IMG-LOGO

2024 මැයි මස 16 වන බ්‍රහස්පතින්දා


මුඛ සෞඛ්‍යය නිවැරැදිව පවත්වා ගැනීමේ වැදගත්කම

ලස්සන හිනාව පුද්ගලයකුගේ ප්‍රසන්නතාවේ කැඩපතයි. හිනාව සුන්දර වීමට දත් නිරෝගිමත් විය යුතුයි. ආහාර කැබලිවලින්, මැලියම්වලින් නොබැඳුණු සුදු වන් දත් දෙපළක් දුර්ගන්ධයෙන් තොර මුඛය කියාපාන්නේ මුඛ සෞඛ්‍යය ගැන ඔබ හොඳින් සැලකිලිමත් වන බවයි.

දත් යනු ශක්තිමත්ව අස්ථියයි. අපි ජීවත්ව ඉන්නා කාලය පුරාවටම නිරෝගී දන්ත සෞඛ්‍යයක් පවත්වා ගත යුතුය. එහෙත් අපි නොහිතා කරන වැරැදි පුරුදු නිසා දත දෙපෙළෙහි සුන්දරත්වය, නිරෝගීතාව අපට අහිමි වී යයි.

දත් සුරැකීමට අප කළ යුතු දෑ

දිනකට දෙවරක් දත් මදින්න. සාමාන්‍යයෙන් උදෑසන සහ රාත්‍රී නින්දට පෙර දත් මැදීම සුදුසය.

අවම වශයෙන් විනාඩි දෙකක්වත් කාලය ඒ සඳහා වැය කරන්න.

දතත්, විදුරුමසත් අතර මැදට බුරුසුව අංශක 45 කෝණයට සිටින සේ තබා දෙතුන් වතාවක් දත පිරිමැද දතෙන් උඩු අතට වනසේ දත් මැදිය යුතුය. එවිට දත් අතර රැඳී ඇති ආහාර කැබලි දත්වලින් මතුපිටට ගත හැකියි. මෙයාකාරයට උඩු ඇන්දේ දත් ඇතුල් පැත්තපිට පැත්ත යටි ඇන්දේ දත්වලත් ඇතුල් සහ පිට පැතිත් මනාව මැද ගැනීමට පුළුවන.

නිසියාකාරයෙන් දත් මැද්දොත්

මැලියම් නොබැඳේ

මුඛ දුර්ගන්ධය ඉවත් වේ.

මුඛය පිරිසුදුව සේම නැවුම්වද තබා ගැනීමට පුළුවනි.

දත් ගැන සැලකිලිමත් විය යුතු අවස්ථා

දතක කුඩා කලු පැහැති පැල්ලම් හෝ දත නරක් වීමට ආසන්න බව අඟවන රතු එළි ගැන ඔබ කල්පනාකාරී විය යුතුයි. එවැනි ලක්ෂණ ඇත්නම් දන්ත වෛද්‍ය උපදෙස් නොපමාව ලබා ගන්න. දත්වල නිරෝගීතාව රැක ගැනීමට අප ගන්නා ආහාර ගැනත් බොහෝ සෙයින් සැලකිලිමත් විය යුතුය. පැණිරස ආහාරයක් ගත් විට මුඛය සේදීමට අමතක නොකරන්න. දත්වල ශක්තිමත්භාවයට නිරෝගීතාව දිගුකල් රැක ගැනීමට ගුණවත් ආහාර පාන සඳහා යොමු වන්න.

අප විසින් නොකළ යුතු දෑ

නිරතුරුව සීනි අඩංගු ආහාර ගැනීමත් ඒවා බොහෝ වේලාවක් මුඛය තුළ රඳවා ගෙන සිටීමත් යෝග්‍ය නැත.

ආහාර ගන්නා විට තදින් සැපීම සුදුසුම නැත. සමහරු මස් වර්ග අනුභවයේදී වැරදමා සැපීමෙන් දත්වලට අපි නොසිතන තරම් හානි සිදුවිය හැකියි.

ඒවගේම දිනකට වැඩි වාර ගණනක් දත් මදින්නත් එපා. දත වගේම එනමලයද අපි රැක ගත යුතුයි.

දත් නිරෝගී වීම, කාලාන්තරයක් යනතුරු ශක්තිමත්භාවය පවත්වා ගැනීම නිසා අපට කැමැති ඕනෑම ආහාරයක රස බැලීමට වයසද බල නොපායි.

-සටහන- මාධවී ධර්මරත්න



අදහස් (0)

මුඛ සෞඛ්‍යය නිවැරැදිව පවත්වා ගැනීමේ වැදගත්කම

ඔබේ අදහස් එවන්න

දියත

ගොයම කහ වීමට හේතු අටක් සොයා ගනී
2023 ජනවාරි මස 25 20 0

ගොයම කහ වීමට හේතු අටක් සොයා ගනී


අධික ශීත කාලගුණයෙන් ඇෆ්ගනිස්ථානයේ 124ක් මරුට
2023 ජනවාරි මස 25 12 0

ඇෆ්ගනිස්ථානයේ අධික ශීත කාලගුණය හේතුවෙන් පුද්ගලයන් 124 දෙනකු මියගොස් ඇතැයි තලෙයිබාන් බලධාරීන් ප්‍රකාශ කර ඇත.


ඡන්දයකට සූදානම් වන්න
2023 ජනවාරි මස 25 4 0

ඡන්දයකට සූදානම් වන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයට අද (24) දැනුම් දුන්නේය.


මාල තුනයි 7500යි දිවි ඇති තෙක් හිරේ යැවේ
2023 ජනවාරි මස 19 88 1

කාන්තාවන්ගේ රන්මාල තුනක් සහ රුපියල් 7500/-ක් කොල්ලකෑමේ චෝදනාවන්ට වරදකරුවන් වු දෙදෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා ජිවීතාන්තය දක්වා වු ස


එළොව පොල් පෙනෙන පොල් මිල
2023 ජනවාරි මස 17 98 0

වෙළඳපොලේ පොල් ගෙඩියක මිළ සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති


සීතාවක ඔඩිසි’ ගමන අරඹයි
2023 ජනවාරි මස 17 141 0

සංචාරක කර්මාන්ත දියුණු කිරීමේ අරමුණින් දුම්රිය දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කරන ‘සීතාවක ඔඩිසි’ විශේෂ දුම්රිය අද (15) පෙරවරුවේ කොළඹ කොටුව සිට ගමන් ආරම්භ


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site