(අනිල් ගාමිණි විජේරත්න අඹන්පොල )
ශිෂ්‍යත්ව විභාගයෙන් දිවයිනේ පළමු ස්ථානය හිමිකරගත් ගල්ගමුව එරියාව මහින්ද ප්‍රාථමික විදුහලේ සිසුන්ට ජීවිතාරක්ෂක හා ප්‍රථමාධාර පුහුණුව ලබා දීම පාළුකඩවල ජලාශ පරිශ්‍රයේදී සිදු කරන ලදී. විෂය බාහිර ක්‍රියාකාරකම් මාලාවේ එක් පියවරක් ලෙස මෙම පුහුණුව සඳහා ගල්ගමුව පොලිස් ස්ථානයේ පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ ප්‍රධාන පුහුණුකරු පොලිස් සැරයන් ප්‍රියන්ත විජේසුන්දර මහතා එක් විය.
දිය අනතුරු වලක්වා ගැනීම, සිසුන්ගේ ක්‍රීඩා දක්ෂතා වර්ධනය කිරීම අරමුණු කරගෙන මෙම වැඩසටහන ක්‍රියාත්මක කර තිබේ. මේ සඳහා එම විදුහලේ සිසුන් 150 ක් පමණ සහභාගි වූහ.
ශිෂ්‍යත්ව විභාග ප්‍රතිපලවලින් දිවයිනේ ප්‍රථම, දෙවන, තෙවන ස්ථාන හිමි කර ගෙන ජය කෙහෙළි නංවන එරියාව මහින්දයේ සිසුන්ට විෂය බාහිර ක්‍රියාකාරකම් වෙනුවෙන් ද කාලය වෙන් කර තිබේ.
මුලින්ම ජීවිතාරක්ෂක පිහිනුම් සඳහා භාවිතා කරන උපකරණ හඳුන්වා දීම, එම උපකරණ අඳින පළඳින ආකාරය පිළිබඳව ප්‍රායෝගික අවබෝධයක් ලබාදීම, සිදු කරන ලදී.එහිදී සැරහුම් යෙදීම, ජීවිතාරක්ෂක කබාය නිසි පරිදි ඇඟලා ගැනීම ඇතුළු ක්ෂේත්‍ර රැසක් ඔස්සේ සිසුන් දැනුවත් කරන ලදී.සිසුන්ට ද එම අවස්ථාවේදී ප්‍රායෝගිකව යෙදීමට අවස්ථාව උදා කර දුනි.
අනතුරුව ජලාශය වෙත ගොස් ජීවිතාරක්ෂක පොලිස් නිලධාරීන් ජලාශයට මුදාහැර දියේ ගිලෙන අවස්ථා ප්‍රදර්ශනයට අවකාශ සැලසුවේය. පසුව පොලිස් නිලධාරීන් ජලාශයට පැන එම දියේ ගිලෙන පිරිස ගොඩට ගෙන කෘතිම ස්වසනය ලබා දී ඔවුන්ට නිසි ප්‍රතිකාර ලබා දෙන තුරු ප්‍රථමාධාර ලබා ලබාදීම ප්‍රායෝගිකව සිදු කළෝය.
නිකවැරටිය හා ගල්ගමුව පොලිස් ස්ථාන ඒකාබද්ධව ජීවිතාරක්ෂක ඒකක හරහා පාසල් සිසුන් මෙන්ම බාහිර ප්‍රජාවට ද මෙම ජීවිතාරක්ෂක හා ප්‍රථමාධාර පුහුණුව ලබා දෙනු ලැබේ .ඇහැටුවැව පොලිස් ස්ථානයේ නිශ්ශංක (95528) සහ නිකවැරටිය පොලිස් ස්ථානයේ පස්මින් (95664 ) යන පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීහු ද මෙම ප්‍රායෝගික වැඩමුළුව සඳහා සහභාගි වූහ.
වැඩමුළුව අවසානයේ සහභාගීවූ සියලුම සිසුනට ශ්‍රී ලංකා ජීවිතාරක්ෂක සංගමය මගින් සහතික පත්‍ර ප්‍රදානය කරන ලදී. නිකවැරටිය ජේෂ්ඨ පොලිස් අධිකාරි. ඩීජේ නන්දන මහතාගේ මෙහෙයවීම යටතේ පොලිස්පතිතුමාගේ සහ නාවික කොට්ඨාස අධ්‍යක්ෂක තුමාගේ උපදෙස් මත නිකවැරටිය සහ ගල්ගමුව police පොලිස් ස්ථානාධිපති වරුන්ගේමෙහෙයවීම යටතේ මෙම වැඩමුළු ක්‍රියාත්මක කෙරේ.
සහතික පත්‍ර ප්‍රදානය ට ගල්ගමුවකොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂ සුමුදු තෙන්නකෝන් මහතා, පූජ්‍ය එරියාවේ රතන තිස්ස හිමි, විදුහල්පති අනිල් ගාමිණී විජේරත්න මහතා, ප්‍රධාන උපදේශක ප්‍රියන්ත විජේසුන්දර මහතා ද එක් වූහ.
දරුවන් කුඩා අවධියේ සිට පරිගනක භාවිතයට නැඹුරුකිරීමේ අරමුණෙන් බුත්තල ප්‍රදේශයේ පෙරපාසල් දරුවන්ට පරිගනක දැනුම ලබාදීමේ ව්‍යාපෘතියක් බුත්තල ලිට්ල් ස්ට
අගලවත්ත අධ්‍යාපන කොට්ඨාසයේ පිඹුර විභර්ථා ප්‍රාථමික විද්‍යාලයේ සිසු සිසුවියන් ගේ නිවාසාන්තර ක්‍රිඩා උළෙල ඉකුත්දා විද්‍යාලයේ දී සිදුකෙරිණි.
එකම මවු කුසින් එකම දා එකම වේලාවට පේරාදෙණිය මහ රෝහලේ දී මෙලොව එළිය දුටු සිව් නිවුන් දරුවෝ අකුරු කිරීමට පළමුවරට මාවනැල්ල ජාතික පාසලට අද පිය නැගුහ.
මාතලේ , ලග්ගල පල්ලේගම, විල්ගමුව අධ්‍යාපන කොට්ඨාසයට අයත් ම/ප/විල්/ මාඔය කණිෂ්ඨ විදුහලේ නිවාසාන්තර මළල ක්‍රිඩා උළෙල පසුගියදා විදුහල් ක්‍රිඩා භූමියේදී ප
කොළඹ මියුසියස් විදුහල් වාර්ෂික නිවාසාන්තර මලල ක්‍රීඩා තරගාවලියේ (2023) සමස්ත ශූරතාව ‘බෙසන්ට්’ නිවාසය දිනාගැනීමට සමත් විය. අනු ශූරතාව ‘ද ආබෲ’ නිවාසයට හිම
ශිෂ්‍යත්ව විභාගයෙන් දිවයිනේ පළමු ස්ථානය හිමිකරගත් ගල්ගමුව එරියාව මහින්ද ප්‍රාථමික විදුහලේ සිසුන්ට ජීවිතාරක්ෂක හා ප්‍රථමාධාර පුහුණුව ලබා දීම පාළුක
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ශිෂ්‍යත්වය දිනූ දරුවන්ට ජීවිතය ජයගන්න පාඩම්