IMG-LOGO

2024 මැයි මස 21 වන අඟහරුවාදා


‘ජනතාවගේ ජීවිත දෙවියන්ට භාර දෙන තරමට ආණ්ඩුව අසරණ වෙලා‘

(නිමල කොඩිතුවක්කු)

කොරෝනා වසංගතයේ සීඝ්‍ර ව්‍යාප්තිය හමුවේ ජන ජීවිත ආරක්ෂා කර ගැනීමට රට වසා දැමීමට විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීනයන් උපදෙස් ලබා දෙද්දී රට වසා දැමීමට ආණ්ඩුව පියවර නොගන්නේ ඇයි දැයි විපක්ෂය ප්‍රශ්න කර සිටින බව සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා කොළඹදී අද (11) පැවසීය.

දෙවියන්ට රට සහ ජන ජීවිත භාර දෙන තරමට ආණ්ඩුව අසමත්ව ඇතැයි ද මහ ලේකම්වරයා සඳහන් කළේය. ආර්ථිකය ද ජනතාවගේ ජීවිත ද කියා ආණ්ඩුව කඩිනමින් තීන්දුවක් ගත යුතුව ඇතැයිද කොළඹ මාක්ස් ප්‍රනාන්දු මාවතේ පිහිටි විපක්ෂනායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු පැවසීය.

ගජ මිතුරන්ට බිලියන ගණන් සහන දී රටේ ආර්ථිකය විනාශ කළ ආණ්ඩුව අද ජනතාවගේ ජීවිත විනාශ කරමින් සිටින බවත් මහ ලේකම්වරයා එහිදී සඳහන් කළේය.

උද්දච්ච කම සහ තම දේශපාලන අරමුණු පසෙක තබා කෝවිඩ් වසංගතය සම්බන්ධයෙන් තීරණ ගැනීමේ අයිතිය දැන්වත් වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය ප්‍රවීණයන්ට ලබා දෙන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවද මහලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.

 



අදහස් (17)

‘ජනතාවගේ ජීවිත දෙවියන්ට භාර දෙන තරමට ආණ්ඩුව අසරණ වෙලා‘

මුණසිංහ Wednesday, 11 August 2021 03:13 PM

පාර්ලිමේන්තුවේ ⁣"කාලකණ්නි" කොටසක් ඉන්නව මාතෘකා සපයන.

:       126       362

Raveendra Wednesday, 11 August 2021 03:14 PM

ඔව් ඔව් අපිත් මේ කරුමෙටම විපක්ෂෙ පට්ටියට ගාල් වුනානේ අවාසනාවට.. නැත්නම් අපි කරන හැටි පෙන්නනවා හොදේ.....

:       134       469

ගමේ එකාලා Wednesday, 11 August 2021 03:25 PM

සවුබාග්‍යයේ දැක්ම කෙසේ වෙතත් කොරෝනා දැක්ම රට පුරාවටම .

:       275       265

ChandimA Wednesday, 11 August 2021 03:59 PM

මේ අයට උගන්නලා තියෙන්නේ හමුදාවේ වෘත්තීය සමිති නැතිනිසා වැඩේ බකල් කරවන්න විදිහක් නැතිව... අර ඕන ගොනෙකුට යුද්ධ කරන්න පුළුවන් කියපු කණ්ඩායමේ... කට්ටියනේ..!!! මේ අයට ඔනේ මේ රටේ මිනිස්සු වසංගතයෙන් බේරගන්න නෙමෙයි.., එකා පිට එකා මැරෙන්න ඇරලා ඒක පෙන්නලා ඡන්දෙ ගන්න.

:       426       530

NuwanWednesday, 11 August 2021 05:21 PM

විපක්ෂය ගැන කතා කරලා වැඩක් නැහැ.

:       8       27

SL Wednesday, 11 August 2021 05:44 PM

මේ මිනිස්සු යුද්ධය කාලේ අලිමංකඩ-පාමංකඩ කියකිය ඉඳලා එ්කට කිසිම සහායක් දෙන්නේ නැතිව ජනතා අප්‍රසාදයට ලක්වුණා. මේ පාර කොවිඩ් රැල්ලත් එක්ක කලේ උද්ඝෝෂණ, පිකටින්, දෙන්න බැරි ඉල්ලීම් කරන එක. කිසිම දවසක, මෙයා මෙයාගේ බාප්පලා එකතුවෙලා මිනිස්සුන්ට මාස්ක් එකක් දාන්නවත් කියලා ඉල්ලීමක් නැහැ. මොන දේශපාලකයින්ද මන්දා...!!!

:       53       167

HARAMANISSunday, 15 August 2021 09:03 PM

මේ අයට ඕනෑ බලය ගන්න මිසක් ජනතාවට ආදරේට නොවෙයි. නැතිනම් මේ වෙලාවේ ස්ට්‍රයික් කරන මිනිස්සුන්ට උදව් කරයිද රටට ආදරේනම්..?

:       1       34

ChinthakaTuesday, 17 August 2021 03:33 PM

ඔබතුමාගේ කතාව හරියට හරි... ඕක තමයි වෙලා තියෙන්නේ.

:       0       5

Demuni Uduwara Wednesday, 11 August 2021 06:11 PM

ජාතික රජයක් පිහිටුවමු...

:       78       1

Kasun Wednesday, 11 August 2021 06:11 PM

ගොන්කතා කියන්න එපා මහත්තයෝ...

:       5       127

යාපා Wednesday, 11 August 2021 06:11 PM

තමන්ගේ හෙන්චයියලා දම්මලා රට පුරා උද්ඝෝෂණ කරලා ඩෙල්ටා පතුරපු තමුන්ලගේ කාලකණ්ණි කමට ආණ්ඩුව මොනවා කරන්නද?

:       170       348

NuwanWednesday, 11 August 2021 06:37 PM

රුසියාවෙන් බුල්ටෝ ගෙනත් තියෙනවා ලගදිම හම්බවෙයි

:       2       2

සමිත සේනක අලුත්ගමගේ. Wednesday, 11 August 2021 06:17 PM

මියගිය විපක්ෂයට බැන වදින එක නවත්වලා ජනතාව ඡන්දේ දීලා දිනවල සියලු සැප සම්පත් ලබාදීලා පත්කර ගත් ආණ්ඩුවට එරෙහිව බලපෑම් කිරීමට උගතුන්ට නුවණ පෑදෙන්නේ නම් මැනවි...

:       127       11

chandima Friday, 13 August 2021 05:01 PM

මාධ්‍ය වලට ප්‍රකාශ නිකුත් කරන ප්‍රවීනයින්ට අමතරව එසේ ප්‍රකාශ නිකුත්කර ප්‍රවීනයින් ලෙස ප්‍රචාරයක් නොලබන ප්‍රවීණයිනුත් සිටිනවා.. ඒ නිසා මාධ්‍යවලින් කෑ ගහන්න ප්‍රවීණයින් කියන දේම හරි කියා පිළිගත යුතු නැහැ..

:       0       103

Bamunuarachchi Monday, 16 August 2021 11:50 AM

හලෝ වෛද්‍ය විශේෂඥ කියන නමින්ම තේරෙනවා නේද ඒගොල්ලෝ බලන්නේ සෞඛ්‍ය පැත්ත විතරක් කියල. ඔතනට ආරක්ෂක විශේෂඥයින්ටත් අදාළ නම් කියයි ආරක්ෂාව නිසා බ්ලේඩ් එකක්වත් සාක්කුවේ දාගෙන යන්න එපැයි කියලා . නමුත් පාලයකයා සෞඛ්‍ය පැත්ත, ආරක්ෂාව, ආරථිකය, මෙකී නොකී හැම එකක්ම බලන්න ඕනේ. රට වහල යතුර ගන්න කලින් කියනවා අපිට ජීවත් වෙන්න බැහැ රට අරින්න කියලා. ඒ නිසා හොඳම දේ තමයි තමන් පරිස්සම් වෙන එක.. ඕගොල්ලන්ගේ බොසාම නේද කිව්වේ තමන්ගේ ආරක්ෂාව තමන්ම සලසා ගන්න කියලා. ඌරාගේ මාළු ඌරගේ ඇඟේ තියලා කපනවා කියලා හිතන්න එපා. හිතුවත් කමක් නැහැ.

:       2       31

fairoos Wednesday, 18 August 2021 12:52 PM

මෙච්චර වෙලත් හැම එකක්ම දේශපාලන ඇසින් බලන වහල්ලු ඉන්නකම් රට හදන්න බෑ

:       2       0

Senarath Tuesday, 31 August 2021 09:31 AM

ඔයාලා බාරදුන්නේ සහරාන්ටනේ... නේද?

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අධික ශීත කාලගුණයෙන් ඇෆ්ගනිස්ථානයේ 124ක් මරුට
2023 ජනවාරි මස 25 12 0

ඇෆ්ගනිස්ථානයේ අධික ශීත කාලගුණය හේතුවෙන් පුද්ගලයන් 124 දෙනකු මියගොස් ඇතැයි තලෙයිබාන් බලධාරීන් ප්‍රකාශ කර ඇත.


ඡන්දයකට සූදානම් වන්න
2023 ජනවාරි මස 25 4 0

ඡන්දයකට සූදානම් වන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයට අද (24) දැනුම් දුන්නේය.


මාල තුනයි 7500යි දිවි ඇති තෙක් හිරේ යැවේ
2023 ජනවාරි මස 19 88 1

කාන්තාවන්ගේ රන්මාල තුනක් සහ රුපියල් 7500/-ක් කොල්ලකෑමේ චෝදනාවන්ට වරදකරුවන් වු දෙදෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා ජිවීතාන්තය දක්වා වු ස


එළොව පොල් පෙනෙන පොල් මිල
2023 ජනවාරි මස 17 98 0

වෙළඳපොලේ පොල් ගෙඩියක මිළ සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති


සීතාවක ඔඩිසි’ ගමන අරඹයි
2023 ජනවාරි මස 17 141 0

සංචාරක කර්මාන්ත දියුණු කිරීමේ අරමුණින් දුම්රිය දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කරන ‘සීතාවක ඔඩිසි’ විශේෂ දුම්රිය අද (15) පෙරවරුවේ කොළඹ කොටුව සිට ගමන් ආරම්භ


පාර්ලිමේන්තුවත් ප්‍රතිඥා දී වැඩ අරඹයි
2023 ජනවාරි මස 05 194 0

2023 වසර සඳහා රාජ්‍ය නිලධාරීන් ප්‍රතිඥා දිවුරුම් දීමේ වැඩසටහනට පාර්ලිමේන්තු සංකීරණයේදී අද (02) පෙරවරුවේ පැවැත්විණි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site