IMG-LOGO

2024 මැයි මස 17 වන සිකුරාදා


‘රටේ විකල්ප බලවේග බිහිවීම වළක්වන්න බෑ’

(සුජිත් හේවාජුලිගේ )

ආණ්ඩුවේ ආර්ථික උපාය මාර්ග  අසාර්ථක බවත්   මේ ආකාරයට   ගියහොත් රටේ   විකල්ප බලවේගයක්  බිහිවීම වැළැක්විය නොහැකි බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ   කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන  යාපා මහතා පැවැසීය.

ආණ්ඩුව කරන කිසිම දෙයක් ජනතාව නොදන්නවා සේම  ඇමැතිවරුන් කියන කිසිම දෙයක් අද   ජනතාව විශ්වාස නොකරන බව  පැවසූ මන්ත්‍රීවරයා ඇමැති මණ්ඩලය සම්පූර්ණයෙන්ම අසාර්ථක බවද  ප්‍රකාශ කළේය.

රටේ විශාල ආර්ථික අර්බුදයක් නිර්මාණයවී පෝලිම් යුගයක් නිර්මාණයවී තිබෙන බවද  හෙතෙම සඳහන් කළේය.

ප්‍රජාතන්ත්‍රවාදී රටක් පාලනය කළ යුත්තේ  ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයට බව පැවසූ ප්‍රියදර්ශන මහතා  ජනතාවගේ මූලික අත්‍යවශ්‍ය භාණ්ඩ  මේ ආකාරයට දිගින් දිගටම  අහස උසට  නගිද්දී රටක් පාලනය කිරීම  දුෂ්කර වනු ඇතැයිද පැවසුවේය.

ආණ්ඩුව මේ යන්න හදන්නේ කොතැනකටද දැයි    තවමත් බලා සිටින බවත් පවතින තත්ත්ව යටතේ  මේ ආණ්ඩුවේ  ඇමැති තනතුරක් බාර ගැනීමට  කිසිම අදහසක්  තමාට නැති බවත්  අනුර ප්‍රියදර්ශන යාපා මහතා කීවේය . 

 



අදහස් (18)

‘රටේ විකල්ප බලවේග බිහිවීම වළක්වන්න බෑ’

Soma dubayi Saturday, 06 November 2021 04:24 PM

ආණ්ඩුව අසාර්ථක නෑ ඇමැතිතුමා... ජනතාවට ඔය කියන තරම් ප්‍රශ්න නැහැ.

:       112       14

sisilSaturday, 06 November 2021 10:07 PM

රටේ බලය සජිත්ට ලබාදෙමු.

:       15       8

අනුර Sunday, 07 November 2021 06:27 AM

සෝමා කියන්නේ ඩුබායි ආණ්ඩුව ගැනද?

:       1       16

sujeewa Saturday, 06 November 2021 05:45 PM

ලෝකයේම පවතින වසංගත හා ආර්ථික තත්වය හමුවේ මෙහි සත්‍යයක් ඇතත් දේශපාලන වාසි සඳහා මිස සීනි වැඩියි, හාල් වැඩියි කියලා කට්ටියක් කෑ ගැහුවාට සල්ලි නැති මිනිස්සු කොච්චර ඉන්නවද කියලා බලන්න නම් බාර් එකක් ළඟට යන්නම වෙනවා..

:       68       27

Pitigala milano Saturday, 06 November 2021 05:47 PM

විකල්ප බලවේග අපිට අවශ්‍ය නැහැ.. ජනාධිපතිතුමාගේ වැඩ පිළිවෙළ හොඳයි...

:       111       27

දාස Saturday, 06 November 2021 06:14 PM

ඔගොල්ලො ඔක්කොම එක වල්ලෙ පොල් කියල මිනිස්සු දන්නවා. ඒ හින්ද කටවහ ගෙන ඉන්න එක ඇගට ගුනයි.

:       4       19

de silva Saturday, 06 November 2021 07:42 PM

බය වෙන්න එපා හරක් ඉන්න රටක කවදාවත් සිංහයෙක් රජ වෙන්නේ නැහැ.

:       2       19

BamunuarachchiSunday, 28 November 2021 10:54 AM

සිංහයින් ඉන්න රටක හරකෙක් රජවෙන්න ගිහිල්ලා අන්න පැරදිලා පැත්තකට වෙලා ඉන්නවා... ජෙප්පෝ හයිනෝ වෙලා කුණුමස් හොය හොයා ඉන්නවා...

:       11       2

gunarathna Saturday, 06 November 2021 08:32 PM

මට පේන විදිහට මේ ප්‍රතිචාර 03ම දාලා තියෙන්නේ එකම පුද්ගලයෙක්... එකම අදහසක් තියෙන්නේ. නමුත් මේ කතාවේ ඇත්තක් තියෙනවා. කන්න නැහැ... බොන්න නැහැ.. බඩුමිල අහස උසට කියපු අය රට ඇරියා විතරයි නටන නැටිල්ල පේනවා නේද? මුහුදු වෙරළේ, පාක්වල, මල්වතුවල සෙනග පිරිලා...

:       8       5

විපරමා Saturday, 06 November 2021 08:39 PM

බලයට කෑදරව පාලකයින් කළ හදිය. රටේ විනාසෙට මුල්වූ බව කිව යුතුය. දවසින් දවස පත්වෙන විට රට අඩිය. රට කෑ උන්ට හෙන ගැහුවත් මදිය.

:       7       43

ගමේ එකාලා Saturday, 06 November 2021 09:20 PM

ආණ්ඩුවට විරුද්ධව උද්ගෝෂණ කරන කොට මෙතුමා ඇන්ග බේරගන්ඩ වගේ හදන්නේ .කොහොමද ටිකිරි මොලේ .අපි නොදන්න දේසපාලුවෝ ?

:       0       10

Perera Sunday, 07 November 2021 03:43 AM

විකල්ප බලවේග හදන්නේ ආණ්ඩුවෙන්මයි.

:       1       8

sunil Sunday, 07 November 2021 07:33 AM

ඔයාටත් ඇමැති කමක් ලැබුණානම් ඔය අසාර්ථක ගොඩේ බැනුම් අහ අහ වරප්‍රසාද විඳිමින් ඉන්නවා. හෘද සාක්ෂියට අනුව කතා කරන්නේ කීයෙන් කීයද ?

:       0       9

FAIROOS Sunday, 07 November 2021 12:36 PM

ඔබතුමාත් මේවාට වගකියන්න ඕනෑ.. මේ වගේ වහල්ලු ඉන්නකම් රට හදන්න බෑ..

:       0       12

BamunuarachchiSunday, 28 November 2021 10:51 AM

හම්බයින් ඉන්න කාලේ රට කාලා දැන් වහල්ලු ගැන කතා කරනවා... හම්බයින් එළවා ගත්තොත් රට නොහැදුණත් කමක් නැහැ. ලෝකේ හම්බයින් ගිය සෑම රටක්ම විනාශයි...

:       6       2

de silva Sunday, 21 November 2021 08:47 AM

එහෙම වෙන්නේ නැහැ ,ඔබතුමා ඇතුළු පොහොට්ටුවේ අනුග්‍රහයෙන් රටේ බිහි වුන වලි කාරයන්,කුඩු කාරයන් ,එතනෝල් ගංජා කාරයන්ගෙන් සමන්විත විශාල පාදඩ ජාලයක් රටේ පවතිනවා .චන්දයක් ලංවුණා ගමන් ඔවුන් ක්‍රියාත්මක වෙනවා .අරක්කු බාගෙට ,බත් පැකට් එකට ප්‍රාඩෝ එකේ චන්දපලට ප්‍රවාහනය කිරීම වැනි දේවල් වලට චන්දේ දෙන බයියෝ විශාල ප්‍රමාණයක් රටේ ඉන්නවා

:       1       9

chandima Sunday, 28 November 2021 07:51 PM

විකල්ප බලවේග කියන්නේ ඇමැතිතුමා හැමතැනම වැහි වැහැලා. දැන් බලන්න ඔබතුමා වෙනුවට ජොනී විකල්ප බලවේගයක් විදිහට පෙරට ආපු හැටි...

:       1       2

de silva Thursday, 02 December 2021 07:54 AM

ජොනී පෙරට, ඔබ ගෙදරට... ඔබත් හෙමිහිට ඔය කියන විකල්ප බලවේගයක නැට්ටේ එල්ලිලා දිව්‍ය ලෝකේ යන්න..

:       2       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අධික ශීත කාලගුණයෙන් ඇෆ්ගනිස්ථානයේ 124ක් මරුට
2023 ජනවාරි මස 25 12 0

ඇෆ්ගනිස්ථානයේ අධික ශීත කාලගුණය හේතුවෙන් පුද්ගලයන් 124 දෙනකු මියගොස් ඇතැයි තලෙයිබාන් බලධාරීන් ප්‍රකාශ කර ඇත.


ඡන්දයකට සූදානම් වන්න
2023 ජනවාරි මස 25 4 0

ඡන්දයකට සූදානම් වන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයට අද (24) දැනුම් දුන්නේය.


මාල තුනයි 7500යි දිවි ඇති තෙක් හිරේ යැවේ
2023 ජනවාරි මස 19 88 1

කාන්තාවන්ගේ රන්මාල තුනක් සහ රුපියල් 7500/-ක් කොල්ලකෑමේ චෝදනාවන්ට වරදකරුවන් වු දෙදෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා ජිවීතාන්තය දක්වා වු ස


එළොව පොල් පෙනෙන පොල් මිල
2023 ජනවාරි මස 17 98 0

වෙළඳපොලේ පොල් ගෙඩියක මිළ සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති


සීතාවක ඔඩිසි’ ගමන අරඹයි
2023 ජනවාරි මස 17 141 0

සංචාරක කර්මාන්ත දියුණු කිරීමේ අරමුණින් දුම්රිය දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කරන ‘සීතාවක ඔඩිසි’ විශේෂ දුම්රිය අද (15) පෙරවරුවේ කොළඹ කොටුව සිට ගමන් ආරම්භ


පාර්ලිමේන්තුවත් ප්‍රතිඥා දී වැඩ අරඹයි
2023 ජනවාරි මස 05 194 0

2023 වසර සඳහා රාජ්‍ය නිලධාරීන් ප්‍රතිඥා දිවුරුම් දීමේ වැඩසටහනට පාර්ලිමේන්තු සංකීරණයේදී අද (02) පෙරවරුවේ පැවැත්විණි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site