IMG-LOGO

2024 මැයි මස 17 වන සිකුරාදා


මවකට ඔටුනු නොම වෙද සම්පත් සතර

එක කුස නිවුන් උපතින් එළිකර            ගෙදර

මවු - පිය යුවළකට ගෙන දුන් දිවි          මිහිර

ලැබ ගැනුමට පැමිණි මුල් දින සිප්          සතර

මවකට ඔටුණු නොම වෙද සම්පත්         සතර

පද ආරියසේන හඳුවල

(චමින්ද වැවතැන්න)

එකම මවු කුසින් එකම දා එකම වේලාවට පේරාදෙණිය මහ රෝහලේ දී මෙලොව එළිය දුටු  සිව් නිවුන් දරුවෝ අකුරු කිරීමට පළමුවරට මාවනැල්ල ජාතික පාසලට අද පිය නැගුහ.

මාවනැල්ල කරපනේ පදිංචිව සිටින 41 හැවිරිදි එම්,ඒ,ජී, සුමේධ ජයරත්න සහ 37 හැවිරිදි ඩී,ආර්,ඩී, එරන්දි ජයරත්න මවුපියන්ට දාවට උපන් එම්ඒ.ජී. සනුක සංකලන මහආරච්චි, එම්ඒ.ජී සසදි සනුත්මි මහආරච්චි, එම්ඒ.ජී සදසි සනෙත්මි මහආරච්චි සහ එම්ඒ.ජී සදති සදෙව්මි මහආරච්චි යන දරුවෝ මෙසේ පාසලට ආහ.

එම සිවුන් දරුවන් ඇතුළු දරුවන් 175 දෙනකු ඇතුළත් කර ගැනීම මාවනැල්ල කළාප අධ්‍යාපන අධ්‍යක්ෂිකා එම්,ඒ ප්‍රියංකා ප්‍රියදර්ශනී මහත්මියගේ ප්‍රධානත්වයෙන් සිදු කළාය.

පසුව විද්‍යාලයේ සහකාර විදුහල්පති ශාස්ත්‍රපති පන්නල ආනන්ද ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ විද්‍යාලයේ සේවය කරන ගරුතර මහා සංඝරත්නය ආගමික වතාවත් සිදු කොට ආශීර්වාද දරුවන්ට සෙත් පැතූහ.

පසුව සිව් නිවුන් දරුවන් ඇතුළත් කර ගැනීම විදුහල්පතිනිය සිදු කළාය. නවක දරුවන් කිහිප දෙනකුට කළාප අධ්‍යාපන අධ්‍යක්ෂිකා ප්‍රියංකා ප්‍රියදර්ශනී මහත්මිය හා මාවනැල්ල කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂිකා නිරෝෂා ප්‍රියන්ති මහත්මියන්ගේ සුරතින් සංකේතවත්ව පෙල පොත් ප්‍රදානය කෙරිණ.

 



අදහස් (0)

මවකට ඔටුනු නොම වෙද සම්පත් සතර

ඔබේ අදහස් එවන්න

LD Events

ත්‍රි‘මලේ භද්‍රකාලී කෝවිලේ තේරු මංගල්‍යයෙන්
2023 අප්‍රේල් මස 05 0 0

ත්‍රිකුණාමලය භද්‍රකාලි අම්මාන් කෝවිලේ වාර්ෂික තේරු මංගල්‍ය මේ දිනවල විශාල හින්දු බැතිමතුන් පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැත්වේ.


ජපුර පනස් වසරක උපාධිදාරීහු හමුවෙති
2023 මාර්තු මස 29 0 0

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ EMV ආදි ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කරන ලද INVICTUS EMV Alumni Dinner and Fellowship මාර්තු 11 වැනි දින බත්තරමුල්ල Waters Edge හි Grand Ballroom හි පැවැත්විණි.


ප්‍රංශයෙන් ඇවිත් අලි නාවයි
2023 මාර්තු මස 28 0 0

විවිධ වික්‍රමාන්විත ක්‍රීඩාවන් හි යෙදෙමින් දින 8 ක කාලයක් මහනුවර ප්‍රදේශයේ ගත කළ 300 කින් සමන්විත ප්‍රංශ ජාතික යුවතියන් ඔවුන්ගේ සංචාරය අතරතුර දළදා මාලි


මවකට ඔටුනු නොම වෙද සම්පත් සතර
2023 මාර්තු මස 28 0 0

එකම මවු කුසින් එකම දා එකම වේලාවට පේරාදෙණිය මහ රෝහලේ දී මෙලොව එළිය දුටු සිව් නිවුන් දරුවෝ අකුරු කිරීමට පළමුවරට මාවනැල්ල ජාතික පාසලට අද පිය නැගුහ.


ලංකාදීපය 17වන වරටත් කිරුළ පළදියි
2023 මාර්තු මස 27 0 0

ජනප්‍රියතම පුවත්පතට හිමි ස්ලිම් කැන්ටාර් මහජන සම්මානය නොකඩවා 17 වැනි වරටත් දිනපතා සහ ඉරිදා ලංකාදීප පුවත්පත් හිමිකරගන්නා ලදී.


ජනපතිට බාලදක්ෂිකා කොඩි පළඳවයි
2023 මාර්තු මස 22 0 0

ශ්‍රී ලංකාවේ බාලිකාවන් සඳහා වූ විශාලතම ස්වේච්ඡා සංවිධානය වන ශ්‍රී ලංකා බාලදක්ෂිකා සංගමයේ 106 වන සැමරුම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වය


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site