්වය නරක අතට පෙරලේ. මිතුරන් සතුරු වේ. නඩුහබවලට පැටලීමට ඉඩ ඇත. වෙහෙස ඇති ගමන් බිමන් යෑමට සිදුවේ.

සිංහ ලග්නය:- (වියදම් අධික කරයි)

සිංහ ලග්න හිමියන්ගේ මෙවර සෙනසුරුගේ පැමිණීම 7 වැන්න වේ. උපතේ දී සඳු, 2, 5, 9 වැන්නේ සිටි අයට පමණක් මෙම සෙනසුරු මාරුව සුබවේ. අනෙකුත් අයට නිතර ගමන් බිමන් ඇතිවීම නිසා කරගෙන යන කටයුතුවලට බාධා හා ප්‍රමාද වීම් ඇතිවේ. විවාහ වූ අයට භාර්යාවගෙන් හෝ ස්වාමි පුරුෂයාගෙන් වෙන් වීමට සිදුවේ. ශරීර ශක්තිය අඩු වේ. හිරිවාත අජීර්ණ රෝගවලට ඉඩ තිබේ. වෙහෙස ඇති දුර ගමන් යාමට ඉඩ තිබේ. වියදම් අධික කරයි. දෝෂාරෝපණවලට නතු වේ. නඩු හබ ඇති වේ. සතුරන් ඇතිවේ.

කන්‍යා:- (දියුණුවට කටයුතු සැලසේ)

මෙවර කන්‍යා ලග්න හිමියන්ගේ සෙනසුරු පැමිණීම සිදුවන්නේ 6 වැන්නට බැවින් බොහෝ සුබපල ඇතිකරයි. සතුරන්ගෙන් ජය ලැබේ. සතුරන් පරාජය වේ. අසනීපයෙන් සිටියා නම් වහා සුවය ලැබේ. මංගල යෝග උදාකරයි. දේපල දියුණුව ඇති වේ. දියුණුවට කටයුතු සැලසේ. වාසනාවන්ත ප්‍රීතිමත් කාලයකි. සැපවත් වේ. ධන ලාභ ලැබේ. ණය තුරුස්වලින් නිදහස හෝ ණය ගනුදෙනුවලින් ලාභයක් ඇතිවේ. කරන කියන සෑම කටයුත්තකින්ම ලාභ හා දියුණුව ඇති වේ. ආදායම වැඩිවේ. වෙළෙඳ ව්‍යාපාරවලින් ලාභ ලැබේ. නම හොඳ වේ. සමාජයෙහි ප්‍රසිද්ධ වේ. සිත් ප්‍රීතියට හේතු වන වස්තු ලැබේ. නිතර හිතවතුන් සමග ගමන් බිමන් යෑමට පහසුකම් සැලසේ.

උපතේ දී සඳු, 5, 6, 7, 11 වැන්නේ සිටි අයට පමණක් තවදුරටත් මානසික පීඩනය ඇති කරයි. සෙනසුරු මහ දසා, අතුරු දසා, විද්‍යා ගත නොකරන්නේ නම් එම තත්ත්වය පහව යයි.

තුලා ලග්නය:- (අධික වියදම්)

බලාපොරොත්තු අදහස් ද අනුන් සමඟ වූ පොරොන්දු ගිවිසුම් ද වෙනස් වේ. පහසුවෙන් බේරුමක් කර ගැනීමට තිබුණු අවුල් වියවුල් ආදිය පිළිබඳව ලොකු කරදරවලට ද පැටලිලිවලට ද පත්වේ. කරදර සහිතය. ඇවිදිලි වැඩි වේ. බඬේ අමාරු ඇතිවේ. සිතට කනගාටුදායක කාලයකි. පවුලෙන්, අඹුදරුවන්ගෙන් සුළු කාලයකට වෙන්වීමට සිදුවේ. අධික වියදම් සහිතය. මුදල් හානි වේ. ලැබීම ද අඩු වේ. සිතට භය ඇතිවන කාලයකි. උපතේ දී සඳු 12, 3, 7 වැන්නේ සිටි අයට අශුභ පල යටපත් කොට සුබපල උදාකරයි.

වෘශ්චික ලග්නය:- (ගෙවල් ඉඩම් හිමිවේ)

වෘශ්චික ලග්න හිමියන්ගේ සෙනසුරුගේ පැමිණීම සිදුවන්නේ 4 වැන්න වූ ශනිගේම රාශියකට බැවින් මේ කාලය වාසනාවන්ත වේ. ගෙවල් ඉඩම් හිමි වේ. දියුණුවට යම් යම් කටයුතු පටන් ගැනීමට සිදුවේ. ස්ථිර වැඩපිළිවෙළක් උදාවේ. මාරක අපල ඇති නොවේ. භූමි වාසනා හිමිවේ. ගල් පස් විකිණීමෙන් ද ලී බඩු විකිණීමෙන් ද ලාභ ලැබෙන කාලයකි. 4 වැන්නට පැමිණි සෙනසුරු 10 වැන්නට දෘෂ්ටි හෙලන බැවින් රැකියාවේ උසස්වීම් දියුණුව ඇති වේ. ව්‍යාපාර දියුණුව ඇතිවේ. දේශපාලනය කරන වෘශ්චික ලග්න හිමියන්ගේ බලය වැඩි වේ. පීඩිත පන්තියේ ජනතාවගේ ආදරයට කරුණාවට ලක් වේ. මැතිවරණ ජයග්‍රහණ ඇතිවේ. අලු‍ත් බලාපොරොත්තුවලින් සිත් ප්‍රීතිය ඇතිවේ.

ධනු ලග්නය:- (ධන ලාභ ලැබේ)

ධන ලාභ ලැබේ. සිත ප්‍රීතිමත් කාලයකි. දියුණුව ඇතිවේ. තත්ත්වය උසස් වේ. සතුරන්ගෙන් ජය ලැබේ. තම බලය වැඩි වේ. දේපොළ ලාබ ලැබේ. අයිතිවාසිකම් ලැබේ. උසස් අය හා ආශ්‍රය ඇතිවේ. උසස් අයගෙන් උපකාර ද ලැබේ. වාසනාවන්ත කාලයකි. ලොකු ලාභ පවා ලැබෙන්නට ඉඩ තිබේ. නම හොඳ වේ. නම්බුව ලැබේ. රැකී රක්ෂාවෙන් උසස් වේ. සමාජයෙහි තම තත්ත්වය ඉහළ යයි. ආදායම වැඩි වේ. අලු‍ත් මිතුරන් ඇතිවේ. භූමි වාසනා හිමිවේ. ඥානය වැඩිදියුණු වේ. වරදෙන් නිදහස ලැබේ. නින්දාවෙන් බේරේ. ගමන් හෝ ජන්ම භූමියට යෑමට ලැබේ. ගෙවල් මිල දී ගැනීමට ලැබේ. උත්සාහයේ තරමට ප්‍රතිඵල හිමිවේ. මිත්‍ර සංගම් ඇතිවේ. ගෙවල් ඉඩම් කුඹුරු ලැබෙන කාලයකි.

මකර:- (ධන හානි ඇතිවේ)

හදිසි අනතුරු විපත්ති ඇතිවේ. ධන හානි වේ. අනුන්ගෙන් යැපෙන්නට ලැබේ. අනුන්ගෙන් ධනය ලැබේ. අධික වියදම් ඇතිවේ. මුදල් රැක්‍ෂෙන්නේ නැති කාලයකි. ශරීරය දුර්වල වේ. දත්මුල් දියවේ. දත් සෙලවෙන්නට පටන් ගනී. නිකරුනේ ඇවිද්දවයි. රැවටිලා වංචාවලට හසුවේ. හිතවත් ඥාතියෙකුගේ මරණය ද නියමයි. චෝදනා නින්දා අපහාස ලැබෙන්නට ඉඩ තිබෙන බැවින් බුද්ධිමත්ව කටයුතු කළ යුතු කාලයකි. උපතේ දී සඳු ග්‍රහයා 4, 9, 12 සිටි අයට මෙම තත්වය මඟ හැරී ශුභපල ගෙන දෙයි.

කුම්භ:- (සිතට විවේකයක් නොමැත)

කුම්භ ලග්න හිමියන්ගේ සෙනසුරු ග්‍රහයා මෙවර පැමිණෙන්නේ ලග්නයටයි. කලින් සිටිය තත්වයට වඩා ශුභ තත්වයක් උදාවේ. හදිසි ධන ලාභ ඇති කරයි. ලොතරැයි වාසනා හිමිවීමට ඉඩ තිබේ. උපතේ දී සඳු 3, 8 සිටි අයට පමණක් මෙම තත්ත්වය උදා වේ. ස්ත්‍රී පක්ෂයේ කෙනෙකුට අපලදායක කාලයකි. දේපල පිළිබඳ ප්‍රශ්න ඇතිවේ. මුහුණේ ලප මතු වේ.

සෙනසුරු ග්‍රහයා උපතේ දී මකර, කුම්භ, තුලා යන රාශිවල සිටි අයට ශනි ලග්නයේ ගමන් කරන විට තදබල අපල ඇති නොවේ. තද ලෙස රාගාධික අදහස් මතුවේ. මවට පියාට මරණය ඇති කරයි. නිතර ඇවිදිලි ඇතිවේ. අඹුදරුවන්ගෙන් කරදර ඇතිවේ. සඳු ග්‍රහයා 12, 1, 2, 6 වැන්නේ සිටි අයට නම් මෙම සෙනසුරු මාරුව කිසිසේත් ශුභදායක නොවේ.

මීන ලග්නය:- (බලාපොරොත්තු සුන්වේ)

මීන ලග්න හිමියන්ගේ මෙවර සෙනසුරුගේ පැමිණීම සිදුවන්නේ 12 වැන්නට බැවින් ලග්න 12 න් නරකම ප්‍රතිඵල ගෙන දෙන්නේ මීන ලග්නයට වේ. කතෘගේ අත්දැකීම අනුව මාරක අනතුරු, හදිසි අනතුරු, හදිසි රෝගාබාධා මතුවෙන කාලයකි. ධන හානි ඇති වේ. සිත් තැවුල් ඇතිවේ. මවට පියාට ද මාරක අපල ඇතිවේ.

විභාගවලින් පරාජය වේ. නින්දාවට භාජනය වේ. හදිසි අනතුරුවලින් ප්‍රවේසම් විය යුතුයි. සෙනසුරුගේ මහ දසා, අතුරු දසා, විදසා තිබෙන අයට මෙම තදබල අපල තත්ත්වය ඇති වුවද අනෙකුත් මහා දසා ගත කරන අයට එතරම් විපත් කරදර ඇති නොවේ.

සෙනසුරු ග්‍රහයාගේ තදබල අපල තිබෙන අය නුග වෘක්ෂයට තලතෙල් වලින් පහන් දල්වා නවගුණ ශාන්තිය සජ්ඣායනය කිරීම, කාක නිල් හෝ නිල් මැණික් රිදියෙන් පැළඳීම, කපුටන්ට ශනි දිනවල එලඟිතෙල් මිශ්‍ර කිරිබත් කෑමට තැබීම, මහලු‍ අයට තල, කොල්ලු‍ දන්දීම, නිල් රෙදි දන්දීම, කිරි අම්මාවරුන්ට කිරි දාන දීම, මෘතුංජය යන්ත්‍ර පැළඳීම ඍෂිවරයන් වහන්සේලා නිර්දේශ කර ඇති ශාන්තිකර්ම වේ.


විශ්ව අභිමානි, විශ්ව කීර්ති,
කලාකීර්ති, ජ්‍යොතිෂ විශාරද
සම්මානනීය ආචාර්ය
විජිත රෝහණ



අදහස් (0)

​සෙනසුරු මාරුව ඔබට කොහොමද?

ඔබේ අදහස් එවන්න

Iranama

කේන්දරයක් හදන්න ඉගෙන ගනිමු
2023 මාර්තු මස 14 0 0

කේන්දරයක් සාදන්නට දැනගත් පමණින් හෝ ග්‍රහයන් පිහිටුවීමට දැනගත් පමණින් හෝ කෙනෙකු ජ්‍යෝතිෂවේදියකු වන්නේ නැත. කෙනෙකුගේ කේන්දරය සාදා එය නිවැරදිව විග්‍ර


​සෙනසුරු මාරුව ඔබට කොහොමද?
2023 මාර්තු මස 06 0 0

ග්‍රහලෝකයට අයිති අන්‍ය සෑම තරුවකටම වඩා බරපතළ වෙනස්කම් සෙනසුරාට තිබේ. එනම් තෙතමනය අඩුකමයි. දියෙහි දැම්මොත් දියපිට මතුවෙයි. අනෙක් සෑම තරුවක්ම දියේ කික්


උදාවන වසර ඔබට-රටට
2023 ජනවාරි මස 10 2 0


ඕස්ට්‍රේලියාවේ පතලකින් මහා පරිමාණයේ රත්‍රන් කුට්ටි දෙකක් හමුවේ
2018 සැප්තැම්බර් මස 10 55 0

ඕස්ට්‍රේලියාවේ බටහිර දිග පතලකින් මහා පරිමාණයේ රත්‍රන් කුට්ටි දෙකක් හමුවී ඇතැයි වාර්තා වේ. මෙයින් විශාල රත්‍රන් කුට්ටිය කිලෝ ග්‍රෑම් 95ක් බරින් යුතු බව


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site