IMG-LOGO

2024 මැයි මස 16 වන බ්‍රහස්පතින්දා


කල්තියා හැදින ගමු: පියයුරු පිළිකා වළකමු

අද වනවිට  බෝවන රෝගවලටත් වඩා බෝ නොවන රෝග ඉහළ යමින් පවතී. ඒ අතර පිළිකා රෝග ප්‍රමුඛස්ථානයේ හිඳී. පිළිකා අතුරිනුත් පියයුරු පිළිකා යන නම ඇහෙනවිට පවා බොහෝ කාන්තාවෝ බිය වෙති. මන්ද පියයුරු පිළිකා අවදානම වැඩිපුරම කාන්තා පාර්ශ්වය අතර පැවැතීමත් මෙකී පිළිකා වර්ගයට කාන්තාවන් බහුලව මේවනවිට ගොදුරු වීමත් නිසාය.

ඔක්තෝබර් මාසය පියුයුරු පිළිකා සම්බන්ධව ප්‍රජාව දැනුම්වත් කරන ඒ පිළිබඳව උපදේශන සේවා ක්‍රියාත්මක වන කාල වකවානුවයි. පියයුරු පිළිකා රෝගීන් ගතහොත් මේ වනවිට ඒ සඳහා කාන්තාවන් ගොදුරු වීමේ ප්‍රවනතාව ඉහළ ගොස් ඇති බව කිව යුතුයි. වසරකට අපේ රටින් පිළිකා රෝගීන් 30,000ක් පමණ වාර්තා වන අතර ඉන් රෝගීන් 8දෙනකුගෙන් එක් අයකුම පියයුරු පිළිකා රෝගියෙකි.

අවදානම් සාධක

කාන්තාවක් වීමම පියයුරු පිළිකාවට නතු වීමට හේතුවක් වන අතර අවදානම් කණ්ඩායම් මෙසේ හඳුනා ගනිමු.

ජානමය සම්බන්ධතාවක් පැවතීම.

එනම් තම පවුලේ සාමාජිකයකු තම මව හෝ මිත්තණිය රෝගයට ගොදුරු වී සිටීමෙන් පසු පරපුරේ සාමාජිකයන්ටද පියයුරු පිළිකා අවදානම ඇත. එසේම අවුරුදු 40ට අඩු කාන්තාවන්ගෙන් ඇතැම්හු පියයුරු පිළිකා රෝගයෙන් පෙළෙති. එයද ජානමය සම්බන්ධතාව නිසා ඇති වූවකි.

වයස් ගත වීම.

අවුරුදු 50ට 60ට වැඩි මැදි වියේ පසුවන කාන්තාවන් සඳහාද අවදානම පවතී.

අධික තරබාරුවෙන් පෙළෙන මෙන්ම ශරීර ස්කන්ධ දර්ශකය නියමිත පරිදි පවත්වා ගත නොහැකි කාන්තාවන්ද විශේෂයෙන් රෝගය ගැන සැලකිලිමත් වන්න. කාර්ය බහුල ජීවන රටාවකට හුරු වීම නිසා සිරුරට නිසි ව්‍යායාමයක් නැති වීම, වැරදි ආහාර පුරුදු මේ සඳහා ඉවහල් වේ.

මධ්‍ය සාර, දුම්කොළ සහ දුම්පානය කිරීම.

මාසික ශුද්ධිය නැවතීමෙන් පසු හෝමෝන ලබා ගන්නා කාන්තාවන්ටද පියයුරු පිළිකා අවදානම පවතී.

අවුරුදු 10ට වඩා අඩු වයසෙදි මල්වර වීමද අවදානම් සාධකයකි.

දරුවන් නොමැති විවාහක කතුන්ට මෙන්ම වයස් ගත වී දරුවන් ලැබීමද පියයුරු පිළිකාවට අවදානමකි.

අයනීකරණ විකිරණද ඉතා අහිතකරයි.

ඒ වගේම මවුකිරි දීම වේලාසනින් (කල්තියා) නැවැත්වූ කාන්තාවන්ටද අවදානමක් පවතී. එමෙන්ම මවුකිරි දෙන කාන්තාවක් නම් පියයුරු පිළිකා අවදානම සියයට 4.3 කින් අඩු කර ගත හැකියි. එබැවින් මාරුවෙන් මාරුවට පියයුරු දෙකෙන්ම තම බිළිඳාට අවශ්‍ය පරිදි මවු කිරි ලබා දෙන්න.

උපත් පාලන පෙති භාවිතයද යම් තරමකට අවදානමක් ඇති කරයි. පියයුරු පිළිකාවලට අවදානමක් ඇති කාන්තාවන් උපත් පාලන පෙති ගැනීම අවදානම තවත් ඉහළ යාමට හේතුවකි. ඒ අනුව ජානමය අවදානමක් ඇති කාන්තාවන් උපත් පාලන පෙති භාවිතය සුදුසු නොවේ.

රෝග ලක්ෂණ

මෙය ගැටිත්තක් ලෙස වර්ධනය ඇරැඹේ. අතට අසු වෙන පරිදි වර්ධනය අරඹන ගැටිත්ත වේදනා සහිත හෝ රහිත හෝ විය හැකියි.

පියයුරේ සමෙහි පැහැය වෙනස් වේ.

පියයුරෙහි ඉබේටම ඇති වූ තුවාලයක් ඇත්නම්,

පියයුරේ සම දොඩම් ලෙල්ලක් මෙන් වීම.

තණ පුඩු මිරිකූ විට ලේ හෝ වතුර වැනි ද්‍රාවණයක් පිට වීම.

අසාමාන්‍ය ආකාරයට තණ පුඩුව ඇතුළට නෙරා තිබීම.

කල්තියා හඳුනා ගැනීම

පිළිකා සෛල නිරතුරුව සහ ඉක්මනින් පැතිරීම අරඹන නිසා කල්තියා හඳුනා ගැනීමෙන් රෝගියාගේ ජීවිතයට ඇති අවදානම අවම කරගත හැකි වනු ඇත.

පියයුරු පිළිකාවට අවදානම් ඇති හෝ නැති සියලුම කාන්තාවන්ට ස්වයං පියයුරු පරීක්ෂාව සිදු කර ගත හැකිය. එයින් පියයුරු පිළිකාව කල්තියා හඳුනා ගැනීමට පුලුවන.

ඒ අනුව අපේ රටේ අවුරුදු 20ට වැඩි සෑම කාන්තාවක්ම ඔසප් චක්‍රය සිදු වී සතියකට පසු තමන් විසින්ම පියයුරු පරීක්ෂාව කර ගැනීම සිදු කළ යුතුයි.

පියයුරු ස්වයං පරීක්ෂාව

කණ්ණාඩියක් ඉදිරියට ගොස් පියයුරු දෙකෙහි අසාමාන්‍ය වෙනස් වීමක් ඇද්ද යන්න බාහිරව නිරීක්ෂණය කළ හැකියි. එනම් පියයුරුවල හැඩයේ වෙනසක්, පියයුරේ හමෙහි වෙනස් වීමක්, පියයුර රතු වී හෝ තුවාල වී ඇත්ද යන්න මෙහිදී විමසිලිමත් වීම වටී. අනතුරුව පහසු ඉරියව්වක සිටිමින් මෙය තමාටම පරීක්ෂා කර ගත හැකියි. ඔරලෝසුවේ කටු කැරකෙන දිශාවට අනුව තම අතින් තණ පුඩුව දක්වාම පියයුර හොඳින් ස්පර්ශ කර බැලිය හැකියි.

___‘සුවනාරී‘ සායන ගැන ඔබ දන්නවාද?___

තමන් පදිංචි ප්‍රදදේශයට අයත් සෞඛ්‍ය වෛද්‍ය නිලදාරී කාර්යාලය මෙහෙයවන සුවනාරී සායනයට යොමු වීම මඟින්ද ඔබට පියයුරු පරීක්ෂා කර ගත හැකියි. එහිදී ඔබට පළපුරුදු වෛද්‍යවරයකුගේ හෝ පවුල් සෞඛ්‍ය සේවා නිලදාරිනියකගේ සහාය ලැබෙනු ඇත. ඒ අනුව අවදානම් රහිත කාන්තාවන්ට වසර දෙකකට වතාවක් සුවනාරී සායනය හා සම්බන්ධ වී පියයුරු පරීක්ෂා කර ගත හැකියි.

රෝග විනිශ්චය කිරීමේ ක්‍රම

මෙමෝග්‍රෑම් පරීක්ෂණය

සැකසහිත ගැටිත්ත පියයුරු පිළිකාවක්ද නැද්ද යන්න සැක හැර දැන ගැනීම සඳහා මෙමෝග්‍රෑම් පරීක්ෂණය ඉවහල් වේ. මෙය අවුරුදු 45ට වැඩි කාන්තාවන් අරඹයා සිදු කෙරෙන අතර අවදානමක් නැත්නම් අවුරුදු දෙකකට වතාවක් මෙම පරීක්ෂාව සිදු කර ගත හැකියි.

පටක පරීක්ෂාව (බයොප්සිය)

ගැටිත්තෙන් පටකයක් ලබා ගෙන සිදු කරන පරීක්ෂණයකි. මෙමඟින්ද පියයුරු පිළිකාවක්ද නැද්ද යන්න තහවුරු කර ගත හැකි ය.

ස්කෑන් පරීක්ෂාව

පියයුරු පිළිකාව කෙතරම් දුර පැතිරී ඇත්ද යන්න බලා ගැනීමට ස්කෑන් පරීක්ෂණය සිදු කරයි.

ප්‍රතිකාර ඇරැඹීම

ඉහත පරීක්ෂණ මඟින් පියයුරු පිළිකාව වර්ධනය සහ පැතිරීම ගැන තහවුරු කර ගැනීමෙන් අනතුරු සැත්කම සිදු කෙරේ. මෙය ප්‍රධාන ප්‍රතිකාරයයි. මෙගින් සම්පූර්ණ පියයුර සේම වසාගැටිති ඇති ප්‍රදේශය සැත්කමෙන් ඉවත් කරනු ඇති. ඉන්පසුව විකිරණ ප්‍රතිකාරයත් කීමෝ තෙරපි ප්‍රතිකාරයත් හෝමෝන ප්‍රතිකාරයත් ලබා දේ.

මෙම රෝගී තත්ත්වය මුළුමනින්ම පාහේ කාන්තාවන්ටම පමණක් වෙන්වූ රෝගයක්ද නොවේ. එසේ කීමට හේතුව පියයුරු පිළිකා රෝගී තත්ත්වය පිරිමි පාර්ශ්වය අතරද ඉතා සුළු වශයෙන් දක්නට ලැබීමයි. එහෙත් කාන්තාවකට මෙහි අවදානම පිරිමියකුට වඩා සිය ගුණයකින් වැඩි බවද සොයා ගෙන ඇත.

එබැවින් පියයුරු පිළිකා රෝගය කල්තියා හඳුනා ගෙන අදාල ප්‍රතිකාරවලට නොපමාව යොමු වීමෙන් පිළිකා සෛල පැතිරීම වලක්වා ගෙන තම ජීවිතය සුරක්ෂිත කර ගත හැකියි.

-සටහන- මාධවී ධර්මරත්න



අදහස් (0)

කල්තියා හැදින ගමු: පියයුරු පිළිකා වළකමු

ඔබේ අදහස් එවන්න

දියත

ගොයම කහ වීමට හේතු අටක් සොයා ගනී
2023 ජනවාරි මස 25 20 0

ගොයම කහ වීමට හේතු අටක් සොයා ගනී


අධික ශීත කාලගුණයෙන් ඇෆ්ගනිස්ථානයේ 124ක් මරුට
2023 ජනවාරි මස 25 12 0

ඇෆ්ගනිස්ථානයේ අධික ශීත කාලගුණය හේතුවෙන් පුද්ගලයන් 124 දෙනකු මියගොස් ඇතැයි තලෙයිබාන් බලධාරීන් ප්‍රකාශ කර ඇත.


ඡන්දයකට සූදානම් වන්න
2023 ජනවාරි මස 25 4 0

ඡන්දයකට සූදානම් වන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයට අද (24) දැනුම් දුන්නේය.


මාල තුනයි 7500යි දිවි ඇති තෙක් හිරේ යැවේ
2023 ජනවාරි මස 19 88 1

කාන්තාවන්ගේ රන්මාල තුනක් සහ රුපියල් 7500/-ක් කොල්ලකෑමේ චෝදනාවන්ට වරදකරුවන් වු දෙදෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා ජිවීතාන්තය දක්වා වු ස


එළොව පොල් පෙනෙන පොල් මිල
2023 ජනවාරි මස 17 98 0

වෙළඳපොලේ පොල් ගෙඩියක මිළ සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති


සීතාවක ඔඩිසි’ ගමන අරඹයි
2023 ජනවාරි මස 17 141 0

සංචාරක කර්මාන්ත දියුණු කිරීමේ අරමුණින් දුම්රිය දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කරන ‘සීතාවක ඔඩිසි’ විශේෂ දුම්රිය අද (15) පෙරවරුවේ කොළඹ කොටුව සිට ගමන් ආරම්භ


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site