IMG-LOGO

2024 මැයි මස 16 වන බ්‍රහස්පතින්දා


සුදුහඳුන් හොරාට ගෙනියන්න බැරි වේ

(පුෂ්පකුමාර මල්ලවආරච්චි සහ ඉන්දිකා රාමනායක) රුපියල් ලක්ෂ 04 කට අධික වටිනාකමක් ඇති ඉතාමත් දුර්ලබ සුදු හඳුන් දැව කැබලි තොගයක් සමඟ පුද්ගලයකු අම්පාර දෙකේ කණුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි. විශේෂ කාර්ය බලකාය අක්කරපත්තුව කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව මෙම වැටලීම කෙරිණි. අම්පාර පොලිස් වසමේ අම්පාර - නුවර පාරේ දෙකේ , කණුව ත්‍රීරෝද රියක් පරීක්ෂාවට ලක් කිරීමේදී එහි තිබී සුදු හදුන් දැව කැබලි කිලෝ ග්‍රෑම් 17 ක් හමුවූ බව විශේෂ කාර්ය බලකාය කියයි. මෙම සුදු හදුන් කැබලි ප්‍රවාහනය කරමින් සිටි වයස අවුරුදු 80 ක් වන උහන ගොනාගෙල්ල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයා අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා අම්පාර අඩවි වන කාර්යාලය වෙත භාර දී ඇත. අත්අඩංගුවට ගන්නා ලද සුදු හඳුන් දැව වල වටිනාකම රුපියල් ලක්ෂ 04 කට අධික ව බවට ගනන් බලා ඇත. පොලිස් විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි කලාප අණදෙන නිලධාරී මොණරාගල පොලිස් අධිකාරී ඒ.ඩී.ඩී. නෙත්තසිංහ මහතාගේ මග පෙන්වීම හා සහකාර පොලිස් අධිකාරී එස්.ඩී. බන්දුසිරි මහතාගේ අධීක්ෂණය මත විශේෂ කාර්ය බලකාය අක්කරපත්තුව කඳවුරේ දෙවන කඳවුරු අණදෙන නිලධාරී පොලිස් පරීක්ෂක ඩී.පී.ඩී.පී. දන්දෙණිය ඇතුළු නිලධාරීන්මෙම වැටලීම කරනු ලැබීය.



අදහස් (0)

සුදුහඳුන් හොරාට ගෙනියන්න බැරි වේ

sharm warn Thursday, 01 December 2022 01:56 PM

අපො. . ලක්ශ හතරක් කියන්නෙ මහ ලොකු වටිනකමක් ද? මෙ බිලියන් වලින් මන්කොල්ල කන පලකයො ඉන්න රටක්. . ලක්ශ හතර කටේ දාන්නත් මදි. . මෙව්ව වලට පුවත් ලියනවටත් පාඩුයි. . ලියන්නකො ඔය මත් දුව්‍ය ගෙන්වන්නගෙ පිටිපස්සෙ ඉන්න පලවෙනි පෙලෙ උදවිය ගැන.. අපි බලන් ඉන්නෙ මාද්‍යවේදීන් කවදද එව්ව හෙලි කරන්නෙ කියල.. ලක්ශ හතරක්. . අයියො පව්.. .

:       1       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අධික ශීත කාලගුණයෙන් ඇෆ්ගනිස්ථානයේ 124ක් මරුට
2023 ජනවාරි මස 25 12 0

ඇෆ්ගනිස්ථානයේ අධික ශීත කාලගුණය හේතුවෙන් පුද්ගලයන් 124 දෙනකු මියගොස් ඇතැයි තලෙයිබාන් බලධාරීන් ප්‍රකාශ කර ඇත.


ඡන්දයකට සූදානම් වන්න
2023 ජනවාරි මස 25 4 0

ඡන්දයකට සූදානම් වන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයට අද (24) දැනුම් දුන්නේය.


මාල තුනයි 7500යි දිවි ඇති තෙක් හිරේ යැවේ
2023 ජනවාරි මස 19 88 1

කාන්තාවන්ගේ රන්මාල තුනක් සහ රුපියල් 7500/-ක් කොල්ලකෑමේ චෝදනාවන්ට වරදකරුවන් වු දෙදෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා ජිවීතාන්තය දක්වා වු ස


එළොව පොල් පෙනෙන පොල් මිල
2023 ජනවාරි මස 17 98 0

වෙළඳපොලේ පොල් ගෙඩියක මිළ සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති


සීතාවක ඔඩිසි’ ගමන අරඹයි
2023 ජනවාරි මස 17 141 0

සංචාරක කර්මාන්ත දියුණු කිරීමේ අරමුණින් දුම්රිය දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කරන ‘සීතාවක ඔඩිසි’ විශේෂ දුම්රිය අද (15) පෙරවරුවේ කොළඹ කොටුව සිට ගමන් ආරම්භ


පාර්ලිමේන්තුවත් ප්‍රතිඥා දී වැඩ අරඹයි
2023 ජනවාරි මස 05 194 0

2023 වසර සඳහා රාජ්‍ය නිලධාරීන් ප්‍රතිඥා දිවුරුම් දීමේ වැඩසටහනට පාර්ලිමේන්තු සංකීරණයේදී අද (02) පෙරවරුවේ පැවැත්විණි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site