X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 27 වන ඉරිදා


අඟුණකොළපෑලැස්ස පිය-පුතු ඝාතනයේ සැකකරුවෝ හෙළිවෙති

 15-Nimthera-p4-3    

මරණකරුවන් පදිංචිව සිටි නිවස

 

මාස කිහිපයක කාලයක් නිශ්ශබ්දව පැවැති දකුණේ පාතාලය පිළිබඳව යළිත් කතාබහ කිරීමට සිදුවූයේ ඉකුත්දා (09) අඟුණකොළපෑලැස්ස මුරවැසිහේන ප්‍රදේශයේ පියකු හා පුතකු තියුණු ආයුධවලින් කපා කොටා ඝාතනය කිරීමත් සමගය. මහපොළොව නුහුලන මෙම අපරාධය සිදුකරනු ලැබ ඇත්තේ දකුණේ පාතාල නායකයකු ලෙස ප්‍රකට ලන්දේවත්තේ බාලයා ඇතුළු තිදෙනකු විසින් බවට දැනටමත් පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.


ලන්දේවත්තේ බාලයා දකුණේ පාතාලයේ ආරම්භක සාමාජිකයකු ලෙස හැඳින්වේ. ඔහු සූරියවැව රත්නවීර කල්ලියේ ප්‍රබල ක්‍රියාධරයෙකි. පල්ලත්තර ජගත්, උඩුගල්මොටේ කළු ඩැනී හා සූරියවැව රත්නවීර යන පාතාලයන් ඔහුගේ සමීපතම මිතුරන් ලෙස පෙන්වා දිය හැකිය.


පාතාල ක්‍රියාකාරකම් හේතුවෙන් ඔවුන් සියලුදෙනා විටින් විට ඝාතනයට ලක් වෙද්දී අදටත් ජීවතුන් අතර සිටින ප්‍රබල පාතාලයකු ලෙස ලන්දේවත්තේ බාලයා ප්‍රකටය. අනෙක් මිතුරන්ට අත්වූ ඉරණම ඔහුට හිමි නොවුණේ ජීවිතයෙන් වැඩි කාලයක් බන්ධනාගාරගතව සිටීමත් උන්මන්තකයකු ලෙස හැසිරීම නිසාත් බව කියති.

 

15-Nimthera-p4-7

දොර කඩා ඇතුළු වූ ස්ථානය

 


අඟුණකොළපෑලැස්ස, මුරවැසිහේනේ පදිංචිව සිටි ජයසේකර කංකානම්ගේ ආරියපාල (62) මහතා ගොවියෙකි. ඔහුගේ බිරිඳ සෝමාවතී සිරිවර්ධන (52) මහත්මියයි. ඔවුන්ට දාව පුතුන් දෙදෙනෙකි. වැඩිමහල් පුත්‍රයා ජයසේකර කංකානම්ගේ උදාර සඳකැලුම් (28) වේ. ඔහු විදුලි කාර්මිකයකු ලෙස රැකියාව කරයි. බාල පුතු ජයසේකර කංකානම්ගේ ගයාන් මධුර සම්පත් (25) රන්න ප්‍රදේශයේ ත්‍රිරෝද රථ එකලස් කිරීමේ කර්මාන්ත ශාලාවක සේවය කරමින් සිටියේය.


පවුලේ වැඩිමහල් පුතු වූ උදාර සඳකැලුම් විවාහකයකු වන අතර ඔහුට අවුරුදු හයක් වයසැති දියණියක ද වෙයි. උදාර පදිංචිවී සිටින්නේ තම මාපියන් පදිංචි මහ ගෙදර ආසන්නයේ ඉදිකරගත් කුඩා නිවසකය. ඔහුගේ බිරිඳ සමනලගම පදිංචිකාරියකි. ඇය පාතාල නායක ලන්දේවත්තේ බාලයාගේ වැඩිමහල් සහෝදරියගේ දියණියක් බවද කියති.


කෙසේ වෙතත් උදාර සඳකැලුම් හා ඔහුගේ බිරිඳ අතර නිතර පවුල් ආරවුල් ඇති වූයේ විවිධ හේතු මතය. සැමියා සමඟ අමනාප වූ පසු බිරිඳ ඇගේ මහ ගෙදරට යාමටද පුරුදුව සිටියාය. තවත් විටෙක එම දෙදෙනාගේ පවුල් ආරවුල් කෙළවර වූයේ අඟුණකොළපෑලැස්ස පොලිසියට යාමෙන් අනතුරුවය. එහිදී දෙදෙනා සමථයකට පත්ව නැවතත් නිවසට පැමිණ පවුල් කන අතර යළිත් ටික දිනකින් ආරවුල් ඇතිකර ගැනීම ස්වභාවික සිද්ධියක් බවට පත්ව තිබුණි.
මෙම සිද්ධියට දින කිහිපයකට පෙර ද උදාර හැර දමා ඔහුගේ බිරිඳ ඇගේ මහ ගෙදරට ගොස් තිබේ. සැමියාගෙන් හා එම පවුලෙන් සිදුවන වෙනස්කම් ගැන ඇය තම පවුලේ අය සමඟද වෙනදාටත් වඩා කියා තිබුණි. ඒ බව බාලයාගේ කන්වලට යාමට වැඩි වේලාවක් ගත නොවීය. තම අක්කාගේ දියණියට සිදුවන වෙනස්කම් ගැන කෝපයට පත්ව සිටි බාලයා ඔවුන්ගෙන් පළි ගැනීමට ක්‍රියා කළේ ඉන් අනතුරුවය.

 

15-Nimthera-p4-8

අපරාධය සිදුකළ ස්ථානය

 


දිනය ඉකුත් 09 වැනිදායි. වේලාව රාත්‍රි 8.00 පමණ වී තිබුණි. ජයසේකර කංකානම්ගේ ආරියපාල මහතාගේ නිවස ඉදිරිපිට යතුරු පැදියක් නතර කළේය. ඉන් බැසගත් සාහසිකයෝ තිදෙනෙක් එක්වරම ආරියපාල මහතාගේ නිවසේ ඉදිරි දොරට පයින් ගසා කඩා දැමූහ. ඒ සමඟම නිවස තුළ සිටි ආරියපාල මහතා හා ඔහුගේ බිරිඳ සෝමලතා පිටුපස දොරෙන් පැන දිව්වේ මරළතෝනි හඬ දෙමිනි.


ජීවිතය ඉල්ලමින් දිව යමින් සිටි ආරියපාල මහතාට හා ඔහුගේ බිරිඳට පළමුව කඩු හා පිහිවලින් පහර දුන් සාහසිකයෝ ඉන් අනතුරුව ළිඳ ළඟ නාමින් සිටි ඔවුන්ගේ බාල පුතු ගයාන් සම්පත්ට ද කඩුවලින් කෙටූහ. ඒ සමඟම රැකියාවට ගොස් යතුරු පැදියෙන් නිවසට පැමිණි උදාර සඳකැලුම්ටද කඩුවලින් පහරදුන් සාහසිකයෝ තිදෙනා යතුරු පැදියට නැගී විදුලි වේගයෙන් පලා ගියහ.


ඔවුන්ගේ මර ළතෝනි හඬ ඇසී ඒකරාශි වූ ප්‍රදේශවාසීන් විසින් ලේ විලක් මැද ඇද වැටී සිටි එකම පවුලේ මවත් පියාත් පුත්තු දෙදෙනාත් ඉතා ඉක්මනින් අඟුණකොළපෑලැස්ස රජයේ රෝහල වෙත රැගෙන යන ලදහ. එම අවස්ථාවේදී කිසිවකු විසින් ඒ බව කොළඹ පොලිස් හදිසි ඇමතුම් අංශය වන 119 අංකයටද දැනුම් දෙන ලද්දේය.


ඒ සමඟම ක්‍රියාත්මක වූ අඟුණකොළපෑලැස්ස පොලිසියේ ස්ථානාධිපති කීර්ති ගුණවර්ධන මහතා ඇතුළු නිලධාරීන් සිද්ධිය වූ ස්ථානයට එනවිටත් සියලු දේ සිදුවී හමාර වී තිබුණි. ඔවුන් පසුව රෝහලට ගොස් පරීක්ෂණ ආරම්භ කළ අතර ඒ වනවිටත් කඩු හා පිහිවලින් පහරදීම නිසා බරපතළ ලෙස තුවාල ලබා සිටි ජයසේකර කංකානම්ගේ ආරියපාල (62) මහතා හා ඔහුගේ බාල පුතු ජයසේකර කංකානම්ගේ ගයාන් මධුර සම්පත් (25) සදහටම මේ ලොව හැර ගොස් දෙනෙත් පියාගෙන තිබුණි.


අසාධ්‍ය තත්ත්වයේ පසුවූ සෝමලතා සිරිවර්ධන (52) මහත්මිය හා වැඩිමහල් පුතු ජයසේකර කංකානම්ගේ උදාර සඳකැලුම් (28) දෙදෙනා වෛද්‍ය ප්‍රතිකාර සඳහා තංගල්ල මූලික රෝහල වෙත මාරු කරන ලදී.


ඔවුන්ගේ ප්‍රකාශ හා ලැබී ඇති සාක්ෂි අනුව මෙම ද්විත්ව ඝාතනය සිදු කෙරෙන්නට ඇත්තේ ලන්දේවත්තේ බාලයා හා ඔහුගේ සහෝදරයකු වන පොඞ්ඩා සහ ඔවුන්ගේ මිතුරකු වන ධම්මික යන අය විසින් බවට පොලිසිය කරුණු අනාවරණය කරගෙන තිබේ.


එම තිදෙනාම මේ වනවිට ප්‍රදේශය අතහැර ගොස් සැඟවී සිටින බව කියති. තම සහෝදරියගේ දියණියගේ පවුල් ආරවුල ගැන අසා පළිගැනීමක් ලෙස බාලයා මෙම අපරාධය සිදු කරන්නට ඇති බවටද පොලිසිය වෙත තොරතුරු ලැබී ඇත. 


ඝාතනයට ලක්වූ පිය පුතු දෙදෙනාගේ මහේස්ත්‍රාත් පරීක්ෂණය අඟුණකොළපෑලැස්ස ප්‍රධාන මහේස්ත්‍රාත් නයන්ත සමරතුංග මහතා ඉදිරියේදී පැවැති අතර ඔවුන්ගේ පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වා සිරුරු ඥාතීන්ට භාරදෙන ලෙසත් ඝාතනයට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙසත් ඒ මහතා පොලිසියට නියෝග කළේය.


ඒ අනුව පශ්චාත් මරණ පරීක්ෂණය හම්බන්තොට මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී ඩී. තරංග ද සිල්වා මහතා විසින් පවත්වන ලදී. එම වෛද්‍ය වාර්තාව ඉදිරියේදී අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.


කෙසේ නමුදු පවුල් ආරවුලක් නිසා පිය පුතු දෙදෙනකුට සිය ජීවිතවලින් සමු ගැනීමට සිදුවූයේ නොකළ වරදකටය. ඊට සම්බන්ධ බවට සැක කරන ලන්දේවත්ත බාලයාගේ අතීතය ලේ පැල්ලම්වලින් පිරුණු කතා සමුදායකි. මෑත කාලයේ බාලයාගේ නම නුහුරු නුපුරුදු වුවද 2000 වකවානුවේදී ඔහු රටේ නම ගිය ප්‍රබල පාතාලයෙකි.


ඉඩම් ආරවුල් හේතුවෙන් ආරම්භ වූ දකුණේ පාතාලය පසුව දේශපාලනය හේතුවෙන්ද ගහ මරා ගත්තේය. එමෙන්ම තම කල්ලි ශක්තිමත් කර ගැනීමේ අරමුණින් ඔවුන් සොරකම් හා මංකොල්ලකෑම්ද මහා පරිමාණයෙන් සිදු කළේය. එවැනි ක්‍රියාවල පුරෝගාමියකු ලෙස ලන්දේවත්තේ බාලයා ප්‍රසිද්ධියට පත්ව තිබුණි.


2000 වසරේදී බෙලිඅත්තේ දී ටී 56 වර්ගයේ ගිනි අවියකින් වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කිරීම, වීරකැටියේදී පුද්ගලයෙකු ඝාතනය කිරීම, අඟුණකොළපෑලැස්සේදී යතුරුපැදියක් හා රුපියල් අට දහසක් මංකොල්ලකෑම, සූරියවැවදී පුද්ගලයෙකු ඝාතනය කිරීම, 2000 වසරේ දෙසැම්බර් මස 09 වැනිදා අම්බලන්තොටදී පුද්ගලයෙකු මරා පුළුස්සා දැමීම. 2001 වසරේදී කඹුරුපිටියේදී රුපියල් පන් ලක්ෂ අනූ හතර දහසක් වටිනා මැණික් හා රන් ආභරණ සමඟ වෑන් රථයක් මංකොල්ලකෑම, එම වසරේදී ගන්දරදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීම, ඇඹිලිපිටියේදී වැන් රථයක් කොල්ලකෑම, 2000 වසරේදී කුට්ටිගලදී ද්විත්ව මිනීමැරුමක් සිදු කිරීම ආදී අපරාධ රැසක් ඉදිරියේ ලන්දේවත්තේ බාලයාගේ නම කියැවෙයි.


ඊට අමතරව 2003 වසරේදී මිනීමැරුමකට ඔහු තංගල්ල බන්ධනාගාරය තුළ රඳවා සිටියදී ද සිරකරුවෙකුට පහරදී තුවාල සිදු කර බන්ධනාගාර දේපලවලට අලාභහානි සිදුකර තිබේ. ලන්දේවත්තේ බාලයා කුඩා කාලයේ සිටම රඟපෑමට දක්ෂයෙකි. ඕකේවෙල, කැදල ප්‍රදේශයේ නිවසක් බිඳ සොරකමක් සිදුකර තිබුණේ බාලයා මීට වසර විස්සකට පමණ ඉහතදීය. එම නිවසේ සිටි තරුණයකු එහිදී සොරකම සිදුකළේ බාලයා බව දැනගෙන අතරමගදී දෙදෙනා ආරවුලක් ඇති කරගෙන තිබුණි. දෙදෙනාම මඩ වගුරක බැස ගහ ගන්නා විට බාලයා එක්වරම බිම ඇද වැටී නිසොල්මන්ව සිට ඇත.


1එතැනට රැස්වූ සියලු දෙනා සිතාගෙන සිට ඇත්තේ බාලයා මිය යන්නට ඇති බවය. ඔවුන් වහා ඒ බව පොලිසියටද දන්වා තිබුණි. පොලිස් නිලධාරින් සිද්ධිය වූ තැනට පැමිණි විගස මළකඳක් මෙන් සිටි බාලයා එක්වරම නැගිට්ටේය. ඔහු අසරණයෙකු මෙන් අනෙක් තරුණයා තමාට පහරදුන් බව කීවේ අනුකම්පාව දිනා ගැනීමටය. අවසානයේ එම දෙදෙනාම නතර වූයේ පොලිස් කූඩුවේය.


මීට අමතරව 1995 වසරේදී ද බාලයා තවත් දරුණු අපරාධයක් සිදුකර තිබුණි. කිසියම් අමනාපයක් මත පිංවත්තේ බට්ටා බාලයාගේ මවට අතින් පහරක් ගසා තිබුණි. එහි ප්‍රතිඵලයක් ලෙස මග රැක සිටි බාලයා බට්ටා එනතුරු සිට එක්වරම බට්ටාගේ අතට කඩුවකින් පහරදී අතේ කොටසක් කපා ගත්තේය.
පසුව ඔහු එසේ කපාගත් අත් කොටස බට්ටාගේ බිරිඳට යවා තිබුණේ තම අම්මාට පහරදුන් අත මෙය බව පෙන්වමිනි. මේ ආකාරයට සාහසික ක්‍රියා සිදුකළ බාලයා පසුකලෙක උන්මත්තකයෙකු ලෙස හැසිරීමට පටන් ගෙන ඇත.


මේ හේතුව නිසා ඔහු විවෘත අධිකරණයට රැගෙන ඒම අපහසු විය. බාලයා නොමැතිව ඔහුට විරුද්ධ නඩු විභාග කිරීමට ද ඇතැම් විනිසුරුවරුන් කටයුතු කර තිබුණි. මෙම අවසන් අපරාධය සිදු කිරීමට දෙසතියකට පමණ පෙරදීද බාලයා අඟුණකොළපෑලැස්ස පොලිසියේ ස්ථානාධිපති කීර්ති ගුණවර්ධන මහතා විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබ තිබුණේ පුද්ගලයෙකුට පහරදීමේ සිද්ධියක් මුල් කරගෙනය. එහිදීද බාලයා පොලිසිය තුළදී මහහඬින් කෑ ගසමින් උන්මත්තකයෙකු ලෙස හැසිරී තිබුණි.

SLD_20161016_C002


එම සිද්ධියට සතියක පමණ කාලයක් රිමාන්ඞ් භාරයේ සිට ඇප ලබා පැමිණි පසු බාලයා මෙම අපරාධය සිදු කිරීමට ක්‍රියාකර තිබේ. ඔහුගේ අතීත කැරැට්ටුව හොඳින්ම දන්නා පොලිස් නිලධාරින් දෙදෙනෙකු ලෙස දැනට සෙට්ටිකුලම පොලිසියේ ස්ථානාධිපති එච්.ටී.එම්. තුෂාර හා කටුවන පොලිසියේ ස්ථානාධිපති අනුර සුසන්ත යන මහත්වරුන් හඳුන්වා දීමට පුළුවනි. ඊට හේතුව ඔවුන් තංගල්ල පොලිස් කොට්ඨාසයට අනුයුක්තව රාජකාරි කළ සමයේදී ලන්දේවත්තේ බාලයා කිහිප විටක් සැකපිට අත්අඩංගුවට ගෙන තිබූ නිසාය. කෙසේ වෙතත් දකුණේ පාතාලයේ ආරම්භක සාමාජිකයකු අදටත් ජීවතුන් අතර සිටින බව හෙළිවූයේද මෙම සාහසික අපරාධයත් සමඟය. 


කෙසේ වෙතත් දැනට සැඟවී සිටින ලන්දේවත්තේ බාලයා ඇතුළු සැකකරුවන් තිදෙනා සැකපිට අත්අඩංගුවට ගැනීම සඳහා තංගල්ල කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ධනපාල අබේවික්‍රම මහතා විසින් විශේෂ පොලිස් කණ්ඩායම් තුනක් පත් කර තිබේ.


දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ෆ්‍රෑන්ක්ලීන් ප්‍රනාන්දු මහතාගේ උපදෙස් මත තංගල්ල නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත්, තංගල්ල කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ධනපාල, සහකාර පොලිස් අධිකාරී තුෂාර දළුවත්ත යන මහත්වරුන්ගේ අධීක්ෂණය යටතේ අඟුණකොළපෑලැස්ස පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කීර්ති ගුණවර්ධන, අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති මධුමාල් ගමගේ, සැරයන් 53257 පේමදාස, කොස්තාපල්වරුන් වන 43049 ජයවික්‍රම, 13683 වඩුගේ, 68836 ජයලත්, 39333 ප්‍රසන්න යන මහත්වරු ඇතුළු කණ්ඩායම් තුනක් මෙම සිද්ධිය සම්බන්ධව වැඩිදුර පරීක්ෂණ මෙහෙයවති.

m



අදහස් (0)

අඟුණකොළපෑලැස්ස පිය-පුතු ඝාතනයේ සැකකරුවෝ හෙළිවෙති

රූපවතී Wednesday, 19 October 2016 03:02 AM

ඉතින් දෙයියනේ මේ වාගේ අපරාධකාරයන්ට මේ නීති පද්ධතිය උඩ යහතින් ඉන්න ඉඩදෙන්නේ ඇයි? (නි)

:       0       0

ජානක Thursday, 20 October 2016 11:12 AM

ලංකාවේ තියන්නේ බලු නීතියක් (ම)

:       0       0

ඉමේෂ් Friday, 21 October 2016 08:03 AM

තේරුමක් නැහැ ඉතින් ඔච්චර මහන්සි වෙලා අල්ලලා. ආයේ නිදහස් වෙයි. (නි)

:       0       0

සන්ජය් Saturday, 22 October 2016 01:37 PM

තව බන පොඩ්ඩක් වැඩියෙන් අහන්න, හරි යයි ! (අ)

:       0       0

රොහාන් Monday, 24 October 2016 02:42 AM

ආයුධ පෙන්වන්න ගියා නම් හරි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

එදා ඇන්.ඇම් දුටු මෙදා අය වැය
2022 දෙසැම්බර් මස 01 278 0

අයවැය ලේඛනයක් වශයෙන් හඳුන්වනු ලබන්නේ රජයේ මූල්‍ය කටයුතු එළැඹෙන වර්ෂයේ සිදුවන ආකාරය ගැන පාර්ලිමේන්තුව වෙත මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබ


බහිරවයා ගිලින සල්ලි
2022 දෙසැම්බර් මස 01 238 0

රටක දියුණුවට අවශ්‍ය වන්නේ අවශ්‍යතා මත ව්‍යාප්ත වූ ප්‍රමාණවත් හා ගුණාත්මකභාවයෙන් ඉහළ යටිතල පහසුකම්ය. මාර්ග පද්ධතිය ඉන් ප්‍රමුඛය. නගරයක සිදුවන සංවර්ධන


එච්.අයි.වී. ආසාදිතයන් වැඩිවීම සමාජ අනතුරක්
2022 දෙසැම්බර් මස 01 172 0

2021 වසරේ අලුතින් එක්වූ එච්.අයි.වී. වෛරසය ආසාදිතයන් ගණන 411 ක් බව 25 වැනිදා පුවත්පත්වල වාර්තා වූයේය. ඒ අනුව මෙතෙක් මෙරට තුළ එච්.අයි.වී. වෛරස ආසාදිත රෝගීන් සංඛ්‍


ආගමට මුවාවී බලයට එන්න කැස කවන ඩින් ඩියම්ලා
2022 නොවැම්බර් මස 30 1595 1

1963 ජූනි මස 11 වැනි දින උදෑසන වියට්නාමයේ සයිගොන් නුවර ජනාධිපති මන්දිරයට ඉතා නුදුරු ස්ථානයකට ඔස්ටින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ මෝටර් රථයක් මැදි කරගෙන භික්ෂ


ගුරු ප්‍රජාවට නින්දා කරන ගුරු ප්‍රජාවේම ඇත්තෝ
2022 නොවැම්බර් මස 30 579 0

“ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි” මේ වූ කලී නව කතාවක නමක් පමණක් නොවේ. ආසියාතික ගුණගරුක බවින් අනූන ශ්‍රී ලාංකේය සමාජය හිසටත් මුදුනින් පිළිගන්නා ඒකාන්ත සත


නිර්මාණකරුවා පාඨකයාගේ බුද්ධියට අවමන් නොකළ යුතුයි
2022 නොවැම්බර් මස 29 785 0

රාජ්‍ය සම්මානලාභී පරිවර්තකයකු මෙන්ම ස්වතන්ත්‍ර නවකතා රචකයකු වන කුමාර සිරිවර්ධන රචනා කළ නවතම නවකතාව ‘භවනිරෝධ’ නමින් පසුගිය දා එළිදැක්වුණි. ඒ තුල්හිර


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site