ගෙම්බන් තම වර්ගයා බිහිකරන්නේ බිත්තර දැමීමෙන් යැයි සිතා සිටිය ද ඉස්ගෙඩියන් බිහිකිරීමෙන් වර්ගයා බෝකරන අපූරු ජීවන රටාවක් සහිත ගෙම්බකු ඉන්දුනීසියාවෙන් සොයාගැනීමට හැකි වූ බව විද්‍යාඥයෝ පිරිසක් කියති.
මෙලෙස ඉස්ගෙඩියන් බිහිකරණ ගෙම්බකු සොයාගත හැකිවීම විද්‍යා ලෝකයට අලුත් දෙයක් බව ද ඔවුහු පෙන්වා දෙති.
මෙම ගෙම්බන් විෂ සහිත විශේෂයකි. ඉන්දුනීසියාවේ සුලවෙසි දූපතේ සිටින මේ සත්ත්ව විශේෂයේ අමුතු හැසිරීම ගැන පර්යේෂණ කළ කැලිෆෝර්නියා විශ්වවිද්‍යාලයේ ආචාර්ය ජිම් මැක්ගයිරි පවසන්නේ තමන් අතින් අල්ලාගෙන සිටි ගැබ්බර ගැහැනු සතකු එක්වරම ඉස්ගෙඩියන් බිහිකරන බව දැකීමෙන් පුදුමයට පත්වූ බවයි.
ලොව දැනට සොයාගෙන ඇති ගෙම්බන් විශේෂ සංඛ්‍යාව 6000ක් පමණ වේ. ඔවුන් තම වර්ගයා බෝකිරීමට බාහිර සංසේචනය සිදුකරයි. එය සිදුවන්නේ සංසර්ගය අතරතුර ගැහැනු සතුන් බිත්තර දැමීමත් පිරිමි සතුන් ඒ මතට ශුක්‍රාණු නිදහස් කිරීමත් සිදුකරයි. එමගින් බිත්තර බාහිරයේ දී සංසේචනය සිදුවෙයි.
එසේ වුව ද වෙනස් වූ රූපාන්තරණයක් සහිත විශේෂ කිහිපයක් සිටිය ද ඔවුන්ගේ සංසර්ගය සිදුවන්නේ සාමාන්‍ය ක්‍රමවේදයක් අනුව බව ද ආචාර්ය මැක්ගුයිරේ පවසයි. අභ්‍යන්තර රූපාන්තරණයෙන් සංසේචනය කරණ ගෙම්බන් විශේෂ 10-12ක් ලෝකයෙන් වාර්තා වී ඇතත් ලොව ඉස්ගෙඩියන් ප්‍රසූත කරණු ලබන එකම ගෙඹි විශේෂය වන්නේ මොවුන් බව විද්‍යාඥයෝ පෙන්වාදෙති.
නමුත් අරුම පුදුම රෑපාන්තරණයක් සහිත බොහොමයක් විශේෂයන්ගේ සංසර්ගය සිදුවන්නේ පිලිගත් ආකාරයකින් බව ආචාර්ය මැක්ගුයිරේ පවසයි. මෙහි තවත් විසඳාගත නොහැකි අභිරහසක් පවතින බව
කෙසේ නමුත් පුරුෂ ගෙම්බන් විසින් ගැහැණු ගෙම්බන්ගේ අභ්‍යන්තරයේදී සංසේචනය සිදුකිරීම අභිරහසකි. ඊට හේතුව ගෙම්බන්තුල ශුක්‍රාණු මාරුකිරීමට ආවේණික ලිංගික අවයව නොමැති වීමයි. ප්‍රසූත කරණු ලබන ඉස්ගෙඩියෙකුගේ ප්‍රමාණය සෙන්ටි මීටර් 1.5 ක් පමණ බව ද විද්‍යාඥයෝ කියති. කෙසේ වෙතත් මේ ගෙම්බන් විශේෂය ගැන විද්‍යාඥයෝ තවමත් පර්යේෂණ සිදුකරමින් සිටිති.
මල් වලට මීමැස්සන්ගේ ශබ්දයට සවන්දීමේ හැකියාව පවතින බව ඊශ්‍රායල විද්‍යාඥයින් පිරිසක් විසින් සිදු කරන ලද පර්යේෂණයකින් අනාවරණය වී ඇත.
විද්‍යා ලෝකය මවිත කරමින් මකුළුවන් අතර ද කිරිදෙන අම්මලා සිටින බව චීනයේ දී කළ පර්යේෂණයකින් අනාවරණය වී ඇත.
පදවන්නෙකු නොමැතිව ධාවනය කර හැකි යතුරු පැදියක් බී එම් ඩබ්ලිව් ආයතනය මඟින් හදුන්වා දී තිබේ. පර්යේක්ෂකයෝ මෙමගින් මාර්ග අනතුරු අවම කරගැනීමට අපේක්ෂා කරති.
ලොව ප්‍රකට ගූගල් වෙබ් අඩවියේ සම නිර්මාතෘවරයෙකු වන ලැරී පේජ්ගේ මූලිකත්වයෙන් ආරම්භ වූ පියාඹන මෝටර් රථ තැනීමේ ව්‍යාපෘතිය මේ වන විට සාර්ථක වෙමින් පවතින බ
ප්ලූටෝ ග්‍රහයා මත අයිස් බවට පත්වුණු මීතේන් තිබෙන බවට සාක්ෂි ලැබී ඇතැයි විද්‍යාඥයෝ පවසති. සයන්ස් ජර්නල් සඟරාවේ පල කර ඇති මෙම පර්යේෂණ තොරතුරු මගින් හෙළි
ඩර්හම් සරසවියේ රසායන විද්‍යා උපාධිධාරියෙකු වන 27 හැවිරිදි ජේම්ස් ලොන්ක්‍රොෆ්ට් විසින් සති තුනක් තුළ ලුණු ජලයෙන් දිරාපත් වන බෝතලයක් නිපදවා තිබේ.
2022 ඔක්තෝබර් මස 06
2672
0
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
2022 සැප්තැම්බර් මස 27
2652
2
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
2022 අගෝස්තු මස 15
3638
0
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
බිත්තර නොදා ඉස්ගෙඩියන් බිහිකරණ ගෙම්බා
බන්දුල එගොඩගේ , නාත්තන්ඩිය Wednesday, 14 January 2015 11:19 AM
වැරදිලාවත් ලංකාවට නම් ගෙන්න ගන්න එපා මේ ඉන්න දේශපාලන ගෙම්බන්ට යන්න එන්න තැනක් නැතිවේවි. ඒ විතරක් නෙවෙයි මෙහෙන් හොඳ කරනම් සහිත පැනිලි ටිකකුත් ඉගෙන ගෙන තමයි ආපහු යන්නේ, (අ)
රෝහණ Friday, 30 January 2015 10:48 AM
මෙන්න හිතා ගන්න බැරි වැඩ කරන ගෙම්බෝ (දිල්)
කරුණාරත්න Friday, 06 February 2015 03:29 AM
හොඳ ලිපියක් (නි)