IMG-LOGO

2024 මැයි මස 21 වන අඟහරුවාදා


‘‘අපි 2023 දී බලගතු ආණ්ඩුවක් පිහිටුවනවා‘‘

(අංජුල මහික වීරරත්න)

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් 2023 අගභාගය වනවිට බලගතු එජාප ආණ්ඩුවක් ස්ථිර වශයෙන්ම පිහිටුවන බව පක්ෂ සභාපති හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසයි.

බලගතු ආණ්ඩුවක් පිහිටුවීමට අවශ්‍ය මූලික පදනම මේ වනවිටත් සකස් කරමින් සිටින බවත් වත්මන් ආණ්ඩුව බලයට පත්කර ගැනීමට මූලික වී කටයුතු කළ ප්‍රබලයින් සහ බලවේග රැසක් සහ විපක්ෂයේ කණ්ඩායම් සමගත් ඒ සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය මේ වනවිට කටයුතු කරමින් සිටන බව ද අබෙිවර්ධන මහතා වැඩිදුරටත් අනාවරණය කළේය.

"ආණ්ඩුව පිහිටුවන්නේ කොහොමද කියා ඇතැම් අයට ප්‍රශ්නයක් විය හැකියි. පක්ෂය දෙන උපදෙස්වලට අනුව තමන්ගේ වගකීම ඉටුකරමින් 2023 ආණ්ඩුවක් බලයට පත්කරගන්නා වැඩපිළිවෙල දෙස විමසිල්ලෙන් බලාසිටින ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනවා"යනුවෙන් ද වජිර අබෙිවර්ධන මහතා මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් කරමින් කීය.

 



අදහස් (33)

‘‘අපි 2023 දී බලගතු ආණ්ඩුවක් පිහිටුවනවා‘‘

පිටිගල මිලානෝ Friday, 16 July 2021 04:10 PM

කරපු හරිය මදිද?

:       575       331

Praba Friday, 16 July 2021 04:20 PM

බොහොම ස්තුතියි සර්. කාලෙකට පස්සෙ හොඳට හිනා වුණා.

:       592       226

rizwan Friday, 16 July 2021 04:27 PM

ඔය හැම එකාවම බලගතු ක‍රන්න ගිහිල්ලා අපිට දැන් හති වැටිලා ඉන්නේ... තරුණ පරපුරකට බාර දීලා ඔයගොල්ලෝ විශ්‍රාම ගන්න..

:       0       113

gunarathna Friday, 16 July 2021 04:51 PM

විහිළු කතා නොකියා ලබන පාර ඡන්දෙදී ජාතික ලැයිස්තු මන්ත්‍රීකමත් නැතිකරගන්න එපා. මට පේන විදිහට ලබන පාර ඡන්දෙ ඉල්ලන්නට වෙන්නෙත් පොහොට්ටුවෙන් තමයි.

:       732       227

Premasiri Friday, 16 July 2021 05:00 PM

ආයෙත් ඔහෙලට මේ රටේ බලයක් දෙන්න මිනිස්සු මෝඩ නැහැ මහත්තයෝ...

:       765       148

Sanka Friday, 16 July 2021 05:06 PM

2023 දී බලගතු ආණ්ඩුවක් තියා පහුගිය ඡන්දයෙන් රටේ මහජනතාව රනිල්ව කොච්චර ප්‍රතික්ෂේප කළාද කිව්වොත් රටේ එක ආසනයක් රනිල්ට දිනාගන්න බැරිවුණා. මෙහෙම වෙච්චි රනිල් කොහොමද 2023 ආණ්ඩු හදන්නේ. තවත් මේ රනිල්ව උස්සගෙන වටේ ඉන්න ගොන් රැල මේ නටන විහිලු නාටක රටේ මුල්ම සද්දන්තම ශ්‍රේෂ්ඨම පක්ෂය වන එජාපයට කරන මොනතරම් අපරාධයක්ද? එජාපය රනිල්ගේ බූදලයක් නෙමෙයි. එජාපය දිනන සජිත්ට දීලා පචා නොවී රනිල්ට ගෙදර යන්න කියන්න.

:       2440       1569

nmSaturday, 17 July 2021 05:20 PM

රටේ පාලන බලය ලබාදීමට සජිත් සුදුස්සකු නොවේ. ඔහු රටට දේශපාලන විකල්පයක් ගෙන ඒමට නොහැකි බව ඔහු මේ වනවිට ඔප්පුකර හමාරයි.. නායකත්ව ලක්ෂණ ඔහුට නොමැත. ඔහු කිසිසේත්ම දුරබලා වැඩකටයුතු කෙනෙකු නොවේ. ඔහු දේශපාලනයට සුදුසුකම් ඇත. නමුත් ඔහුට රටක් පාලනය කිරීමේ හැකියාවක් නොමැත. ඔහුට කළහැකි වන්නේ දුප්පත්කම සහ දුප්පතා පෝෂණය කිරීමේ හැකියාව පමණි... එසේ කරන දේශපාලකයින් දුප්පත්කම තුරන් කරනවා වෙනුවට දුප්පත්කම ඔවුන්ගේ වාසියට හරවාගෙන දේශපාලනය කරති. ​නමුත් ඉදිරි මැතිවරණයේදී මේ සියල්ල කණපිට පෙරළෙනු ඇත. එය කිසිවකුට වෙනස් කළ නොහැකිය...

:       57       22

SUNIL MILANO Friday, 16 July 2021 05:14 PM

පුදුම ජෝකර් කෙනෙක්නේ. චාලි චැප්ලීන්ගේ රෙකෝඩ් එක කඩන්නයි හදන්නේ.

:       1342       337

මහසෙන් Friday, 16 July 2021 05:15 PM

හීන තිබුණට කෝටියක්... අතේ නෑ එක රුපියලක්...!!! 

:       1121       251

Demuni Uduwara Friday, 16 July 2021 05:27 PM

ඇමැතිවරුන් ගැන හිතන්න. අපිට තිබුණු 1948-56 කාල වකවානුව මෙන් කටයුතු කරන්න...

:       626       17

සේනක~ඉතාලිය Friday, 16 July 2021 05:27 PM

ආණ්ඩුව කෙසේවෙතත් අප්පුහාමිලා 225ගෙදර යන්න ලෑස්තිවෙලා ඉන්න. ඔබලා සියලුම දෙනා අපේ රටට කොඩිවිනයක් වුණා. තමුන්නාන්සේලාට ආයිත් බලයක් දෙන්න තරම් අපේ රටේ ජනතාව තමුන්නාන්සේලා වගේ ගොබ්බයින් නෙමෙයි මහත්තයෝ... අවුරුදු 73ක් තිස්සේ කරපු හරිය හොඳටම ඇති මහත්තයෝ...

:       638       53

මුණසිංහ Friday, 16 July 2021 05:39 PM

2 ශ්‍රේණිය ළමයිනුත් ඔය වගේ කතාවල් කියනවා. පව්...!!! .

:       1127       338

හර්ශ Friday, 16 July 2021 06:15 PM

එජාපෙ ඉතුරුවෙලා ඉන්නේ ජරාම සෙට් එක. ඔවුන්ට ගොඩයෑමක් නෑ...

:       1277       230

Bamunuarachchi Friday, 16 July 2021 06:23 PM

2033වත් ආණ්ඩුවක් පිහිටුවන්න ලැබෙන්නේ නැහැ. මෙන්න කැට...

:       2       10

Rohana Friday, 16 July 2021 06:49 PM

මෙන්න මෙයා දැකපු දවල් හීනයක්...!!! 

:       0       4

පප්ප Friday, 16 July 2021 07:08 PM

අපෝ නොදකින්... අවුරුදු 72 ක් කරපු විනාශය හොඳටම ඇති... කපෝති වෙලම පලයල්ලා

:       0       2

sunil Friday, 16 July 2021 07:13 PM

අවුරුදු 73 ක් වන විට ඔය දෙගොල්ලන් කරලා තියෙන්නේ අප රවටා, රට කාබාසිනියා කොට කරවටක් ණය ගොහොරුවේ දැමීමයි. රජයේ දේපල හා මුදල් වෙස්සන්තරලා වගේ කලගුණ සැලකීමට යොදනවා. අන්තිමට අපම තමයි ඔය දෙගොල්ලන්ම පත් කලේ... මෙවැනි තත්ත්වයකදී අපට නම් හිතෙන්නේ වෙනත් කවුරු හරි නිකමට හෝ පර්යේෂණයකට බඳුන් කිරීමයි.

:       0       2

මෝ Friday, 16 July 2021 08:18 PM

අම්මපා.. කියපන් කොලුවෝ...!!"

:       0       4

Deepal Nirosh Friday, 16 July 2021 08:20 PM

මේ කාලයේ රට්ටු හිනැස්සවීම පිනක්, ඒත් මහත්තයෝ ඔය විහිළුව පුනරුච්චාරණය නොකර 2023ට කලින් ඔය නායකතුමාගේ ප්‍රධානත්වයෙන් බලගතු විපක්ෂයක් පුළුවන්නම් පිහිටුවමු. ආණ්ඩු පිහිටුවන්න ඊට පස්සේ පුළුවන්...

:       0       5

Bernard Perera Friday, 16 July 2021 08:53 PM

දවල් හීන දකින සෙට් එකට ඔය වගේ දේවල් පේනවා ඇති. බලයේ ඉන්නකොට කිව්වේ බොරු. අද කියන්නේත් බොරු. බයිලා කිය කියා ඉන්නකෝ...

:       3       17

Sahanbandara Friday, 16 July 2021 09:07 PM

මේ අයට විකාරද මන්දා... ?

:       0       2

Kasun Friday, 16 July 2021 10:00 PM

අනේ මහත්තයෝ ඔයාලා කවුරු ආවත් එකයි. ඒක මේ රටේ බහුතරයක් මිනිස්සු දන්නවා. හොඳයි කියලා දෙන්න කෙනෙක් නැති එකයි කරුමේ...

:       0       0

SENA Friday, 16 July 2021 10:23 PM

පළවන පුවත් සඳහා ලයික්, ඩිස්ලයික් ලබාදිය යුත් වන්නේ එක්වරක් පමණයි. අනවශ්‍ය ආකාරයට ඕනම කෙනෙකුට ඔවුන්ගේ මනාපයට අඩුවැඩි කරගත හැකි නිසා කිසිදු යථාර්ථවාදී අදහසක් ගැනීමට නොහැක..

:       0       2

Bandara Saturday, 17 July 2021 01:04 AM

ඉලක්කය 2075 අවුරුද්දට වෙනස් කරන්නද? ටිකක්හරි හිතාගන්න පුළුවන්...!! 

:       0       1

සෙනෙවිරත්න Saturday, 17 July 2021 01:23 AM

මෙයා, රනිල්, සාගල තිදෙනාටම රාජපක්ෂවරු සදා ණයගැති විය යුතුයි. විහිළු කතා කියන්න එපා..

:       8       3

gunarathna Saturday, 17 July 2021 06:23 AM

අපි දාන ප්‍රතිචාර වලට ලයික්ස් 10ක් වැටෙන කොට අන්ලයික් 100ක් විතර වැටෙනවා. මේකෙන් පෙන්වන්න හදන්නේ ආණ්ඩුව ගැන මිනිස්සු කළකිරිලා ඉන්නේ කියලා.. මෙතන මොකක්හරි වැරැද්දක් වෙනවා කියලා පේනවා..

:       19       11

Perera Saturday, 17 July 2021 09:06 AM

මේ 225 ගෙදර ඇරලා ඒ වෙනුවට පත්කරගන්න පුළුවන් හොඳ අවංක රට ගැන හිතලා වැඩ කරන හොරකම්, වංචා නැති 225ක් ගැන මම නම් දන්නේ නැහැ.

:       0       4

p.d goonawardena Saturday, 17 July 2021 09:31 AM

අායිත් ඉතින් 3023 බලපල්ලා....මේ ශත වර්ෂයේ නම් සොරි...

:       0       1

jayasekara Saturday, 17 July 2021 09:47 AM

ඉඟුරු දීලා මිරිස් ගත්තා කිව්වට... අපිට නම් තාම මිරිස් තමයි හොඳ... පහුගිය කාලේ එක්ක බැලුවාම...

:       0       13

Rohitha Ariyarathne Thursday, 22 July 2021 03:25 AM

ගෝඨාභයට ඡන්දය ඉල්ලන්න හදලා දුන්නු අයට නම් හොඳක් නම් වෙන්න එපා...

:       0       0

rishad Wednesday, 28 July 2021 01:12 PM

දැන්ද නැගිට්ටේ ?

:       0       0

kahawita Wednesday, 28 July 2021 10:13 PM

අර එළුවගේ මොනවද වැටෙනකම් බලන් ඉන්නවා. ඇපත් නැතිව පැරදිලා දැන් ආණ්ඩුත් හදනවලු... මාර විහිළු කාරයෝ...

:       0       0

එරාන් Tuesday, 03 August 2021 11:09 AM

අැවන් ගාඩ් එකේ උදව්වෙන්ද?

:       8       131

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අධික ශීත කාලගුණයෙන් ඇෆ්ගනිස්ථානයේ 124ක් මරුට
2023 ජනවාරි මස 25 12 0

ඇෆ්ගනිස්ථානයේ අධික ශීත කාලගුණය හේතුවෙන් පුද්ගලයන් 124 දෙනකු මියගොස් ඇතැයි තලෙයිබාන් බලධාරීන් ප්‍රකාශ කර ඇත.


ඡන්දයකට සූදානම් වන්න
2023 ජනවාරි මස 25 4 0

ඡන්දයකට සූදානම් වන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයට අද (24) දැනුම් දුන්නේය.


මාල තුනයි 7500යි දිවි ඇති තෙක් හිරේ යැවේ
2023 ජනවාරි මස 19 88 1

කාන්තාවන්ගේ රන්මාල තුනක් සහ රුපියල් 7500/-ක් කොල්ලකෑමේ චෝදනාවන්ට වරදකරුවන් වු දෙදෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා ජිවීතාන්තය දක්වා වු ස


එළොව පොල් පෙනෙන පොල් මිල
2023 ජනවාරි මස 17 98 0

වෙළඳපොලේ පොල් ගෙඩියක මිළ සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති


සීතාවක ඔඩිසි’ ගමන අරඹයි
2023 ජනවාරි මස 17 141 0

සංචාරක කර්මාන්ත දියුණු කිරීමේ අරමුණින් දුම්රිය දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කරන ‘සීතාවක ඔඩිසි’ විශේෂ දුම්රිය අද (15) පෙරවරුවේ කොළඹ කොටුව සිට ගමන් ආරම්භ


පාර්ලිමේන්තුවත් ප්‍රතිඥා දී වැඩ අරඹයි
2023 ජනවාරි මස 05 194 0

2023 වසර සඳහා රාජ්‍ය නිලධාරීන් ප්‍රතිඥා දිවුරුම් දීමේ වැඩසටහනට පාර්ලිමේන්තු සංකීරණයේදී අද (02) පෙරවරුවේ පැවැත්විණි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site