IMG-LOGO

2024 මැයි මස 18 වන සෙනසුරාදා


‘‘චීනයේ ගමන ලංකාවටත් හොඳ ආදර්ශයක්‘‘

(අංජුල මහික වීරරත්න)

චීන කොමියුනිස්ට් පක්ෂය සිය රට කෘෂිකර්මාන්තයේ සිට කාර්මික කරණය කරා ගෙන ගියේ ලෝක ආර්ථිකයෙන් ඈත්වී නොව ගෝලීයකරණයෙන් ප්‍රයෝජන ලබාගැනීමෙන් යැයි හිටපු අග්‍රාමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

චීන කොමියුනිස්ට් පක්ෂයේ සිය වැනි සංවත්සරය සූම් තාක්ෂණය ඔස්සේ අමතමින් වික්‍රමසිංහ මහතා ඒ බව කීය.

කෘෂිකර්මාතයේ සිට දැන් සයිබර් යුගය දක්වා යන චීනයේ ගමන ලංකාවටත් වැදගත් ආදර්ශයක් බව ද රනිල් වික්‍රමසිංහ මහතා එහිදී සඳහන් කළේය.

ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය සහ ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය එක්ව මෙම සංවත්සර උත්සවය සංවිධාන කළේය.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ රනිල් වික්‍රමසිංහ මහතා :- අපි සියළු දෙනාම අතීතය ගැන අද සිහිපත් කරනවා. ශ්‍රී ලංකාවත්, චීනයත් අධිරාජ්‍යවාදීන්ට එරෙහි නිදහස් සටන ආරම්භ කළේ 1919 වසරේදීයි. එදා ලංකාවේ අපි "ලංකා ජාතික කොංග්‍රසය" ආරම්භ කළා. චීනය "මැයි 04" නම් ව්‍යාපාරය ආරම්භ කළා. එම ව්‍යාපාරය හරහා තමයි 1921 දී චීන කොමියුනිස්ට් පක්ෂය බිහිවුණේ.

චීන කොමියුනිස්ට් පක්ෂය තම 100 වන සංවත්සරය සමරන මේ මොහොතේ මාගේත්, එක්සත් ජාතික පක්ෂයේත් සුබ පැතුම් ඉදිරිපත් කරන්න මෙය අවස්ථාවක් කර ගන්නවා. 1949 මාවෝ සේතුං නායකතුමා චීන ජනරජය ඇති කර ඉන් අවුරුදු 100කට පස්සේ චීනයට ස්ථාවරභාවයක්, ආර්ථික සංවර්ධනයක් ඇති කරන්න කටයුතු කර තිබෙනවා. චීනයේ දුප්පත්කම නැති කිරීමට චීන ජනරජය කටයුතු කර තිබීම අගය කළ යුතුයි.

එදා වෙනස් වූ ලෝකයෙන් චීනය බලවතකු කරන්න චීන කොමියුනිස්ට් පක්ෂයෙන් නායකත්වය දුන් ප්‍රබලයෙකු වන්නේ ඩෙන්ෂියාඕ පිං ජනාධිපතිතුමායි. ඒ කාලයේ දී චීන අත්දැකීම් මත චීනයටම අනන්‍ය සමාජවාදයක් ඇති කළා. එදා ආර්ථික හා සමාජමය වශයෙන් ලෝක විපර්යාස සිදු වන කාලයේදී තමයි ලංකාවේත් විවෘත ආර්ථිකය ඇති කොට ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය බිහි කළේ.

චීන කොමියුනිස්ට් පක්ෂයෙන් රට ඉදිරියට ගෙනයාම වෙනුවෙන් නවීකරණ ප්‍රතිපත්ති 04 ක් නිර්මාණය කළා. ආර්ථිකය නවීකරණය කිරීම, කෘෂිකර්මය නවීකරණය කිරීම, විද්‍යාව හා තාක්ෂණය නවීකරණය කිරීම, ජාතික ආරක්ෂාව නවීකරණය කිරීම ඒ ප්‍රධාන කරුණු 04 යි. ආර්ථිකය විවෘත කිරීමෙන් චීනයට සංවර්ධනයේ දොරටු විශාල වශයෙන් විවර වුණා.

චීන කොමියුනිස්ට් පක්ෂය ප්‍රධාන ඉලක්ක 03 ක් පදනම් කරගෙන මූලික ඉලක්කයට පැමිණියා.1983 සිට 1990 දක්වා දළ ජාතික නිෂ්පාදනය දෙගුණයක් කිරීම, 1980 පැවැති දළ ජාතික නිෂ්පාදනය 2000 වර්ෂය වන විට හතර ගුණයක් කිරීම, 2020 වන විට එරට ජනතාවට ගෝලීය මට්ටමෙන් මධ්‍යම පරිමාණයේ ඒකපුද්ගල ආදායමක හිමිකාරීත්වයක් ලබාදීම, ඔවුන්ගේ ප්‍රධාන ඉලක්ක තුන වුණා.

එම ගමන ජියෑන් ජෙමිං ජනාධිපතිතුමාත්, හු ජිංටෝ ජනාධිපතිතුමාත් ඉදිරියට ගෙන ගියා. අද ෂී ජිං පිං ජනාධිපතිතුමා යටතේ චීන ජාතියේ ශ්‍රේෂ්ඨත්වය ඉහළින් තහවුරු කිරීමට විශාල සංවර්ධනයක් ආරම්භ කර තිබෙනවා. ඒ සමගම හරිත ආර්ථිකයක් ලබා දෙන්න ක්‍රියා කර තියෙනවා. විශේෂයෙන්ම නවීන සේද මාවත (Belt and Road Initiative) මාර්ගය මගින් ආසියාව, අප්‍රිකාව හා යුරෝපය එකතු කරන නව ආර්ථික රාමුවක් ඇති කරනවා. ලෝකයේ මෙවැනි ආර්ථික රාමුවක් යළිත් ආසියාවෙන් ඇති වෙන්නේ පළමු වරටයි.

චීන කොමියුනිස්ට් පක්ෂයෙන් කාර්මික නොවුනු කෘෂිකාර්මික රටක් කාර්මිකකරණය වූ රටක් බවට පත් කරන්නත්, තාක්ෂණික රටක් බවට පත් කරමින් සයිබර් යුගයකට ගෙන යෑමත් දක්වා වූ ඒ අත්දැකීම් දියුණුව සිතන අපි හැමෝටම වැදගත්. චීන කොමියුනිස්ට් පක්ෂය යථාර්තය හඳුනාගෙන, ලෝක දියුණුව හඳුනාගෙන මේ සියලු කටයුතු ආරම්භ කළා. ලෝකයෙන් හෝ ලෝක ආර්ථිකයෙන් ඔවුන් ඈත් වුණේ නැහැ. ඒ සියල්ලටම ඇතුළු වී අවසානයේ ගෝලීයකරණය තමන්ගේ ප්‍රයෝජනයට ගත්තා.

චීන කොමියුනිස්ට් පක්ෂය චීනයට දුන්න ඒ නායකත්වය අපි අගය කළ යුතුයි. මොකද අපේ රටවලට එය ඉතාම වැදගත්. මෙයින් ඉගෙනගත හැකි පාඩම් ගණනාවක් අප වැනි රටවලට තිබෙනවා. චීන කොමියුනිස්ට් පක්ෂයේ නායකත්වය යටතේ චීනය අද ලෝක ආර්ථිකයේ බලවත්ම රාජ්‍ය බවට පත්ව තිබෙනවා. චීනයේ දියුණුවෙන් ආසියාව ඉදිරියට පැමිණ සිටිනවා. අනාගත සයිබර් යුගයට යන දියුණුව ශ්‍රී ලංකාවට අදාළ වන්නේ කෙසේද යන්නත් එයින් දියුණුවට යන්නේ කෙසේද යන්නත් අපම වටහා ගත යුතු කරුණක්. ලෝක බලවතකු වෙමින් චීන කොමියුනිස්ට් පක්ෂයට, චීනයට නායකත්වය දෙමින් ලෝක සාමය තහවුරු කිරීමට විශාල වගකීමක් තිබෙන බව මේ මොහොතේ සිහිපත් කරන්න කැමැතියි.

චීනයටත්, චීන කොමියුනිස්ට් පක්ෂයටත් යළිත් සුබ පැතුම් එකතු කරමින්, මට මේ අවස්ථාවට ඇරයුම් කිරීම ගැන ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයට ද මාගේ ස්තූතිය නැවත එක් කරනවා යැයි රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

 



අදහස් (14)

‘‘චීනයේ ගමන ලංකාවටත් හොඳ ආදර්ශයක්‘‘

Bamunuarachchi Friday, 18 June 2021 06:35 PM

ඉතින් අවුරුදු 5ම බලයේ ඉඳලා ඇයි ඒ විදිහට ඔබ නොකළේ?

:       462       362

ChrisSaturday, 19 June 2021 10:33 AM

ඩෙන්ෂියාඕ පිං තමයි චීනයේ ජනාධිපති , ලංකාවේ ජනාධිපති වෙන්න රනිල්ට බැරිවුණා. මෙයාට උඩින් විධායක ජනාධිපති කෙනෙක් හිටියා කියලා අමතක කරන්න එපා. ඩෙන්ෂියාඕ පිං ආර්ථිකය ඉගෙනගන්න ලංකාවත් පාවිච්චි කළා. චීනේ ෂෙංචන් නගරේ ලංකාවේ විවෘත ආර්ථිකය ආකෘතියක්... අමතක කරන්න එපා චීන ආර්ථික මේ විදියට දියුණු වෙන්න අවුරුදු 50ක් විතර ගියා... අප රටට අවශ්‍ය දිගුකාලීන නොවෙනස් සැලැස්මක්..!!!

:       101       113

BamunuarachchiFriday, 25 June 2021 12:03 PM

ඉතින් ඔය කෙරුවාව රනිල්ට කොරන්න පුළුවන්ද?. යුද්දේ දිනන්න බැහැ කියලා පර්බාකරන්ට රට දෙන්න ගිවිසුම් ගහපු මෙයා කොහොමද රටේ ආර්ථිකය දිනන්නේ? චීනය, රුසියාව, ඇමරිකාව කරන විදිහට මෙරටේ කොරන්න බැහැ. රටේ තිබෙන සම්පත්, මිනිසුන්ගේ සිතුම් පැතුම්, ආගමික පසුබිම මෙකී නොකී බොහෝදෙ රට දියුනුවට බලපානවා. සිංහල අපි පවුල ළමයි දෙදෙනාට සීමා කරගෙන රටේ අද්යාපන,රැකියා, ඉඩකඩම් බෙදීයාම, වෛද්‍ය පහසු කම් යනාදියට චිසදුම් හොයනවා. හැමබ්යෝ පුළුවන් තරම් පැටව් බිහිකරලා අපි ඉතිරිකරණ අනාගත දරුවන්ගේ සම්පත් උන් භුක්ති විඳිනවා.

:       48       224

chandimaSunday, 20 June 2021 05:19 PM

ඒ කාලේ දුර බලාගෙනනේ ගියේ. ළඟ තිබුණු චීනේ පෙණුණේ නැහැ. කණ්ණාඩිය ගැලෙව්වට පස්සේ තමයි චීනේ පේන්න ගත්තේ..!!! 

:       260       214

chandima Saturday, 19 June 2021 05:32 AM

වතාවක් ඉන්දියාව අමරන්න ගිහින් පාඩමක් ඉගෙන ගත්තා නේද?මෙදාපාර චීනේ

:       306       118

Binkunndaa Monday, 21 June 2021 12:25 AM

මිස්ටර් බීන්.. හොඳ යයි කියා දෙයක් නැත... ගෙදර ගිහින් විවේක ගන්න.

:       519       158

RaveendraMonday, 21 June 2021 08:14 PM

අපේ රට ඇම්ඩා නොහොත් සුත්තර පුංචත් දැන් දැන් ගෙඹි න්‍යාය ප්‍රායෝගිකව අත්හදා බලන්න වගේ යන්නේ...

:       516       203

padmapriya Monday, 21 June 2021 03:52 AM

දැන්වත් ගෙදර ගියානම් හොඳයි නේද? කට වහගෙන... කතාව දෝලාවෙන් ගමන පයින්...!!! 

:       598       298

Kumar (Gulf) Tuesday, 22 June 2021 12:57 AM

කබරයෙක් කතාකරයි.. කිව්වලු..

:       0       0

de silva Saturday, 26 June 2021 06:19 AM

මිස්ටර් 3% චීන කොමියුනිස්ට් පක්ෂයේ ඔය තරම් හොඳනම් ඔබතුමා එජාපයෙන් ඉවත්වෙලා අලුතින් කොමියුනිස්ට් පක්ෂයක් අටවගෙන හෝ තිබෙන එකකට බැඳිලා දේශපාලනය කරන්න.

:       0       0

chandana Sunday, 27 June 2021 10:31 PM

මේ අදහස් ඔක්කොම සුළුතරයකගේ අදහස්.

:       0       0

chandi Tuesday, 29 June 2021 03:36 AM

මෙයා කාලෙන් කාලෙට හැව අරිනවා වගේනේ..!!!

:       0       109

amila Tuesday, 29 June 2021 06:55 PM

හැබැයි පුතෝ, චීනෙට ගහන්න ගිහින් නම් ඉන්දියන් කාරයින්ගෙන් වගේ ලේසියෙන් ගැලවෙන්න බැරිවෙයි. මොන තරම් වැඩ්ඩෙක් වුණත් ගඟේ මූදෙ නාන්න පුළුවන් වෙලා ආපසු ආවොත් ලොකු දෙයක්...

:       0       48

nihal Thursday, 01 July 2021 07:21 AM

නොහැකියාව පෙනනවද අපේ රටට මහ කරදරයක්

:       0       0

ඔබේ අදහස් එවන්න

දේශපාලන

ආර්ථිකය ඩිජිටල් කිරීමෙන් හොරකම් නතර කළ හැකියි
2022 නොවැම්බර් මස 27 319 2

කාලයක් තමන් නිහඬව සිටියේ වැරදි වැටහීම් නිසාවෙන් බව හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසුවේය. එක්සත් ජාතික පක්ෂය නැවත ජනතාවගේ ආදරය ඇති පක්ෂයක් බවට පත


ජනපතිට සහය දෙනවා, ඒත් කැබින්නටුවට යන්න බැහැ. - මනෝ ගනේශන්
2022 නොවැම්බර් මස 17 502 0

වහාම පාර්ලිමේන්තුව විසුරුවා මැතිවරණයකට යා යුතු බවත් රනිල් අගමැති සජිත් අගමැති ජාතික ආණ්ඩුවට එවිට ස්ථාපිත කළ හැකි බවත් දමිළ ප‍්‍රගතිශීලී සන්ධානයේ නා


සජිත් කරන්නේ සීනිබෝල දේශපාලනයක්
2022 නොවැම්බර් මස 05 2305 7

සජිත් ප්‍රේමදාස මහතා සීනිබෝල දේශපාලනයක නිරතව සිටින බවත් ඔහුට නායකයකු විය නොහැකි බවත් වර්තමාන දේශපාලන තත්ත්වය ගැන තමන් බෙහෙවින්ම කළකිරීමට පත්වී ඇති හ


’’ආර්ථික ප්‍රශ්න එක්ක බැට කන මිනිස්සු පාරට ආවම එදාට වඩා දරුණු වේවි ’’ - සජබ පා.ම. මුජිබර් රහුමාන්.
2022 ඔක්තෝබර් මස 26 511 0

යහපාලන පාලන සමයේදී සිදුවූ අඩුපාඩු හඳුනාගෙන වැරදි නිවැරදි කර ගැනීමට සැලැස්මක් දියත් කර ඇති බවත් සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුතුව ඉදිරි මැතිව


නව ක්‍රමයට ජනපති පාර්ලිමේන්තුවට වගකිව යුතුයි
2022 මැයි මස 29 4430 5

අලුතින් ඇති කරන ක්‍රමවෙිදය අනුව ජනපති පාර්ලිමේන්තුවට වගකිව යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් අද (29)පැවසීය. විසිවන


මූල්‍ය ආධාර - සහන ගැනීමට ජනපති කැබිනට් කමිටු 3ක්
2022 මාර්තු මස 09 4376 2

රටවල් සමඟ සාකච්ඡා කර මූල්‍ය ආධාර සහ සහන ලබාගැනීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කැබිනට් කමිටු තුනක් පත්කර ඇති බවත් එම කමිටුවල ප‍්‍රධානියා ලෙස තමන් කටය


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site